”ශරීයා” ෆර්දාවෙන් වැසූ මනුස්සකම…


ලෝකයේ කොතනක ජීවත් උවද, මිනිසා යනු මිනිසාමය. මිනිසාට ඇති අයිතිවාසිකම්ද එසේමය. විශේෂයෙන්ම ළමයින් ගැන සැළකීමේදී ද විශේෂයෙන් අවධානය යොමු වූ අයිතිවාසිකම් කොටසක් පවතී. (ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය )   ලෝකයේ සිදු වූ විවිධ ළමා අපරාධ අතරින් විශේෂ තැනක් හිමි වූ සහ ලෝකයේම කතා බහට ලක් වූ ”රිසානා නෆීක්” දැරියගේ අවාසනාවන්ත  ඉරණම අප කොයි කාගේත් හදවත් සසල කිරීමට සමත් විය.

ඈත අතීතයේ මිනිසාට නොයෙක් වධ හිංසා පමුණුවමින් ලබා දුන් අති බිහිසුණු දඬුවම් ක්‍රම පිළිබඳව අප අසා ඇත. එය එසේම ක්‍රියාත්මක ද වී ඇත. එහෙත් ක්‍රමයෙන් ලෝකය ශිෂ්ට සම්පන්න සමාජයක් කරා ගමන් කිරීමේදී එම කෲර දණ්ඩනයන් මානුෂික මට්ටමින් ඉතාමත් පහත් මට්ටමක පැවැති බව ඒත්තු ගිය විද්වතුන් එම කෲර දන්ඩනයන් අවම කොට මිනිසා මිනිසෙකු වශයෙන් ජීවත් වීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීමෙහිලා පෙරමුණ ගත්හ. එහි ප්‍රතිපලයක් ලෙස බිහිවූ මානව හිමිකම් විශ්ව ප්‍රකාශය (මානව හිමිකම්) මගින් එකී අරමුණ සාක්ෂාත් කර ගැනීමට බොහෝ දුරකට හැකි විය.

එහෙත්  එම විශ්ව ප්‍රකාශය පිළිගත් බොහෝ රටවල් එම සම්මුතිය අනුව කටයුතු කලද, තවමත් ඇතැම්  රටවල් එම සම්මුතිය තුට්ටුවකට මායිම් නොකර කටයුතු කරගෙන යති. ඒ අතරින් එම සම්මුතියට අත්සන් කල සෞදි අරාබියද එම නීති රීති පයිසෙකට හෝ ගණන් නොගෙන ඔවුන්ටම ආවේණික කරගත් කැළෑ නීතියක් පවත්වාගෙන යයි. එයට ”ශරීයා නීතිය” යැයි කියනු ලබයි. එය මුස්ලිම් ජනතාවගේ ශුද්ධ වූ නායක මොහොමඩ් නබි තුමාගේ ප්‍රකාශය අනුව ”අල් කුරානය” නැමති ග්‍රන්ථය පදනම් කරගෙන සකස් වූවකි.

ස්ලාම් ඉගැන්වීම අනුව දෙවියන් විසින් හඳුන්වා දී ඇති මෙම අපූරු නීතිය යටතේ මිනිසකු වැරැද්දක් කල හොත් එම වැරැද්දට සමාන දඬුවමක් එකී තැනැත්තාටද ලබා දෙන්නේ එකී ජන සමාජයේ වෙසෙන මිනිසුන්ගේ  සිත් සතන් වෛරයෙන් හා තිරිසන් සිතිවිලි වලින් පුරවාලමිනි. කෙටියෙන් කිවහොත් ” ලෙයට ලෙය” යනුවෙනි. මෙය පාතාලයින්ගේ ක්‍රියාවට සමාන වූවකි.

මෙ නීතිය හුදෙක් ඉතා  පහත් හා ශිෂ්ඨ සම්පන්න සමාජයක් කිසිදා අනුමත නොකරන බිහිසුනු වධ බන්ධනයන්ගෙන් සමන්විත එකකි. මෙතරම් දියුණු ශිෂ්ටාචාරක් හා ඉතා දියුනු ජන සමාජයක් තුල ලෝකයේ වෙසෙන ඇතැම් මිනිසුන් මෙතරම් අධම වූයේ කෙසේදැයි මොහොතක් සිතා බැලීමට වටී.

කෙසේ වෙතත් රිසානා දැරිය (මරණ දඩුවමට යත් කල කාලයේ වයස අනුව ඇගේ වයස අවුරුසු 17 කි)  අද ජීවතුන් අතර නැත. ඇය ජීවත් කරවීමටද නොහැකිය.  ඒ ”ශරීයා නීතිය” අනුවය.  අප දන්නා තරමින් ලෝකයේ වෙසෙන  වනගත මිලේච්ඡ ජන කොට්ඨාශ හැර අනෙකුත් පිළිගත් සියලූම රාජ්‍යයන් ජාත්‍යන්තර නීතිරීති අනුව කටයුතු කල යුතුය. එහෙයින් සෞදි අරාබියද ලෝකයේ පිලිගත් රාජ්‍යයකි. ඔවුනට හිතු මනාපේ කටයුතු කිරීමට  බලයක් හා අයිතිවාසිකමක් නැත.

අප අදහන ආගම දහම කුමක් වුවද එකී සියලූම ආගමික ශාස්තෘවරුන් පෙන්වා දී ඇත්තේ මිලේච්ඡත්වය නැති කර සියලූම මනුෂ්‍යයින් හට පමණක් නොව, සතුන්ටද කරුණාව දක්වා නිදහසේ ස්වකීය ජීවිතය ගෙන යෑමේ මාර්ගයන් හෙලි පෙහෙලි කර ගන්නා අකාරයයි. එහෙත් ස්ලාම් ආගමෙහි ඉගැන්වෙන මෙම මිලේච්ඡ මූලධර්ම වාදී න්‍යාය හේතුවෙන් මිනිසා කොතරම් තිරිසනකු වී ඇත්දැයි සිතාගැනීමට වත් නොහැකිය.

අන්ධ විශ්වාසයන් හා අන්ධ භක්තිය පෙරදැරිව මිනිසා ගමන් කල යුගය අවසන් වී ශත වර්ෂ ගාණක් ගත වූවද, තවමත් එහි නෂ්ඨාවශේෂ ඉතිරිවී ඇති අයුරු සෞදි අරාබිය දෙස බැලීමේදී පෙනී යයි. ජාත්‍යන්තර මිනිස් අයිතිවාසිකම් අනුව මිනිසා, ළමා හා වැඩිහිටි යන කොටස් දෙකකට වෙන් කර ඇත. ජාත්‍යන්තර ළමා අයිතිවාසිකම් පිළිබඳ පනත මගින් අවුරුදු 18 කට අඩු කෙනෙකු ළමයෙකු වශයෙන් පිළිගැනෙන අතර, කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් ළමයෙකුට මරණ දඬුවම ලබා දිය නොහැකිය. එහෙත් මෙම ශරීයා නීතිය අනුව ළමයා ද වැඩිහිටියකු සේ සැලකීමට එරට අධිකරණ විනිසුරන්ට බලය හිමි වී ඇත. රිසානා ගැන පිලිගත් නීතිය අනුව සාධාරණ විනිශ්චයකින් තොරව ශරීයා නීතිය ඔස්සේ ඇය මරා දමා ඇත්තේ එහෙයිනි.

තත්වය කෙසේ වූවද  ‍රිසානාත් මිනිස් දුවකි. ජාති, ආගම්, කුල මල, පන්තිය  සොයනා තිරිසනුන් හට සියලු සතුන්ගේ සිරුරේ ඇත්තේ රතු ලේ බව තවමත් නොවැටහෙන්නේය. මානුෂික හැඟීමෙන් බලනවා වෙනුවට අන්ධ භක්තිය හා විශ්වාසය පෙරදැරිව සිදුකරන මෙම මිනිස් ඝාතන ඉතා ඉක්මනින් නැවැත්විය යුතුය. ඉස්ලාම් ආගමෙහිද විද්වතුන්, උගතුන්, බුද්ධිමතුන් ඇත. එහෙත් ඔවුන් මෙම නීතිය ඉස් මුදුනින් පිලිගෙන සිටින්නේ මන්දැයි පැනයක් ඇත. ඔවුනුත් මිනිසුන්ය. තවකෙකුගේ වේදනාවක් නොදැනෙන්නේ මන්දැයි පැනයක් ඇත. මෙය ලියන මා බෞද්ධයෙකු වූවද, කිසිදා දැක නැති, දැන හැදුනුම් කමක් නැති, රිසානා සොයුරිය ඉස්ලාම් වූවද….. කොටින්ම මගේ කුවුරුත් නොවන ඇය මට මගේම සොයුරියකි. ඒ ඇයත් මම මෙන්ම ලේ, ඇට, මස් , නහර වලින් සැදි මිනිස් දුවක වූ නිසාවෙනි.

එහෙත් ප්‍රශ්නයකි……

පෙර කී ලෙස මම වත්, ඔබ වත්, මුලුමහත් ලෝකයමත් ඇය වෙනුවෙන් කම්පා වන මොහොතක… ඇය උපන් ප්‍රදේශයේම පිහිටි  ප්‍රධාන ඉස්ලාම් පල්ලියේ ප්‍රධාන පූජක වරයා වන එම්.එම්. කරීම් මහතා කියන්නේ මෙවන් කතාවකි…..

shariya

‍මොහු පවසන අන්දමට මිනිසෙක්ට තවත්  මිනිසකුගේ ජීවිතයක් නැති කිරීමට අයිතියක් නැත. සැබෑවකි… නමුත් මොහු මේ කතා කරන්නෙ රිසානා අතින් මිය ගිය දරුවා ගැනය… එතකොට ශරීයා නීතිය යටතේ වධකයන් අතින් තිරිසන් ලෙස මිය ගිය රිසානා ගැන කතා කරන්නෙ කවුද..? මෙය මනුෂ්‍ය ඝාතනයක් යටතට නොගන්නෙ ඇයි..? මෙවන් මූලධර්මවාදී මනුෂ්‍ය ඝාතනයන් නැවැත්වීමට වහා පියවර ගත යුතුය.

කෙසේ වෙතත් රිසානා සහ ඇගේ පවුලේ අයව හොඳින්ම හඳුනන මෙම ඉස්ලාම් පූජකයා මෙසේ එය සාධාරණිකරණය කරත්දී, ඇය ගැන මෙලෝ දෙයක් නොදන්නා අප ඇතුලු මුලු මහත් ලෝකයම කම්පා වන්නෙ මොන අමාරුවකටදැයි සිතෙනු ඇත…….

නැත..ඒ ඇයද අප මෙන්ම මිනිස් දුවක නිසාය….

සටහන – විකී

2013-01-14

Advertisements

4 thoughts on “”ශරීයා” ෆර්දාවෙන් වැසූ මනුස්සකම…

  1. මුසල්මානුවන් සහ අරාබි කාරයන් කිසිවෙක් බුද්ධිමතුන් වන්නේ නැත. අදටත් ලොව පහළවූ කීර්තිධර විද්‍යාඥයන්, චින්තකයන් කිසිවකු අතර මුසල්මාණු නමක් සටහන් වන්නේවත් නැත.
    එමෙන්ම ඔවුන් ලොව වෙනත් කිසිදු මහ ජාතියකට යටත් වන්නේද නැත. ඒ ඔවුන්ගේ අභීත බව නිසා නොව තෙල් බලය නිසාය.
    එසේ තිබියදීත්, අඩු තරමින් අතිශය අමානුශික වුවත්, වෙන රටක රජෙකුට තබා, තමන්ගේම රජෙකුටවත් වෙනස් කළ නොහෙන නීති පද්ධතියක්වත් තිබීම ගැන අපිදු මේ වසලයන් පූර්වාදර්ශයට ගත යුතුයේයි මට සිතේ….
    ඒසේම අපේ රටේ නීතියට අතගැසූ විට මහ හඬ නගන අපට, වෙනත් රටක නීති ගැන විවේචනය කරන්නට සදාචාරාත්මක අයිතියක් නැතැයි මම සිතමි.

  2. මිනිසෙක්ට
    තවත් මිනිසකුගේ ජීවිතයක්
    නැති කිරීමට අයිතියක් නැත.
    —ශරියා නීතිය.

    එසේ කළ හොත්
    ඒ ගැන එක්ව ක්‍රියා කොට
    ඒ මිනිසාට දඬුවම් දීමට
    මිනිස් සමාජයට අයිතියක් ඇත.
    -ලොවටම පොදු මානුෂික නීතිය.
    —————————————-
    මිනිසාට
    තමාගේ ජීවිතය හෝ
    තොර කර ගැනීමට
    අයිතියක් නැත.
    —පොදු මානුෂික නීතිය.

  3. නමුත් මේ නීතිය නමට විතරක් තිබිලා වැඩක් නෑ නේද..

  4. Methana kawda waradi?risanada?sharia neethiyada?rajayada?saudi rajayata idiripath karala thiyenne wayasa 23y kiyala.sharia usavia kohamada danne meya 17 kiyala? Mama ahanawa me article eka liyapukenage Lamayekwa mama meruwoth mawa maranna uthsakaraida nethnam mata malmala paladaida?hisaradaya thamanta awoth therai.please try to know about islam and sharia.to claryfy misconcepts about islam visit http://www.irf.net or dr zakir naik

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s