අවසරයි අපේ හාමුදුරුවනේ…


 

ලෝකයේ පරම පවිත්‍ර නිර්මල සත්‍යය අවබෝධ කර ගැනීම පිනිස මිනිසකු වශයෙන් ඉපිද බෝසතාණන් වහන්සේ  ගත් උත්සාහයක් මල්ඵල ගන්වමින් අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්වූ සේක. එදා සිට අද දක්වා මිහි තලයේ වෙසෙන සියලු සත්වයෝ මෙන්ම අමනුෂ්‍ය ලෝක වලද වෙසෙන සියලු ආත්ම භවයන්ට මහත් අස්වැසිල්ලක් වූයේ නිර්මල බුදු දහමේ පහසයි.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදුන් වහන්සේගේ නිර්මල ධර්මය පැතිරවීමත්, එය දිවි හිමියෙන් ආරක්ෂා කර ගැනීමටත් අනේකවිද දුක් කම්කටොලු මැද භික්ෂූන් වහන්සේලා සිය ජීවිතයද පරදුවට තැබූ අවස්තා ඉතිහාසයෙන් සොයා ගැනීම එතරම්ම අසීරු නැත. එසේ මහා විශාල කැප කිරීමක් කොට රැකදුන් බුදු දහම වර්තමානයේ වෙසෙන  භික්ෂු වෙස් ගත් ඇතැම් කැනහිලුන් විසින් කාබාසිනියා කර දැමීමේ තුච්ච උත්සාහය පරාජය කර දැමීමට බෞද්ධයන් වශයෙන් සියලු දෙනා එක් රැස් විය  යුතුය.

පළමුව මෙය සිහිබුද්ධියෙන් කියවන මෙන් ඉල්ලමි. මක් නිසාද යත්, යමක් පිළිබදව ඇත්ත කියන කෙනා දේශ ද්‍රෝහියකු වන්නා සේම බුද්ධ ශාසනයට වන අගතිය පෙන්වා දෙන තැනැත්තාද එවැනිම සමාන මට්ටමකින් බැලීමට අපේ ලංකාවේ සුචරිතවාදී ගොබිලෝ ඕනෑ තරම් සිටින නිසාවෙනි.

ඉතින් මේ ඉහත ඡායා රූපයේ සිටිනුයේ ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවගේ ගෞරවබහුමානයට පාත්‍රවූ භික්ෂුවක් වග අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..මමත් පෞද්ගලිකව ඉතා  ඇළුම් කල, ඉතාම ගෞරව කල සහ ඉතාමත් පැහැදී සිටි මෙම හිමි නම එවකට පෙනී සිටියේ පිටිදූවේ සිරිධම්ම කියන නාමයෙන්.

එකල උන්වහන්සේ සහභාගිවන දොරමඩලාව නම් සජීවී රූපවාහිනී වැඩසටහන නැරඹීමට මා පසුවන්නේ ඉතාම නොයිවසිල්ලෙනි. කාලය ගෙවී ගොසින් දොරමඩලාව නැරඹීම මා අතහැර දැමුවේ මෙම හිමි නමගේ අතුරුදන් වීමත් සමග වග මට මතකය. ශ්‍රී ලාංකීය භික්ෂු කරළියෙන් අන්තරස්දහන වී සිටි පිටිදූවේ සිරිධම්ම හිමියන් නැවත කරළියට කඩා වැටුනේ මගේ ඔළුවද මඤ්ඥං කරමිනි.

මළ හත්ඉලව්වයි… සිරිධම්ම හිමියන් සෝවාන් වෙලාය කියන්නෙ. නමත් වෙනස් කරගෙන සමන්ත භද්‍ර කියලා. අනේ හැබෑට උන් වහන්සේට මේ වෙච්ච නස්පැත්තිය ගැන හිතමින් ඉන්නකොට තමයි මේ හුට්ටප්පර පින්තූරෙ අන්තර්ජාලයට දාලා තිබුනෙ. මේ විපර්යාසයට හේතු නම් අන්තර්ජාලයේ එමට තිබුණත්, හේතුව මොකක් වුනත් මේ කරලා තියෙන්නෙ නම් තුච්ච අලුකුත්තේරු අමන වැඩක් කියලයි මම නම් කියන්නෙ.

දැන් ලංකාවේ ඉන්න භික්ෂුවගේ කාර්ය භාරය මොකක්ද කියලා හැමෝම ටිකක් කල්පනා කලොත් හොදයි වගේ. භක්ෂුවයි කියාගත්ත එක කොටසක් පට්ට හොරු රැළක්. තවත් සෙට් එකක් දේශපාළුවො ටිකක්. තවත් කොටසක් බිස්නස් කාරයො. තවත් සෙට් එකක් එක එකාට කඩේ ගිහින් පන්දම් අල්ලන අමනයො ටිකක්. තවත් කට්ටියක් අසපු වසංගතේ වැළදිච්ච එවුන් ටිකක්. මේවා කියන කොට ඔය බහුශ්‍රැත සුචරිතවාදියොන්ට නම් මාව මරං කන්න හිතෙයි. නමුත් මේවා අද රටේ පවතින දේවල් බව උන්දැලාටත් එක්කයි මේ කියන්නෙ.

හැමෝම දගලන්නෙ තමන්ගෙ නම මීඩියා වල දාගෙන වැඩ්ඩො වෙන්න.  ඒ මදිවට බුදු දහමත් විකුණන්න හදනවා. උත්තරීතර අරහත් සංඝයා වහන්සේලා වැඩ සිටි ලංකාද්වීපයේ දැන් දැන් පහළ වෙන හිමිවරු දිහා බලපුවාම නම් හිතට හරිම දුකයි. එක්කෝ මේ හිමිවරු ඇත්තටම සංඝයා වහන්සේලාදැයි කියා සොයා බැලීමට යම් ක්‍රමවේදයක් තිබිය යුතුය. ලංකාවේ සංඝ සභා ඇතත් එවා කොතෙක් දුරට ක්‍රියාත්මක දැයි සහ එයින් සිදුවූ සේවාව කුමක්දැයි කිසිවෙකු නොදනී. එක් එක් නිකායන්ට අයත් මහා සංඝයා වහන්සේලාද ලංකාවේ වැඩ වාසය කරති. එහෙත් හොර භික්ෂුන් වහන්සේලාගේ සහ සැබෑ භික්ෂූන් වහන්සේලාගේ විගඩංවල අඩුවක්ද පෙනෙන්නට නැත.

ලංකාවේ භික්ෂූන් වහන්සේලාට වැළදී ඇති අනෙක් පිළිකාව නම්  ෆේස්බුක් ය. දැන් ෆේස්බුක් හි නැති භික්ෂුවක් සොයාගත නොහැකිය. මෙම සමාජ ජාලයෙහි හිදිමින් ඒවායෙහි කරන වැඩ නම් ඉතාමත් අසික්කිතය.  ෆේස්බුක් හරහා ධර්මය පතුරවන බව කෙනෙකු කියති. මේ හරහා තරුණියන් රවටමින් කරන නොයෙක් නන්දන වින්දන ගැනද අසන්නට ලැබේ. සමහර හිමිවරු ෆේස්බුක් හි සිට ධර්මය ස්ප්‍රේ කරති. එහෙත් එම හිමි නම add කරගෙන සිටින තරුණියකගෙන් ඒ පිළිබදව විමසුවහොත් සැබෑ තත්වය හෙළිදරව් වනු ඇත.

මා දන්නා එක්තරා භික්ෂුවක් ෆේස්බුක්හි සිටිති. ප්‍රසිද්ධියේ ධර්මය වමාරති. ලිව්වොත් යමක් බුදු ධර්මය දෝරෙ ගලා යති. උන්වහන්සේව මම තරුණියකගේ නමින් add කර ගතිමි. ටික දිනක් ගතවිය. උන්වහන්සේ මගෙන් සියලු විස්තර අසන්නට පටන්ගති. මාද ගොනා සහ තණකොල සේ සිටියෙමි. එහෙත් මා එම හිමි නමට කිසිදු ආකාරයේ අනිසි යමක් නොකීමට හෝ නොඇසීමට වග බලා ගතිමි. ඔන්න ඉතින් මේ සුචචරිතවාදී හිමි නමගේ සැබෑ ස්වරූපය මතුවිනි. දැන් උන්වහන්සෙගේ අතින්  ලියැවෙන්නේ  බුදු බණ නොවේ. අවසන මට එම හිමිනමගේ දුරකතන අංකයද ලබා දුනි. මගේ අංකයද ඉල්ලා සිටියේය. එහෙත් මා එය මගහැරීමි. පසුව මට එම හිමිනම  මාගෙන් ඉල්ලා සිටියේ  තමා සමග කාමරයකට යෑමට එන ලෙසය. මෙවැනි උදාහරණ ෆේස්බුක් හි සිටින අයගෙන් ඕනෑ තරම් ලබාගත හැකිය.  මම හිතන්නෙ කාමරයකට යන්න ඇහුවේ බුදු බණ දෙසන්ට වෙන්ටෑ……..

2600 වැනි සම්බුද්ධ ජයන්තිය එළඹි දිනයේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ විශාල උත්සවයකි. ජනාධිපති වරයා ප්‍රධාන පිරිවරද එහි සිටියෝය. ගංගාරාම පොඩි හාමුදුරුවන් විසින් දේශනයක් පැවැත්වීය. පන්සලක් නිසා සහ 2600 වැනි සම්බුද්ධ ජයන්තිය නිසාත් බෞද්ධ ජනයාට එහි ඇති වටිනාකම සහ වැදගත් කම කුමක්දැයි එම අවස්තාවේ කියවෙනු ඇතැයි යන බලාපොරොත්තුව නිසාත්  මමද ජාතික රූපවාහිණිය ඉදිරිපිට හිද ගතිමි. මදි හරියට අපේ නංගිගේ පොඩි එකාද ලගින් හිදුවාගෙන ඌටද සැර වෙමින් මේක බලාපිය යැයි මම කීවේ ඔහුටද එය ඉතා වැදගත් වන නිසාය.

විනාඩි තිහක් පමණ දේශනය පැවැත්විය. සම්බුද්ධ ජයන්තිය තබා ඒ පිළිබදව විහිළුවට හෝ වැදගත් යමක් නොකීමට පොඩි හාමුදුරුවෝ වග බලාගත්හ. පටන්ගත් තැන සිට ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ ඇත්තන්ගේ ගුණ ගැයුවාය. එම අවස්තාව එකම දේශපාලන වේදිකාවක් විය. අනේ අප්පේ හිරිකිතේ බැරුවාය. තමන්ගේ වටිනා සෙල්ලම කඩාකප්පල් කලා යැයි මට පොඩි එකා බැන වැදුනේ  අර පන්සලේ හිටපු එවුන්ගේද මුතුන් මිත්තන් සිහිකරමිනි.

ඔන්න ඕකයි තත්වේ. බුද්ධ ශාසනේට අද සිදුව ඇත්තේ කුමන ඉරණමක් දැයි දැන්වත් සිතා බැලිය යුතුය. දේශපාලුවන් ඕනෑ තරම් සිටිති. අද දේශපාලනයෙන් තොරව වැසිකිලියකට වත් යන්නට නොහැකිය. එහෙව් එකේ සාරධර්ම සහ සභ්‍යත්වය සීග්‍රෙයන් පිරිහී යන මේ ලංකාවේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නටන නාඩගම නැවැත්වීමට කෙසේ හෝ පියවර ගත යුතුය. බුදුන් වහන්සේ ආවාට ගියාට යමෙකු සංඝයා වහන්සේ නමක් කරවූයේ නැත. ඒ සදහා ක්‍රමවේදයක් පැවතුනි. අද සංඝයා වහන්සේලා වැහි වැහැලාය. කරන මගුලකුත් නැත. මගුල් නැටීමට දක්ෂය. වැස්සකට වත් ඉස්කෝලෙ නොගිය දේශපාලුවන් මෙන් සංඝයා වහන්සේද අද රටේ ජනතාවට අප්පිරිය වී ඇත.

ඉතින් අවසරයි අපේ හාමුදුරු වරුනේ….. අවුරුදු දෙදහස් හයසීයක් දිවි හිමියෙන් රැකගත් මේ ලංකාවේ ධර්මය මින් මතුවට නැති නාස්ති නොකර තමන්ට සුදුසු තත්වයට ගැලපෙන ඕන මළදානයක් කරගත්තාට අපට කමක් නැත. ලංකාවේ සැබෑ ලෙසම බුද්ධ පුත්‍රයින් වැඩ වසන බවද කිව යුතුය. උන්වහන්සේලා මේ ගැන උරන විය යුතුද නැත. උන්වහන්සේලාට ජාතියේ නමස්කාරයද හිමිවනු ඇත. මේ උතුම් වූ සංඝයා වහන්සේලාට අගෞරව නොකොට ඉහත කී හොර භික්ෂුන් වහන්සේලා වහාම සුමගට යොමු කිරීමට කටයුතු කල යුතුය. එසේ නැතිනම්  චීවරය ගලවා දෙහි ගසක තබා යන්ට අවසරයි ඕං…………..

සටහන  –  විකී

2011-12-05

Advertisements

3 thoughts on “අවසරයි අපේ හාමුදුරුවනේ…

  1. ane hebeeta sri lankawe buddha sasaneta giya kala!oya kiyana hamuduruwo nam mama ahala tiyenne honda gay kenek kiyalai neda? ettada ?

  2. Ada Photoshop CS6 ehemath thiyenawa, Eda CS5 thibba neda? As dekata dakka wage minissu katha hadanne neda? Ane aththata lankawe patakayanta wechcha de?

  3. apit me hamuduruwo gena kiyanna hekiyawak ne.mokada api rahath v nethi hinda…anith vistharanm eththa

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s