මැක්කාගේ කතාව……


මැක්කාගේ කතාව හැමොම අහලා ඇතිනේ… හැබැයි මේ කියන්න හදන්නෙ මැක්කෙක් ගැන නම් නෙවෙයි. හැබැයි මැක්කටම කසාද බන්දලා දෙන්න තරම් වටින කස්ටියගෙ සීන් ටිකක්….මේ පහුගිය 15 වෙනිදා තිබුණනේ රුක් රෝපන වැඩ සටහනක්. මමත් ඉතින් ගියා ඒකට. එක එක කස්ටිය ඉතින් කතා පැවැත්තුවා. ආණ්ඩුකාර තුමා, පලාත් සභා මන්ත්‍රීලා, කෘෂිකර්ම ඇමති සහ තවත් එක එක නිලතල දරන උදවිය කතා පැවැත්තුවා.

වැඩේ කියන්නෙ උත්සවේ තිබුනෙ පැළ සිටුවීම නිමිත්තෙන්. හැබැයි කතාව යන්නෙ වෙන වෙන පැති වලට. පටන්ගන්නෙ පැළ සිටුවීමෙන්. ඉවර වෙන්නෙ අතිගරු ජනාධිපති තුමාට හුලං ගහලා ගහලා පුපුරන්න ඔන්න මෙන්න තියෙනකොට.

මට හිතුනා මම වැරදිලා ආවේ දේශපාලන රැස්වීමකටද කියලත්. ටිකක් වටපිට බලනකොට තිබුණා බැනර් එකක්. ඒකෙ තිබුනෙත් රුක්රෝපන ජාතික වැඩසටහන කියලා.

කෝකටත් කියලා තව ටිකක් අහගෙන හිටියා. ම්හු….එක්කෙනෙක් වත් කිව්වෙ නැහැනේ රුක් රෝපනයේ ඇති වැදගත්කම. පැළයක් සිටුවිය යුත්තේ ඇයි කියලා නිකමටවත් කිව්වෙ නෑනෙ. පටන්ගත්ත වෙලේ ඉදන් කියන්නෙ ජනාධිපතිගෙ ගුණ ගායනාව. කොතනින් පටන් ගත්තත් මැද ඉදලා කියවෙන්නෙ මහරජ තුමාගේ පුරසාරම විතරයි.

තව දවසක් මම දැක්කා මළ ගෙදරක කතාවක් පවත්වනවා පලාත් සභා මන්ත්‍රීවරයෙක්. මිනිස්සු ටික දුකෙන් ඉන්න වෙලාවේ මෙයා කියවන්නෙත් ජනාධිපතිගෙ පුරසාරම. බැරිම තැන මළගෙදර සංවිධායක මණ්ඩලේ කෙනෙක් මයික් එක ඉල්ලා ගත්තා. ඊටත් හපන් අපේ මහා සංඝරත්නය. අනේ අප්පේ…. බුදු ගුණ කියවෙන්න ඕනෙ තැන කියවෙන්නෙත් මහ රජතුමාගේ පංපෝරිය.

මෙක දැන් හරිම වාතයක් වෙලා. කොතන ගියත් ඇහෙන්නෙ එකම නරිවාදම විතරමයි. කතා විතරයි..වැඩ නෑ. මහ ලොකු ආචාර්ය මහාචාර්ය වරුන්ටත් දැන් මේ වසංගතේ බෝවෙලා. තමන් කතා කරන්නෙ මොනවද, මොනවා ගැනද, කාටද, කොතැනද කියන එක දැන් මයික් එක අතට ගන්න කොයි එකාටත් අමකත වෙලා. බලං ගියාම හැම එකාටම මැක්කගෙ උණ බෝවෙලානෙ.

මොන්ටිසෝරියක ළමා හපන්කම් එළි දැක්වීමේ උත්සවයකට ගිය මන්ත්‍රීවරයෙක්ට විනාඩි පහලොවක කතාවක් කරන්න දුන්නා. හැමෝම හිතුවෙ ළමයින්ට වැදගත් උපදේශන ටිකක් දෙයි කියලා. මොන…. පටන් ගත්තෙම මහරජා සහ සමාගමේ ගුණ ගායනෙන්. ළමයින් එතන හිටියද කියලාවත් මිනිහට මතක නෑ. අන්තිවේ විනාඩි පහලොවේ කතාව පැයකට වැඩිය ගියා. හැබැයි ඉතින් මිනිහා එතනින් ගියාට පස්සෙ හැමෝම මිනිහගේ මව් ගුණ ගායනා කරන්නත් අමතක කලේ නෑ.

ඔන්න ඕකයි තත්වෙ. අලුත්ම මැක්කගේ කතා හැමෝම අහලා ඇති මයෙ හිතේ…හැබැයි මේ වසංගතේ තව කාට කාට බෝවෙයිද දන්නෙ නෑ. ඉස්කෝල වලටත් මේක බෝ වුනොත් තමයි මරු. විභාග වලට හිටු කියලා ප්‍රථිඵල තියෙයි….

සටහන – විකී

2011/11/16

Advertisements

One thought on “මැක්කාගේ කතාව……

  1. ඔව්ව ඔහොම තමයි. මේක නිවටුන්ගෙ දේශයනෙ.

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s