දෙවියන්ගේ බුල සහ මිනිසාගේ අප්සට් එක..


Titian: Adam och Eva.මිනිසා ලොවට බිහිවූයේම බුල කෙලිමින්ය..

එනම්, ලෝකයේ සියළු දේ මැව්වා යැයි පැවසෙන දෙවියන් වහන්සේ විසින් මුලින්ම ලෝකයට දායාද කලේ ආදම් සහ ඒව යන දෙදෙනාය. මෙතන පොඩි අප්සට් එකක් අැත. පොඩි නෙවෙයි ඒක ලොකු බුලක් ය.

මොකක්ද ඒ බුල..?? ආදම් සහ ඒව ලෝකයට මැවූ දෙවියන් වහන්සේ ඔවුන් දෙදෙනාට “තහනම් ගහේ ගෙඩි” නොකන ලෙස අවවාද කලා. ඒත් මොකද වුනේ.. දෙන්නා දෙවියන් වහන්සේගේ ඇස් වහලා අර ගහේ ගෙඩි කෑවා. ඔන්න කෙලවුනා තාප්පෙටම. මුල පටන් ගත්ත ගමන්ම බඩු බනිස් වුනා.

එදා ඉඳන් අද දක්වාම පිස්සු කෙලින මිනිසුන් හදන්නේ කොහොමද..? දැන් මෙතනදී දෙවියන් වහන්සේටත් මොකක්දෝ අප්සට් එකක් තිබුන බව පෙනී යයි. එනම්, ලෝකයට මුලින්ම මවන මිනිසුන් දෙදෙනා මෙලෝ මගුලක් නොදන්නා ගොංබිජ්ජන් බව දෙවියන් නොදන්නේද..? උන්ට අර මොකක්ද ගෙඩි කන්න එපා කිව්වට උන්ට ඒක මීටර් වුනේ නැතුව ඇති.. (ඒක වැඩිහිටියන්ට පමණයි)

අනිත් එක, තහනම් ගහේ ගෙඩි නොකන්න යැයි කීමට වඩා එහෙම දෙයකුත් නිර්මාණය නොකර ඉන්න දෙවියන් වහන්සේට තිබුනා.. එතනදී සර්ව බලධාරී දෙවියන් කෙනෙක් වෙචිච උන්නාන්සේට තිබුනෙ නැද්ද ඒ ඩබල ඉරේස් කරලා දාලා නැවත පර්ෆෙක්ට් දෙන්නෙක්ව මවන්න..? ඇයි වැරැද්දක් වෙනකං ඉඳලා ඒක හරිගස්සන්නැතුව ඉදිරියට යන්න දුන්නෙ..?

එහෙම බලද්දි දෙවියන් වහන්සේටත් මොකක්දෝ අප්සට් එකක් තිබුන බව පෙනී යයි. කොහොම වුනත්, ලෝකයට බිහිකල මුල්ම මිනිසුන් දෙදෙනාගේ අප්සට් එක නිසා මුලු ලෝකෙටම කෙලවුනා.. මේක උන්නාන්සේගේ කුමන්ත්‍රණයක්දැයි සිතේ…

දැන් කෝ ඔය සර්ව බලධාරී දෙයියො..??

-වික්‍රම-

පිට රටවල නීතිය සහ අපේ සිස්ටම් එක..


 

සෞදියේදී කාන්තාවක් ගල් ගසා මැරීමට නියමවී තියෙනවා.. ඒ සමගම අදාල පුරුෂයාට කස පහර..
ඒ ගැන මම දකිනවා පැති කීපයකින්..

*. සෞදියට යනවා කියලා යන්නේ ඇත්තෙන්ම පිට රටකට. එම රටේ ස්වාධීනත්වය අනුව සියලූම පිටස්තරයින් එරටේ නීතියට යටත් විය යුතුයි. එහෙම නැතුව රටක් පාලනය කරගෙන යන්න බැහැ. අපේ රටට ඇවිත් කිසිම කෙනෙකුට ඕන ඕන විදියට ජීවත් වෙන්න බෑ කියන මතයේ අපි බහුතරයක් ඉන්නවා.. ඒකම සෞදියටත් ආදේශ කර බලන්න..

* . සෞදියේ නීතිය බලපෑ යුත්තේ එරටේ පුරවැසියන්ටයි. ලංකාවෙන් යන්නෙ ශ්‍රමිකයෝ. ඔවුන් තාවකාලික පදිංචිකරුවන්. එහෙයින් එරටේ නීතිය පිටස්තරයින් හට යම් සාධනීය ලෙස ලිහිල් වීමක් ලබා දිය හැකියි.. නොඑසේනම් එක්වරම දැඩි දඩුවම් නොදී වරක් හෝ දෙවරක් සමාවක් ලබා දිය යුතුයි..එය අපේ අපේක්ෂාව වූවත්, එයින් අයුතු වැඩ ගන්නා අයවලුන් ගැන ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද..? සහ, එම ලිහිල් බව නිසා දිනෙන් දින වැඩිවන අයුතු දේවල් පාලනය කරන්නේ කෙසේද..? එවිට ඔවුන්ගේ සාමාන්‍ය නීතිය අවුල්සහගත තත්වයකට පත්වෙනු ඇත.

* . ලංකාවෙන් සෞදිය බලා පිටත්වෙන සියලූම ශ්‍රමිකයින්ට එරටේ නීතිය ගැන ප්‍රමාණික දැනුමක් ලබා දෙනවාද..? එසේ ලබා දුන්නා නම්, එරටේ නීතිය අනුව නොසිට කරනා අකටයුතුකම් වලට දඩුවම් විඳිය යුතුය. දැන දැන වැරදි කිරීම අනුමත කල නොහැකි දෙයකි.

* . ලංකාවෙන් සෞදියට ශ්‍රමිකයින් යැවීම වහාම නතර කල යුතුය. ඒ වෙනුවට ලංකාවේ සිට කල හැකි රැකියා අවස්ථා ගැන සොයා බලා සුදුසු වැඩ පිළිවෙලක් සැකසිය යුතුය.

* . ලංකාවේ කිසිම පිලිවෙළක් නැති, නීතියක් නැති පරිසරයක හැදී වැඩී හරිහමන් නීතියක්, ක්‍රමවේදයක් ක්‍රියාත්මකවන රටකට ගිහින් අපේ අයට හැසිරෙන්න දන්නේද නැත. මොකද අපේ අයට එවැනි පුරුද්දක් නැති නිසාය. හැබැයි ඒකට නීතිය තදින් ක්‍රියාත්මක කරන රට පලි නැත.

* . නීතියකට අනුව ජීවත් වීම සෑම මිනිසෙකුගේම යුතුකමක් සහ වගකීමක් වන්නේය. නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් වන්නේද නැත.

-වික්‍රම-