පොලිස් අරමුදල පිල්ලි ගසයි….


ඔන්න වැඩක්. පොලෝසියේ මහත්තුරුන්ට තෑගි දෙන්න තිබ්බ එකම අරමුදලටත් ආණ්ඩුව කෙළියයි කියනව නොවැ.  අනේ අප්පේ..මෙහෙමත් අලුකුත්තේරු වැඩ අම්මපා. ඒ ඇත්තො දැඩිය මහන්සියෙන් රාජකාරිය කොරලා නඩු අරගෙන උසාවි දාලා දඩ ගහනවනේ. ඒ දඩෙන් කොටසක් නෙ මේ අරමුදලෙ තැන්පත් වෙන්නෙ. ඉතින් ඒකෙන් තමයි මේ මහත්තුරුන්ට තෑගි වලටත් සල්ලි ගන්නෙ. හත්තිලවුවෙ දැන් කොහෙන්දෑ මේ උත්තමයන්ට තෑගි දෙන්නෙ.

මේ අරමුදලෙ අවුරුදු 40 ක් තිස්සෙ එකතු වෙච්ච සල්ලි රුපියල් කෝටි 1200 ක් තිබුනැයි කියන්නෙ.  දැන් ඉතින් ඒවා මකර කටට ගිහින්. කලින් හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහත්තයා ඉන්න කාලෙත් ඕක හොරකං කොරන්න ගිහින් යන්තං ඒක බේරගත්තනෙ. ඔන්න දැන් ඉන්න පොලිස්පති ඉලංගකෝන් මහත්තය එක්ක වැඩේට සෙට්වෙලා ඒක ආණ්ඩුවට අරගෙන.

බලහල්ලකො ඉතිං. මෙච්චර කාලයක් මේ අරමුදල තිබිලත් පොලෝසියේ ඇත්තන්ගෙ සුබසාධනේට ඒක අරගෙන නෑනෙ. ඒ ඇත්තෙ මාස ගනන් එකම ඇදුම අදිනවා. කෑලි කැඩිච්ච සපත්තු කුට්ටම දාගෙන යනවා. තව කොයි තරම් දේවල් කරන්න තිබුනද දෙයියනේ. දැන් ඉතින් ඒ අරමුදල ගත්ත එවුන්ගෙ කල්ල මරේ. දැන් ඕකට වෙන දේ සැක්කරයගෙ පුතා වයිමා වත් දන්නෙ නෑ ඕං…හැබැයි ඉතිං අපේ හාමිනේ නං කියන්නෙ අහිංසකයින්ගෙ මුදල්නෙ ඕකෙ තියෙන්නෙ ඒකයි පොලෝසියේ ඇත්තන්ටම වැඩක් ගන්න බැරි වුනේ කියලා.  ඒකත් හැබෑව කියලා හිතතෙන්නෙ ඉතින් ගොඩක් වෙලාවට අඩුවම් දෙන්නෙ වැරදිකාරයට නෙවෙයි නෙ. අහිංසක එකෙක්ටනෙ.

අන්දරේ

Advertisements

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s