පොලීසිය සහ කොස්සෝ…


ශ්‍රී ලංකාවේ සිවිල් පරිපාලනය ගත් කල ඉතා අසීරු කර්තව්‍යයක් බව සැවෑවකි. එයට පොලීසිය මගින් ඉටු වන්නේ විශාල කාර්ය භාරයකි. එය එසේ වුවද පොලීසිය සිය පැවරුණු රාජකාරි අකුරටම ඉටු කරති.  දිවා රෑ නොබලා සේවයේ යෙදී සිටිති. එය පැසසිය යුතු කරුණකි.කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ පොලීසිය පිළිබදව මහ ජනතාව තුල ඇත්තේ කුමන ආකාරයේ සිතිවිල්ලක් දැයි දැනගනු රිසියෙන් මම ටිකක් විපරමින් සිටියෙමි.

ජනතාවගේ එක එක කතා මැද  මටත් නොයෙක් විදියේ  සිදුවීම් වලට මුහුණ දීමට සිදුවිය. එක් දිනක් මගේ සහෝදරිය සහ වෙනත් පුද්ගලයකු අතර ඇතිවූ  ඉඩම්  ප්‍රශ්නයකට මගේ තාත්තා සමගින් මමද පොලීසියට ගියෙමි.

පෙර කියූ පුද්ගලයා ව්‍යාපාරිකයෙකු වන අතර, ප්‍රදේශයේ හිටපු ප්‍රසිද්ධ දේශපාලුවකුද වෙති.  තවද ඉඩමේ ආරවුල සම්බන්ධයෙන් මොහු වෙන කෙනෙකුට කඩේ යන අයෙකි.

පොලීසිය වෙත ගිය තාත්තාටත් මටත් බොහෝ වේලාවක්  අරලිය ගසක් යට සිටීමට සිදුවිය.  පැමිණිලි අංශයේ මහත්තයා කොහේදෝ ගොස් ඇත. පැයකට දෙකකට පමණ පසු මහත්තයා ආවේය.  ‍‍‘ආ…තමුසෙලා මොකද..? එනවා ඇතුලට‘….යනුවෙන් ‘ඉතා සුහදව‘ අප දෙදෙනා සුලු පැමිණිලි කාමරය වෙත කැදවාගත් මහත්තයා ,, ආ..එන්න මහත්තයා යනුවෙන් පෙරකී ව්‍යාපාරියාට කතා කලාය.

ඉතා සැප පහසු කාර් එකකින් පොලීසියට ව්‍යාපාරිකයා පැමිණ සිටි අතර,..අපේ තාත්තා සරමකින් සහ කමිසයකින් සැරසී පා පැදියකින් පොලීසිය වෙත පැමිණ සිටියාය. කරුණු කාරනා විමසමින් ඉතා පහත් අන්දමින් තාත්තාට  බැණ වැදුනු  පොලිස් මහත්තයා  පෙරකී ව්‍යාපාරික මහත්තයා සමග ඉතා සුහද අයුරින් කතා කලාය.

—– ඇයි මේ වෙනස…? —–

සිවිල් වැසියන් තමන්ගේ අත පල්ලෙන් වැටී ඇතැයි සිතා සිංහ වෙස් ගන්නා පොලිස් මහත්තුරු ලොකු මහත්තුරු ඉදිරියේ කෙදිරිගාන අයුරු මම දැක ඇත්තෙමි.  පොලිස් නිළ ඇදුම ආභරණයක් කරගත් මෙවැනි මහත්තුරු පිළිබදව මහ ජනතාව තුල ඇති පිළිකුල් සහගත හැගීම කෙතරම්දැයි මට යම් වැටහීමක් ලැබුණි.

දිනක් මහ පාරක රාජකාරියක නිරතවන පොලිස් මහත්තයෙක් දිනක් මගේ නෙත ගැටුනි. අදාල ස්ථානට පැමිණි ඒ මහතා ටික වේලාවක් හිටගෙන සිට වටපිට බලා අසල නිවසකින් පුටුවක් ඉල්ලා ගත්තාය. දැන් මහත්තයා පුටුවේ වාඩිවී සිටී. ටික වේලාවකින් පුටුව හැරුනේ පෙරකී නිවස වෙතය .නිවසේ මිදුල අතුගාමින් සිටි කාන්තාවකි.  ටිකකින් මේ පොලිස් මහත්තයා අර කාන්තාවට උසුලු විසුලු කිරීමට පටන් ගති. දැන් රාජකාරිය මතක නැත.

කාන්තාව ඔරවමින්  සිය කාර්යය දිගටම කරගෙන යති. වටපිට බැලු මහත්තයා කාන්තාවගෙන් වතුර වීදුරුවක් ඉල්ලුවේය. කාන්තාව කුඩා ළමයකු අත වතුර වීදුරුවක් එව්වාය. වතුර වීදුරුව පසෙක තබා යලිත් කාන්තාවට උසුලු විසුලු කිරීමට පටන්ගති. දැන් පොලිස්

මහත්තයා ටිකෙන් ටික පෙරකී නිවසේ අසලටම ගොස් ඇත.  නිවසේ  වෙනත් කිසිවකු නොමැති බව පෙනෙයි.  පොලිස් මහත්තයා කාන්තාව අසලටම ගියාය. මොහොතකින් පොලිස් මහත්තයා ගියාට වඩා වේගයකින් ආපසු හැරුනේය..ඒ, පොලිස් මහත්තයාට නොපෙනෙන තැනක සිට සිද්ධිය බලා සිටි පෙර කී කාන්තාවගේ සැමියා දුටු නිසාය.

අවසානයේ හිදගැනීමට දුන් පුටුවද ළමයා පැමින රැගෙන ගියාය. පොලිස් මහත්තයා පෙරකී නිවසට මදක් එපිටින්  ගිණි අවුවේ සිටගෙන රාජකාරි කරන අයුරු දැකගත හැකි විය.  මහජනතාව පොලීසියට සහය දීමට මැලි වන්නේ මෙවැනි සිදුවීම් නිසා බව මට පැහැදිලි විය.

තවත් කරුණු කාරනා ඇතත් මෙවැනි සිදුවීම් කිහිපයකින් පොලීසිය සහ මහ ජනතාව අතර ඇති පරතරය පිළිබදව අබබෝධයක් ලබා ගැනීමට උත්සාහ කරමු.  පිට රටවල පොලීසිය මහ ජනතාවට වඩාත්  සමීපව ඇසුරු කරන්නේ කෙසේදැයි දිනක් මම කෙනෙකුගෙන් අසා සිටියෙමි.  ‘‘ එහේ පොලීසියට ගන්නේ උගත් මිනිස්සු. අනික එයාලාට හොද පුහුණුවක් දෙනවා.  මිනිසුන්ට ගොඩක් ගරුසරු ඇතිව එයාලා වැඩ කරන්නෙ. මෙහේ වගේ වල් වනචර විදියට එහේ පොලීසිය වැඩ කරන්නෙ නෑ. ඕන රෑක කෙල්ලෙක්ව පොලීසියේ අය එක්ක තියලා යන්න පුලුවන්. ඒ තරම් එයාලා විශ්වාසය රකිනවා. අනික මෙහේ වගේ එක එක රස්තියාදු කාරයො පොලීසියට ගන්නෙ නෑ“…………… මට ලැබුනු පිළිතුර එසේ විය.

මම රියදුරු මහතෙක් මුණ ගැසී පොලීසිය ගැන ඇසුවෙමි.

‘‘ අපෝ මතක් කරන්න එපා මල්ලී. මහ ජරාම ජාතියක් ..ෂික්…. ජරාවමයි ඉල්ලන්නෙ. පාරට වාහනයක් දාන්න බෑ. මුන්ට දොල පිදේනි දෙන්න ඕනෙ. වාහනේ වරදක් නැතත් මොකක් හරි දෙයක් පෙන්නලා අපෙන් ජරාවමයි ඉල්ලන්නෙ. රජයෙන් පඩියකුත් ගන්නවනේ..අහිංසක අපිවම සූරගෙන කන්නම බලන්නෙ ඇයි මේගොල්ලො…අපි ඉතින් නීතිය හරියටම දන්නෙ නෑනෙ..මෙයාලා කියන දේවල් අහන්න වෙනවා. අපි කියලා මොනවා කරන්නද මල්ලි.“…………………පිළිතුර එසේ විය.

පොලීසිය ජනතාවට කෙතරම් වැදගත් දැයි සිතා බලන කල එය සුලුපටු නොවේ.  එහෙත් සිවිල් වැසියන් පීඩාවට පත් කරමින් තමන්ට රිසි සේ යකා නටන පොලිස් නිළධාරීන් ගැන මීට වඩා සළකා බැලිය යුතු යැයි මම සිතමි.  මිනිසුන්ට ගරුකරන, නීතිගරුක සහ උගත් පොලිස් සේවාවක් මහජනයා ඉතා ඉක්මනින් බලාපොරොත්තුවෙන් සිටී. එය එසේ වුව හොත් ජනතාවට ඉතා සතුටින් සහ විශ්වාසයකින් යුතුව පොලීසිය සමග මිත්‍රශීලීව සිටීමට හැකි වෙතැයි සිතෙයි. එහෙත්,…ඉතා හොද පොලීසියේ මහත්වරුන් මේ සම්බන්දයෙන් සිත රිදවාගත යුතු නැත. ඔවුන්ට අප නිරන්තරයෙන් ආශිර්වාද කරමු. එක එක්කෙනාට කඩේ යන , වාසි පැත්තට දත නියවන,  ජරාවටම යට වුන පොලීසියක් වෙනුවට ශ්‍රී ලංකාවේ පොලිස් සේවාව ඉතා ඉක්මනින් පිරිසිදු කල යුතුව ඇත..

එසේ වුවහොත්,…..

පොලීසියට රැගෙන යන නඩු භාණ්ඩ වෙනස් වෙන්නේ නැත.

වරදකරු සගවා අහිංසකයෙක් නීතිය හමුවේ දඩුවම් ලබන්නේ නැත.

ඕනෙම වයසේ  කාන්තාවකට පොලීසිය සමග තනිවම සිටීමට බිය විය යුතු නැත.

පගාවට ජීර්ණය වූ  මහත්තුරුන් ඉදිරියේ දෙකට නැමීමට සිදුවන්නේ නැත.

බලමු……

සටහන –  විකී

2011/09/27

Advertisements

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s