ගෞරව නාම බල්ලට…


ලංකාවට අලුත් ලෙඩක් බෝවෙලාය. කොහේවත් ඉන්න වටපඩයන්ට ගෞරව නාම දීම දැන් ඊසි දෙයකි. ඇත්තටම අවංකව ජනතාවට සේවය කරන කෙනා ගණන් ගන්නෙ නෑ. අතපය විසිකරලා වියදම් කරන, ගල් බෝතල් , මල් පැකට් වගේ දෙවල් කොල්ලන්ට අරගෙන දීලා උන්ව නැති නාස්ති කරන එකා තමයි කෙරුමා.

මේ කියන්නෙත් ඒ වගේම පොරක් ගැන තමයි. නම දයානන්ද ජයවීර. ඉන්නෙ ත්‍රිකුණාමලේ.  හිටපු ශ්‍රිලනිප ප්‍රධාන සංවිධායක වරයෙක්.  ඒ වගේම ත්‍රිකුණාමලේ සිංහල මධ්‍ය මහ විද්‍යාලයේ හිටපු විදුහල්පති වරයා.

දේශපාලනේ කරන කාලේ සල්ලි වලට රස්සා දීලා මාට්ටු වුනා. තව තව ගේම් දුන්නා. හැබැයි වැඩිය චාටර් නෑ. හොරාට හොර වැඩ ගේමක් නෑනෙ….ඒකයි. මිනිහට අරක්කු බාර් එකකුත් තියෙනවා. මිනිස්සුන්ට ජරාව දීලා එවුන් මකබෑවිලා යන තැනට පාර කපන එකාට ගෞරව සම්මාන දීලා.

මිනිහගේ භාර්යාවත් හිටපු විදුහල්පතිනියක්. එයා ඉස්කෝලෙ ළමයින්ට පංති තහනම් කලා. තව තව දඩුවම් දුන්නා…. මොකද ඒ,…මත් ද්‍රව්‍ය විරෝධි වැඩ සටහනකට සහභාගි වුනා කියලා. ඔන්න තත්වෙ.

ඉතින් මේ නිතරම සුදු ඇදගෙන හරිම සිල්වත් පෙනුමක් තියෙන මෙයාට මේ සම්මා දීපු අය ගැන ටිකක් හොයලා බලන්න වටිනවා. මෙයාගෙන් ජරාව අරගෙන මේක දුන්නද දන්නෙ නෑ කියලා ඒ පැත්තෙ මිනිස්සු කියන නිසා.

අනිත් එකා විමලසේන. ඉන්නෙ හබරණ. සිරිකත මෝටර්ස් අධිපති.  ත්‍රිකුණාමලය පෞද්ගලික බස්රථ සංගමයේ සභාපති. ඒ වගේම නොම්මර එකේ ‘බඩු කාරයා‘. ඒ කියන්නෙ හොර ගෑනු කේස් අම්බානට.  5 කණුවෙ රේණුකා කිව්වම නොදන්න කෙනෙක් නෑ.  හැබැයි සමාජෙට කෙසේ වෙතත් රේණුකාට නම් සේවය කරන බව හැමෝම දන්න රහසක්.  මේ ලගදි මිනිහා හොර ගෑනි එක්ක ඉන්නකොට මිනිහගෙ පුතාට මාට්ටු වෙලා. පුතා ඇදලා ඇරලා හෙල්මට් එකෙන්ම ගෑනිගෙ මූනෙ මැහුම් 3යි. ඔන්න අපේ සුචරිතවාදී සමාජ සේවකයො.

කොහොම වුනත් අරක්කු බාර් කාරයටයි හොර බඩු කාරයටයි දීපු සම්මාන බලන්නකෝ…

මානව හිතවාදී, සමාජ සුභසාධන, ශ්‍රි ජන රංජන, දේශමාන්‍ය, දේශ මාමක.

අනේ අප්පේ…මේ  ගෞරව සම්මාන අද බල්ලට ගිහින් තියෙන හැටි.

සටහන – විකී

2011/10/3

.

Advertisements

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s