අනාගත තරුණපෙල සහ වැඩ බැරි ටාසන්ලා..


 ඉස්සර නම් ලංකාවෙ පාලකයො වගේම හිටපු මිනිස්සුත් ගොඩක් බුද්ධිමත් කියලා එදා මෙදාතුර වෙලා තියෙන සිද්දි වලින් පේනවා. නමුත් රටට ආදරේ කරන පාලක පක්ෂයක් නැති ඕනම රටක් නන්නත්තාර වෙලා චාටර් වෙන එක ඕන මැට්ටෙක්ට තේරෙන දෙයක්නෙ.

මේ අතරෙ මැටි මෝල් පාලකයන්ගෙ සනුහරේ එවුනුයි තව එවුන්ගෙ යාලු මිත්තරයොයි ගත්තම ඊටත් එහා. ඔක්කොටම වඩා බයානක වෙන්නෙ පාලකයගෙ පුතන්ඩියො හිටියොත්. මොකද ඊළඟ මහ රජ කමට මොන කෙළියක් හරි කරලා රිංගන්නෙ ඒ උත්තමයනෙ.

ඒ ගොබිලා මෙලෝ මගුලක් ගැන නොදන්න අප්පටම හපන් ගොයියෙක් වුනොත් බඩුම තමා ඉතින්. උගේ වටේ ඉන්න යාලුවොයි උන්ගෙත් යාලුවොයි ගත්තත් ඒ ආනිසංසෙම තමයි. වැඩි හරියක් චන්ඩි පාට් දාගෙන රටේ තියෙන පජාත කුප්ප වැඩ සේරම කරන එහෙම සෙට් එකක් රටේ පාලක පක්ෂයට සෙට් වුනාම තියෙන ආතල් එක අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.

අද අපේ රටේ මහ ජනතාව වෙච්චි බත් කන හරක් රැළත් ඊටම හපන්. මොන කුප්ප වැඩේ කලත් ඡන්දෙ දවසට ගිහින් කිසිම හිරිකිතයක් නැතුව කතිරෙ ගහලා එන්නෙ කිසිම දෙයක් නොදන්න ගානට. අඩුම තරමින් ඊට පස්සෙ තමන්ගෙ ඡන්දෙන් පත්වෙන ගොබ්බයා අලු ගසාදාලා ඇවිත් තමන්ගෙම ඔලුවට අත හෝදනවාය කියන දේ ගැන හාංකවිසියක්වත් නෑ.

මේ ලගදි අපේ රටේ අගමැති තුමා කියලා තියෙනවා මේ රටේ අනාගතේ තරුණ පෙළට බාර දිය යුතුයි කියලා.. මට තියෙන පුරස්නෙ ඔය කියන්නෙ මොන තරුණ පෙළ ගැනද කියන එකයි. මොකද අපේ රටේ තරුණ පෙළවල් ගොඩක් තියෙනවනෙ.

  • එකක් තමයි රටේ පාලකයගෙ පුතා ප්‍රමුඛ තරුණ පෙළ.

  • අනිත් අය රටේ මැති ඇමතිවරුන්ගෙ පුතා ප්‍රමුඛ තරුණ කැළ.

  • ඊට පස්සෙ පළාත් සභා, ප්‍රාදේශීය සභා, නාගරික මංත්‍රීලා වගේ අයගෙ පුත්තු ප්‍රමුඛ තරුණ පෙල.

  • ඊට පස්සෙ ඔය පෙර කියපු සෙට් එකටම හෙලුවෙන්ම කඩේ යන වියාපාරික ප්‍රජාවගෙ පුත්තු ප්‍රමුඛ තරුණ පෙළ.

  • ඊට පස්සෙ ඒ සේරමට කඩේ යන ගමන් රටේ  ලෝකෙ තියෙන කුපාඩි කම්, ජඩකම් මැරකම් වගේ කුප්ප වැඩ කරන පාතාලයොන්ගෙ පුත්තු ප්‍රමුඛ තරුණ පෙළ.

  • ඊටත් පස්සෙ තමයි අපේ ගමේ සයිමන් අප්පුලාගෙ ඩිංගිරි අම්මලාගෙ පුත්තු ප්‍රමුඛ තරුණ පෙළ ඉන්නෙ.

මේ සෙට් එකෙන් කොච්චර පෙරලා ගත්තත් උගත් බුද්ධිමතුන් ඉන්නෙ කොයි කුලකයේද කියන එක ගැන ප්‍රශ්නයක් මතු වෙනවා අතීතය සහ වර්ථමානය දිහා බලපුවාම. අප්පගෙ ඇමතිකම හෝ මංත්‍රීකමේ උෂ්ණය අරගෙන අනිත් අයට තග දාපු පුත්තු ඉන්න රටේ, තමන්ට අකුරු සාත්තරේ උගන්වන ප්‍රින්සිපල්ට බෙල්ලෙන් අල්ලලා කනට ගහන දේශපාලු පුත්තු ඉන්න රටේ, තමන්ගෙ පුතාට අවවාද අනුශාසනා කරපු ගුරුවරිය පාසලේදිම දණගස්සන මංත්‍රීවරු ඉන්න රටේ මේ අනාගතය බාර දෙන තරුණපෙළ ගැන  කතාව මට නිකං මඤ්ඥං වගේ.

ඉතින් ඔයාකාරයට ගත්තම කොයි තරුණ පෙලටද මේ රටේ අනාගතේ බාර දෙන්නෙ කියන එක ගැන අගමැති තුමා කියලා නෑ. හැබැයි එතුමා කියනවා

” වත්මන් කථානායක ධුරය දරන චමල් රාජපක්ෂ මහතාගේ පුතා, ඌව පළාතේ ප්‍රධාන අමාත්‍ය ධුරයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නම් කළ බවත්, එම අවස්ථාව ඔහුට හෝ තම පුතාට පමණක් නොව, ඕනෑම දක්ෂ තරුණ තරුණියකට අදාළ විය යුතු බවත්, දේශපාලන ක්‍ෂේත්‍රය මෙන්ම වෙනයම් ක්‍ෂේත්‍රයක වුව ද මෙරට අනාගතය තරුණ තරුණියන්ට භාර දිය යුතු බව තමන් විශ්වාස කරන බවත්, දක්ෂයන්ගේ හැකියාවෙන් රටට ප්‍රයෝජන ගත යුතු බවත්,” (ලක්බිම සැප්: 25)

කතාව ඇත්ත. අපිත් කියන්නෙ ඔය බණේම තමයි. නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ මේ ටික කාටද කියන්නෙ කියන එකයි. එන්ගලන්තෙ මහ රැජිනටද..? ඇමරිකාවෙ ඔබාමටද…?

-විකී-

Advertisements

6 thoughts on “අනාගත තරුණපෙල සහ වැඩ බැරි ටාසන්ලා..

  1. උන් කියන්නෙ මොනද කියලා උන්ම දන්නෙ නෑ… මිනිසුන්ට ජීවත් වෙන්න සටන් කරනව ඇරෙන්න මේවට වෙලාවක් නෑ… ඒ තත්වෙ උදාකරල තියෙන්නෙත් මේ උන්නාන්සෙලාම තමයි.. වල පල්ලට යනක්ම් පු‍ටුව අතාරින්න කරුවත් කමති නැහැ.. බුද්දිමත් මිනිස්සු මේ මඩ වලට බහින්න කැමති නෑ.. එක්කෙනෙක් දෙන්නෙක් මෙගන ක්තාකලත්, ඒ අයත් නවතින්නෙ අපහු ප්‍රශනෙ පටන් ගත්ත තැනම තමයි….

  2. තරුණයන්ට භාරදෙන්න කලිං හිටගෙන ඉන්න බැරි නාකි ටික අයින් වෙලා හිටියනං නේද හොඳ? (දිමුත් ඇතුළුව)

  3. බාර ගන්න තරම් ( හොද, අවන්ක ) තරුනයො ඉන්නවද ? ඉන්නවනම් ඉන්නෙ මෙයාලගෙම අයනෙ.. ඉතින් රිමෝට් එක මෙයාලගෙ අතේමයි යාලු…..

  4. 😀

  5. හ්ම්…

  6. Pingback: ලෝක ළමා දිනය සහ පම්පෝරි.. | Niruwatha|නිරුවත

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s