අපේ රටේ කුජීත කොන්දොස්තරලා..


ලංකාවේ ජනතාවට දකින්න අහන්න අකමැතිම පිරිස් කීපයක් ඉන්නවා. එකක් තමයි පොලීසිය. අනික් අය දේසාපාලුවො. තවත් පිරිස් කීපයක් වගේම ලොකුම හිසරදයක් වෙච්ච සෙට් එකකුත් ඉන්නවා. ඒ තමයි බස් කොන්දොස්තරලා.

මමත් පයින් ගියත් යන්න අකමැතිම වාහනය තමයි බස් එක. නමුත් කරුමෙට දැන් හැමදාම බස් එකේම යන්න වෙලා. ඒ යන එන ගමන් දකින කොන්දොස්තර හෙවත් කොන්දලාගෙ වැඩ කිඩ මතක් වෙනකොට ඌරු ජුවල්.

ඉස්සරනම් කොන්දොස්තරලාගෙ කාරිය කලේ ටිකක් වයසක තලත්තෑනි උදවිය. මට මතකයි මම පුංචි කාලෙ හිටපු කොන්දොස්තර මහත්තෑලා බොහොම ගරු සරුව ඇතුවයි මගීන්ට කතා කලේ. ඒ වගේම මගීන්ට ටිකක් බය පක්ෂපාත ගතියකුත් තිබුනා. හප්පේ… අන්න ඒකට දැන්.

දවසක් මම ගියපු බස් එකේ හිටපු කොන්දා ටිකක් මැදි වියේ කෙනෙක්. මිනිස්සුන්ව නග්ග ගන්තෙ පුදුම ආදරෙන්. අපරාදෙ කියන්න බෑ විනාඩි ගාණක් ඉඳලාහරි කිලෝමීටරයක් ඈත එන මනුස්සයවත් දාගෙනමයි ගියේ. හැබැයි මිනිස්සු බහිනකොට හිටියේ වෙන කොන්දෙක්ද කියලත් හිතුනා. මම කීප සැරයක්ම බැලුවා මිනිස්සු නග්ග ගන්නේ සහ බස්සවන්නේ එකම කොන්දමද කියලත්. ඔව්…එකාම තමයි. හැබැයි කොන්දගෙ වෙස් මාරු වෙනවා. නගිනකොට බොහොම ආදරෙන් අතිනුත් අල්ලලා නග්ග ගත්තට බහිනකොට නම් මිනිහා එහෙම නෑ. 

”බහින්න බහින්න… කෝ මේ.. ඉක්මනට බහිනවා හලෝ.. මොන මගුලක් කරනවද මන්දා. පරක්කු වෙනවා.” අන්න එහෙමයි කතා කලේ. මම ඒත් කල්පනා කොලා පැය කාලක් විතර මිනිහෙක් එනකං බස් එක නවත්තන් ඉන්න කොන්දට මිනිස්සු බහින විනාඩියට දෙකට  පරක්කු වෙන්නෙ කොහොමද කියලා. 

හැමදාම වගේ තොටලඟ බස් නැවතුමේ නතර කරන බස්වල ඉන්න කොන්දලත් මරු. බස් එකේ පත බෝඩ් එකක් ගහලා තියෙද්දිත් ගිරිය කඩන් කෑ ගැහිල්ල නතර කරන්නෙත් නෑ. ඒ මදිවට සමරු කෑ ගහන්නෙ බස් එක ඇතුලෙම ඉඳගෙන. ඊටත් හපන් කන පැලෙන්න කැසට් එකත් දාගෙනම. ඒ අතර තවත් බස් එකක් ආවොත් ඔන්න ඉතින් නයාට මුගටියා දැක්කා වගේ. ඒ බස් කාරයා එක්ක ඇරගන්නමයි හදන්නෙ.

කියන්නෙත් හොඳ සංවර සුද්ද සිංහල වචන. අහන් ඉන්න ආසයි. මිනිස්සු ඉන්නවා කියලා ගාණක් නෑ. හිතන් ඉන්නෙ මිනිහ මාර පොර කියලා. මිනිහා දන්නෑ මිනිහගේ කාඩ් එක කුඩු වෙනවා කියලා. ඒ වෙලාවෙ මට ඇහුනා මගියෙක් කියාගෙන ගියා ” මුංගෙ ජාතකේ වැරැද්ද තමයි. අඩුම තරමෙන් දෙකේ පන්තියටවත් ගිහින් තිබුන නම් ඔහෙම වෙන්නෑනෙ. කතා කරන්න දන්නැති මී හරක්” කියලා..

තව දවසක් සැමන් ටින් එක වගේ කට කපලා සෙනග පුරව ගත්ත බස් කොන්දෙක් බෙරිහන් දෙනවා. ” මේ…ඔය ඉස්සරහින් පස්සට යන්න.. පස්සට යනවකෝ… මේ ඔය කහපාට ටීෂර්ට් නෝනා.. ඔතන නැලවෙන්නැතුව යනවකො පස්සට” කියලා මිනිහා බෙරිහන් දෙනවා ඉස්සරහ දොරෙන් නැගලා. ඒ නෝනත් බිම බලාගෙන පස්සට ගියා හෙමීට.

ඊට පස්සෙ ආයිත් පස්ස දොරෙන් නැගලා කෑ ගහනවා. ” මේ ඔය පිටිපස්සෙ ඉන්න අය ඉස්සරහට යන්න.. කිව්වම අහලා යනවලකෝ ඉස්සරහට … මේ ඔය නෝනා.. යනවකෝ ඉස්සරහට..” අර නෝනත් ආයිත් ගියා ටිකක් ඉස්සරහට.

මේක බලාගෙන පිටිපස්සෙ දොර ලඟ හිටගෙන හිටියා ටිකක් වයසක අංකල් කෙනෙක්. දෙකක් දාගෙන වගේ හිටියෙත්. මිනිහට මළම පැනලා. ” මේ ඕයි… තමුසෙට පයිත්තියන් ද.. ඉස්සරහ ඉන්න අයට පිටිපස්සට යන්නලු.. පිටිපස්සෙ අයට ඉස්සරහට යන්නලු.. මොන $%#&*((&)^% ද ඕයි කියවන්නෙ… කොහෙටද යන්න කියන්නෙ…මෙතන කණක් ඇහෙන්න නෑ. එක්කො යන්න පුලුවන් ගානට මිනිස්සු නග්ග ගන්න ඕනෙ.. මුගේ අම්මට $&^(^*())_*(&*&%^&….” කියලා අංකල් දෙනවා ඇට්ටි හැලෙන්න. කොන්දා ඊට පස්සෙනම් ටිකක් සැර බාල කරලා කෑගැහුවෙ අංකල් බැහැලද කියලා හොරෙන් බල බලා.

ඔන්න ඔයාකාරයි අපේ බස් කොන්දොස්තර වරුන්ගෙ කල්කිරියාව. විලි ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තෙම නෑ. ඊට වඩා පුදුම ලොකු කමක්. හරියට බස් අයිතිකාරයා වගේ. ඊටත් හපන් සමහර කොන්දලා උදේ පාන්දර දැක්කම බඩුම තමා. සමහරු මූණ සෝදලත් නෑ. කලින් දවසෙ ගෙදර ගිය විදියටම අතපය වත් නොසෝදා  නිදාගෙන … ආයෙත් නැගිට්ට ගමන්ම ඇවිල්ලා වගේ. උදේ පාන්දරම ලගින් යන්න බෑ දාඩිය ගඳයි කිලුටු ගඳයි. 

මගී ප්‍රවාහන අධිකාරියෙන් නිකුත් කල රාජකාරි නිල ඇඳුම ඊට හපන්. ඒක සෝදලා නෑ ගත්ත දවසෙ ඉඳන්. හරියට මැනින් මාකට් එකේ නාටාමි කෙනෙකුගෙ ඇඳුම වගේ. එච්චරට පිරිසිදුයි. බලන්න ලස්සනයි. කොලර් එක වටේ කුණු ලොරියක් විතර. රැවුල කොන්ඩෙ කපලා නෑ මාස ගාණකින්. ගොඩක් මිනිස්සු මහා හිරිකිතයකින් මේ අය දිහා බලනවා මම දැකලා තියෙනවා. සමහර ජැන්ඩියට ඇඳ පැළද ගත්ත මහත්වරු, නෝනලත් බස් එකේ වැඩට යනවා. එයාලගෙ ඇඟේ ඇතිල්ලීගෙන මේවගේ කොන්දෙක් යනකොට ඉතින් හරිම සනීපයි.

කොන්දන්ගෙ වැඩ වලින් ඉතාම ටිකයි මම කිව්වෙ. තවත් මීට වඩා හොද හොද සිද්දි ඔයාලත් දන්නවා ඇති. කොහොම වුනත් පොදු මගී ප්‍රවාහන සේවයේ යෙදෙන බස් රථවල සේවයේ ඉන්න කොන්දොස්තර වරුන් ගැන නම් අදාල බලධාරීන් අවධානය යොමු කල යුතුමයි. විශේෂයෙන්ම මේ ප්‍රශ්නය වැඩියෙන්ම පවතින්ගේ පුද්ගලික බස් රථ වලයි.

ආදල තනතුරු සඳහා යම් ක්‍රමවේදයක් අනුව සුදුසුකම්ලත් අයවලුන් යොදවන්න කටයුතු කරනවානම් තමයි හොඳ. අඩුම තරමින් මාස දෙක තුනකට වරක් වත් මේ අයට වැඩමුලු පවත්වලා ස්වයං පාලනය සහ විනය ගැන උපදෙස් සහ මහ ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කරන ආකාරය ගැන දැනුමක් ලබාදෙන්න වටිනවා. 

ගැමුණු මහත්මයටත් කියන්න තියෙන්නෙ ඔය එක එක විකාර වැඩ නවත්තලා පුද්ගලික මගී ප්‍රවාහනය යම් ප්‍රමිතියක් ඇතුව ශිලාචාරව පවත්වාගෙන යන්න වැඩපිළිවෙලක් හදන්න කියලයි. නිකං බොරුවට වරජන කර කර කාලෙ කනවට වඩා සමස්ත පොදු මහජනතාවම තමන්ගෙ වෘත්තිය වටා එක් රොක් කරගෙන සියල්ලෝම සමගින් එක්ව යන සිස්ටම් එකක් ගැන හිතන්න කියලයි.

එසේ නැතිනම් හැමදාම සතුටින් දවස පටන් ගන්න හිතන් පාරට බහින මිනිස්සුන්ගෙ හිත් නරක් වෙලා මානසික මට්ටම අවුල් සහගතවයි හැමදාම ජීවත් වෙන්න සිද්ද වෙන්නෙ.

ප.ලි. මෙහි ඡායාරූපයේ සිටින කොන්දොස්තර මහතා මෙයට කිසිදු සම්බන්ධයක් නැති අතර මේ පලවෙන විස්තරයද ඔහු ගැන නොවේ. හුදෙක්ම මෙම පින්තූරය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද අතර ඔහු සම්බන්ධයෙන් වැරදි වැටහීමක් ඇතිකර නොගන්නා මෙන් ඉල්ලමි.

-විකී-

Advertisements

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s