මෙහෙව් රටේ…..


බුදු අම්මෝ.. මම බේරුනේ නූලෙන්.  ඇයි වදේ. අපි යන්නෙ නැද්ද පාරෙ..?

ඉස්සරහින් එනවා ලයිට් දාගෙන ට්‍රැපික් බයික් දෙකක්..ඊට පස්සෙන් ඩිෆෙන්ඩර් එකක්…ඒකෙ හමුදාවෙ කට්ටිය එළියට අත දාගෙන අත වනනවා..ඔක්කෝටම අයින් වෙන්න කියලා. ඒකට පිටි පස්සෙන් කලු කාර් එකක්…ඒකෙ ඇතුලෙ මොලෝ දෙයක් පේන්නෙ නෑ. කලු වීදුරු නිසා.එකට පිටිපස්සෙන් තව වාහන පහක් විතර…ඒවාටත් පිටිපස්සෙන් තවත් හමුදාවෙ ජීප් එකක්……

යකෝ..හරියට මුන්ට විතරක් හදපු පාරක් වගේනෙ මේ ඉගිල්ලෙන්නෙ.  ලංකාවේ සාමාන්‍ය මහජනයා වෙච්ච අපිට වාහනේක යන්න පුලුවන් උපරිම වේගය පැ.කි.මී. 70 ක් කියලා දවසක් පොලීසියේ ට්‍රැපික් මහත්තයෙක් කිව්වා.  මෙන්න යකෝ…මේ සෙට් එක යන්නෙ ඒ වගේ දෙගුණයක් වේගෙන් නෙ..

එතකොට රටේ නීතිය දෙකක්. අපිට එකයි..උන්ට එකයි… අනික ඇයි මෙච්චර වේගෙන් යන්නෙ..? අහවල් දේකටද. හරියට පස්සෙන් හොරු කල්ලියක් පන්නනවා වගේ.  ඒකත් යන්නෙ පාර පුරාම. අපි බහින්න ඕනෙ කාණුවකට. නැත්නම් වදිනවා ඒගොල්ලන්ගෙ වාහන වල.

ඇයි මේ හදිසිය..ඉස්සර නම් යුද්දෙ නිසා ක්ලේමෝ ගහයි කියලා බයට කියමුකො…දැන් යුද්දෙ නෑනෙ. ලංකාවෙන් කොටි අතුගාලා දැම්මනම් මොන බැල්ලිගෙ පුතාද මේවට ගහන්න ඉන්නෙ…??  ඇයි යකෝ..මෙයාලා යනකොට අපි අයින්වෙලා ඉන්න ඕනෙ.  මුලු පලාතටම කියාගෙන යන්නෙ මෙන්න අපි යනෝ කියලා. ඉතින් ගහන එක අහන්නත් දෙයක්ද.? සද්ද නැතුව එක වාහනයක් දෙකක් ගියානම් සාමාන්‍ය විදියට මෙලෝ යකෙක් දන්නෙ නෑ මොකා ගියාද කියලා.

අනික මේ වාහන වලට පෙට්‍රල්…වාහන කීයක් යනවද…යන්නෙත් අධි සුඛෝපබෝගී වාහන ලීටරයට කිලෝමීටර් 10 ක් වත් යන්න බෑ ඒවායින්. බලන්න ඉන්ධන වියදම කොච්චරද කියලා… මාර්ග නීතිය තඹ සතේකට මායිම් කරන්නෙ නෑ.  පාරෙ යන අනිත් මිනිස්සු ගැන හිතන්නෙ නෑ. වැරදිලාවත් ඒ යන වෙලාවට අහිංසක මිනිහෙක් පාරට පැන්නොත් ඉවරයි.  කාටද මෙච්චර බලතලයක් දීලා තියෙන්නෙ..ඇයි දුන්නෙ..?

දවසක් ඔහොම ලෑල්ලට පාගලා ගියා මේ වගේ වාහන පෝලිමක්. හොයලා බැලුවා මේ ගැන. ගිහින් තියෙන්නෙ එක ඇමතිවරයෙක්. වාහන අටක් විතර ගියා. මොකටද මේ ගියේ. කොහේදෝ හදපු වැසිකිළි වගයක් විවෘත කරන්න.  අනේ අප්පේ..

මෙහෙව් රටේ අපිත් මේවා දකින්න තරම් පව්කාර වුනානෙ.

සටහන – විකී

2011/10/05

Advertisements

3 thoughts on “මෙහෙව් රටේ…..

  1. Ekenma kathawa aththa ada kale wena ewaa me wa niyamai wicky keep it up

  2. podi erisiyawakuth ekka kiyapu kathawak. 100% ma piliganna amarui. ethh ekaga wenna puluwan dewal godak tiyenawa.

  3. Chinthaka.. pudgalika irisiyawak na. meka nikan mahajana mudal ha depala nasti kireemak. thanks oyage adahas dakweema gana. :):)

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s