මැරයෝ වීරයෝ සහ වැළපෙන්නෝ…..


 


තවත් උද්ඝෝෂනයක් පැවැත්විණි.
කැරළි මර්දන පොලිස් මැදිහත් වීම ඇරබිණි….
තුවක්කුවක් පත්තුවිණි..‍
අයෙක් මරු වැළදගති…

දැන්… ඒ මරණය සහ එයින් පීඩිත අය වෙනුවෙන් ගුණ ගී වරුසා…පැසසුම් ඝෝෂා…. දුක බේරෙන කවි, නිසදැස්, කතන්දර, ………………..

ඉන්පසු යළිත්,.

තවත් උද්ඝෝෂනයක් පැවැත්විණි.
කැරළි මර්දන පොලිස් මැදිහත් වීම ඇරබිණි….
තුවක්කුවක් පත්තුවිණි..‍
අයෙක් මරු වැළදගති…

දැන්… ඒ මරණය සහ එයින් පීඩිත අය වෙනුවෙන් ගුණ ගී වරුසා…පැසසුම් ඝෝෂා…. දුක බේරෙන කවි, නිසදැස්, කතන්දර, ………………..

ඉන්පසු යළිත්,………. (පෙර සේම)

මීට එහා කරන්න යමක් නැද්ද…? කරන්න දන්නෙ නැද්ද,.? කරලා වැඩක් නැද්ද,..?

ඉතිහාසය පුරවටම සිදුවූයේ මෙම ක්‍රියාවලියයි..ඉදිරියටද මෙයම සිදුවිය හැකිය. යම් සිද්දීයක් සිදුවූ විට අපේ සිංහල චන්ඩින්, වීරයන් සහ මැරයන්  දේශ ප්‍රේමයෙන් ඔදවැඩී මරාගෙන මැරෙන්නට යන අතර, ඉන් පසු විනාඩි කිහිපයකදී එම චන්ඩිකම්, මැරකම්, වීරකම් දියාරු වී යන්නේ සිදුවීමට එරෙහිව   කිසිදු ක්‍රියා මාර්ගයක් නොගෙනය.

ඊට පසු රටම හෙල්ලෙන්න බෙරිහන් දීම හා ආණ්ඩු පක්ෂයේ ඇත්තන් වේදිකාවට නංවා පතුරු හැරීම ඇර අන් කිසිවක් පෙනෙන්නට නැත. ආණ්ඩුවට කඩේ යන මීඩියා සෙට්එක මේ සම්බන්ධයෙන් කිසිවක් නොකියා නැට්ට පස්ස පැත්තේ ගසාගෙන සිටින අතර, ආණ්ඩුවට විරුද්ධව යන මීඩියා සෙට් එක මෙම අදාල සිදුවීම තවත් සිදුවීමක් වෙනතුරුම හෝද හෝදා මඩේ ඔබති. ඒ අතර කවිකාරයින්, කතන්දර ලියන්නන් අදාල සිදුවීම රසකර ලුණු ඇඹුල් පදමට දමා දුක බේරෙන කවි කතන්දර ලියති.

තවත් සෙට් එකක් අදාල සිදුවීමෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කිරීමට හා උදව් උපකාර කිරීමට ඉදිරිපත් වෙති. ඒ අස්සේ අසරණ වූ එම පවුලේ උදවිය සමග විශේෂයෙන් කාන්තා පාර්ශවය ට ලංවී නැති ප්‍රශ්ණ ඇති කරති. මියගිය පුද්ගලයාගේ බිරිද හෝ දියණියට දැන් සැමියන් හා තාත්තලා වැහි වැහැලාය.

මෙම ක්‍රියාවලිය හැමදාමත් මුලසිට අගටත් අගසිට මුලටත් වෙනවා හැරුණුකොට අදාල ප්‍රශ්ණය එතැනමය. එය කවදාවත් විසදෙන්නේ නැත. සිදුවන එකම දෙය නම්, අසාධාරණයක් වෙනුවෙන් හඩ නගන පුද්ගලහා හෝ ඊට සම්බන්ධ නැති පුද්ලයෙකුට ජීවිතයෙන් සමු ගැනීම පමණකි.

මිනිසුනේ,….. යමක් වූ පසු පඩෂෝ නොදා මෙම අවනීතියට එරෙහිව යමක් කිරීමට පෙල ගැසෙන්නේ කවදාද..???

-සටහන-  විකී

2012/02/17

Advertisements

නයට කහින අපේ වීරයෝ…….


ඔන්න අපේ සද්දාවන්ත බෞද්ධ පිංවතුන්ට අහවල් එක පේන ගානට සරම කරට අරං කෑගන්න ගයාන් පෙරේරා සින්දුවක් කියලා……

ඒකෙ තියෙන “භවතු සබ්බ මංගලම්” ගාථාව ඒ අයුරින්ම ගීතයේ අන්තර්ගතයට යොදාගෙන ඇති අතර එය ගයාන් විසින් වත්, වෙනත් කෙනෙකු විසින් වත් රැප් කර ගයා නැත.

මේක බුදු දහමට නිගාවක් බව පවසමින් අන්තවාදී අමනයින් කණ්ඩායමක් විසින් අපේ ගොං ආතල් ගන්න සෙට් එකට පෙන්වා දී ඇත….

ආගම් භේදය හා ජාතිවාදය අවුළුවමින් මහ ජනතාව අතර නොසන්සුන් තත්වයක් ඇතිකර රට යලිත් අගාධයට ඇද දැමීමේ කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලට මෙමගින් ලොකු සහයක් ලැබේ.

ඉන්දියාවේ සුපිරි නළු “විජේ ” පැවසුවේ ලංකාව ලෝක සිතියමෙන් ඉවත් කරන බවයි.. .. එයට එරෙහිව අපේ අයියලා විජේව මකබාවනවා වෙනුවට විජේ කරට අරන් ලංකාව තුල විජේගේ චිත්‍රපට වලට හොද අලෙවියක් ලබා දෙන්නේ  හද පිරි භක්තියෙනි.

සංගීත් විජේසූරිය ” ඉතිපිසෝ භගවා.. අරහං සම්මා සම්බුද්ධෝ” ගීතය ගයන විට පෙර කී සද්දාවන්ත බෞද්ධ පිංවතුන් සෝවාන් ඵලයට පත්වන්නේ බුද්ධාලම්භන ප්‍රීතිය උතුරා යන නිසාවෙනි… සංගීත්ව පතුරු ගසන්නට එහෙයින් කිසිවෙකුත් ඉදිරිපත් නොවෙති.

සංගීත් සිංහල බෞද්ධයෙකි. ගයාන් පෙරේරා කතෝලික වෙති. මේ කැක්කුම ඇතිවී ඇත්තේ මම වෙනස නිසා මිස, සැබෑ දැක්මකින් නොවන බව පැහැදිලිය.

අපේම රටේ , අපේම මිනිසුන් බුදු දහම පමණක් නොව, මුළු මහත් ශ්‍රී ලාංකීය ජාතියම පර සුද්දන් හට පාවා දෙත්දීත් නගුට පශ්චාත් භාගයේ ගසාගෙන සිටින අපේම වීරයින්, මෙවැනි දේට ගිරිය පිප්පීම විහිළුවකි.

අන්තවාදී නිගන්ටයින්ගේ පටු අරමුණු මුදුන්පත් කරලීම උදෙසා අපි බෑග් එකක් දැක්ක ගමන් ඒක අරගෙන කඩේ යනවාද…. බුද්ධිමත්ම මේ පිළිබදව සිතා බලා නියම සිංහල බෞද්ධයන් වශයෙන් කටයුතු කරනවාද කියා මදක් සිතා බැලීම වටින්නේය….

මේ කිසිවකින් උතුම් වූ බුදු දහම වැනසීමට කිසිකතුට නොහැකිය.  මන්ද යත්, බුදු දහම යනු සොභා දහමයි.

සටහන -විකී-
2012-02-15