එතකොට මම සියඹලා ගෙනාවෙ නෑ ????



මම මෙක ගොඩක් කල් ඉදන් කියන්න හිටිය කතාවක්, නමුත් මොනව හරි හේතුවකින් ඒක කියන්න බැරි උනා. කමක් නෑ දැන් හරි ඒක මම කියන්නම්.

ඒ තම‍යි, අපේ රටේ අවුරුදු 30 ක් විතර යුද්ද්දයක් තිබ්බනේ. ඉතින් දැන් ඒක අපේ වීරෝදාර රණවිරුවෝ මැරිල මැරිල කොහොම හරි රට බේරගත්තා කියමුකෝ, ඉතින් මේ කරපු දේ මේ මුලු ලෝකෙටම පුදූම හිතෙන දයක් කියල පොඩි එවුන් පවා දන්න දෙයක්නේ. ඉතින් අපේ රටේ ඉන්න ලොකු ලොක්කෝ එකතුවෙලා ඔය අවුරුද්දක් පාසා Galle Face එකේ පවත්වනවනේ ඔයVictory Parade කියල එකක්. ඒක පවත්වන්නෙ රණවිරුවන්ට උපහාර  පිනිසලු නෙ.

ඉතින් ඕක පවත්වන්න තියෙන දිනේට කලින් ඉදන් ඕකට සැරසෙන්න එපැයි. ඉතින් අර යුද්ද කොරල කොරල මැරිල මැරිල ඉන්න කොල්ලො ටික මොකද කොරන්නෙ ඔන්න යනව උදේ පාන්දරම නැගිටගෙන ඔය කියන පෙලපාලියට පුහුනු වෙන්න. දවස් දහයක් විතර පට්ට අව්වේ වේලි වේලි පෙර පුහුනු වෙනවලුනෙ. මීට කලින් එකකදී, වැහි දවසක අර රටටම ගං වතුර ගලපු දවස් වල ඔය කියන පෙර පුහුනු වීම් කරද්දී හෙන පුපුරල කොල්ලෝ මැරිල තියෙනව. ඒත් ඒක කවුරුත් දන්නෙ නෑනේ. ඉතින් මේ

කොල්ලො මෙතනත් මැරිල මැරිල ඔන්න අදාල දවසට උපහාර පෙලපාලිය පවත්වනව.

ඔන්න අදාල දවසට ඒසී කාමර වල ඉදන් යුද්දේ පුලුල් තිර වලින්, ටීවී වලින් බලපු එවුන් ටික අර ටකරන් මඩුව ඇතුලෙ ඉන්නව, අපේ අර යුද්දෙට මුන දුන්න කොල්ලො ටික උන්ට උත්තමාචාර අවි ගහනව, උපහාර දක්වාගෙන උන්ට ඉස්සරහින් යනවා. එතකොට දැන් කව්ද යුද්ද කලේ?, කාටද මේ උපහාර දක්වන්නෙ?.

අවුරුදු 30 ක් ම බේරගන්න බැරිව හිටිය රට බේරගත්තු මනුස්සය අරෙහෙ බලු කූඩුවෙ ඉන්දැද්දී මෙහෙ උපහාර පෙලපාලි පවත්වනව.රන් මඩුවෙ හරි නම්  ඉන්න ඕනේ අපේ කොල්ලො ටිකනෙ. අර යුද්දෙන් ආබාදිත සෙබලුත් මේකේ යනව උන්ට උපහාර දක්වගෙන.

ඒ කියන්නෙ අපේ කොල්ලෝ නෙවෙයිද  යුද්ද කොරල රට බේරගත්තෙ?

සටහන – ඩී.කේ. විජේ

2011/11/21

Advertisements

දෙවියෝ නැති තැන යක්ෂයෝ බල්ටි ගසති….


සුදු කොඩි නාඩගමේ තවත් විගඩමක් නිමාවට පත් විය. ශ්‍රී ලංකාද්වීපය මිනීමරු කොටියාගේ ගලවාගත් සරත් ෆොන්සේකා නම් අභීත රණ විරුවා යලිත් බලු කූඩුවට දැම්මාය.

ප්‍රජාතාන්ත්‍රිකක සමාජවාදී ජනරජයේ ආණ්ඩුව කරවන ගොබිලන්ගේ බළල් අතින් නැටවෙන උත්තරීතර නීතියේ හෙළුව  යලිත් ප්‍රදර්ශනය විය.

පොලීසිය සහ අධිකරණය තරම්  ශ්‍රී ලංකාවේ ජනතාවට එපා වූ, හිරිකිත වූ තවත් යමක් ඇත්දැයි සිතාගත හොහැකිය. කොටියා සිටි කාලය මෙතරම් ජරාජීර්ණව තිබුනේ නැත. එවකට තිබූ එකම ගැටලුව කොටියා මකබෑවීම පමණකි. එවකට දිවි පුදා, බඩට නොකා, අතපය දන්දී සිය ඇට ලේ මස් නහර සී සීකඩ විසිරෙත්දීත් රට වෙනුවෙන් ඉදිරියටම ගිය රණ විරුවන් හා එයට දිවි හිමියෙන් දායකත්වය ලබා දුන් මහ ජනතාව අද කදුලු සලති. හූල්ලති. පළි ගසති. මෙතරම් කැප කිරීමක් කර ලක් දෙරණ බාර දුන්නේ මේවැනි පාදඩ සහෝදර සමාගමකට දැයි ජනතාව තමන්ගෙන්ම ප්‍රශ්නකර සිටිති.

වසර ගණනාවක් පැවති යුද්දය නිමා කිරීමට ලක්වැසි සියලු දෙනා එක සේ දායක විනි. එහෙත් එහි ගෞරවය තනිවම ලබා ගැනීමට තරම් නින්දිත ආශාවකින් පෙළුන සහෝදර සමාගමේ කැනහිලුන් එය අකුරටම ක්‍රියාත්මක කලේ රට දැය රැකගැනීමට දිවි හිමියෙන් කැපවී ක්‍රියාකල අභීත රණ විරුවා සිර කරමිනි. එයට හේතු ගණනාවක් ඇත.

යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා එම ධුරයේ රැදී සිටිම හිසරදයක් වූයේ ඉන්දියාවටය. සිය බලපරාක්‍රමය විදහා පාමින් හමුදාවට අණ දුන් එතුමාගේ කොටියා පැරදවීමේ එකම අභිප්‍රාය කෙරෙහි ඇස යොමාගෙන සිටියේ ඉන්දියාවයි. ෆොන්සේකා විසින්   හමුදා කුමන්ත්‍රණයකින් ලංකාවේ බලය අත්පත්කර ගනිතැයි යන සංකල්පය සහෝදර සමාගමේ කනේ තිබ්බේ ඉන්දියාවයි. මන් මෝහන් සිංගේ විසිල් එකටද නටන සහෝදර සමාගමේ අයියා මලෝ එකතු වී ෆොන්සේකට කෙළවීමේ මහා කුමන්ත්‍රණය දියක් කලෝය.

සුදු කොඩි නාටකය කරළියට පැමිණෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. ෆොන්සේකා මහතා දේශපාලනයට පිවිසීම තරම් සහෝදර සමාගමට කෙලවෙන වෙනත් උවදුරක් නැතැයි කල් තියාම හදුනාගෙන සිටි අයියා මලෝ දෙදෙගේ බට්ටා ගැහෙන්න ගත්තේ  ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමත් සමගය. සිය අද බාල කෙරුවාවල් වලින් ෆොන්සේකා වැට්ටිය නොහැකි බව හොදින් වටහාගෙන සිටි සහෝදරයින් ෆොන්සේකා මහතාගේ නාඩි අල්ලන්නට පටන් ගත්තේය.

කෙසේ වෙතත් අවසානයේදී ෆොන්සේකා මහතා වැරදිකරු විය.  විවිධ අක්‍රමිකතා හේතුවෙන් ෆොන්සේකා මහතා විසින්ම නිලයෙන් පහ කරනු ලැබූ හොර දෙටුවෝ කිහිප දෙනෙකු මේ අතරේ සහෝදර සමාගමේ සුනඛයින්ගේ කටු ලෙවකෑමට පටන් ගති. ඒ අනුව ඔවුන් යුද්දාධිකරන විනිසුරන් බවට පත්විය. නිලයෙන් හා සේවා කාලයෙන්ද පහත් කටුකත බල්ලන්  යුද හමුදාපතිවරයෙකුට දඩුවම් කිරීමට තරම් කෙරුමෝ වූහ.

නීතිය විහිළුවට ලක් වූ මෙවන් යුගයක් තවත් නැත. අධිකරණයේ සිටින ඇස් බැදගත් තැනැත්තාගේ දෑස් බැදි රෙදි පටිය ලිහා දමන්නට තරම් සහෝදර සමාගම තදයෝ වූහ. දැන් අධිකරණයේ තීන්දු තීරණ ලැබෙන්නේද රජපක්ෂලාගේ උවමනාවටය. සුදු කොඩි නඩුවත් එසේම විය. එක් අතකින් එවැනී තීරණයක් නොදී ෆොන්සේකා මහතා නිවැරදි වූයේ නම් සහොදර සමාගමට ඇපත් නැත. එය හොදින් දන්නා රාජපක්ෂලා ෆොන්සේකා සිර කර තැබීම තවදුරටත් දීර්ඝ කරන ලදී.

තමන් බලයට පත් වූවහොත් දූෂණය හා මැර බලය නැතිකොට  නීතියද අකුරටම ක්‍රියාත්මක කරන බව ෆෙන්සේකා මහතා ප්‍රතිඥා දුන්නාය. එය එසේම වීම සක් සුදක්සේ පැහැදිලි යැයි හොදාකාරවම දන්නා රාජපක්ෂ සමාගමේ සුනඛයින් රොත්ත තක්බීර් විය. තමන්ට ඉන්න හිටින්න තැනක් වත් නොලැබෙන බව ඔවුන් දැන සිටියාය. වසර ගණනාවක් පුරා එක එක පක්ෂ වලට පනිමින් සිය බඩගෝස්තරය ගැනම පමණක් සිතූ මැති ඇමතිවරුන්ට සුලුදිය වැක්කෙරෙන්නට විය.

සරත් ෆෙන්සේකා යනු කවුරුන්ද යැයි හොදාකාරවම දන්නා ලංකාවේ කාළකන්ණි දේශපාලුවන් සහ සහෝදර සමාගමට රටින් පිටවීමට සිදුවෙතැයි යන බියෙන් වෙව්වලන්නට පටන් ගත්තාය. නීතිය අකුරටම ක්‍රියාත්මක කරන හමුදා නිළදාරියෙකු ලෙස ප්‍රකටව සිටි ෆෙන්සේකා මහතා දේශපාලනයෙන් අතුගා දැමීම හැර වෙනත් කලයුතු යමක් නොවීය.

මුහුණට මුහුණ ගැටීමට තරම් ශක්තියක් නැති නිවට අයියා මලෝ තුන්දෙනා සහ සමාගමට අවැසි ආකාරයට නීතියද වෙනස් විය. ඒ අනුව ෆෙන්සේකා මහතා සිරගත කරනු ලැබීය. දැන් පාළු ගෙයි වළං බිදින සහොදර සමාගමේ නිවටයින් සිය ධුර කාලය අවසන් වන තුරුම ෆොන්සේකා මහතාව සිර කිරීමට කටයුතු කරයි. එය එසේ විය යුතුය. මන්ද යත්,.. සහොදර සමාගමේ දූෂණය හා නාස්තිය සමගින් ජනතාව වැටී ඇති ආර්ථික අර්බුදය නිසා නුදුරේදීම ජනතාව පාරට බසින බව නිසැකය. ඒ වන විට මොවුන්ට ලංකාවේ නම් වසලා හමාරය. මැති ඇමති රොත්ත බුරුත්ත සමගින් සහොදර සමාගමේ කැනහිළුන්ටද තොලොන්චි වී යාමට අවස්තාව එවිට උදා වේ.

එතෙක් ලංකාව සූරාගෙන කමින් ලංකාවේ සම්පත් ටික විකුණා මුදල් විදෙස් බැංකුවල සිය ගිණුම් වල පුරවා ගැනීමට ඇති එකම මාර්ගය ෆොන්සේකා මහතා සිරගත කර තැබීමය. ලංකාවේ මානව හිමිකම් කඩවීම ගැන විදෙස් රටවල් කරුණු ගෙනහැර පාන්නේ මේ පාදඩ ක්‍රියාවන් මුල් කරගෙනය. චැනල් 4 රූපවාහිනිය විසින් නිපදවූ වීඩියොව ගැන විවිධ මතිමතාන්තර පවතී. ආණ්ඩුව පවසන්නේ එය අසත්‍යයක් බවය. එසේ නම් සුදු කොඩි නඩුවෙන් ෆොන්සේකා මහතා වරදකරු වූයේ කෙසේද..?  එතුමන් වරදකරු වූයේ නම් සුදු කොඩි කතාව සත්‍යයක් නම් චැනල් 4 වීඩියෝවද සත්‍යයක්ම නොවන්නේ කෙසේද…?

මේවා හතරබීරි කතාය. ලංකාවේ පමණක් නොව, දැන් චීනයේද කොන්ඩේ බැදපු චීන්නුන් නැත. එහෙයින් ජනතාව ගොනාට ඇන්දවිය හැකි බවත් ඔවුන් අන්ධ බවත්  සිතන සහෝදර සමාගමේ මෝඩයින් රිසි රිසි සේ රෙදි ගලවාගෙන නටති. එහෙත් සිය හෙළුව පෙනෙන බවක් ඔවුන් නොදනී.

සහොදර සමාගමට එරෙහිව කතා කරනවුන් අතුරුදන් කිරීම හෝ ඇට මුංඇට කිරීමට පමණක් දන්නා මී හරක් රැළක් සිටින රාජපක්ෂ සමාගමේ ක්‍රියා කලාපයන් ධාර්මිශ්ට කිරීමට තරම් හපනෙක් ලංකාවේ නැත. සිටින එමක මිනිසාත් හිරේය. ඔහු එළියට එනවිට ලංකාවට කෙලවී හමාරය.

රාජපක්ෂවරුන්ට විරුද්ධව කතා කරනවුන් දේශ ද්‍රෝහියන් බවට නම් කෙරේ. රජ්‍ය විරෝධීයන්ද වේ. එය එසේ වන්නේ කෙසේද..? ඕනෑම පුරවැසියෙකුට ආණ්ඩුව විවේචනය කිරීමට හෝ පෙරලා දැමීමට හැකියාව ඇත. එය දේශද්‍රෝහි කමක් වන්නෙ නැත. ශ්‍රී ලංකාව නම් දේශයට විරුද්ධව යමක් කලහොත් එය දේශද්‍රොහී කමකි. මෙය බහුතරයක් ජනතාවට නොතේරෙන බැවින් ඔවුන් පාගාගෙන සිය මැර බලය යොදා යකා නැටීමට රාජපක්ෂලා යොමුවී ඇත්තේ ඔවුන්ද මෙය නොදන්නා කමින්දැයි විටෙක සිතේ.

කෙසේ වෙතත් ලංකාවේ නීතිය කියාත්මක කරන ආයතන රාජපක්ෂකරනය වීම රටේ අවාසනාවය. රාජපක්ෂලාට එරෙහිව කතාකල විට දේශද්‍රෝහී වන්නේ නම්… රටේ පොදු නීතිය වල් වැදී රාජපක්ෂලාගේ බළල් අත්වලින් ක්‍රියාත්මක වීම දේශ ප්‍රේමී කමක් දැයි සිතා බැලීම වටි. දූෂණ වංචා සහ විවිධ අක්‍රමිකතා සිදුකර ඇති පුද්ගලයින් නීතිය ක්‍රියාත්මක කරමින් රග දක්වන රාජපක්ෂ නාඩගමේ තවත් කොටසක් අද නිමාවට පත්විය. එනම්,.. ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතු වල් බල්ලන් රටේ රජ කරමින් රට කාබාසිනියා කරමින් සිට අවංක නිර්භීත මිනුසුන් දඩුකදේ ගසා තැබීම තව දුරටත් දීර්ඝ කරනු ලැබීය.

බුදුන් වහන්සේ විසින් දේශනා කර වදාල දිට්ට ධම්ම වේදනීය කර්මය රාජපක්ෂ සහෝදර සමාගමටද බලපාන දිනය වැඩි ඈතක නොවනු ඇත. එදාට බහිරවයන් මකබෑවී ලංකාවට කිරි ඉතිරේවි. එතකං ඉවසන් ඉමු.

සටහන –  විකී

2011/11/18