මැරවින්ගේ ගොන්පාට්..


කවුරුන් විසින් හෝ උසාවි නියෝගයක් ලබාගෙන මුන්නෙශ්වරමේ බිලි පූජාව නැවැත්වූ පසු සරම කරට ගෙන එම ස්ථානයට ගොස් මහා ලොකු සද්දයක් දැමූ මැරවින් සිල්වා උතුමාණෝ ,එම ක්‍රියාවට පෙරමුණේ රාල , දිවයින කතෘ ඇතුලු වර්ගවාදින්ගෙන් ලැබුනු හුරේ පාර නිසා හොඳටම චූන් වී දැන් තවත් නාඩගමකට අර අඳිමින් සිටී.

ඒ අනුව ඔහු ගම්පහ දිස්ත‍්‍රික්කයේ මස් කඩවල ගව මස් විකිණීම ලබන සතියේ සිට තහනම් කර තිබේ. කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකරන ගවයා මෙරටට සම්පතක් බවත්, එවැනි සතෙකු මරා මස් කෑම මහා පාප කර්මයක් බවත්,ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් රටටම ආදර්ශයක් ගෙන දීම සඳහා තමා මේ තහනම පැනවූ බවත් ඔහු කියා තිබේ.

ශ්‍රි ලංකාව බහු ජාතික බහු ආගමික රටකි. එහි නොයෙක් ජාතින් වෙසෙති . ඔවුන්ගේ සිරිත් විරිත්, ගති පැවතුම්, ආගමික මතාන්තර එකිනෙකට වෙනස්ය.

එසේ වෙසෙන විවිධ ජාතින්ගේ විවිධ ආහාර පුරුදු ගැන තඹ දොයිතුවකට නොතකමින් මේ මැටි මෝල් තීන්දුව ගෙන ඇත්තේ සහෝදර ප්‍රේමය උත්සන්න වීම නිසාදෝයි ජනතාව සැක කරති.

ජසයා

2011/09/29

Advertisements

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s