හිරුණිකා දුවේ…අප්පොච්චි ඒවි..උඹ නාඩා හිටපං..


භාරත මහත්තයත් නැති වෙලා…. සොරි වෙන්න ඕනෙ…නැති වෙලා නෙවෙයි..නැති කරලා දැන් ටික කාලයක් ගියා නෙව..ඒත් එතුමාට ගේම දීපු එකෙක් හොයාගන්ඩ බෑනෙ තාම.

හත්ඉලව්වේ මේ පරජාතන්තරවාදී රටේ මේ මනුස්සයට ගේම දීපු එකෙක් නෑ. මේ මනුස්සයා ඉබේ මැරිලා. සිද්දියේ හැටියට එදා මේ සීන් එක වෙනකොට ඔය දුමින්ද සිල්වා එතන හිටපු බවට සාක්කි තියෙනවානේ. ඊට අමතරව තව කීප දෙනෙකුත් හිටියලුනේ. ඊටත් වඩා භාරත මහත්තයගේ ඩැයිවර් මහත්තයත් හිටියනේ.

වැඩේ කියන්නෙ ඒගොල්ලොත් කට උත්තර දීල නෑ නෙව මේ මනුස්සයා මැරුවෙ කව්ද කියලා. එහෙම කිව්වනම් මෙලහකටත් එවුන්ව කුදලගෙන ගිහින් ඇට මුංඇට කොරන්ට එපැයි. ඔන්න බලන්න ඉතින් භාරතගෙම ඩැයිවර් වෙලත් ඒ මිනිහා මොකුත් ඒ ගැන කියලා නෑ නෙව. ගුණමකුවා..දේශ ද්‍රෝහියා..

ඒක නම් කමක් නෑ කියමුකො… අපේ ඇමති රොත්තෙ වගකිවයුතු ඇමති ඇත්තොත් කියනවා නෙ මේ සීන් එකට දුමින්ද සිල්වා සම්බන්ධ නැහැයි කියලා. සැක කරුවෙකුත් නෙමෙයිලු..අනේ අප්පේ………. මේකා දිවියම කන්න එපැයි අම්මපා..

ඇයි වදේ… මේ ඇමති තුමා එතන හිටියා වගේනෙ කියන්නෙ. හිටපු එකා මොනවාද දන්නෙ නෑ කියන්නෙ එතකොට.. දැන් බලන්න…….. අපේ පැත්තෙ බස් එකකට යට වෙලා මනුස්සයෙක් මැරුනා. ඒක දැකලා එක මනුස්සයෙක් එයාව ඉස්පිරිතාලෙට අරගෙන ගියා. අන්තිමට මේ කොහෙවත් හිටපු මනුස්සයාගෙන් කටඋත්තර ගත්තා පොලෝසියෙ උන්දැලා.  දැන් ඒ මනුස්සයා අවුරුදු ගාණක් උසාවි ගානෙ බඩගානවා. අර මිනිහා මැරුන සීන් එකට සාක්කි දෙන්ට. හරියට ඒ මිනිහා අර මනුස්සයාව මැරුවා වගේ..

එහෙව් එකේ..මේ භාරතගෙ මරනෙට කෙලින්ම වගකියන්න ඕනෙයි කියලා ඕනෙම ගොන් නාම්බෙකුට තේරෙන දුමින්ද සිල්වා වැරදි කරුවෙක් වත් සැක කරුවෙක් වත් නෙමෙයිලු.  නිමල් සිරිපාල උන්නැහේ මේවා කියන්නෙ සරමක් ඇදගෙනද දන්නෙ නෑ. අඩුගානෙ යටට වත්………අනික සරම උස්සලා බලන්නවත් එකෙක් ඉන්නවයැ.

පොලෝසියෙනුත් දුමින්ද සැකකරුවෙක් කියලා නම් කොරලා නෑලු. එහෙනම් අහවල් එකක් ගැනද පරීක්සන කොලේ..?? ඇසින් දුටු සාක්කි කාරයෝ කියලා වෙන ඒවට නම් එක එකාව කුදලගෙන ගිහින් හම ගහන්ට පොලෝසියට පුලුවන්.  මේ සීන් එකට පොලෝසියත් කුක්කු බේබිලා.

භාරතට වෙඩි තිබ්බෙ දුමින්දගේ මිනිස්සු නම්, එතන හිටියේ දුමින්දගේ මිනිස්සු නම්,.. භාරතගෙ ඩැයිවර් මහත්තයත් ඒක කියනවනම්……. මොන අටමගලක්ද තවත් හොයන්න තියෙන්නෙ..?  එහෙව් මරනෙකට දුමින්ද සැකකරුවෙක් නෙමෙයි නම් මොන බැල්ලිගෙ පුතාද ඒකට සැක…??

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියලා එකක් ලංකාවේ තියෙනවා නේද..? ඔයිට වඩා ගේම් දීපු, සැකයක් කියලා අබ ඇටයක් තරම් වත් දෙයක් හොයාගන්ට බැරුව තිබ්බ මිනීමැරුම් වලට හවුල් වෙච්ච එවුන්  ඔය දෙපාර්තමේන්තුවේ මොළකාරයො හොයාගත්තෙ නැද්ද..? කෝ ඒ මොළකාරයො මේ සීන් එකට නැත්තෙ ඇයි..?

භාරතව වෙඩි තියලා මැරුවනම්,..  දුමින්දටත් වෙඩි වැදුනෙ එතනදි නම්,..ඒ වෙඩිල්ල තිබ්බෙ කව්ද..? රස පරීක්ෂණ වාර්තා කෝ..?   භාරතට වැදුන උන්ඩ පිටවුනේ කාගෙ තුවක්කුවෙන්ද කියලා ඒ වාර්තාවල සදහන් වෙලා නැද්ද…?  ෂර්ලොක් හෝම්ස්ගෙ රහස් පරීක්ෂක කතාවල  උදව්වත් මෙතනදි ගන්න බැරි ඇයි..?  ඒ තරම් දක්ෂ විදියට මේ කේස් එක හොයන්න පුලුවන් ජගතෙක් අපේ පොලෝසියේ ඇත්තෙම නැද්ද…?? එහෙම නැතිනම් එහෙම හොයන්න අපේ ලොක්කො ඉඩ දෙන්නෙ නැද්ද..?

මෙච්චර දියුණු තාක්ෂණයක් තියෙන ලෝකෙ මේකත් කජ්ජක්ද..මහ දවාලේ ප්‍රසිද්ධියේ ඇස් පනාපිට වෙච්ච මිනීමැරුමක් ගැන කෙනෙකු වැරදි කරුවෙක් කියලා ඔප්පු කරගන්න බැරි පොලීසියක්ද ලංකාවෙ තියෙන්නෙ..?  එසේ නම් පසුගිය කාලේ වෙච්ච මිනීමැරුම් හොයන්න ගෙනාවේ නෙප්චූන්, ප්ලූටො පැත්තෙ හිටපු පොලෝසියේ ඇත්තොද..? එහෙම නම් ඒ ඇත්තො දැන් ලොවෙත් නැතුව ඇති. ඒකනේ ඒ ඇත්තො මේකට ගෙන්නුවේ නැත්තෙ……

අනේ අම්මාපල්ලා මෙහෙමත් රටක්. ඊටත් වඩා මෙහෙමත් පොලෝසියක්..ඊටත් වඩා මෙහෙමත් ආණ්ඩුවක්. ඊටත් වඩා මේවා දකින්න තරම් පව්කාර වෙච්ච අපි වගේ හරක් ටිකක්.

ගොරකා දඩමස් කරන පොලෝසියක් තියෙන ලංකාව වගේ රටක මේ අමු අමුවේ සිද්දවෙච්ච මිනීමැරුමට දුමින්ද සැකකරුවෙක් නෙවෙයි කියලා කියන්න තරම් ටිකිරි මොළේ දුන්නෙ කව්ද…? කාගේ උවමනාවටද..? කවුරු රකින්නද..?

මෙහෙව් රටක් ලොවේ තවත් වෙන ඇත්දැයි ඇසීමට තරම් සිතෙන මේ විගඩම් තවත් කොච්චර කාලයක් නම් බලන් ඉන්නද…මේ වගේ පාදඩ කිරියාවන් කොරන්ට පුලුවන්. හැබැයි කියන්ට නරකයි. එහෙම කියන වෙබ් අඩවි තහනම් කොලාම ඔක්කොම හරි.

හිරුණිකා දුවේ…… දැන් ඉතින් ලෙඩා මළත් බඩ සුද්දයි නොවැ. ඒක නිසා ඔන්න ඔවා දැන් අමතක කොරලා දාන්ඩ. උඹේ අප්පොච්චි කවුරුවත් මැරුවෙ නෑ. උන්දෑ ඉබේටම මලා. දැන් ඉතින් කොරන්ට දෙයක් නෑ. උත්තරීතරයි කියන නීතියත් අර මොකාටද ගිය රටේ මේකට සාධාරණයක් නම් බලාපොරොත්තු වෙන්ඩ එපා ඕං.. එහෙමෙයි කියලා මේවා ජාතියන්තරේටනං කියනවා නෙවෙයි ඕං…ලංකාවේ කෙරෙන මේ විගඩං දැක්කෙත් නෑ, ඇහුනෙත් නෑ, දන්නෙත් නෑ කියාපං.. තාත්තා මරපු එකා සැකකරුවෙක් කියලා කියන්නෙ නැති අපේ ඇත්තො උඹ ඕවා ජාතියන්තරේට කිව්ව ගමන් කුලප්පු වෙනවා. උඹව දේශ ද්‍රෝහියෙක් කොරනවා. උන්ටම කඩේ යන මීඩියා කාරයෝ උඹේ රෙදි ගලවනවා.

හිරුණිකා දුවේ…… උඹේ අප්පොච්චි කව්රුවත් මැරුවෙ නෑ. උඹ නාඩා හිටපං. අප්පොච්චි ඉක්මනටම ඒවි….

 

සටහන – විකී

2011/11/14

 

 

 

Advertisements

8 thoughts on “හිරුණිකා දුවේ…අප්පොච්චි ඒවි..උඹ නාඩා හිටපං..

  1. Ekenma fatta wede aththa kooo mokada uneee

  2. hotel gaane natana ubata mona appochchalada bun hirunikoo … pala pala yanda

  3. ඔය කුඩු දුමින්දගේ ගෝලබලයෝම උසාවියෙදි කියනවා එදා අයුධ අරන් ගිහින් බුත් වලට ගැනුන්ට ගහපු හැටි,දුමින්ද භාරතට ගහපු හැටි. ඒත්…. වැඩක් නැ බං. නඩුත් හාමුදුරුවන්ගෙ.බඩුත් හාමුදුරුවන්ගෙ….

  4. ඒකනෙ… මහ ලොකුවට වෙන දේවල් නම් හොයයි

  5. ඔහොම කියන්න එපා අප්පා ඒ අහින්සක මනුස්සයට.. ඒ මනුස්සයගෙ පිහිටෙන් මිනිස්සු කී දෙනෙක් ජීවත් වෙනවද ඇ?? ඔය දුමින්ද මහත්තය නැත්තං අර අහින්සක කුඩු කාරයංගෙ අනාගතෙට මොකෑ වෙන්නෙ?? ආණ්ඩුව ඒ මිනිස්සු ගැනත් හිතන්න එපායැ.. ඒකනෙව ඒරොප්පෙනුත් දොස්තර උන්නාන්සෙල ගෙන්නල කොහොම හරි ‍ඒ මනුස්සයව ගොඩ ගන්න බලන්නෙ.. අහ් ඇයි කුඩ්ඩො විතරද?? ඔය මනුස්සයා කඩයක් කඩයක් ගානෙ ඇවිදල කුඩු විකුනල හම්බ කරන තුට්ටු දෙක කොටස් වෙළඳපොළට දානව නෙව.. දැං දුමින්ද මහත්තය නිසා ඒවත් කොටස් වෙළඳ පොළත් බැහැල කියල කියන්නෙ ඔය.. ඉතිං බලන්ඩ රටක් වටින මිනිහෙක්නෙ.. ඒ මනුස්සයගෙ මිනිහෙක් අතින් බැරිවෙලා තුවක්කුව පත්තුවෙලා වෙන්ඩ ඇති භාරත මහත්තය මැරුනෙ.

  6. well said

  7. බඩුත් නඩුත් දෙකම හාමුදුරුවන්ගෙ නොවැ…..

  8. අනේද කියන්නෙ…

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s