මහලු විය…



ජීවිතයේ නොයෙක් අවධි පසු කරමින් අනේකවිද දුක් කම්කටොලු දරමින් මෙතුවක් කල් ඉන්න ඇති. යුද්ධයේ අමිහිරි අත්දැකීම් කොතෙකුත් ඇති. ලංකාවේ සිදුවන මෙලෝ දෙයක් දන්නෙ නැතුව ඇති. මොකද,..මේ පලාතට ඒ සිදුවීම් පිළිබදව සොයන්නට තරම් වෙලාවක් ඒ කාලයේ තිබුනෙ නෑ. තමන්ගෙ සහ තම දුවා දරුවන්ගෙ ජීවිත රැක ගැනීම ඊට වඩා වැදගත් වුන නිසා.

තුවක්කු වලින් පිටවෙන ගිණියම් උන්ඩ වලින්  තමන්ගෙ හිස රැක ගැනීමට ලොකු වෙහෙසක් දරන්න ඇති. අතීතය දෙස හැරී බලද්දී  තම සමීපතමයන් අද හිටියනම් කොච්චර සතුටක්ද කියලා හිතෙනවා ඇති. ඒත් …අවාසනාවට ඒක සිතීමත් විහිලුවක් වගේ ඇති. වෙඩි වරුසාවට හසුවී තම සමීපතම හිතවතුන් ජීවිත පූජා කරද්දි කොහේ හෝ අකුලක සැගවී දිවි රැකගත් ඒ කටුක අතීතය මතක් කරනවට වත් කැමති නැතුව ඇති.

තමන්ගේ ඇස්වලට ගැටෙන හැම කෙනෙක් දිහාම බලන්නෙ ඉතාම විමසිල්ලෙන් වෙන්න ඇති. පාරෙ තොටේ යන්නෙ ගොඩක් අවධානෙන් වෙන්න ඇති. අඩිය තියන්නෙ දෙපාරක් හිතලා වෙන්න ඇති. ඒ…මිතුරන්ගෙ කකුල් දෙකට බට්ටො පෑගිලා ඒ පාදවල කැබලි තැන් තැන්වල විසිරී තිබෙනු සියැසින්ම දුටු නිසා වෙන්න ඇති. කිසිවකු සමග පිළිසදරේ යෙදෙන්නට එතරම්ම උවමනාවක් නැතුව ඇති.  පාරෙ යන එන වාහන දකින කොට ඇග හීතල වෙනවා ඇති. ඒක නිසා වෙන්න ඇති වාහන එන යන කොට ටිකක් නතර වෙලා පරිස්සමට විපරම් කරන්නෙ.

පොතක් ලියන්නට තරම් ජීවිත අත්දැකීම් සපිරි ඉතා කටුක දිවියක් ගෙවන පුද්ගලයකු බව බැලූ බැල්මට පෙ‍නෙයි. ආගම, ජාතිය, කුළය කුමක් වුවත්..මේ මිනිසෙකි. ‘අංකල්… කියා මා  කතා කලද ම‘දෙස හැරී ටික වේලාවක් බලා සිට යලිත් සිය ගමන ඇරඹු මේ පුද්ගලයා මට හමුවූවේ චාවාකච්චේරි ප්‍රදේශයේදීය…

සටහන –  විකී

2011/09/27

Advertisements

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s