RSS

කඩප්පුලි හැත්ත….

ඈත කවුදෝ එකෙක් බෝකුකවක් උඩට වෙලා බර කල්පනාවක. ටිකක් මාත් කිට්ටු කලා මෑන් ලඟට. අප්පදබොල.. මේ අපේ සිරිදාස අයියානෙ.

” සිරිදාස අයියේ..

මොකෝ මේ … බර කල්පනාවක ?”

” ආ..මල්ලි. හ්ම්.. වැඩක් නෑ බං. දැන් නම් මට එපාම වෙලා තියෙන්නෙ.”

“ඒ මොකද…?”  මම මඤ්ඥං වෙලා ඇහුවා…

” මොකද කියන්නෙ….. බලපං මේ අහවල් එකීලගෙ පුතාලා කොරන වැඩ. අපි කොහොමද බං ජීවත් වෙන්නෙ. හැම දෙයක්ම ගණන් යනවා පට පට ගාලා. මුංගෙ අහවල් එක කාලද අපි ජීවත් වෙන්නෙ දැන්..?”

සිරිදාස අයියට

මල පැනලා කියවගෙන යනවා. ඇත්ත නේන්නම්… මමත් මෑන්ගෙ ලගින්ම වාඩිවුනා.

“දැන් බලන්න මල්ලි… අර නපුංසකයා කියපු කතාව….”

“මොන නපුංසකයද…?” මට ෆුල් මඤ්ඥං…. ඒත් කවුද නපුංසකයා කියලා දැනගන්නත් එපැයි.

” ඇයි බං.. අර බන්ධුල කියන හරක් පැටියා. බලපං ඌ කියපු කතාව. රුපියල් 7500 කින් මාසයක් කාලා ජීවත් වෙන්න පුළුවන් ලු. අනේ අම්මපා මට මුගේ කිරි කට පුංචට රෙන්ඩ ඇත්නම්…. හුහ්. ඇයි බං….  අද හා

ල් කිලෝ එකක් කීයද…? පොල් ගෙඩියක් කීයද..? ඈ.. සීනි කිලෝ එකක් කීයද…? “

“ඇත්ත..ඇත්ත…”  මටත් දැන් දාඩිය දාලා…. සිරිදාස අයියා මටත් ගහන සයිස් එකට කතාව..

”මේ…මේ….සිරිදාස අයියේ….මේ..”

“මල්ලි..ඉඳගන්න… තව මම කියලා ඉවර නෑ…. දැන් බලන්න මල්ලි,. ඒ බැල්ලිගෙ පුතා 7500 න් එක මාසයක් කාලා පෙන්නනවද. ..කන්න නෙවෙයි…. (හු…..න)  තමයි පුළුවන්.”

  හප්පො

ච්චියේ… මේ යකාට මල ඕවර් වෙලා… මම ටිකක් වටපිට බැලුවා කවුරුවත් අහගෙන ඉන්නවද කියලා………..

“මේ..සිරිදාස අයියේ…ඇත්ත තමයි කතාව…මේ..මම ගිහින්……….”   මට කියන්න ලැබුනෙ එච්චරයි…

” මේ.. ඉදගන්නවා අයිසෙ.. කොහේ යන්නද.. මේක අහනවා ටිකක්.”  හුටා….මෙදා පොටේ නම් මට මුගෙන් කන්න වෙයි වගේ අම්බානට… මූට කතා කරපු එකේ මෝඩ කමට මම ආයිත් ඉඳගත්තා..

” දැන් බලන්න මල්ලි… හැම දේටම බදු..අද බදු නැත්තෙ මොනවදට කියහං බලන්න… ඒකත් උහුලන්න පුළුවන් තරමටද..? ඇයි යකෝ.. අපි මේ වේ………ගෙ පුතාලා පත් කොලේ ඕකටද..? කඩප්පුලි හැත්ත”……………. ………මම නොකර සද්ද හිටියා….මොනව කරන්නද.. කෝච්චියට අහුවුනා වගේ තමයි.

“අපි වගේ සාමාන්‍ය මිනිහගේ බඩට කෙලින්නමනේ මුන් හදන්නෙ. වාහනවල බදු වැඩි කරා. ඉන්ධන මිල පාලනය කරගන්න ඕන නිසාලු. හුහ්… එතකොට මහ එවුන් යන සැප වාහන වලට ගහන්නෙ වතුරද..?

“ඇ..ඇ…ඇත්ත අයියෙ..ඇත්ත…”

“ඔහොම බදු වැඩි කරගෙන කරගෙන ගිහින් හැම මගුලටම බදු ගහයි. ඊට පස්සෙ ගෙදර ඉන්න ළමයින්ටත් බදු ගහයි. ගෑනිටත් බද්දක් ගෙවන්න වෙයි. හැබැයි ආදායම් නෑ. පඩි වැඩිවෙන්නෑ… බඩු මිල අඩුවෙන්නෑ…  අන්තිමේට කියයි ගෙදර ගෑනි එක්ක (……………….) කරනවටත් බදු ගෙවන්න කියලා……. අනේ අම්මාපල්ලා මේ  පුත්තලම් බූරුවොන්ට නම්……. හුහ් …..මුන්ගෙ අම්….%$^&*&@))#_)(!^#&*(%% ………..

” හපොයි සිරිදාස අයියෙ…. ම..මම ගිහින් එන්නම්…..”

සිරිදාස අයියා මොනවදෝ කියවගෙව කියවගෙන ගියා මට නං ඇහුනෙ නෑ ඕං………මම දඩිබිඩි ගාලා එතනින් පැනගත්තා.

 

-සටහන – විකී

2012-04-02

 

 

 
 

කාගේද ළමයා….?

මම අද කියන්න යන්නේ අපේ රටේ ඉන්න බහුතරයක් පිරිමින්ට වෙලා තියෙන හානියක් ගැන කියන්න. ඒ තමයි දුම් බීම. දුම් මෙන් මිනිසුන්ට හානි වෙනවා කියල මම අමුතුවෙන් කියන්න නම් ඕනේ නෑනේ නේද? මොකද අපි පොඩිකාලේ ඉඳලාම දන්නා දෙයක්නේ. අනික සිගරට් පෙට්ටියෙත් ගහලාම තියෙනවානේ “දුම් බීම පිළිකා ඇති කරයි” කියලා. ඉතිං ඒක දැක දැක මනේ ඒවා ගන්නේ.

මම දන්නා විදියට ඔය දුම්බීම කියන එක හොයාගෙන තියෙන්නේ අධික සීතල රටක කෙනෙක්. ඒ සීතල වෙලාවට ඇඟේ උණුසුම රඳවාගන්න. ඒ කියන්නේ දුම්බීම හොයාගත්තේ සුද්දෝ. ඉතිං මේ සුද්දෝ ලංකාවට ඇවිල්ල ලංකාව අල්ලගෙන ඉස්සෙල්ලාම දීපු ඉන්ජෙක්ෂන් එක තමා තාම මේ වැඩ කරන්නේ. 1948 සුද්දා ලංකාවෙන් ගියාට, අපිට නිදහස හම්බ උනාට තාමත් උන් දීල ගිය  ඉන්ජෙක්ෂන් එක වැඩ කරනවා. ඒ කියන්නේ තාමත් අපේ එවුන් සුද්දාට යටත්. සුද්දෝ පස්ස පැත්තෙනුත් හිනා වෙනවා අපේ සිංහලයාට වෙලා තියෙන දේ දැක්කාම. මොකද උන් දුම් බීම හොයාගත්තාට  අපේ එවුන් වගේ එකක් නිවෙනකොට එකක් පත්තුකරගන්නේ නෑ. උන් වැඩිහරියක්ම  බොන්නේ සීතල වෙලාවට නමුත් අපේ එවුන් මේවා බොන්නේ ඇයි කියන එක අදටත් ප්‍රෙහෙලිකාවක්.  මට මතකයි මම පුංච් කාලේ අපේ ඉස්කෝලෙට අවා අමධ්‍යප ව්‍යාපාරයෙන් වැඩසටහනක් කරන්න, දුම් බීමෙන් හා මත්පැන් බීමෙන් ඇතිවන හානි ගැන කියල දෙන්න. ඉතිං ඒ වැඩසටහන ඉවර වෙලා දවස දෙක තුනකට පස්සේ මම දැක්කා ඒ ආපු නිලධාරියෙක් සිගරට් එකක් බිබී ඉන්නවා ඉස්කෝලේ ළඟ කඩේක. මට එක දැකල හැම තැනින්ම හිනා ගියා.

මට කියන්න නම් ඕන උනේ මේක නෙවේ. නමුත් මේක මම කිව්වේ පොඩි හැඳින්වීමක් ලෙස. නමුත් මට කියන්න අවශ්‍ය මේකයි, මම දන්නා පරිදි දැන් දුම්වැටි වල තියෙන නිකොටින් ප්‍රමාණය ඉස්සරට වඩා වැඩියි. මේ නිකොටින් වලින් වෙන්න පුළුවන් ලොකුම හානිය තමයි ලිංගික බෙලහීනතාවය. මේක එක එක ආකාරයට බලපානවා. සමහර අයට ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් වෙන්නේ නෑ. සමහර අයගේ ශුක්‍රානු සාරවත් නැහැ දරුවන් හදන්න තරම්. නමුත් මම කියපු දෙවෙනි කාරනාවට බොහෝ දෙනෙක් දුම් බොන අය අහුවෙලා තියෙනවා. නමුත් ඒ අය හිතාගෙන ඉන්නේ තමන්ගේ කිසි ප්‍රශ්නයක් නෑ කියලා. මිනිහා හිතාගෙන ඉන්නේ දරුවෝ නැත්තේ ගෑනිගේ ප්‍රශ්නයක් නිසා කියලා. මොකද එයාගේ  ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් වෙනවා  ශුක්‍රානු ත් හොඳට පිටවෙනවානේ. මිනිහා හිතාගෙන ඉන්නේ ඒ හොඳටම ඇති කියලා.

ඉතිං ගෑනිට බැන බැන ඉන්නවා. ගෑනි ඉතිං රට වටේම යනවා දොස්තරලා හොයාගෙන. ඉතිං දොස්තරලා කියනවා ඔයාගේ ප්‍රශ්නයක් නෑ කියලා. ගෑනි ඇවිල්ල මිනිහට කියනවා අපි යමුද දොස්තර කෙනෙක් ගාවට ඔයාව පොඩ්ඩක් චෙක් කරගන්න  කියලා මිනිහා කැමති නෑ තමන් වඳයි කියල පිළිගන්න. මිනිහ ගෑනිටත් බැනල කියනවා මට බෑ ඔය එක එකා ගාවට යන්න, මගේ ඇති ප්‍රශ්නයකුත් නෑ කියල. ඉතිං ගෑනි මොකද කරන්නේ ගෑනි කැමති නෑනේ එයා  වඳ යි කියල අහගන්න. එක නිසා ඔය කාට හරි ළඟ පතක ඉන්න එකෙකුට හරි බස් එකේදී හම්බ වුනු එකෙකුට හරි කියලා ළමයෙක් හදා ගන්නවා. මේක මම හිතලා කියන දෙයක් නෙවේ, මම මේ සමාජේ මෙහෙම සිද්ද වෙනවා දැකලා තියෙන නිසයි මේ විදියට කියන්නේ. ඉතිං අර මිනිහත් තමන්ගේ දරුවා කියලා හිතාගෙන හොදට දරුවාව හදා ගන්නවා. ඔන්න ඕක තමයි ඇත්ත තත්වේ.

විජේ.

2012-03-26

 
1 Comment

Posted by on March 26, 2012 in ආයුබෝවන්

 

මැරයෝ වීරයෝ සහ වැළපෙන්නෝ…..

 


තවත් උද්ඝෝෂනයක් පැවැත්විණි.
කැරළි මර්දන පොලිස් මැදිහත් වීම ඇරබිණි….
තුවක්කුවක් පත්තුවිණි..‍
අයෙක් මරු වැළදගති…

දැන්… ඒ මරණය සහ එයින් පීඩිත අය වෙනුවෙන් ගුණ ගී වරුසා…පැසසුම් ඝෝෂා…. දුක බේරෙන කවි, නිසදැස්, කතන්දර, ………………..

ඉන්පසු යළිත්,.

තවත් උද්ඝෝෂනයක් පැවැත්විණි.
කැරළි මර්දන පොලිස් මැදිහත් වීම ඇරබිණි….
තුවක්කුවක් පත්තුවිණි..‍
අයෙක් මරු වැළදගති…

දැන්… ඒ මරණය සහ එයින් පීඩිත අය වෙනුවෙන් ගුණ ගී වරුසා…පැසසුම් ඝෝෂා…. දුක බේරෙන කවි, නිසදැස්, කතන්දර, ………………..

ඉන්පසු යළිත්,………. (පෙර සේම)

මීට එහා කරන්න යමක් නැද්ද…? කරන්න දන්නෙ නැද්ද,.? කරලා වැඩක් නැද්ද,..?

ඉතිහාසය පුරවටම සිදුවූයේ මෙම ක්‍රියාවලියයි..ඉදිරියටද මෙයම සිදුවිය හැකිය. යම් සිද්දීයක් සිදුවූ විට අපේ සිංහල චන්ඩින්, වීරයන් සහ මැරයන්  දේශ ප්‍රේමයෙන් ඔදවැඩී මරාගෙන මැරෙන්නට යන අතර, ඉන් පසු විනාඩි කිහිපයකදී එම චන්ඩිකම්, මැරකම්, වීරකම් දියාරු වී යන්නේ සිදුවීමට එරෙහිව   කිසිදු ක්‍රියා මාර්ගයක් නොගෙනය.

ඊට පසු රටම හෙල්ලෙන්න බෙරිහන් දීම හා ආණ්ඩු පක්ෂයේ ඇත්තන් වේදිකාවට නංවා පතුරු හැරීම ඇර අන් කිසිවක් පෙනෙන්නට නැත. ආණ්ඩුවට කඩේ යන මීඩියා සෙට්එක මේ සම්බන්ධයෙන් කිසිවක් නොකියා නැට්ට පස්ස පැත්තේ ගසාගෙන සිටින අතර, ආණ්ඩුවට විරුද්ධව යන මීඩියා සෙට් එක මෙම අදාල සිදුවීම තවත් සිදුවීමක් වෙනතුරුම හෝද හෝදා මඩේ ඔබති. ඒ අතර කවිකාරයින්, කතන්දර ලියන්නන් අදාල සිදුවීම රසකර ලුණු ඇඹුල් පදමට දමා දුක බේරෙන කවි කතන්දර ලියති.

තවත් සෙට් එකක් අදාල සිදුවීමෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කිරීමට හා උදව් උපකාර කිරීමට ඉදිරිපත් වෙති. ඒ අස්සේ අසරණ වූ එම පවුලේ උදවිය සමග විශේෂයෙන් කාන්තා පාර්ශවය ට ලංවී නැති ප්‍රශ්ණ ඇති කරති. මියගිය පුද්ගලයාගේ බිරිද හෝ දියණියට දැන් සැමියන් හා තාත්තලා වැහි වැහැලාය.

මෙම ක්‍රියාවලිය හැමදාමත් මුලසිට අගටත් අගසිට මුලටත් වෙනවා හැරුණුකොට අදාල ප්‍රශ්ණය එතැනමය. එය කවදාවත් විසදෙන්නේ නැත. සිදුවන එකම දෙය නම්, අසාධාරණයක් වෙනුවෙන් හඩ නගන පුද්ගලහා හෝ ඊට සම්බන්ධ නැති පුද්ලයෙකුට ජීවිතයෙන් සමු ගැනීම පමණකි.

මිනිසුනේ,….. යමක් වූ පසු පඩෂෝ නොදා මෙම අවනීතියට එරෙහිව යමක් කිරීමට පෙල ගැසෙන්නේ කවදාද..???

-සටහන-  විකී

2012/02/17

 
1 Comment

Posted by on February 17, 2012 in ආයුබෝවන්

 
 
Follow

Get every new post delivered to your Inbox.