බඩු බනිස් වීම හෙවත්, දිට්ඨ ධම්ම වේදනීය කර්මය


ගොරකා දඩ මස් කිරීමට උපන් පහන්කම් ඇති  පිරිස් දෙකකි.  එක් කට්ටියක් පොලීසියයි. අනෙක් කට්ටිය නීතීඥවරු ය. පොලීසියෙන් කරන්නේ, කැළයට දමා සොයන්නට දුන් සුදු හාවා වෙනුවට තඩි වලහෙක්ට අම්බානට නෙලා වලහා විසින්ම තමා සුදු හාවා යැයි කියන තත්වයට වලහා පත් කිරීමයි. ඒකෙ අනිත් පැත්තත් කිරීම ඔවුන්ට කිරි කජ්ජකි.

අනිත් පිරිස නම් නීතීඥවරු මීටම හපන් ඈයෝම වෙති. ඇස් පනාපිට වෙච්ච දේ නැහැයි කියන තැනට පාර කපා ගතමනාව සාක්කුවේ දාගන්න පුදුම තරම් දක්ශයෝ වෙති. ඒ කෙම අනිත් පැත්තද එසේමය. යුක්තිය හා සාධාරණය වෙනුවෙන් පෙනී සිටින නීතීඥ මහත්තුරු උසාවියේ සිටින දෑස් වසා ඇති නීතිය ඉදිරියේ රිසි රිසි සේ දස්කම් දක්වති. එහෙයින් සැබවින්ම නීතිය අන්ධය. පාතාලයින් එළියට දාන්නත්, අහිංසකයෙකුගේ බෙල්ලට තොන්ඩුව දාන්නත් මොවුන් දිවි පරදුවට තබා හෝ කටයුතු කරති.

ටිකක් දිගට ඇදෙන ඉඩම් නඩු, දික්කසාද නඩු ආදිය පැනලා බාර ගන්නේ තම සේවා දායකයාට ඇති පුදුම ආදරෙනි. ඒ, අවුරුදු ගානක් පෙන්ෂන් එක ගන්නවා වගේ අහිංසක මිනිහගෙන් ගාන කපන්න පුලුවන් බව දන්නා නිසාය. ඊටත් වඩා මොවුන්ට ඇත්තේ පුදුම ‘ගෙම්බර්’ එකකි. අහිංසකයන්ගේ දාඩිය මහන්සිය උලා කමින් මේ ගෙම්බර් දාන්නේ ඒ මිනිසුන්ටමය.

අසාධාරණයට විරුද්ධ සිසු අරගල, වෘත්තීය සමිති අරගල, සාමකාමී උපවාස උද්ගෝෂණ ආදිය මර්දනයට පොලීසියට නියෝග ලබා දෙන්නේද මොවුන්ගේ ආයතනයමය. වාසි අතට හෝයියා කියන මේ ඇත්තෝ ඕනම මලදානයක් නඩුවක් හැටියට බාර ගෙන ගාන කපති. සමහර ලෝයර් මහත්තුරු උසාඩියේදී නැගිට කට උල් කරනවා පමණි. නඩුව කල් යයි. සමහරු සල්ලි ගත්තද උසාවි නඩු දිනයේදී ඇහැට වත් පෙනෙන්නට නැත.  නමුත් ලෝයර් මහත්තයගේ ගත මනාව සාක්කුවේය. අර දුප්පත් මිනිහා එදා වේලවත් නොකා ඉතිරි කර ගත් කීයක් හරි මුදල කිසිදු අනුකම්පාවකින් තොරවම ගිල දමති. ඊ ළඟ නඩු වාරයේදීත් එසේමය.. නඩුව අවසන් වෙත්දී අර මනුස්සයාගේ සබ්බ සකල මනාවම අහවරය.

නීතිය කාටත් පොදු යැයි නන් දොඩවන්නේද මුන්නාන්සේලාමය. නමුත් ඒක දන්නේ එතුමන්ලාමය. කවුරුන් හෝ වරද කරුවකු කිරීම හෝ නොකිරීම මුන්නැහැලාට සුලු දෙයකි. කොතරම් සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් කරන උද්ගෝෂණයක් වුවද මර්දනය කිරීම වෙනුවෙන් නියෝග ලබා දෙති. එතැනදී සාධාරණය අසාධාරණය පයිසෙකටවත් මායිම් නොකරති.

දැන් බඩු බනිස් වෙලාය…… දැන් ලෝයර් මහත්තුරු පාරට බැහැලාය. කලින් දුන් නියෝග සිහිපත් වනවා  ඇත. අහිංසකයන් වරදකරුවන් කල අයුරු සිහිවනවා ඇත. ලෝයර් මහත්තුරු වෙලත් දැන් යුක්තිය සාධාරණය හිඟා කන තත්වයට පත්ව ඇත. මොවුන්ට තවත් ගොට්ට අල්ලන්නට පිරිසක්වත් සිටිති..ඉතින් අහිංසක දුප්පත් මිනිසුන්ට කුමන කතාද.. දැන් සාධාරණය වෙනුවෙන් පෙල ගැසෙන්න කියා බෙරිහන් දෙති. උද්ගෝෂණ කරති. පිකටින් කරති. දැන් කෝ පොලිස් බලඇණි..? කෝ කඳුලු ගෑස්..? හැමෝටම එක නීතිය කෝ දැන්..?

කොටුවේ ස්ටේෂන් එක ඉදිරිපිට දෝෂාභියෝගයට එරෙහි අත්සන් ලබා ගන්නා ශ්‍රීනාත් මහත්තයාට දුක බේරිලාය. අනිත් වෘත්තිකයන් තමන්ට සහය පල කරන්නේ නැති එක ගැන එයාට පට්ට දුකය. අනිත් වෘත්තිකයන්නේ උද්ගෝෂණ වලට වාරණ නියෝග අරන් දෙන කොට නම් මෙයාට පට්ට හැපි ය. දැන් මේ මහත්තුරු ටික කුක්කෝ වාගේය. කිසිම හව්හරණක් නැති ගානය. කිසිවෙකුත් ගණන් ගන්නේද නැත. බුදුන් වහන්සේ වදාල ලෝක ධර්මතාවය දැන් මුන්නැහැලාටත් උදා වෙලාය.මෙච්චර කල් එහෙම එකක් අහලාවත් නැති ඒ උත්තමයෝ දැන් අසරණ වෙලාය.

කලු කෝට් කාරයන් දැක්කත් බයවෙච්ච උදවිය දැන් ලංකාවේ නැත. මින් පසු නැට්ට කකුල් දෙක අස්සේ ගසාගෙන සිටීමට සිදුව ඇත. අහෝ දුකකි……..

සටහන – විකී

2013-01-15

Advertisements

One thought on “බඩු බනිස් වීම හෙවත්, දිට්ඨ ධම්ම වේදනීය කර්මය

  1. විකි අයියෙ අදහසට ගරැ කරනවා…
    නමුත් මා පුද්ගලිකව දුටුවා මේ ලිපියේ මුල සිට අගටම නීතීඥ වෘත්තිය පිලිබද පිලිකුල් සහගත චිත්‍රයක් මවා පානවා.සමාජයේ නීතී වෘත්තිය පිලිබදව ඔබ ඔය කියන අකරයේ සිතුවමක් මැවෙන්නට මුලිකම හෙතුව රටේ මාධ්‍ය….මේ රටේ ඉන්න හැම අපරාධ කාරයෙක් ම හැම සල්ලාල්යෙක් ම නිදැල්ලේ ඉන්න හෙතුව නිතිඥවරුන් හා විනිසුරු වරුන් මයි කියනවා නම් එක මුලාවක්…..
    ව්කි අයියේ මම මෙහෙම අදහසක් එකතු කරන්නම්…..
    ලන්කාව කියන්නෙ දුශිත රටක්..
    දුශනය ඉහල සිට පහලටම තියනවා…ඔය කියන දාමයේ එක පුරුකක් විතරයි නිතිඥ්යා කියන්නෙ…මේ සමාජයේ ජිවත් වන ඔයත් මාත් අපි හැමොමත් මේ දාමයේ කොටස් කාරයො යැයි අපි නොදන්නා නමුත් කොටස් කරයෝ.
    කරුනු කාරනා එහෙම නම් නිතිඥ වෘත්තිය නිසාවෙන් ම මේ සියලුම සමාජ ප්‍රශ්න අති වුනා කියන දේ
    ගැටලු සහගතයි නේද…..
    (නමුත් හැම නිතිඥ්යාම ඔබේ ලිපියේ සදහන් කුලකයට ඇතුලත් වෙන්නෙත් නැහැ…)
    සාකච්චාවට විවෘතයි….

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s