ඔස්ටියෝපොරෝසිස් සහ කිරෙන් බාල අපේ රෙපාලා, ඩොකාලා සහ ප්‍රොපාලා….


ඔන්න දැන් අපේ ආච්චිලා සීයලාට පිස්සු හැදිලා වගේ. අම්මලා තාත්තලා ඊට හපන්. පොඩි එවුනුත් රංචු ගැහිලා.

මාත් බැලුවා මොකක්ද මේ ගිනි විජ්ජුම්බරේ කියලා. හැමෝගෙම අතේ කිරි වීදුරුවක්. මේක බොනවා උඩ පනිනවා. බොනවා උඩ පනිනවා.

මටත් හිතාගන්න බෑ මේ මොන හුට්ටප්පරයක්ද  කියලා. මමත් ටිකක් කිට්ටු වෙලා බැලුවා. අනේ අප්පේ…. මේ අර පරමෝසන්ද මොකක්ද කියන එකක් නොවැ. ඒකෙන් කොරන්නෙ ඔය ලොකු ලොකු වියාපාර කරනවා කියලා හොර මගඩි කරන කට්ටියගෙ නිෂ්පාදන මිනිස්සු ගන්නෙ නැති වෙනකොට එක එක දේවල් දෙනවා කියලා බොරු කරලා ඒවා විකුණ ගන්න කරන මගඩියටනේ.

ඕවට ඉතින් අපේ ලංකාවේ ඇත්තො වැල නොකැඩී යන්නෙ. කඩේ විකුණනකොට  ඒවා හරි නෑ කියලා පලු ගැලවෙන්න බනිනවා. ඔන්න ප්‍රමොෂන් එකක් තියලා  මොනවා හරි ටොපියක් එක්ක දෙනකොට ඒක හොදයි. හරි උජාරුවෙන් ගන්නෙ ඒවා දෙන ඇත්තොන්ට උම්මා එකකුත් දීලමයි. අනේ මෙහෙමත් හරක් කියලා කියන සද්දෙකුත් මට ඇහුනා. මම වටපිට බැලුවෙ ඒ කවුද කියලා දැනගන්න. බැලින්නම් ඒ එතනම තිබ්බ තණකොල කකා හිටපු වැස්සියෙක්.

අධි කැල්සියම් තියෙන ඇන්ලීන් කිරි වීදුරු දෙකක් බිව්වම සති හතරෙන් අපේ අස්ථි ශක්තිමත් වෙනවලු. හැබෑට ඔය කිරි වීදුරු දෙක ගානෙ අවුරුදු ගාණක් බීපු උන්දැලා දැන් යස අගේට ඉන්නවා ඇති. අස්ථි ගැන කිසිම ප්‍රශ්ණයක් නැතුව ඇති. අනේ ඉතින් දැන් අස්ථි සම්බන්ධ  දොස්තර මහත්තුරුන්ට වැඩ නෑ අප්පා. දැන් ඒගොල්ලො රට යනවා. මෙහේ ඉදන් මොනවා කරන්නද.

මේ බහුජාතික කිරි කාරයෝ ඉස්සරවෙලාම කලේ කැල්සියම් තියෙනවා කියලා අපේ මිනිස්සුන්ට පිටිකිරි පොවපු එක. ඒක එහෙන් මෙහෙන් චාටර් වේගෙන එනකොට කිව්වා මේ කිරි බිව්වම අස්ථි වලට හොදයි කියලා. ඒ විතරක් නෙවෙයි,..මේ කිරි කාරයින්ගෙ රෙපාලා (වෙළද ප්‍රවර්ධකවරු) ගමින් ගමට ගිහින් අර ප්‍රමෝෂන් තියලා වෛද්‍ය සායනත් පැවැත්තුවා. හැබැයි ඉතින් ඒකෙන් වැඩේ ගොඩ ගියා. මොකද,..ගමේ අල බතල මඤ්ඤොක්කා කාපු උන්දැලාටත් අස්ථි ආබාධ තියෙනවැයි කියලා ඔප්පු කොලානෙ. ඒකට විසදුම හැටියට ඇන්ලීන් කිරි වීදුරු දෙකක් දවසකට බොන්න කියලත් කිව්වා ඕං.

ඔන්න වැඩේ නැගලා ගියා. හැබැයි ඕකට කට්ට ගහන්න බලාගෙන හිටපු ලංකාවේ  දුෂ්ට ඩොකාලා (වෛද්‍යවරු) කීප දෙනෙක්  ප්‍රසිද්ධියේම කියන්න ගත්තා අස්ථි ආබාධ වලට ඔය පිටිකිරි හරියන්නෙ නෑ…ඕකට කැල්සියම් පෙත්තක් ගත්තනම් හරි කියලා. ඔන්න ඉතින් වැඩේ අච්චාරු වෙන්න යන්නෙ කියලා හිතපු අර කිරි කාරයොයි ඒගොල්ලන්ට කඩේයන රෙපාලයි එකතුවෙලා අර කියපු ඩොකාලට ඇන්නා ලොකු ඉන්ජෙක්ෂන් එකක්. ඒ දීපු බෙහෙත කොච්චර ලොකුද කිව්වොත්,. අර උඩ පැනපු ඩොකාලා සද්ද නෑ අයියො.. මාසෙට හොද ගාණක් ගෙදරට එනකොට ඇන්ලීන් හොදයි අප්පා…. කියන තැනට ඒ ඩොකාලා වැටුනා.

ඒ විතරක්ද,..අපේ ලංකාවේ මාධ්‍ය වලින් මේ කිරිපිටි ප්‍රමෝට් කලා ඉස්ම යන්න. හද්දෙයියනේ අපේ ලංකාවේ මේ සුවාදීන මාධ්‍ය කාරයෝ කවද්ද බොරු කිව්වෙ. ලොකු ඇඩ් එකක් දීපු නිසා නෙවෙයි ඔන්න ඒවා ප්‍රමෝටි කලේ හරිද… ඒක නිසා අපේ මහ ජනතාව දොහොත් මුදුන් දීලා ඒක පිලිගත්තා ඕං. දැන් හිටු කියලා අධිකැල්සියම් සහිත කියන  හරක් කිරි බොනවා.

හැබැයි ඉතින්  අපේ ප්‍රොපාලා (ආචාර්ය මහාචාර්ය වරු) මේ කිරි වර්ග අනුමත කලේ නෑ. ගමේ ගොඩේ තියෙනවා ඕන තරම් ඕවට බෙහෙත් කියලත් කිව්වා. ෆුල් ගේම ඉල්ලුවා මේකට විරුද්ධව. අනේ ඉතින් කාලයාගේ ඇවෑමෙන් අපේ ප්‍රොපාලත් අර කිව්ව ඩොකාලගේ ගොඩටම වැටුනා ඕං. දැන් අපේ රෙපාලයි, ඩොකාලයි, ප්‍රොපාලයි එකම බෝට්ටුවෙ. ඒක නිසා බහු ජාතික කිරි කාරයෝ අපේ හරක් පැටවුන්ට හොදට කිරි දෙනවා. අපේ එවුනුත් තප තප ගාලා හොදට බොනවා.

ඉස්සර අපේ ආච්චිලා සීයලා කාලේ ඔය කියන එක හෙනයක් වත් තිබුනෙ නෑ නොවැ. උන්දැලා ඇන්ලීන් බිව්වද… නෑ. එතකොට අර මහ මේරු වර්වත වගේ තැන්වලට නැගලා කළුගල් උස්සගෙන ගිහින් දාගැබ් වෙහෙර විහාර හැදුවේ ඇන්ලීන් බීලා වෙන්ටෑ.  දැන් එක එක විකාර තියෙනවානේ. දවස කඩිසර වෙන්ට කිරි තියෙනවා. අස්ථි ශක්තිමත් වෙන්න කිරි තියෙනවා. බන්ඩිය සුවෙන් තියන්න යෝගට් තියෙනවා. නුවන වඩන්න ඇන්කර් ,..ඔය වගේ මෙකී නොකී ගොඩක් ලෙඩ වලට  එක එක ජාතියේ කෑම බීම තියෙනවා.  ඊට අමතරව අපේ ගෙදර බුදුන් අම්මට වඩා  කිරි අම්මා (එළදෙන) උතුම් කියන තැනටත් වැඩේ හදනවා.

ඔන්න ඕකයි තත්වෙ. ඉපදුන දා ඉදන්ම මව් කිරි බීලා වැඩෙන අපේ දරුවන්ට අද කාලෙ දෙන්නෙ කිරි පිටි. එදා ඒ මව් කිරෙන් පෝෂණය වෙච්ච දරුවා ගුණදම් අතින් හා සෞඛ්‍යය අතින් බොහෝ ඉහලයි. ඒත් අද අපේ රෙපාලයි, ඩොකාලයි, ප්‍රොපාලයි එකතු වෙලා බහුජාතික කිරි කාරයන්ට කඩේ යනවා. ඒකෙ ප්‍රථිඵලයක් හැටියට මතු බිහිවන පරම්පරාව සුවිශේෂී ලක්ෂණ වලින් යුක්තයි නොවැ. ඒ කියන්නෙ…… බොන්නෙ හරක් කිරි., ඇගේ දුවන්නෙ හරක් ලේ,. තියෙන්නෙ හරක් ගති,.කොරන්නෙම ගොං වැඩ.

ඉතින් කොයින්ද අපිට හෙටක්…?? දැන්වත් මේ කොරන ගොං වැඩ නැවැත්තුවොත් හොදයි ඕං.  රට කරවන ඇත්තොන්ට මේක පේන්නැත්තෙ ඒ ඇත්තොත් අර රෙපාලගේ ඩොකාලගේ ගොඩටම වැටිලදෝ කියලා හිතෙනවා අප්පා…..

දිවයින පුවත්පතේ පළවූ දැන්වීම මෙතැනින් බලන්න

-සටහන –  විකී

2011/11/01

Advertisements

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s