ලාභයි…..බුදු බණ රුපියල් දෙකයි…..


ලංකාව බෞද්ධ රටක්. වැඩි හරියක් ඉන්නෙත් බෞද්ධයෝ යැයි කියාගත්ත පිරිසක්. මෙහෙව් රටේ බුදු බණ රුපියල් දෙකට වැටිලා. එක එකාට ඕන ඕන විදියට බුදු දහම විකිණිම දැන් විලාසිතාවක් වෙලා. උතුම් වූ නිර්මල බුදු බණ වර්තමානයේ විවිධවූ මිනිසුන් අතින් කිලිටි වීමට පටන්අරන්.

මෙ තිබෙන්නේ එටිසලාට් නම් දුරකතන සමාගම විසින් සැකසූ වෙළද දැන්වීමකි. මෙහි සැබෑ උවමනාව ධර්මය ප්‍රචාරය කිරීම බව නම් පෙනෙන්නට නැත. අනෙක් විශේෂත්වය නම් මෙකී සේවාවට දායකවී ඇත්තේ ලංකාවේ විශිෂ්ට බුද්ධ පුත්‍රයන් වහන්සේලා වන අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ සහ නාවල පිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ  වීමය. අප අසා ඇති පරිදි ඉතා ශ්‍රද්ධා සම්පන්න මෙකී ස්වාමීන් වහන්සේලා මෙයට දායක වීම කණගාටුවට කරුණකි. මට මේ පින්තූරය ලැබුනෙ වෙනත් වෙබ් අඩවියකින්. මේ විදියටම මේකෙ නම්ගම් මකලා තිබුණෙ.

ලංකාවට ධර්ම අහේනියක් තවම පැමිණ නැත. ඕනෑම  කෙනෙකුට ධර්මය ඉතා පහසුවෙන් ලබාගත හැකිය. දිනපතා විවිධ මාධ්‍යයන් ඔස්සේ නොමිලේ ධර්මය ප්‍රචාරය කරති. ඉහත ස්වාමීන් වහන්සේලා විසින් ධර්ම දේශනා නිරන්තරයෙන්ම පවත්වති. නමුත්‍, මෙම ස්වාමීන් වහන්සේලාට දැන් අවශ්‍යව ඇත්තේ තුට්ටු දෙකට ධර්මය විකිණීමට දැයි මට සිතෙයි.

ලංකාවේ බුද්ධ ශාසන අමාත්‍යාංශයක්ද වෙති. එහි වගකිවයුත්තෝ මෙය නොදැක්කෙහිද..? මෙවැනි ක්‍රියාවන් ඔවුන්ගේ ඇස නොගැටෙන්නේ නම් මෙම අමාත්‍යාංශයෙන් ලංකාවට පලක් නැත. මෙතරම් ධර්ම අහේනියක් පවතී නම් එම අමාත්‍යාංශය මගින් අවශ්‍ය ධර්ම දේශනා ප්‍රචාරය කල හැකිය. මෙම බහුජාතික සමාගම් අපිට ආදරේට සියලු සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් මෙම සේවාව ලබා දෙන්නෙ නැත.

වර්තමානයේ පන්සලක්, ස්වාමීන් වහන්සේ නමක් නොමැති පලාතක් හොයන්නට නැත. කොළඹ පිහිටි සීතල අසපු වලින් පලක් නොවුනත්, ගමේ පන්සලෙන් නිතිපතා මිනිසුන්ට විශාල ධර්මස්කන්ධයක් ලබා දේ.ඉස්සර ගමේ මිනිහා කොයිදේටත් පන්සලට ගොස් ස්වාමින් වහන්සේ මුනගැසී අවශ්‍ය ධාර්මික උපදෙස් ලබා ගත්තාය. දැන් ගමේ පන්සලක් තිබේදැයි වත් මිනිසුන් නොදනිති. තත්වය එසේ හෙයින් මෙකී ආයතනය මගින් ධර්ම දේශනා දුරකතනය මගින් රුපියල් දෙකේ සිට ලබා දේ. අවශ්‍යව ඇත්තේ මෙය නොවේ. ගමත් පන්සලත් එකට යා කිරීමට සියලු මාධ්‍යයන් කටයුතු කිරීමයි.

කෙසේ වෙතත්, ලංකාවේ වැඩවසන සියලු නිකායන්ට අයත් නායක ස්වාමීන් වහන්සේලා මෙම ක්‍රියාවට විරුද්ධ විය යුතුය. දැන්වත් විධිමත් ක්‍රමවේදයක් යටතේ බුදු දහම ආරක්ෂා කල යුතුය. එසේ නොවුනහොත් ඉදිරියේදී සියලු ස්වාමීන් වහන්සේලා උතුම් වූ බුදු දහම පේමන් එකේ තුට්ටු දෙකට විකිනීම වැළැක්විය නොහැකි වනු ඇත.

බුදු පියාණන් අද සිටියේ නම් මේ ක්‍රියාවන් දැක කුමක් කරත්දැයි මට සිතෙයි.

 

සටහන – විකී

2011/10/20

.

Advertisements

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s