මහ කකුලුවාගේ ඇදේ…


පින්තූරය උපුටා ගැනීම - ඩේලිනිවුස්

ශ්‍රී ලංකාවේ විවිධ වූ ජාතීන්ට අයත් ඉහළම පුද්ගලයා වන්නේ තම තමන්ගේ ආගමික ශාස්තෘ වරයාය. ඉන්පසු සිටිනුයේ එම ශාස්තෘ වරයාගේ අනුගාමිකයින් ය. ඊටත් පසුව රටේ නායකයා සහ ඔහුගේ අනුගාමික පිරිස යනාදී වශයෙන් වෙති.

යේසුස් වහන්සේ, නබි තුමන් වගේම ලංකාවේ බෞද්ධ ජනතාවගේ ශාස්තෘවරයා වන්නේ බුදුරජාණන් වහන්සේය. ඉන්පසු සිටිනුයේ මහා සංඝරත්නයයි. ඊටත් පසුව අපේ රටේ නායකයාය.

නමුත්, මේ පින්තූරය දුටු මට ගැටලුවක් ඇති විය. එනම්, අපේ දෙවැනියා වන්නේ මහා සංඝරත්නයද… රටේ නායකයාද යන්නයි.

සාමාන්‍ය ජනයා සමග මහා සංඝරත්නය   පාවහන්ද නොමැතිව පාර අයිනේ ගමන් කරන අතර, අපේ රටේ නායකයා බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිනාගොස් පාවහන්ද පැළද පූජනීය ස්ථානයේ මුතු කුඩේ යටින් වඩිමින් මේ ලබා දන්නේ කිනම් ආදර්ශයක් දැයි මට සිතාගත නොහැකිය.

එපමණක් නොව, මෙතුමන්ගේ වටේ සිටින ගෝලබාලයින්ද පොට්ටයන් මෙන් මෙසේ හැසිරීම ඉතා කණගාටුදායක තත්වයකි.

අතීතයේදී රට කරවූ රජතුමා මහා සංඝයා ඉදිරියේ එකත්පස්ව හිද උන්වහන්සේලාට ප්‍රමුඛස්ථානය ලබා දුන් බව ඉතිහාසයේ සදහන් වෙති.

වර්ථමානයේ එහි අනෙක් පැත්ත සිදුවීම ශ්‍රී ලංකාවේ ආශ්චර්යය විදහා පෑමක් ලෙස  සැළකීමට පුලුවන් වන අතර, පොඩි කකුලුවන් කෙසේ කෙළින් ගමන් කරාවිදැයි සිතාගත නොහැකිය.

-නුස්සො සුදුස්සෝ යටකොට..පුස්සො වැඩ දෙනවා යමරෙට..සෙතක් වෙයිද එහෙම රටකට ඕයි……මේ රටේ මිනිස්සූ තනිකර කෙළින්නෙ පිස්සු ඕයි..

-සටහන – විකී-

2011/10/22

 

Advertisements

2 thoughts on “මහ කකුලුවාගේ ඇදේ…

  1. hodata balanna podi kakuluwo kelin yanawa penawa oya piti passeth drnnrkma sereppu dagena inne

  2. what to say my friend, only few of us can see this, others are still blind, we should thanks for every good things he have done, but that doesn’t mean he can do anything,……….

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s