හයිවේ එක පට්ට ට්‍රැෆික් ඕයි…


රටක් විදිහට ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීම පවතින රජයේ කාර්යභාරයක් නමුත්, ජනතාවගේ මුලික අවශ්‍යතා පසුපසට දමමින් සිදුකරන්නට යන සංවර්ධනය රටටවත්,ජනතාවටවත් ඵලක් වෙන්නේ නැහැ… ඒක නිකම් හරියට කන්න ඉල්ලපු මිනිසුන්ට ෆිල්ම් බලන්න දුන්නා වගේ වැඩක්…

ආසියාවේ මොකක්ද එකක් වෙන්න යන ගමනේදී දියුණු වෙන්න ඕනේ,නිසි කලමානකරණයට ලක් වෙන්න ඕනේ දකුණ සහ උතුර විතරක් නෙමෙයි… බස්නාහිර වගේම රයේ සියලු ප්‍රදේශ නිසි කළමනාකරණයට ලක් වෙන්න අවශ්‍යයි… ආණ්ඩුව ඒක මග හැරීමමනම් එක්කෝ කුහක කම,නැත්නම් ආණ්ඩුවේ නොහැකියාව..කියන්න යන්නේ මේකයි,

රටේ ව්‍යවස්ථාදායකය පවා පිහිටා තිබෙන ශ්‍රී ජයවර්ධන පුර ප්‍රදේශය මල් වවලා, ගස් වවලා,පාර්ක් හැදුවට වැඩක් නැහැ වසර ගානක තිස්සේ පවතින ලොකුම ගැටලුවට විසදුවමක් දෙන්න තාම ආණ්ඩුවවත්,නාගරික සංවර්ධනයටවත්,ආරක්ෂක අමාත්‍යංශයටවත්, ඒ පිළිබද කිසිදු බලධාරියෙකුටවත් හැකිවෙලා නැහැ.. ඒ ගැටළුව තමයි උදෑසන ඒ ප්‍රදේශයේ පවතින දැඩි වාහන තදබදය….

”අධීවේග හදලා කොලබ ඉදන් ගාල්ලට පැය 2න්- 3න් යන්න හැදුවට වැඩක් නැහැ..
මට ඊයේ බත්තරමුල්ලේ ඉදන් ඇස් වාට්ටුව ගාවට යන්න පැය 3යි විනාඩි 40ක් ගියා..”

පාසල් යන ළමයි,කාර්යාල සේවකයෝ වගේම විවිධ කටයුතු සදහා කොලබට යන අය බොහෝදෙනා කොලබට පිවිසෙන මාර්ගයක් තමයි බත්තරමුල්ල,කෝට්ටේ,රාජිගිරිය,බොරැල්ල හරහා පිව්සිම…ඒ මාර්ගයේ යන අය දන්නවා තියෙන තදබදය… නිකම් හරි ළමයෙක් හම්බ වෙන්න යනකෙනෙක් ඔය පාරේ උදේ ගියොත්  රිජ්වේ එක ගාවට යනකොට ළමයා හම්බවෙලා… අනිත් දේ තමයි අපරාදේ මහා මගට පිච්චෙන සල්ලි….!

දැන්වත් නිසි බලධාරිත් මේ මහා මාර්ග තදබදය අඩු කරගන්න නිසි පියවර ගන්න අවශ්‍යයි.
නැත්නම් ආසියාවේ මොක උනත් වැඩක් නැහැ..

-දසුන් වානගුරු-

Advertisements

4 thoughts on “හයිවේ එක පට්ට ට්‍රැෆික් ඕයි…

  1. උඹ ගාල්ලේ පින්නදූවෙන් ගෙයක් ගන්න
    කොට්ටාවෙන් ජොබ් එකක් හොයාගන්න

    බොරුවට යූඇම්පී නැත්තං ජෙප්පෙක් වගේ ආන්ඩුවට බනින් නැතුව

  2. ඕකට විසදුමක් දෙන්න කලින් චන්දන ඇල්ලවල මහතාගේ කොමන්ටුව අගය කරලා ඉන්න ඕනි..
    ඔය රාජගිරිය කියන්නෙ බුදු ට්‍රැෆික් එකක් තයෙන පැත්තක් මම දන්න කාලෙක ඉදලා..
    නමුත් අලුතින් මිනිස්සු බෝඩිං හොයන්නෙත් ගෙවල් තෝරගන්නෙත් ඔය පැත්තෙන්..ඒ මදිවට ජොබ් එක තියෙන්නෙ බම්බ, කොල්පිටි හෝ කොටුව..ඉතිං වෙලාව යන එක ආයෙත් අහන්න දෙයක් නෙමෙයි..

    ඕකට හොදම විසඳුම ජොබ කරන්නෙ ගාලු පාරෙනම් බෝඩිම හෝ නවාතැන හෝ ගෙදර ස්ටේෂන් එකක් ළඟින් හොයා ගන්න එක..මොනව නැතත් කෝච්චි ටික නම් වෙලාවට එනවා තවම..

  3. Amila & Chandana ඔය කියන්නෙ රස්සාවල් කරන අය ගැනනෙ.. එතකොට එදිනෙදා කටයුතු වලට හෝ වෙනත් කටයුතු වලට කොළඹට එන පිටස්තර මිනිස්සු ගැන හිතන්නෙ නැද්ද..?

  4. මම ඕකට සොලියුෂන් එකක් කාලේකට කලින් ලිව්වා.. දෙන්න ඕන උන්ට දුන්නා. යවන්න ඕන උන්ට ඇරියා.. එකෙක්ගෙන් වත් උත්තරය්වත් ස්තූතියක්වත් නෑ.. ඔය මරදානේ ක්‍රමෙත් මම කිව්වේ බොහෝ කාලේකට කලින්.. ඒත් මම කියපු විදියට නෙමෙයි දාලා තියෙන්නේ. එහෙම දැම්මානම්.. ඔය තද බදය නෑ..

    මෙතනින් බලන්න..
    http://maathalan.blogspot.com/2013/03/no-more-traffgic-in-colombo-city.html

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s