ආයෙත් එන්න ටයි මාමේ ….


ශ්‍රී ලංකාවේ සිටින කොයි කාටත් ඉතා හුරු පුරුදු නාමයකි ටයිටස් තොටවත්තයන්. ඒ වෙන කිසිවකුත් නිසා නොව, ශ්‍රී ලාංකීය ළමා පරපුරට ඔහු එතරම්ම සමීපතමයකු වූ බැවිනි. ටයි මාමා කියා ආදරයට කීවේ එබැවිනි.

බොහෝ කාලයක් ලාංකික ළමා පරපුරට කාටූන් මගින් පෙන්වා දුන් ආදරය, කරුණාව සහ සංවේදී කම වෙන කිසිවෙකුගෙන් ලැබුණා යැයි අපට කිව නොහැකිය.

මින් ඉදිරියට අපේ ළමා පරපුරට මේ සංවේදී කම හදුන්වා දෙන්නෙ කවුරුන්ද..? ටයි මාමා හා සමාන වෙන කිසිවකුත් සිටීද..? දන්නා තරමින් නැත. ජනප්‍රිය සංස්කෘතිය නම් වූ විකාරය පසුපස යන අද කාලේ නිර්මාණ කරුවෝ ටයි මාමා තරම් සංවේදී නැති වග ඔවුන්ගේ පිස්සු විකාර නිර්මාණ තුලින් මොනවට පැහැදිලි වෙයි.

ලාංකීය ළමා පරපුරට අද අවශ්‍යව ඇත්තේ ආදරය, කරුණාව සහ සියලු සත්වයන් කෙරෙහි ලෙන්ගතු කමක් හා සංවේදී කමකි. එය අපූරුවට විදහා පාමින් එකල සිටි ළමා පරපුර විශිෂ්ඨ ලෙස ආකර්ශණිය කරගත් වෙනත් කෙනෙකු නැත.

ඉතින්……ආදරණීය ටයි මාමේ.. අපේ භාෂාවෙන් කියනවා නම්, මේ අද කාලේ සිටින විශිෂ්ට යැයි කියා ගන්නා නිර්මාණකරුවන් මෙලෝ රහක් නැත. කොටින්ම කිව්වොත් මේ පිස්සො. අනාගත පරපුර ඔවුන් විසින් ඇද දමන්නේ විශාල අගාධයකටය. එහෙයින්… අනාගත දරු පරපුර වෙනුවෙන් නැවත ඔබගේ පැමිණීම අපි අපේක්ෂා කරමු. ලෝක විනාශය තෙක් අපේ ලංකාවේ රැදී සිට ඊට පසු නිවන් දකින්න ටයි මාමේ…අපි ඔබ එනතුරු මග බලා සිටිමු….

ආයෙත් එන්න ටයි මාමේ……

සටහන – විකී

2011/10/18

.

Advertisements

2 thoughts on “ආයෙත් එන්න ටයි මාමේ ….

  1. tai mame…oya kawadawath api hith walin..miya yanne ne..oba amraniyai…..

  2. niyamai wicky hodata liyala tiyanawa jaya wewa

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s