ලංකාවේ සුචරිතවාදය සහ ඒඩ්ස්


   බටහිරින් එන කොයි දේත් මහ ඉහලින් බඳාගෙන පස්සෙ උන්ටම පලු යන්න බනින අපේ ශ්‍රි ලාංකිය අන්‍යතාවය ගැන නම් කතා කරලා වැඩක් නැතිය.

ප්‍රශ්ණය ඇත්තේ බටහිර සුද්දන්ගේ හෝ වෙනයම් රටක නොවන බවයි මගේ හැඟිම. අපේ අය කරන්නෙ මුව හමට තඩිබාන එක නිසා හැම ප්‍රශ්නෙකටම හේතුව වෙණම කෝණයකින් බැලිය යුතුය.

ලෝකය  පුරා එච්.අයි.වී.ඒඩ්ස් රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවෙද්දී  ශ්‍රී ලංකාවේ එය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව එච්.අයි.වී. ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා කියනවලු

ආයෙ හොයන්න බලන්න අහන්න දෙයක් නෑ. කිරි ගහට මෝල් ගහෙන් ඇන්න වගේ කතාව ඇත්ත කියලා බලපු ගමන් පේනවා. මොකද ඔය මහා ශ්‍රේෂ්ට ශිෂ්ඨාචාරයකට සහ සදාචාරවත් සංස්කෘතියකට හිමිකම් කියන අපේ ලාංකීය ජනතාව හත්පලේ ගාගෙන දඟලන්නෙ අද ඊයෙක ඉඳලා නෙවෙයිනෙ. දකින දකින දේ අනුකරණය කරලා කොපි කොරන්න උපන් හපන්නු. අන්තිමට ඔරිජිනල් එක බොරුවක් වෙන තරමටම අපේ අය වැඩේ සුපිරියටම කරගෙන යනවා. ඒ අතින් නම් පට්ටම ජාතියක් අපි.

කොහොම වුනත් ලෝකයේ අනිත් රටවල් ඒඩ්ස් රෝගයෙන් අත්මිදෙනකොට අපේ රටේ ඒක වැඩි වෙන්නෙ ඇයි?..  හරිම සරළයි උත්තරේ. එකම දේ විකාර සංස්කෘතිය කියලයි මගේ හැඟීම. මොකද ඔය බටහිර හෝ වෙනත් රටවල් සංස්කෘතිය අතින් ගන්න දෙයක් නෑ කියලා උදේ හවා පතුරු ගහන අපේ රටේ උන්ගෙ සංස්කෘතිය කොච්චර උඩින් තියෙනවද කියලා හැමදාම බලන පත්තර වලින්ම පේනවානෙ.

මේක හරියට සැමන් ටින් එකක් වගේ. විකාර අදහස් වලින් මිරිකිලා යටවෙලා කොටුවෙලා ඉන්න ජාතියක් ලාංකිකයො කියන්නෙ. කොච්චර සමාජෙට පේන්න පොෂ් ටෝක් දීලා පොරවල් වගේ හිටියත් හිතේ වැඩ කරන්නෙම ඔය විකාර අදහස්. බටහිර කොල්ලො කෙල්ලො එකට මොනවා කලත් උන් බඩ වෙන්නෑ. ළමයි එක්ක පාරවල් ගානෙ අනාථ වෙන්නෑ. අන්න ඒකට අපේ රටේ. ලගින් ගියත් කෙල්ල බඩ වෙලා.

කොච්චර ශ්‍රෙෂ්ට ඉතිහායක් තිබ්බත් වැඩක් නෑ පරිණාමය වෙන්න නැති මැටි මෝල්ලු ටිකක් නම්. බටහිරින් එන හැම දේකම දෙපැත්තක් තියෙනවා කියලා අපේ එවුන්ට හිතන්න බැහැ. සෙක්ස් කියන්නෙ බටහිරින් ආපු දෙයක් නෙවෙයි. සුද්දා උගන්නපු දෙයක් නෙවෙයි. නමුත් සුද්දා කරන කෙලි කොරන්න ගිහින් කෙලවගත්තම ඒකටත් පලි සුද්දා.

අද අපේ සමාජයේ ලිංගිකත්වය කියන කාරනේ තාමත් තියෙන්නෙ හද්ද කැළෑවෙ. කැළැව එළිපෙහෙලි කරලා බලනවට වඩා ඒ පැත්ත පලාතවත් බලන්න කැමති නෑ. හැබැයි හොරෙන් හොරෙන් කැලේ රිංගන්න දක්ෂයො මේ වගේ ලොවෙත් නෑ. එළිපිට කතාබහ නොකරන නිසා ගොඩක් ප්‍රශ්න මතුවෙලා. අඩුම තරමින් කසාද බැඳපු ගෑනියි මිනියයි පවා ඔය මාතෘකාව කතා කරන්නෑ. කොහොම හරි තටමලා වැඩේ කොරගන්නවා ඇරෙන්න.

අද අපේ සමාජයේ ඉන්න කෙල්ලො කොල්ලො බලද්දි කටේ කිරි සුවඳ යන්නත් කලින්ම සෙක්ස් ඔස්තාර්ලා. සුද්දටත් උගන්නන සයිස් එකේ වැඩ. නමුත් ඒ තියෙන දැනුම කොච්චර දුරට නිවැරදි සහ යථාර්තවාදීද කියලා හොයලා බලන්න එකෙක් නෑ. කවුරුහරි ලිංගිකත්වය කියලා කියනකොටම මූණ ඇඹුල්වෙලා ලැජ්ජාව කකුල් දෙක පල්ලෙන් බේරෙන අයම සෙක්ස් කියන වචනෙට මාර කැමතියි. මොකෝ ඒක ඉංගිරිස් වචනයක්නෙ. කවුරුහරි කුනුපරපයක් කියනවා ඇහුනොත් ඒක නිකං ලෝකෙ තියෙන පජාත කුප්පම වචනෙ ඇහුනා වගේ හැසිරෙන්නෙ. නමුත් සුද්දා Mother Fuck  කියලා සිංදුවලත් කියද්දි අපේ අයට ඒක මාර ගති. මාර පොෂ්. එක්කො ඒක ඉංගිරිස් නිසාද… නැත්නම් නොතේරෙන නිසා ද කියලා දන්නෙ උන්ම තමයි.

කොහොම වුනත් විවෘතව ලිංගිකත්වය කතාබහ කරන මට්ටමට අපේ අය තාම ඇවිල්ලා නෑ. සේරම හොරෙන් තමයි. ඒකත් තමන් දන්න ජුංඩෙන් වැඩ දාන්නෙ. ඊට එහා හොයන්න යන්නෑ. ඉතින් කෙලවෙන එක අහන්නත් දෙයක්ද. සංස්කෘතිය කියන විකාර රෙද්ද පොරෝගෙන ඒක අස්සෙ ඉඳගෙන ස්වයං වින්දනේ යෙදෙන කුප්ප ජාතියක් අපි. පුදුම ලැජ්ජාවක් බයක්. ඒ වුනාට පත්තර පිටු පිරෙන්න තියෙන්නෙ ස්ත්‍රී දූෂණ. ඇයි මේ අසහනේට හේතුව..? ඔය මම කියපු කුජීත සංස්කෘතියම තමයි. පට්ට සංස්කෘතියක් කියලා මිනිසා හිර කලාට මිනිස් හැඟීම් සහ අවශ්‍යතා කියන දේ නිතර ඉස්මතු වෙනවා. වතුරෙ හංගපු බෝලයක් වගේ.

මොකද, එළිපිට කතා කරන්න බැරි කමම මිනිසාගෙ හැම හැගීමක්ම හිර කරලා. ඒක නිවැරදිව අධ්‍යයනය කරන්න ඉඩක් නෑ. කුපාඩියො, වනචරයො, වේසියො කියන ලේබල් අලවන්නත් අපේ අය දත මැදගෙන බලන් ඉන්නවනේ. අන්තිමට තමන් දන්න සෙල්ලම් හොරෙන් දාන්න ගිහින් ජීවිතේම හැංගිලා ඉන්න වෙනකොට තමයි ටිකිරි මොළේ පෑදෙන්නෙ.

ෆාමසියකින් කොන්ඩම් පැකට් එකක් ඉල්ල ගන්න තියෙන ලැජ්ජාවට අමුවෙන්ම වැඩේ කරනවා. ඒ කලත් ඊට පස්සෙ අවශ්‍ය පෙති ගන්න යන්නෑ අර සීන් එකම නිසා. අන්තිමට එක්කෝ කෙල්ල බඩ වෙනවා. නැත්නම් වටේ ගිහින් ඒඩ්ස් හදා ගන්නවා. බටහිරට බැන්නට සුද්දගෙ ඔය සිස්ටම් එක නෑ. ඌ දන්නවා වැඩේ ගොඩ දාගන්න. ඒ දැනුම පොඩි කාලෙ ඉඳන්ම උන්ට ලැබෙනවා. අපේ අයට කෙලවෙන්නත් සුද්දා ගොඩ යන්නත් හේතුව ඒකයි.

කොහොම වුනත්, තව කල්ප කාලාන්තරයක් යනකම්ම අපේ ගොබ්බ සමාජයේ ඔය ගතිය නැතිවෙන්නෑ. මුලු ලෝකෙන්ම එඩ්ස් තුරන් කලත් අපේ රටේ එකෙක්හරි ඉතුරු වෙනවා. ඒ ඔය විකාර සංස්කෘතිය කරේ තියන් මෙලෝ දෙයක් ගැන නොසොයා ඉන්න ඇම්ඩො නිසා.

-විකී-

Advertisements

3 thoughts on “ලංකාවේ සුචරිතවාදය සහ ඒඩ්ස්

  1. ශ්‍රී ලාංකිකයාට සංස්කෘතියක් තිබේද ?

    ශ්‍රී ලංකාව සංස්කෘතික කාන්තාරයක් බව බොහෝ කාලයකට පෙර පේරාදෙණියේ සිටි අයිවෝ ජෙනින්ග්ස් නමැති සුද්දා කිව්වේය. ශ්‍රී ලාංකිකයා සතු උසස් සංස්කෘතියක් නොමැති බව අයිවෝ ජෙනින්ග්ස් හොඳටම දැන සිටියේය.

    ශ්‍රී ලාංකිකයාට සංස්කෘතියක් තිබේද ? සංස්කෘතියක් තිබුනේ නම් ලංකාව නීතියක් විනයක් නොමැති තවත් සෝමාලියාවක් බවට පත් වෙමින් තිබෙන්නේ මන්ද ?

    කාලාන්තරයක් පුරා සිංහල, දෙමල මුස්ලිම් යන සියලුම ජනතාව අයත් වන ශ්‍රී ලංකික ප්‍රජාව මුහුණ දෙමින් සිටින ප්‍රශ්න දෙස බලන විට පෙනී යන්නේ එකී ගැටළු බොහොමයක් පැන නැගී තිබෙන්නේ මේ රටේ ඇති සංස්කෘතික දරිද්‍රතාවය නිසාය.

    අතීතය ගැන සලකා බැලීමේදී ශ්‍රී ලංකාව යනු කිසි දිනෙක උසස් සංස්කෘතියක් තිබු ජාතියක් නොවිය. මේ රටේ වාරි ශිෂ්ඨාචාරය බිහි කලේ, ගොඩනැගිලි ඉදි කලේ ඉන්දීය ශිල්පිය දැනුමෙනි. අතීත රජවරු මුදල් ගෙවා ඉන්දීය ශිල්පින් ලංකාවට ගෙන්වාගෙන ඉදිකිරීම් කළහ.

    අද වුවද මත්තල ගුවන් තොටුපොල, හම්බන්තොට වරාය ඉදි කරන්නේ චීන ශිල්පිය දැනුම යොදාගනිමින්ය. තව වසර දහසක් පමණ ගිය විට මත්තල ගුවන් තොටුපොල, හම්බන්තොට වරාය ඉදි කලේ දකුණේ සිංහලයන් බව අනාගත දේශප්‍රේමීහු පවසනු ඒකාන්තය.

    අතීතයේ රජවරු බොහෝ දෙනෙකු ක්‍රියා කලේ අන්තනෝමතික අන්දමිනි. දසරාජ ධර්මයෙන් රජකම් කල රජෙකු ලංකාවේ රාජාවලියේ නැත. බුදු දහමට පවා ලාංකිකයා සංස්කෘතික වශයෙන් ශිෂ්ඨ පුද්ගලයෙකු බවට පත් කිරීමට නොහැකි විය. අතීතයේ උසස් සංස්කෘතියක් තාක්ෂණයක් නොතිබූ අඩුව ලාංකිකයා අද දිනයේ වසා ගන්නේ රවණා ගැන මිත්‍යා කතා කීමෙනි.

    බටහිර ජාතින් ලංකාවට පැමිණෙන විට ලංකාව තාක්ෂණික වශයෙන් නොදියුණු ප්‍රාථමික රටක් විය. රට වටේ මුහුදක් තිබුනද නාවික හමුදාවක් පවා නොවිය. ඒ නිසා නැව් තුන හතරකින් පැමිණි පිටරට හේවායන් සුළු පිරිසකට ලංකාවේ රජුන් තැති ගන්වන මට්ටමට යුද්ද කිරීමට හැකි විය.

    ලංකාවට නවීන සංස්කෘතිය සහ තාක්ෂණ දැනුම ලැබෙන්නේ ඉංග්‍රීසි ජාතිකයන්ගෙනි. උඩුකය නොවසමින්, එක ගෙයි කමින්, රුකුලේ පැදීම, බුලත් හිරය වැනි හිරිකිත ලිංගික චර්යාවල යෙදෙමින් සිටි ලාංකිකයා නවීන ශිෂ්ඨාචාරයට සහ විනයකට යටත් කරන්නේ බටහිර සුද්දා විසිනි.

    සුද්දා සතු හොඳ කළමනාකරණ හැකියාව තිබුනේය. ඒ නිසා ඉතා කෙටි කලකින් සංවර්ධනය අතින් පසුගාමීව සිටි ලංකාවට මහා මාර්ග, දුම්රිය මාර්ග, තැපැල් සේවා, අධ්‍යාපනය, සුව සේවා ලැබෙන්නේය. එසේම විශාල කෘෂි ආර්ථිකයක් ද මෙරට ඇති කළේය.

    නමුත් සුද්දා සංවර්ධනය සහ සංස්කෘතිය ලබා දෙන ගමන් එක වරදක් කළේය. සංවර්ධනය සහ සංස්කෘතිය සමග ක්‍රිස්තියානිය ප්‍රචලිත කිරීමට යාම ඔහු කල වරද විය. එකල ක්‍රිස්තියානි ආගම සහ පල්ලිය යනු අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ ජන ඝාතන කිරීම සඳහා යොදාගත් දේශපාලන මතවාදය විය.

    ලතින් ඇමරිකාවේ මහා පරිමාණයේ ජන ඝාතන කිරීම සඳහා වතිකානුව අනුමැතිය දුන්නේය. මේ නිසා සුද්දා ලබා දුන් සංවර්ධනය සහ සංස්කෘතිය දේශීය ජනයා දෑතින්ම වැළඳගෙන බාර ගත්තේ නැත. එම නිසා සුද්දා විසින් දුන් සංස්කෘතිය මුළු රටටම බලපෑමක් නොකළේය.

    සුද්දා මෙරටින් යාමෙන් පසු කලක් දේශීය ප්‍රභූවරුද පසු කාලයක ගංජා කසිප්පු විකුණා මුදල් හම්බ කල මැරයන්ද රටේ පාලනය භාරගත්හ. වර්තමානයේදී අසංස්කෘතික දේශීය ගං කබරයන් විසින් ලංකාව පාලනය කරනු ලැබේ.

    සුද්දා වෙනුවට මෙරට ජනතාව තමන්ව පාලනය කිරීම සඳහා තෝරා ගත්තේ මිනි මරණ, පොදු දේපල හොරකම් කරන, කුඩු කසිප්පු විකුණන, දේශීය ගං කබරයන් පිරිසකි.

    මේ පාලකයන්ට මෙන්ම පාළිතයාටද සංස්කෘතියක් නැත. ඒ නිසා සෑම මැතිවරණයකදීම රටේ පාලනය භාර දීම සඳහා ජනතාව පත් කරන්නේ නුගත් මැරයන් පිරිසකි. ලාංකික ජනතාවට උසස් සංස්කෘතියක් තිබුනේ නම් තමන් පාලනය කිරීම සඳහා ගං කබරයන් පත් කර ගන්නේ නැත.

    අසංස්කෘතිය මේ රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිර තිබේ. මේ රටේ කසල ඉවත් කිරීමේ සංස්කෘතියක් නැත. මානව ගනුදෙනු වලදී සංස්කෘතියක් නැත. එසේම මේ රටේ මහා මාර්ගයේ වාහන ධාවනයේ දී කිසිම සංස්කෘතියක් නැත.

    ලංකාවේ සිදුවන වාහන අනතුරු දෙස බැලීමේදී පෙනී යන්නේ එම අනතුරු සිදු වීමට මුලික හේතුව නම් ලංකාවේ ජනයා තුල සංස්කෘතියක් නොමැති නිසා අවිනය මත සිදු වන ඉතා පහසුවෙන් වුවද වලක්වා ගත හැකි අනතුරු බවයි.

    වාහන එළවීමට තාක්ෂණ දැනුම ලාංකිකයාට තිබුනද ඒ තාක්ෂනය සමග බැඳුනු විනය ඉවසීම, හික්මීම සහ සංස්කෘතිය ලාංකිකයාට නොමැත. එයට හේතුව ලාංකිකයා තවමත් ශිෂ්ඨත්වයට පත් වී නොමැති නිසා වේ. මේ නිසා වාහන අනතුරක් සිදු වූ විගස ටයර් පුළුස්සා මහාමාර්ග අවහිර කොට ජනයා උද්ඝෝෂණය කරති.

    දියුණු සංස්කෘතියක් ඇති රටක ජනයා ප්‍රසිද්ධ ස්ථාන වල හැසිරෙන අන්දම සහ ලංකාවේ ජනයා හැසිරෙන අන්දම ගැන බලන්න. අනෙකාට කරදරයක් හිරිහැරයක් නොවන අන්දමට හැසිරීමට ලාංකිකයා දන්නේ නැත. මෙය නුගත් අසංස්කෘතික ගෝත්‍රික ලක්ෂණයකි.

    අසල්වැසි නිවසකට කරදරයක් නොවන අන්දමට ගුවන් විදුලිය, රූපවාහිනිය පවා ක්‍රියාත්මක කිරීමට මිනිසුන් නොදනිති. නුගත් අසංස්කෘතික ගෝත්‍රික ලක්ෂණයෙන් ලාංකිකයා අනුනය. පොදු ප්‍රවාහනයේදී ලාංකිකයාගේ අශිෂ්ඨබව කෙසේද යත් කාන්තාවකට ලිංගික හිංසනයක ලක් නොවී ලංකාවේ බස් රථයක යා නොහැක.

    ලංකාවේ අධ්‍යාපනික ආයතන වල පවා මේ නුගත් අසංස්කෘතික බව තිබේ. කායික හෝ වාචික හිංසනයකට ලක් නොවී ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබීමට නොහැක. ලංකාවේ උගත් මිනිසුන් තුල පවා අශිෂ්ඨත්වය තිබේ. එම නිසා ලාංකිකයාට සාක්ෂරතාවය තිබුනද ශිෂ්ඨත්වය නොමැත.

    ලංකාවේ බොදු ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු ආගමික සංස්ථා වලින්ද මේ අසංස්කෘතික බව ඉවත් කිරීමට වැඩ පිළිවෙලක් දියත් වෙන්නේ නැත. මේ ආගමික සංස්ථා වලින් වැඩිපුරම ලාංකික සමාජයට පිට කරන්නේ ආගමික අන්තවාදීන්, මුලධර්මවාදින් සහ ලිංගික විකෘතියෙන් පෙලෙනවුන්ය.

    ප්‍රජාව උසස් සංස්කෘතියක් කරා ගෙන යාමට අධ්‍යාත්මික නායකත්වයක් දීමට මේ ආගමික සංස්ථා අසමත් වී තිබේ. මේ නිසා ප්‍රජාවන් තුල තිබෙන්නේ අශිෂ්ඨ බවකි. එබැවින් ඕනෑම අන්තවාදයක්, මුලධර්ම වාදයක් ලංකාවේ මිනිසුන් තුල පහසුවෙන් වගා කල හැක. ලාංකිකයන් අන්තවාදයට මුලධර්මවාදයට පහසුවෙන් යටවේ.

    ආර්ථික මට්ටම සහ සමාජ පන්තිය කුමක් වුවද උස් පහත් භේදයකින් තොරව ලාංකිකයා අසංස්කෘතික අර්ධ වනචාරියෙකි. මේ සඳහා නිදර්ශන දෙකක් දිය හැක. හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර පාසල් ගුරුවරියක් බලෙන් දණ ගැස්සුවේය.

    ආනන්ද සරත් කුමාර යනු පිටිසර ගමක දුගී පවුලක ඉපදුන පුද්ගලයෙකි. ඔහු පාසල් ගියේ ටකරං මඩුවක් වැනි ගමේ පාසලටය. ඉංග්‍රීසි වචනයක්වත් බැරිය. එසේම ගුණධර්ම අතින් ඔහු තිරිසනෙකුද විය.

    මේ මදාවි දේශපාලකයාට යළි නාමයෝජනා ලැබීමට නියමිතව තිබුණි. එසේම ඔහු තරඟ කලේ නම් අප රටේ නුගත් අසස්කෘතික වනචාරී චන්දායක ජනතාව මොහුව වාර්තාගත මනාපයක් සමග පත් කර ගැනීමේ සම්භාවිතාවක්ද තිබුණි.

    ශිෂ්ඨ රටක මෙවැනි ක්‍රියාවක් කල දේශපාලකයාගේ දේශපාලන ජීවිතය ඉන් හමාරය. නමුත් ලංකාව වැනි දියුණු සංස්කෘතියක් නොමැති පසුගාමී රටක මේ ක්‍රියාව ඔහුගේ දේශපාලන ජනප්‍රියතාව ඉහල දමයි. ජනතාව එවැනි චරිත වලට පෝලිමේ ගොස් චන්දය දෙති.

    දෙවන සිදුවීම දෙස බලන්න. රමිත රඹුක්වැල්ල යනු කෙහෙළිය ඇමතිවරයාගේ පුතාය. දේශපාලනයෙන් සහ වෙනත් ක්‍රම වලින් හරි හම්බ කරගත් නිසා ඔවුනට මුදල් යහමින් තිබේ.

    රමිත පාසල් ගියේ කොළඹ ලොකු ඉස්කෝලයකටය. කතා බහ ඉංග්‍රීසියෙනි, යන්නේ තඩි කාර් වලය. සමාජ මට්ටම අතින් වෙනස් වුවද සංස්කෘතික වශයෙන් ආනන්ද සරත් කුමාර සහ රමිත රඹුක්වැල්ල අතර ලොකු වෙනසක් නැත.

    රමිත රඹුක්වැල්ල බීමතින් බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයක දොර උඩු ගුවනේදී ඇරීමට තැත් කළේය. මේ ක්‍රියාව උසස් සංස්කෘතියකින් සහ ශිෂ්ඨාචාරයකින් පැමිණි වෙනත් රට වල මගීන්ට භීතිය ගෙන ආවද රමිත රඹුක්වැල්ල වැනි අසංස්කෘතික ලාංකිකයෙකුට එය ආතල් එකකි.

    යම් ලෙසකින් ලාංකිකයාට උසස් සංස්කෘතියක් තිබුනේ නම් මර්වින් සිල්වා වැනි දේශපාලකයන්ට වරින් වර මුග්ධ හැසිරීම් පෙන්වන්නටත් ඒ හැසිරීම් හිරිකිතයකින් තොරව රස කාරක යොදා මාධ්‍ය මගින් පෙන්විමටත් හැකි වේද?

    උසස් සංස්කෘතියක් පවතින රටක මර්වින් සිල්වා යනු සිර ගෙදරක හෝ මානසික රෝහලක සිටිය යුතු චරිතයකි. නමුත් මේ චරිතය පහත් සංස්කෘතික මට්ටමක් ඇති ලංකාව වැනි පසුගාමී රටක ප්‍රධාන පෙලේ දේශපාලකයෙකි.

    ලංකාවේ මාධ්‍ය පවා පාලනය වන්නේ අශිෂ්ඨ නුගත් ගෝත්‍රික හැඟීම් අනුවය. සංස්කෘතියක ප්‍රවර්ධනය වෙනුවට ජනමාධ්‍ය තව තවත් අශිෂ්ඨත්වය සමාජයේ වර්ධනය කිරීමට දායක වෙති. මේ රට එක් ආකරයක දැරණියගල නූරීය වත්තට සමාන කල හැක. මැරයෝ කැමති ලෙස හැසිරෙති. ධනය කොල්ල කති.

    කාන්තාවෝ ළමයින් දුෂණය කරති. දුෂණය කල සන්කියාව සමරන්නට පාටි දමති. පිටරටින් සුද්දෙකු හා සුද්දියක පැමිණි විට සුද්දාට වෙඩි තියා සුද්දිය දුෂණය කිරීමට ලංකාව නමැති නූරිය වත්තේ ප්‍රාදේශීය දේශපාලකයෝ ක්‍රියා කරති. මේ අසාධාරණයන්ට කිසිවෙකු විරෝධතාවක් දක්වන්නේ නැත. හේතුව මේ රටේ ජනතාවක් කියා කෙනෙකු නැත.

    සිටින්නේ අසංස්කෘතික අර්ධ වනචාරී ගෝත්‍රිකයන් පිරිසකි. ඒ නිසා මේ රට කවදාවත් ශිෂ්ඨත්වයට පත් වන්නේ නැත. එම නිසා මේ රටට අවශ්‍ය අධිවේගී මාර්ගද ගුවන් තොටුපොළවල් ද කියා යලි සලකා බැලීමේ කාලය එළඹ තිබේ.

    අධිවේගී මාර්ග හා ගුවන් තොටුපොළවල් වලට වියදම් කරන මුදලට ලාංකිකයාට නවීන සංස්කෘතිය ශිෂ්ඨත්වය ඉගැන්වීම සඳහා සංවර්ධිත ශිෂ්ඨ රට වලින් උපදේශකයන් ගෙන්වන්නේ නම් අඩුම ගන්නේ අපගේ අනාගත පරපුරවත් මේ කාලකන්නි සාපයෙන් මිදෙනු ඇත.

  2. ඕකට හේතුව සංස්කෘතිය කියනදෙයට වඩා සම්ප්‍රදාය කියන එක ඔලුව උඩ තියා ගන්න එක.මං පහත දාන්නේ ලංකාවේ පත්තරවල වැටිච්ච සිරස්තල එක්ක තිබුනු කතා කීපයක්.
    පසුම්බියේ කොන්ඩම් තියාගෙන හිටපු තරුනයො වගයක් පොලිසියෙන් අත් අඩංගුවට අරන්.නාගරික වතු නිවාසවලට කොන්ඩම් බෙදන්න ගිය කාන්තාවක් පොලිසියෙන් අත් අඩංගුවට ගන්නවා.ලිංගිකත්වය ගැන රූපවාහිනි වාර්තා වැඩසටහනක් කරන්න ගිය ප්‍රවීන නිවේදිකාවක් අනිවාර්ය නිවාඩු යවනවා.
    ඒත් මෙහෙම කරන තැන්වලම අලුතෙන් එන කෙල්ලන්ට වැඩ කියලා දෙන්න රිට්ස් එකටයි,ග්‍රීන් ලීෆ් එකටයි රිංගන්න යනවා.ඒක ඇවිල්ලා ලිංගික බෙලහීනත්වයේ කුහකකම මිසක් වෙන දෙයක් නෙවෙයි.

  3. ඒක ඇත්ත. බොරුවට හණමිටි අදහස් තියාගෙන එක තැන පල් වෙනවා..

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s