මැරවින්ගේ චිච්චි පරීක්ෂාව…


ආචාර්ය මර්වින් මැතිතුමාගේ ‍වෛද්‍ය නිගමණය

(ජපුර කෙල්ලන්ගේ කන්‍යාභාව පරීක්ෂණය )

 

අපේ ආචාර්ය වරයාගේ නිගමනයට අණුව ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ඉන්නේ හරිම වනචර කෙලි පැටව් ටිකක් ලු . එතුමා ගේ වචනයෙන් කියතොත් ඒ කෙල්ලන් මහමග රති සම්බෝගයේ යෙදෙනවාලු . දකින දසුනක් සේම නෙතපිනවන චිච්චිය එලියේ දමාගෙන පෙම්කෙලියේ යෙදෙනවිට තනපටය මිදුලේ වැටිලත් ඇය ඒ ගැන දන්නේ නැතිලු . කොණ්ඩය කඩාගෙනලු . කලවා තෙමිලාලු . මේ ඔක්කොම කෙලි ගිනි ගහන මද්ධහනෙලු.

හිමිදිරි උදයේ අවදිවුනු මේ මර්වින් සූර්ය දිව්‍යරාජයා පසුගිය දිනෙක මේ සංකෙළිය දැක අතිශයින් කෝපයට පත්වීජපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති කරුණාරත්න මහතාගේ කාමරයේ ජනෙල් දොරපියන් කඩාගෙන බලෙන් ඇතුළු විය. කරුණාරත්න උන්නැහැගේ පශ්චාත් ප්‍රදේශයට සූර්‍ය කදම්බයෙන් රතු වෙන්නට නෙලා තිබේ. උපකුලතිවරයාත් තමාගේ පශ්චාත් ප්‍රදේශය වම් අතින් පිරිමදිමින්, මේ අසීලාචාර ශිෂ්‍යාවන්ගේ විණය තැකීම සදහා නව ක්‍රියා පටිපාටියක් ආරම්බකර තිබේ. ඒ විනය ක්‍රියා පටිපාටිය නම් කෙල්ලන් අල්ලා චිංචිය පරික්ශා කිරීම සදහා බලෙන් රොහල් ගත කිරීමයී. සූර්‍ය දිව්‍ය රාජයාත් සමග පරණ කෝන්තරයක් තිබූ චේගුවේර හැත්ත මේ චින්චි පරික්ශාව නැවැත්වීමේ කූඨ අභිලාශයෙන්, “කුලපතිවරයා ශීෂ්‍යාවන්වන්ගේ චින්චිය පරික්ශා කරනවායැයී” බොරු ගොතා ප්‍රචාරය කිරීමට පටන් ගෙන තිබේ.

මේ නාඩගම දුටු සඳ දෙවියෝ, මේ උප කුලපතිට පිස්සුදැයී අසයී. ගුරා උප කුලපතිගේ මොලය පරික්ශා කිරීමට යෝජනා කරයී. සිකුරා කියන්නේ, මොලය නොව, උපකුලපතිගේ රෙද්ද පල්ලේ ඇති අහවල් එක පරික්ශා කල යුතු බවයී. මේ කිසි ග්‍රහයෙකුට නොතේරෙන කාරණය තමයී, උප කුලපති මේ සියලු දේ කරන්නේ විශ්ව විද්‍යාලයේ අභිවෘදිය උදෙසා බව. තමා පාලණය කරනා ආයතනය දියුනු කිරීමට, කාන්තාවන්ගේ චිංචිය පරික්ශා කලයුතුයැයී කියා රජය සිතනවානම්, එසේ කිරීමේ බලය රජයට තිබිය යුතුය.

රට ගොඩ නැගීමට දරනා මේ උත්සහයන් දුටු කල මට සිහියට නැගෙන්නේ මහින්ද රාජපක්ෂ මැති තුමාගේ උදව්වෙන්, අසූ ගනන් වලදී දකුනේ දේශප්‍රේමී ජනතා වි‍යාපාරය විසින් අපේ රට මේ “නීතිය සහ අයිතිවාසිකම්” නම් පිලිලයෙන් ගොඩ ගැනීමට ගන්නා ලද උත්සහයයී. ඒ කාලේ කාන්තාවන් අශීලාචාර ලෙස පස්ස පලපු සායවල් ඇදලා බත් කෙණ්ඩය පෙන්නන්න පටන් ගත්තා මට මතකයී. දේශප්‍රේමීන් මහ පාරේ රැකගෙන ඉදලා, මේ අශීලාචාර ගෑනුන්ගේ පලාපු සාය ගොනී නූලෙන් මහලා ගෙදර යැව්වා. බලන්න කොච්චර අපූරුද කියලා. අනවසරයෙන් වත්තේ කොස් ගහක් කපන්න හදාපු ගිරිගහගෙදර මලයා, ඒ ගසේ ඉල්ලීම යටතේ ඒ ගසේම දවස් තුණක් බැදලා තිබුනා.

රට ජාතියේ උන්නතිය වෙනුවෙන් වැඩ කටයුතු කරනා නුතන දුටුගැමුණු ආචාර්ය ම්වින් මැතිදානනි  අභීත උප කුලපති තුමනී, ජපුර කෙල්ලන්ගේ කන්‍යාභාව පරීක්ෂණය වෙනුවෙන් ජාතිය සදා ඔබට ණයගැතියි.

 ජසයා

2011/09/28

Advertisements

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s