බක තපස් රකින පොරවල් සහ හොර සිල්..


421317_286201781438834_402176965_n 533972_344708055588206_1979824342_n

 

කුමරියක පා සළඹ සැලුනා …..වසා සිටි නෙතු පියන් ඇරුනා

කුමර බබසර අසපුවේ මා …..සමවැදී උන් දැහැන් බිදුනා

කුමරියක පා…..සලඹ සැලුනා ……………

උකුල ලැමහස මලවි කරලිය …..මුවා කල ඇගෙ දුහුල් සලුතිර

විවර කෙරුවා මනස් සලෙලුන් ….. උමතු වූ දෙනුවන් රැහැන් ඇද

මා අභියස මැවෙන තුසිතය…… සුරන් නැලවූ  සුයාමය

කුමරියක පා සලඹ සැලුනා ……………

නිසල ජීවන තපෝවන මැද…… හැගුම් ගජසෙන් යදම් බිද වැද

තලා සිත කම්පනය කරවයි …..ලපලු තුරුවැල් කැකුලු මල්පෙති

මා හඩවයි බිදුනු තුසිතය……. සුරන් නැලවූ සුයාමය

කුමරියක පා සලඹ සැලුනා ……

පන්ඩිත් අමරදේව සිලම්බු පැලද සිටි ගැහැනියක් තමා අසලින් ගිය විට වසා සිටි ඇස් ඇරීමද සාමාන්‍ය දෙයකි. ඇය රූප ස්වභාවයෙන් අනුනයි නම් ඇයගේ දේහයේ වදින ඇස්වල මැවෙන රූප චිත්ත රූප බවට පත් වීමද නියතයකි. ඒ තුලින් කාමුක සිතුවිල්ලක් පහල වීමද සත්‍යයකි.

ඉහත සියල්ල ස්වභාවික වන්නේය. ස්වභාවිකත්වයට පිටුපා මහත් වූ වෙහෙසකර අභ්‍යාසයක යෙදෙන අඥාන මිනිසුන් ගැහැනිය සිතින් දූෂනය කර ඇයට දොස් නගයි. එය ආගමික කුපාඩීන්ගේ ජන්ම ගතියකි. බෞද්ධ සමාජය තමන්ගේ කුපාඩිකමට පිලියම් වශයෙන් බොලට දක්වා ඇදීමට යෝජනා කරන අතර, ඉස්ලාම් හා හින්දු හා ක්‍රිස්තියානි (යුදෙව්) සමාජයන් හිසේ සිට වසන ලෙස අණ කරනු ලබයි.

මහා ලොකු වැඩක් ලෙස පෙන්වමින් සිතින් හා කයින් සංවර වීමට උත්සහා ගැනීමට වෙර දරන කොයි බමුනත් ලිංගිකත්වය ඉදිරියේ සිය තපස් බව තුට්ටුවකට මායිම් නොකර කුපාඩි කම නැමති ගජ සේනාවට පන පොවනු ඇත. එයින් නොනැවතින ඔවුහු ස්ත්‍රී පීඩක කාම ලෝලිත සමාජයක් දක්වා තම මතයන් රැගෙන යනු ඇත. හොර සිල් රකින කොයි පූස් තඩියගෙ හැටිත් අප දනිමු. අප නුඹලාගෙන් ඉල්ලා සිටින්නේ උඹලා උබලාගේ වැඩේ කරගනිල්ලා අපට පොයිය නොදා. අපටත් නිදාහසේ ඉන්න දීපල්ලා. යන සාධාරන ඉල්ලීමයි.

-රංජිත් රත්නායක-

Advertisements

3 thoughts on “බක තපස් රකින පොරවල් සහ හොර සිල්..

  1. අදනේ දන්නේ තමුසේ සමරිසියෙක් කියලා. කලින් කියනවකො. නැත්නම් අපේ දුව දෙන්නයි හිතාගෙන හිටියේ

  2. මානසික අසහනයකින් පෙලෙන අයකු, තමාගේ මානසික අසහනය නිසා පීඩා විඳිමින් සිටින අතරතුර එම පීඩාවන්ට හේතුව තමාගේ හිත නොව සමාජය සහ සංස්කෘතිය යැයි සිතා සමාජය දෙස ද්වේශයෙන් බලා ලියන ලද්දකි.

  3. ane apoye ranjiyo

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s