දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ…..


මාර වැඩේ කියන්නේ දැන් කාලේ මිනිහෙක්ගෙන් වැඩක් ගන්න එක ලේසි පහසු වැඩක්නම් නෙවෙයි පුතෝ. ඇයි දැන් කුලී වැඩට මිනිහෙක් ගත්තොත් ඒ මනුස්සයාට කන්න බොන්නත් දීලා රුපියල් 1000 හෝ 1500 ක් දවසකට  දෙන්න ඕනේ නේ. සමහර විට ඊටත් වැඩියි.

ඉතින් දැන් කාලේ මිනිසුන්ගෙන් වැඩ ගන්නවට වඩා දෙයියන්ගෙන් වැඩගන්න එක හරිම ලාබයි ඒ වගේම ලේසියි. මොකද මම එහෙම කිව්වේ, මම අනන්තවත් දැකල තියෙනවා මිනිස්සු රුපියල් 5 කාසියක් සුදු රෙදි කෑල්ලක ඔතල ගහක බඳිනවා. ඊට පස්සේ මොනවහරි දෙයියන්ගෙන් ඉල්ලනවා. වැඩේ හරි ගියාම ගිහින් බාරේ ඔප්පු කරනවා කියල මොනවහරි අර කපුවට ගිහින් දෙනවා.

මට තියෙන ප්‍රශ්නේ මේක නෙවෙයි. මෙන්න මේවගේ ප්‍රශ්න ටිකක් මට තියෙනවා ඔය දන්නා කියන කෙනෙක්ගෙන් අහගන්න . ඒ තමයි

  1. මම අහලා තියෙන විදියටත්, ඒ වගේම බුදු දහමේ සඳහන් වෙන විදියටත් දිව්‍ය ලෝකේ කියන්නේ ඉතාමත් යස ඉසුරින් පිරුණු ආයුෂ බොහෝකල් තියෙන තැනක්ලු. ඒ වගේම දෙවියන්ට දිව්‍ය විමාන මැවෙනවා, ආහාර අවශ්‍ය උනාම ආහාර මැවෙනවා, ඒ ඒ  අයගේ පිං බලේට තම එහෙම ලැබෙන්නේ. ඉතින් එහෙම සැප සම්පත් ලැබෙන තැනක ඉන්න දෙවි කෙනෙක් මේ අපි දෙන රුපියල් 5 කාසිය ගන්න, එහෙම නැත්තං අපි දෙන අන්නාසි කෑල්ල, ඇපල් කෑල්ල ලෙවකන්න මේ මහා පොලවට එන්න තරං තියෙන උවමනාව මොකක්ද කියන එක මට තියෙන එක ප්‍රශ්නයක්?

( මම උදාහරණයක්‌ දෙන්නම් ඒ තමයි අපි හිතමු ඔබට ඕනෑ තරම් සැප සම්පත් තියෙනවා දවසකට ලක්ෂ ගණන් වියදම් කරනවා ජීවත් වෙන්න. අදුනන්නේ නැති කෙනෙක්, බොහෝ දුර ඉන්න කෙනෙක් කෝල් එකක් දීලා  ඔයාගෙන් අහනවා “ මේ මහත්තයෝ මගේ ගෙදර වැඩක් තියෙනවා කරලා දෙන්න පුලුවන්ද මම රුපියල් පහක් දෙන්නම් මුලින්, වැඩේ කෙරුනම තව මොනවහරි දෙන්නම්” කිව්වොත්  ඔයා මොකද කියන්නේ, කරන්නේ? ඔන්න ඔය ප්‍රශ්නෙට පිළිතුර ඔබම හිතල බලන්න ඊට පස්සේ මට කියන්න.)

  1. ඊළඟ ප්‍රශ්නය තමයි ඔය අදහන දෙවියන්ට කරන්න පුළුවන් අපිට පෙන්නේ නැති වැඩ විතරයි. ඒ කියන්නේ ලෙඩ හොඳ කරන එක,  ආරක්ෂා කරලා දෙන එක, විභාග වලින් පාස් කරන එක වගේ දේවල්. නමුත් මට තියෙන ප්‍රශ්නය තමයි ඇයි දෙයියන්ට බැරි ඔය පොඩි පොඩි දේවල් කරන්න? ඒ කියන්නේ ඔය උයන පිහන දේවල් වගේ ඒවා. දැන් අපි හිතමු කව්රු හරි කෙනෙකුට ඕන වෙනවා දවල්ට උයන්න, එයාට දැන් උයන්න කම්මැලියි හරි නැත්තං අසනීපයි කියමු.‍ කොටින්ම කිව්වොත් කන්න නැති අය ඕන තරම් ඉන්නවානෙ. ඉතින් එයාලට පුළුවන්නේ ගහක පඬුරක් ගැට ගහලා දෙයියන්ට කියන්න මට දවල්ට උයල දෙන්න කියල. අයි එහෙම දේවල් මේ දෙයියන්ට කරන්න බැරි?

  2.  සමහර අය විභාග වලින් පාස් වෙන්න කියලා දෙවියන්ට බාර වෙනවා. ඊට පස්සේ  රැ එළිවෙනකල් පාඩම් කරනවා. පහුවදාට ගිහින් ප්‍රශ්න පත්තරේ ලියනවා. ඊට පස්සේ විභාගේ පාස් උනාම බාරේ ඔප්පු කරනවා. මට තියෙන ප්‍රශ්නේ, දැන් ඔය කියන විභාගේ ලිව්වේ දෙයියෝද? දෙයියෝ ලිව්වනම් ඇයි ඔයගොල්ලෝ ප්‍රශ්න පත්තරේට  උත්තර ලිව්වේ? එහෙනම් දෙයියන්ට ලියන්න දීල ‌නිකන් ඉන්න තිබුනානේ. ඇයි ඔයාල බාර උනානේ දෙයියන්ට විභාගේ පාස් කරලා දෙන්න.

  3. සමහර අයට හැදෙනවානේ ඔය ලොකු ලොකු ලෙඩ. ඒ කියන්නේ ඔපරේෂන් වලට ලක්ෂ ගණන්වියදම් කරන්න වෙන ඒවා. ඒ කියන්නේ හදවත් රෝග වගේ ඒවා. ඉතින් කොහොම හරි දනි පනී ගාලා කාගේ කාගෙන් හරි කීය කීය හරි එකතු කරලා ජනාධිපති අරමුදලෙනුත් කියක් හරි අරන් කට්ට කාලා කට්ට කාලා ඔන්න අදාළ දවසට යනවා ඉස්පිරිතාලෙකට ඔපරේෂන් එක කරන්න. කොහොම හරි අර දොස්තරලා මහන්සි වෙලා මේ මනුස්සය හොඳ කල කියමුකෝ, ඔන්න පහුවදා ඉදන් යනවා දෙයියන්ට බාර ඔප්පු කරන්න. දැන් කව්ද ඔය කියන ලෙඩේ හොඳ කලේ, දෙයියෝද? නැත්තං දොස්තරලාද? දෙයියෝ හොඳ කළා නම් ඇයි ඉස්පිරිතාලෙක නැවතුනේ ගෙදර ඉන්න තිබුනානේ දෙයියෝ හොඳ කරනකල්. දොස්තරලා හොඳ කලානම් ඔය කියන බාරේ දෙන්න ඕනේ ඒ දොස්තරලාට නෙවේද?

මම මේ පෙන්නලා දුන්නේ ඉතාම ටිකක්, තව දාස් ගණන් දේවල් තියෙනවා අපේ මෝඩ මිනිස්සු කරන. තමන්ට බුද්ධිය කියලා දෙයක් තියෙනවානම් මේ ගැන හිතලා බොරු දේවල් පස්සේ යන්නේ නැතිව, මිත්‍යා දේවල් පස්සේ යන්නේ නැතිව නියම බෞද්ධයෝ වගේ, බුදු දහමේ සඳහන් වෙන දේවල් විතරක් අනුගමනය කරන්න පුරුදු වෙන්න. ඔය කොහෙවත් ඉන්න කපුවො පෝසත් කරන්නේ නැතිව.

සටහන – ඩී.කේ. විජේ

Advertisements

2 thoughts on “දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ…..

  1. 1.මම දන්නා විදිහට දෙවියන් වෙනුවෙන් පෙනී සිටින ඔවුන්ගේ නියෝජිතයෝ තමයි ඔය බාර ඔප්පු කිරීම ආදී දේවල් සිදුකරන්නේ. ඒ කියන්නේ මනුෂ්‍ය තලයේ ඉන්න දෙවියන්ගේ නියෝජිතවරු අඩු පින් ඇති දෙවිවරු , භූතයෝ , යක්ෂයෝ…….etc

    2. නොපෙනන බලවේගයක් උනත් ඔවුන්ට කල හැකි වැඩ සීමාවක් තිබෙනවා. සුක්ෂම ශරීර ඇති ජීවින් කොහොමද භෞතික දේවල් සමග වැඩ කරන්නේ.

    3.දෙවියන්ට බාර විය යුත්තේ විභාගයට යාමේදී , විභාගය ලිවීමේදී සිදුවිය හැකි අතුරු කරදරවලින් බේරීමට මිස දෙවියන් පැමිණ විභාගය පාස් කර නොදේ

    4 මම ඉසෙල්ලා කිව්වා වගේ නොපෙනෙන බලවේග වලට ක්‍රියා කල හැකි සීමාවක් තිබෙනවා ඒ සීමාව තුල ඉඳ ඔවුන්ට උදව කල හැකියි. සැත්කම සිදුවෙන විට සිදුවිය හැකි අතුරු කරදර , මනුෂ්‍යාට අනවශ්‍ය ලෙසින් බලපාන භූත කරදර ආදියෙන් සහනයක් සලසා දිය හැකියි.

  2. විකි අයියේ… අදසට සම්පුර්නයෙන් එකගයි….
    මේ දියුනුයි කියලා කෑ මොර දෙන මේ සමාජය මුග්ධ කමේ සීමාව ඉක්මවා ගිහින්…
    මම දකින දේව සංකල්පය හරිම සරල දෙයක්…මිනිහෙක් ට දෙයක් කර කියා ගන්න ම බැරි උනාම දෙවියන්ට රුපියල් 5ක් රීලොඩ් කරලා උදව් ඉල්ලනවා…හම්බුනොත් ලගම තියන දේවලේ කපුවට පලතුරු කන්න පුලුවන්…
    මේ සමජය යතාර්ත වාදි වෙන දවසට කපුවො පලතුරු කාලා හමරයි…එත් ඒ දවස පෙනෙන තෙක් මානෙක නම් නෑ…

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s