පොලිස්පතිට පිස්සු…මැර ඇමතිවරු නහයෙන් අඩයි…


පොලිස්පති වරයා විසින් පසුගිය 11 වැනි දින විශේෂ නියෝගයක් නිකුත් කලා. ඒ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රභූ ආරක්ෂක නිළධාරීන් අනිවාර්යයෙන්ම පොලිස්  හෝ හමුදා නිළධාරින් විය යුතු බව සහ පුද්ගලික ආරක්ෂකයන් ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා ගත නොහැකියි කියන කාරණාව.

ඔන්න දැන් ලංකාවේ මැර මැති  ඇමති වරුන්ට තරු විසිවෙලා. මෙච්චර කාලයක් ගිහිල්ලා හරි ලංකාවේ පොලෝසිය ගත්ත මේ තීරණය නම් කියලා වැඩක් නෑ. මරේ මරු. ඒ අපිනෙ එහෙම කියන්නෙ…..ඒකට මේ මැති ඇමතිවරු නොසෑහෙන්න දොස් කියලා. මේකෙ නියම වැඩේ කියන්නෙ ආණ්ඩු පක්ෂෙ ඇමති මැරයො ටික තමයි මේකට තදින්ම විරුද්ධ වෙලා තියෙන්නෙ.

ඒ අයගෙ මේ දුක්ගැනවිල්ල ගැනත් ටිකක් සළකලා බලන්න කියලා පොලිස්පති තුමාට කියන්න ඕනෙ අප්පා… මොකද, මේ මැර මැති ඇමතිවරු පුද්ගලික ආරක්ෂකයො යොදාගෙන ඉන්නෙ වෙන මොකටවත් නෙවෙයි ඔන්න හරිද. ඒ ගොල්ලන්ව තියාගෙන ඉන්නෙ එයාලගෙ  ගෙවල්වලට පනින ඔය වල් බල්ලො පූසො වගේ සත්තු ටික අල්ලගන්න. මොකද ඒ වගේ වැඩ ඉතිං පොලෝසියේ මහත්තුරුන්ට කරන්ට බැහැනේ. ඒකයි.

අනික මේ පොලෝසියෙ මහත්තුරු විතරක් ගත්තම එයාලගෙ ආරක්ෂාවට තර්ජනයක්ලුනෙ. ඒකත් ඇත්ත තමයි. මොකද, පොලෝසියෙ ඉන්න වැස්සකටවත් ඉස්කෝලෙ නොගිය මහත්තුරුන්ට වඩා පුද්ගලික මැර ආරක්ෂකයො කොච්චර උසස්ද..ඒගොල්ලො ඉන්නකං කිසිම දේකට අපේ මැති ඇමතිවරු බය නෑ අප්පා…

අනික තමයි මේ මැර ආරක්ෂකයො එක්ක ඉන්නකොට ඕන ජගතෙකුට ගේමක් දෙන එක සිම්පල්නෙ. පොලෝසියේ මහත්තුරු එක්ක ඕවා බෑනෙ. ඒගොල්ලො හරිම කරදරකාරයො නෙ.  අනික මේ මැර ආරක්ෂකයො එක්ක නම් ඕන වෙලාවක හොර ගෑනුන්ගෙ පොට් වලට යන්න පුලුවන්. හෝටල්වල අහිංසක පොඩි කෙල්ලො එක්ක ඕන විගඩමක් නටන්න පුලුවන්. හත් දෙයියනේ මේ නිල ඇදුම ඇදගත්තු පොලෝසියේ මහත්තුරු එක්ක ඕවා කරන්න පුලුවනැයි. මහ ජනතාව දැක්කොත් මොනවා නොකියයිද..මේ පොලිස්පති තුමාට මොළේ හොද නැද්ද මන්ද.

අනිත් කාරණාව තමයි මේ ගිනි අවි.   පොලිස්පති තුමා කියනවා මේ ප්‍රභූ වරුන්ට දීලා තියෙන ගිනි අවිය පුද්ගලික ආරක්ෂකයන්ට දෙන්න එපාලු. පිස්සු කතා කරනවාද මන්දා…. ඒහෙම නොදී පුලුවනැයි. ඒ මැර ආරක්ෂකයො ඒවා අරගෙන ගිහින් කාටවත් වෙඩි තියන්නෙ නෑ. එයාලා ඒකෙන් තුවක්කු සෙල්ලම් කරනවා. හැංගිමුත්තන් කරනවා. හොරා පොලිස් කරනවා. අන්න ඒ වගේ පොඩි පොඩි සෙල්ලම් විතරයි කරන්නෙ. ඒකෙන් කාටවත් කරදරයක් නෑ. ඒ ගොල්ලොත් කම්මැලිකමට ඔය සෙල්ලම් කලාම මොකෝ වෙන්නෙ. ඉරිසියාවටම තමයි පොලිස්පති තුමා ඔය නීතිය දාලා තියෙන්නෙ.

කවුරු කොහොම කිව්වත්, පොලිස් නිල ඇදුම ඇදගෙන නම් ප්‍රභූ ආරක්ෂක කටයුතු කරන්න බෑ ඔන්න. ඒක ඇමති වරුන්ට ලොකුම තර්ජනයක්. එයාලා නිකම්ම ටාර්ගට් වෙනවා සතුරාට. දැන් තවත් ගැටලුවක් තියෙනවා. යුද්දෙ ඉවර කලාට පස්සෙ සතුරො කොහෙන්ද….??

ආ…..මට තේරුනා. මේ කියන්නෙ අර එල්.ටී.ටී.ඊ එකේ කට්ටිය නෙවෙයි අප්පා.. පුද්ගලික සතුරො ඉන්නවානෙ. ඒ කියන්නෙ ඔය කුඩු බිස්නස් වගේ බොහොම පුංචි වියාපාර කරනවානෙ අපේ මැති ඇමතිවරු. ඒවාට මේ අපේ මිනිස්සු ඉසිරියාවෙ පැලෙන්න හදනවා. කෙනෙක් ස්වයං රැකියාවක් කරගෙන ඉන්නවට කැමතිම නෑ. ඇහේ කටු අනින්න වගේ. ඉතින් මේ කුඩු වියාපාර නිසා එක එක කට්ටිය මේ ඇමතිවරුන්ට ගේම දෙන්න එනවනෙ.

අනිත් එක එහෙම ගේම් දෙන්න එන්නෙ විහිලුවට, සෙල්ලමට වගේ. ඔය ඇට පිස්ටල් එකකින් පොඩි ෂොට් එකක් තියලා මාරු වෙනවා. දැන් මේ පොලෝසියෙ මහත්තුරු ඉන්නකොට එහෙම බෑ. මොකද ඒ ගේම් දෙන්න එන කට්ටිය පොලෝසියට බය වෙලා පැත්ත පලාතෙ එන්නෙ නෑ. බලන්නකො ඉතින්. පොඩි පොඩි තුවක්කු සෙල්ලමක් වත් කරන්න වෙන්නෙ නෑනෙ දැන්.

අනිත් එක පුද්ගලික මැර ආරක්ෂකයො එක්ක ගිහින් මොන ගේමක් දුන්නත්, කව්රු මරලා දැම්මත් හොයන්න බෑ මේ කපේට. පොලෝසියෙ මහත්තුරු එක්ක ඒ කෙළි කොරන්ට පුලුවනැයි. ඔක්කොම අතේ මාට්ටු.  අනික ඉතින් මැර ආරක්ෂකයො එක්ක ඉන්නකොට මේ මැති ඇමතිවරු වෙඩි තියන්නෙ එයාලට නීත්‍යානුකූලව දීපු තුවක්කුවෙන් නෙවෙයි නෙ. අර මැරයින්ගෙන් ලැබෙන ඒවයින්නෙ වෙඩි තියන්නෙ. ඉතින් අන්තිමට පරික්ෂන කොරලා බැලින්නම් මේ ඇමති උත්තමයා එක වෙඩිල්ලක් වත් තියලා නෑ. ඉතින් කොහොමද එතුමා වැරදි කාරයා වෙන්නෙ. හික්….ඒකවත් තේරෙන්නෙ නෑ මේ පොලිස්පති තුමාට.

කොහොම වුනත් තව තව උදාහරණ තියෙනවා මේ ගැන පැහැදිලි කොරන්ට නම්. ඒත් එච්චර ඕනෙ නෑ මයෙ හිතේ. මේ ටික බැලුවම තේරුම්යයි ඕනෙම ගොනෙකුට. ඒක නිසා පොලිස්පති තුමා ගත්ත මේ තීරණයට නම් අපේ ලංකාවෙ පිවිතුරු, නිර්මල, මානව හිතවාදී, ජනතා සේවයට කැපවෙච්ච මේ මැති ඇමතිවරු කොහෙත්ම කැමති නෑ ඕං…

පොලිස්පති තුමනි,… ඒක නිසා ඔන්න ඔය කෙහෙලේමල් නීති රෙගුලාසිය අකුලගන්ට අප්පා..

සටහන – විකී

2011/10/19

.

Advertisements

5 thoughts on “පොලිස්පතිට පිස්සු…මැර ඇමතිවරු නහයෙන් අඩයි…

  1. ඇත්තටම ඔය නීති නිසා ඇමතිලාට මහජන සේවය කරන්න අමාරුයි.

  2. Ammaa niyamai bro ela aththa kathawa keep it up digatama mewage swadeena adahas denna maru hodata karanna meka good….

  3. අහිංසක මිනිහෙකුට කුඩු ව්‍යාපාරයක් කරගන වත් පාඩුවෙ ඉන්න දේනේ නෑ !

  4. අදයි ගොඩ වැදුනේ මේ පැත්තට!හරවත් ලිපියක්!

  5. ස්තූතියි සාබිත්….දිගටම අපි එක්ක ඉන්න.

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s