ජනප්‍රිය සංස්කෘතිය සහ ටෙලි ඕපාදූප


   

             වර්තමානයේ වසංගතයක් තරමට උඩු දුවලා තියෙන රෝගයක් තමයි ටෙලි නාට්‍ය කියන්නෙ. මේවාට මිනිස්සු මෙච්චර ඇබ්බැහි ‍ෙවලා තියෙන්නෙ ඇයි කියන එක හරිම පුදුමයි. විශේෂයෙන්ම කාන්තාවන්.

ඉස්සර කාන්තාව කලේ තමන්ගේ කාලය සහ ඕපාදූප කුතුහලය සංසිදුවා ගන්න ගමේ තියෙන විශේෂිත ස්ථාන වලට රැස් ‍ෙවන එක. එයින් ප්‍රධාන ‍ෙවන්නෙ නාන ලිඳ හෝ සමහර ගම්වල නම් තියෙන වතුර පීල්ල. මෙතනට රොක් ‍ෙවන කාන්තාවන් රටේ ලෝකෙ තියෙන ප්‍රශ්න සහ ඒවා සිදුවූ ආකාරය ඉතා රසවත්ව ඉදිරිපත් කිරීමටත් රසවිඳීමටත් තම කාලය වැය කලෝය.

නූතන කාන්තාව එයින් ‍ෙවනස් ක්‍රමයක් තමයි අනුගමනය කරන්නෙ. අද ළිඳට යන්න අවශ්‍ය නෑ. හැම ගේකම වගේ ජල නල පහසකම් තියෙන නිසා. නමුත් රටේ ලෝකේ සිද්ද ‍ෙවන ඕපාදූප දැනගන්න ක්‍රමයක් තමයි නැත්තෙ. දැන් ඒකට විකල්පයක් තියෙනවා. ඒ තමයි හැම රූපවාහිණී නාලිකාවකම විකාශය කරන මෙගා ටෙලි නාට්‍ය.

ජනප්‍රිය සංස්කෘතියේ ඇති ප්‍රධාන අංගයක් වන මේ රූපවාහිනී මාධ්‍යය තුලින් නගරයේ පමණක් නොව ගමේ කාන්තාවගේද මනස අච්චාරු කිරීමට අද සමත් ‍ෙවලා තියෙනවා. විශේෂනේම කාන්තාව සතු ඕපාදූප සෙවීමේ ආ‍ෙව්ණික ලක්ෂණයට මහත් රුකුලක් දායකත්වයක් දක්වන මෙම මෙගා ටෙලිනාට්‍ය නැරඹීම අද කුඩු ගැහුවාට වඩා ඇබ්බැහි ‍ෙවච්ච දෙයක්.

මෙම නාට්‍ය තුලින් පෙන්වන කතා මාලාවන් එදිනෙදා ජීවිතයේ පවතින සහ සියලූම දෙනා අත් දකින පොදු සංසිද්ධීන් වුවත්, එම කතා‍ෙව් දිගහැරෙන ‍ෛවරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැනි පොදු සාධක තම ජීවිතයේම කොටසක් කර ගනිමින් සිය පවුල් ජීවිතයද අවුල් කරගන්නා කාන්තාවන් අද සමාජයේ දැකිය හැකිය.

තම ස්වාමි පුරුෂයා ගැන තමන් තුල තිබූ අපරිමිත විශ්වාසය සහ බැඳීම ටෙලි නාට්‍යයක ඇති චරිත සමග සන්සන්දනය කර හෝ ආදේශ කර ගනිමින් එකී පවුල් ජීවිතය අපායක් කර ගත් කාන්තාවන් ගැනද මම අසා දැක ඇත්තෙමි. එතරම්ම විනාශකාරී තත්වයක් ඇති කිරීමට මෙම ටෙලි නාට්‍ය වලට හැකිවී ඇත්තේ කාන්තාවන් තුල තිබෙන කුමක් හෝ දුර්වල කමක් නිසා යැයි බැලූ බැල්මට පෙනෙන කාරණයකි.

ඈත අතීතයේ පටන් කාන්තාව සතුව පැවති ඕපාදූප සොයා රස විඳීමේ ආශාව සහ කුතුහලය සමගින් විශාල පියවරක් ඉදිරියට පැමිණ ඇති අද ටෙලි නාට්‍ය කලාව ජීවිතයට කෙතරම් බද්ධ වී ඇත්දැයි නූතන කාන්තාව දෙස බලන විට පෙනී යයි. පැය ගණනක් රූපවාහිණිය ඉදිරිපිටට වී කාලය කා දැමීමට තරම් අද කාන්තාව පෙළඹී ඇත්තේ ඉහත කී ළිඳ ලඟ සංගමයක් අද සමාජයේ දක්නට නොමැති කම සහ එයින් සිදුවන ඕපාදූප දැනගැනීමේ අවස්තාව ගිලිහී යාම නිසාය.

ටෙලි නාට්‍යයක් නරඹා තරහින් පුපුරමින් සිටින, දෑස් වලින් කඳුලු කඩා හැලෙන, රෑට නොකා නොබී නිදාගන්නා සහ තම ස්වාමි පුරුෂයා, දරුවන් නොරුස්සනා  කාන්තාවන් අද සමාජයේ සිටිති. ඒ අදාල ටෙලි නාට්‍යයේ ඇති චරිත සහ සංසිද්ධීන් තම ජීවිතට ආදේශ කරගත් කාන්තාවන් නිසා‍ෙවනි. එයින් වඩ වඩාත් ටෙලි නාට්‍ය ‍ෙවත ඇදී යාම සහ ලස්සන පවුල් ජීවිතයක් නන්නත්තාර වීම කාන්තාව නොදැනුවත්වම සිදුවන්නකි.

මේ තත්වය හොඳින් තේරුම් ගත් ටෙලි නාට්‍ය කරුවාද එකී කාන්තා සමාජය වඩ වඩාත් තම ටෙලි නාට්‍යය ‍ෙවත ඇද බැඳ තබාගන්නට අවැසි අයුරින් ඔහුගේ නිර්මාණය සකස් කරයි. ඔහුගේ වෑයම කෙතරම් සාර්ථකදැයි මොහොතක් තම තමන්ගේ සහ අවට නි‍ෙවස්වල ඇති තත්වයන් ගැන අවධානයෙන් සිටියහොත් පිරිමි පාර්ශ්වයට දැකගත හැකිය. එතරම්ම බලපෑමක් මෙකී ටෙලි නාට්‍ය මගින් කාන්තා මනසට සිදුකර ඇත.

මෙයින් සමාජයට, තම ජීවිතයට හෝ සිය පවුලට කිසිදු සෙතක් නොමැති බව කාන්තාව තේරුම් ගත යුතු අතර, සිදුවන එකම දේ නම් අදාල ටෙලි නාට්‍ය විකාශනය වන කාල පරාසයේදී තම වටිනා කාලය නාස්ති වී මනස වියවුල් සහගත වීම පමණකි. ඊට අමතරව සිදුවන්නේ ටෙලි නාට්‍ය නිශ්පාදකයා සහ විකාශය කරන රූපවාහිනී නාලිකාව මෙන්ම ඒ සඳහා අනුග්‍රාහකත්වය සපයන ආයතන පොහොසත් වීම පමණකි.

-විකී-

Advertisements

8 thoughts on “ජනප්‍රිය සංස්කෘතිය සහ ටෙලි ඕපාදූප

  1. ammo atta katawa wena deyak apita balanda vidiyak attema na ekak iwara wenakota tawa ekak

  2. 😀

  3. බලන අය හොය හොය සල්ලි බෙදන්නේ දැන් ටික ටික මේ විකාර බලන එක අඩුවේගන යන නිසා වෙන්න බැරිද?

  4. ලොකුවට අඩුවක් පේන්න නැහැ නේද.. බලන අය හොය හොයා සල්ලි දෙන්නෙ ටීවී චැනල් වැඩි නිසා ඒ අතරෙ තරගය දිනන්න නේ. තමන්ගෙ චැනල් එක වැඩි දෙනාට පෙන්න ගන්නනෙ ඒ දගලන්නෙ.

  5. සමහර චැනල්ස් වල නිවුසුත් ඔය වගේනේ බන්……නිව්ස්වලට දාලා තියෙන ටැග්ලයින්ස් අහලා බලපන්….මරාගෙන මැරෙන තරඟයක්…අපිව දැණුවත් කරන්න.

  6. ඒකනෙ. . හරියට ලෝකෙ තියෙන හොඳම සහ එකම දේ වගේ.. 😛

  7. මම නාලක සංජීව දහනායක..
    රිවිර පත්තරේ වැඩ කරන්නේ
    පුළුවන්නම් අපේ පත්තරේට ලියන්න..
    මම පිටුවක් කරනවා ෆ‍්‍රී කියලා..
    ඒකට ලියන්න..
    අපි අලුත් දෙයක් කරමු.

    nalakdahanayaka@gmail.com

  8. නාලක, මට ගොඩක් කාලෙකින් ලියන්න බැරි වුනා. අද තමයි ලොග් වුනෙත්.. ස්තූතියි ඔයාගෙ යෝජනාවට. අපි මොනාහරි කරන්න බලමු. ඇත්තටම සතුටුයි.

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s