කාලකණ්නි..


රටේ අනාගත පරපුර දරුවන්ය කියලා මොකෙක්දෝ එකෙක් කියනවා ඇහුනා. රටේ ජීවනාලිය තරුණ පරපුර කියලා තවත් එකෙක් කියනවා ඇහුනා. දරුවන් ඒ තරම්ම වටිනවද….??

ගොඩක් අම්මලා දරුවන් ඉදගෙනත් දුක් විදිනවා. තවත් අම්මලා දරුවො නැතුව දුක් විදිනවා. තවත් අම්මලා දරුවන් මහ මග දාලා යනවා. කෝ ඒ දරුවන්ට වටිනාකමක්..? ඉපදුන දා පටන්ම සමහර දරුවන්ට පේන්නෙ යුද්ධය විතරයි. තවත් දරුවන්ට පේන්නෙ දුප්පත්කම විතරයි.  එහෙන් ළමා අපයෝජන. කෝ මේ කියන තරම් දරුවන්ට යහපතක්..?

ලංකාවේ ඉන්න ගොඩක් පණ්ඩිතයො ළමයි ගැන පොර ටෝක් දුන්නට උන්ගෙ ගෙවල් වල වැඩ කරන්නෙත් පොඩි දරුවො. කෝ ඒ ළමයින්ට යහපතක්..? ලොකු ලොකු මැති ඇමතිවරු කරන ජාවාරම් වලට හවුල් කරගෙන ඉන්නෙ පොඩි ළමයි. උන්ගෙ ව්‍යාපාර ගොඩක්ම හොර ජාවාරම්. ඒ අතරින් ගණිකා මඩම් වලට තියෙන්නෙ ලොකු වටිනාකමක්.  ඒ ගණිකාවො දුප්පත් අම්මලාගෙ අහිංසක ළමයි.  ඒ ළමයින්ට අනාගතයක් හදලා දෙන්නෙ කව්ද..?

රටේ ඉන්න මහ එවුන්ගෙ ළමයි ඉන්නෙ සීතල කාමර වල. උන් යන්නෙ ලොකු ඉස්කෝල වලට. සෙල්ලම් කරන්න යන්නෙ නයිට් ක්ලබ් වලට. අන්තිමට කරන තරමක් රටේ බලා වැඩ කරන්නෙ උන්ගෙ ළමයි. පොලීසියේ ලොකු මහත්වරුත් ගොරවන්නෙ ගමේ ඉන්න හරමානිස්ලගෙ ළමයින්ට විතරයි.

රටේ හැම තැනම ළමා නිවාස. කොහෙන්ද මේවට මෙච්චර ළමයි..? වැඩි හරියක් යුද්දෙන් අනාථ වෙච්ච අය. තවත් සමහරුන්ගෙ අම්මලා තාත්තලා ලොවෙත් නෑ. තවත් අයගේ  අග මුල හොයන්නම නෑ.  මේ අසරණයොන්ට පිහිටට තියෙන්නෙ මේ ළමා නිවාස විතරයි. ඒත් ඒකෙ ඉන්න මොකෙක් හරි අවජාතකයෙක් ඒ ළමයින්වත් අපයෝජනය කරනවා.  නැත්නම් එක එක ජාවාරම් වලට විකුණනවා. හොයලා බලන්න කවුරුත් නෑනෙ.

ළමයින්ට නිසි අධ්‍යාපනයක් අත්‍යවශ්‍යමයි. ඒක නිසියාකාරව ලබා දෙන්න  සමහර දෙමව්පියන්ට හැකියාවක් නෑ. ඒ තරම්ම දුප්පත් කම උඩු දුවලා. කරකියා ගන්න දෙයක් නැති තැන ඒ ළමයි මොකක්හරි මගඩියකට සෙට් වෙනවා. අන්තිමට රටේ ඉන්න ලෝක හොරු, මිනීමරුවො වෙනවා. කව්ද ඒකට වග කියන්නෙ..? ඊට පස්සෙ අල්ලලා හිර කරනවා. නැත්නම් අල්ලන්න ගිහින් මරලා දානවා. කොතනද වැරදුනේ..? ඇයි වැරදුනෙ..? කවුද ඒක හොයලා බලලා නිවැරදි විසදුමක් දුන්නෙ මේ වෙනකල්ම.

කාලයක් තිබුනා සිරස කුමරිය. ගමේ හිටපු දුප්පත් අම්මලාගෙ කෙල්ලො ටික ආවා මේකෙ කුමරිය වෙන්න. ගමේ ඉදන් රෙද්ද හැට්ටෙ ඇදගෙන ඇවිත්  අන්තිමට රෙදි ගැලෙව්වා. දැන් රෙදි නැතුව යස අගේට ඉන්නවා. අම්මලාට පාරෙ බැහැලා යන්න බෑ. හැමෝම බනිනවා කාළකන්නි කියලා.  කවුද මේ ළමයින්ව කාළකන්නි කෙරෙව්වෙ..?

දවසක් ජාතික රූපවාහිණියෙන් පෙන්නනවා කුමරිය තෝරන තරගයක්. ඡවි කල්‍යාණිය තෝරනවා. කෙල්ලන්ගෙ ඇදුම් වලින් බාගයයි.  අදාල තැන් පේන්න ඔන්න මෙන්න. රටේ ජාතික නාලිකාවකින් පෙන්නන්නෙ මේවා. ඒකට සහභාගි වෙලා හිටියෙ රටේ සංස්කෘතික ඇමතිවරිය.  ඡවි කල්‍යාණිය බලන්න කෙල්ලන්ගෙ කකුල්ම බලන්න ඕනෙද..? කෙල්ලන්ගෙ ඇගේ වෙන සමක් තියෙන තැනක් නැද්ද..? ලක්ෂ ගණනක් ඇස් ඉදිරියේ අර ළමයින්ගෙ රූපෙ විකුණනවා ප්‍රසිද්ධියේම.  ඊට පස්සෙ ඒකට ගිය ළමයින්ට ඕනම තැනක රෙදි ගලවන එක මහ කජ්ජක්ද..?

රටේ ළමයින් වෙනුවෙන් සංවිධාන අම්බානක. අද වෙනකන් කරපු මගුලක් නෑ.  එක එකාට කඩේ යනවා විතරයි.  රටේ පළවෙනි පුරවැසියගෙ පුත්‍ර රත්නය හැදුවා සංවිධානයක්.  දහස් ගණනින් කොල්ලො කෙල්ලො නන්නත්තාර කෙරුවා. ඒකෙ එක එක වැඩසටහන් වලට යන කෙල්ලො කොල්ලො ගෙදර යන්නෙ කාමර වල සැප අරගෙන. කී දෙනෙක් විනාශ වෙනවද. කව්ද ඒකට වගකියන්න ඕනෙ..? අහවල් අම්මලාගෙ එවුන් කියලා බැනුම් අහන්නෙ කවුද..?

ලෝකෙ හැම තැනම යුද්ධ. මොකක් හරි බෙදාගන්න බැරුවයි මේ කෙලගන්නෙ. අන්තිමට මැරෙන්නෙ අහිංසකයො ටිකක් විතරයි. රජය පැත්තෙ  මැරෙන එවුන් වීරයො.  අනිත් එවුන් හතුරො. දේශ ද්‍රෝහියො.  ඒ මැරෙන එවුන් අතර වැඩිහරියක් ළමයි.  කොටසක් දේශ ප්‍රෙමියො..කොටසක් දේශ ද්‍රෝහියො. කොහොමද එහෙම වුනෙ.? දෙගොල්ලන්ම සටන් කලේ එක අරමුණක් වෙනුවෙන් නම්,….මේ කොටස් දෙක බෙදුවෙ කව්ද..? කවුරු වුනත් ඒ මැරුනෙ අහිංසක ළමයි. ලෝකෙට බිහිවෙලා සාධාරණත්වය අත් නොදකින විට තම අයිතිවාසිකම් වෙනුවෙන් ඕනෙම කෙනෙක් සටන් වදිනවා නොවේද..? සටන ඇතිකල වුන් කව්රුන්ද..? වළක්වාගත නොහැකි වූයේ ඇයි..? සැමට සමාන අයිතිවාසිකම් නොදෙන්නෙ ඇයි..?  අවසානයේ ළමයින්ට මේ ඉරණම අත්කර දෙන්නෙ කව්ද..? කව්ද එතකොට කාළකන්ණියො..?

සටහන – විකී

2011/09/28

Advertisements

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s