ලෝක ළමා දිනය සහ පම්පෝරි..


          ඔන්න හැම අවුරුද්දක වගේම අදත් ලෝක ළමා දිනයක්. මේ වගේ ළමා දින නම් කීයක් ආවද.. හැමදාමත් කරන්නෙ එදාට මාර පොරටෝක් දීලා ලෝකෙම තියෙන පම්පෝරි ගහලා ළමයි කීපදෙනෙක් අල්ලලා උඩ දාන එකනෙ. ඒ උඩ දාන්න තෝරගන්නෙත් ඉතින් ඉහල සමාජ තලයක ඉන්න චීස් බෝල වගේ අතට පයට වැඩකාරයො ඉන්න පොෂ් ළමයි. මොකද ටීවී එකේ බලද්දි නිකං ආතල් එක වැක්කෙරෙන සයිස් එකේ තියෙන්න එපැයි. ළමා පරපුර ‍ෙවනු‍ෙවන් අහවල් එක කොලාය කිය කියා වටෙන්ම ගාන කඩාගන්න සිස්ටම් එක තියෙන්නත් එපැයි. මොකෝ ඉතින් ඒ උඩ දාන චීස් බෝල ළමයින්ගෙ පොෂ් තාත්තලා අම්මලාගෙන් නෙ ටීවී කාරයො ජීවත් ‍ෙවන්නෙ.

හරි කමක් නෑ,. ඔන්න ඕකයි තත්‍ෙව. හැමදාමත් වගේ අදත් ලෝක ළමා දිනයක් ආවා. හැබැයි හැමදාමත් වගේ ඒ දිනේටම ඔය ළමා දිනය කියන වචනය පට්ට ගහනවා මිසක් දීර්ඝකාලීන වැඩ පිළි‍ෙවලක් ළමයින් ‍ෙවනු‍ෙවන් ක්‍රියාවට නැං‍ෙවන්නෙ නැත්තෙ මොකද කියන එකයි ලොකුම ගැටලුව.

අද දවස ‍ෙවනකොට ලෝක ළමා දිනො කීයක් නම් පහු වුනාද.. ඒත් ළමයින්ට කියලා අනාගතයක් කෝ..? අනාගතයක් තියා වර්තාමානෙකුත් නැති තරම්. තාමත් හැම තදාසන්න නගරයකම පාරවල් දිගේ ළමයින් දුක් විඳිනවා. ලොකු ලොකු ගෙවල්වල වැඩකාරකම් කරනවා. ළමා දිනේට දවස් කීයපයක් තියෙද්දි ඉපදුන ගමන්ම කිරිසප්පයෙක් කෙසෙල් පඳුරක් අස්සෙ වලදාලා තිබුනා. ඉතින් ළමයින්ට වර්ථමානයක්වත් නෑ නේද..?

මේ විදියට දිනෙන් දිනම ළමයින්ට උදා ‍ෙවන්නෙ නරක කාලයක් කියලා අතීතය දිහා බලද්දිත් පේන කාරණයක්. මොකක් හරි සිද්ධියක් වුනාම විතරක් පස්ස උඩදාගෙන කෑගහන්න තමයි හැමෝද දන්නෙ. බ්ලොග් කාරයො ‍ෙවච්ච අපි කරන්නෙත් මේ වගේ වසකට පලු යන්න වටේටම බනින එක විතරයි. ඒ ඇරෙන්න ‍ෙවන මොනවත් නෑ කියලයි කියන්න තියෙන්නෙ. ඒකටත් ඉතින් හේතු තියෙනවා. මොකද බිලොග් කාරයෙකුට තියා සක්කරයටවත් මේ සිස්ටම් එක ‍ෙවනස් කරන්න බෑ කියලා අමුතු‍ෙවන් කියන්න දෙයක් නෑනෙ. සක්කරටත් වඩා වැඩ්ඩො තමයි අද රට කරවන්නෙ. සක්‍ර දෙයියොත් නන්නත්තාරයි.

ලෝකය ගත්තොත් ළමා සංවිධාන වැහි වැහැලා. ළමයින් ‍ෙවනු‍ෙවන් පෙනී හිටින සිවිල් සංවිධානත් ඒ වගේමයි. නමුත් කාලාන්තරයක් තිස්සේ අපි දකින සහ දන්න කියන ළමයින් එකම තැනමයි. කිසිම සෙතක් ‍ෙවලා නෑ ඒ අයට. පාරෙදි මීට අවුරුදු කීපයකට කලින් දැකපු ළමයා තාමත් පාරෙ. කෝ  අර කියන ළමා සංවිධාන වලින් මොනවද ලැබිලා තියෙන්නෙ.

ලංකා‍ෙවත් තියෙනවා ළමා ආරක්ෂණ අධිකාරියක්. එයාලා ක්‍රියාත්මක ‍ෙවන්නෙ මොකක්හරි තොරතුරකට විතරයි. ළමයින් ගැන නිතර හොයා බලන්න වැඩපිළි‍ෙවලක් තියෙනවද කියලා සැකයි. රටේ අනාගතේ තරුණ පරපුරට බාර දෙන්න කියලා අගමැති තුමත් කියලා කියලා තිබුනා. (ඒ ගැන ලිපිය මෙතනින් කියවලා බලන්නකො.) නමුත් තරුණ පරපුරක් බිහි‍ෙවන්න කලින් ළමා පරපුර ආරක්ෂා කරන්න ඕනෙ කියන එක නොතේරෙන්නෙ ඇයි කියලා හිතාගන්න බෑ.

කොහොම වුනත් හැමදාමත් වගේ අපිටත් කියන්න තියෙන්නෙ එකම බණේම තමයි. මේකත් හරියට හෝද හෝදා මඩේ දානවා වගේ වැඩක්. කවදාවත් පිරිසිදු ‍ෙවන්නෙ නෑ. රටක වඩා ප්‍රතිපලදායී දිගු කාලීන නිෂ්චිත වැඩ පිළි‍ෙවලක් තිබිය යුතුයි ළමුන් ‍ෙවනු‍ෙවන්. වැස්ස කාලෙට වඳුරො ගෙවල් ගහන්න ප්ලෑන් කරනවා වගේ, කක්කා බර හැදුනම කක්කුස්සිය හොයනවා වගේ මේ වැඩේ හරියන්නෑ. පත්තර ගත්තොත් හැමදාම ළමා අපයෝජනයක් වරදින්නෑ. බණ කියන, බණ අහන, බණ රීමික්ස් කරන ලංකාව වගේ උතුම් රටක මෙහෙම විපර්යාසයක් ‍ෙවන්න විදියක් නෑ. ඒත් ‍ෙවනවනේ.

හැමදාම නිවුස් හෙඩ්ලයින් යනවාමයි මල්කැකුලු තලපු සීන් ගැන. උන්ව කුදලගෙන බන්ධනාගාර ගත කරනවා ඇරෙන්න ‍ෙවන විධිමත් වැඩ පිළි‍ෙවලක් නෑ ළමයින් ආරක්ෂා කරගන්න. මේකට ස්ථිරසාර වැඩ පිළි‍ෙවලක් අවශ්‍යයි. රටේ අනාගතේ කොහෙවත් යන ගොබ්බයොන්ට දීලා උඩ බලන් ඉන්න පුලුවන් කාලයක් නෙ‍ෙවයි මේ. පාරෙ රස්තියාදු ගහලා නන්නත්තාර ‍ෙවන එකා අන්තිමට ලොකු වුනාම රටේ නමගිය පාතාල කාරයෙක්. අන්තිමට ඒ ගෝතයා තමයි රටේ ඉන්න ගොබ්බ ජනතාවගේම ඡන්දෙන් පාර්ලිමේන්තුවට යන්නෙත්. අන්තිමට උගෙන් ‍ෙවන සෙතේ ගැන හිතනකොටත් මාර සනීපයි.

ඒ වගේ අමනයින්ව ජනතා නියෝජිතයින් හැටියට තෝරා පත් කරගන්න තරම් පොන්න ජාතියක් අපි. පස්සෙ කෙලවුනාම වටේටම දෙස් තිය තිය ඇවිදිනවා. ඔච්චරයි දන්නෙ. මේ කුප්ප සිස්ටම් එක නැති කරන්න දැන්වත් විධිමත් වැඩ පිළි‍ෙවලක් සකස් කරන්න ඕනෙ  කියලා රටේ මහ එවුන්ට තේරෙන්න ඕනෙ.

ආසියා‍ෙව ආස්චර්ය කිය කියා දිනෙන් දින අරාජික ‍ෙවන ලංකා‍ෙව ඉදිරි ගමන ශක්තිමත් කරන්න රටට වැඩදායි ළමා පරපුරක් බිහි කරන්න ඕනෙ. එහෙම නැතිනම් හැම දාම ගමේ අහිංසක දුප්පත් දරු‍ෙවා ඉපදුන ගමන් වැලලේවි. නගරයේ තැනිත් තැන ළමා පරපුර කුනු බක්කි අවුස්සමින් ඉඳීවි. රස්තියාදු කාරයො, කුඩුකාරයො, පාතාල මැරයො හැමදාම රටේ රජ කරාවි. හැමදාම බ්ලොග් කාරයින්ට මෙහෙම පතුරු ගගහ ඉන්න ‍ෙව්වි. ළමා අපයෝජන ගැන පත්තරවල හෙඩ් ලයින් යාවි. ඒ සේරම අස්සෙ හැම දාමත් වගේ ලෝක ළමා දිනය දාට ටීවී එකේ චීස් බෝල විතරක් උඩ දාවි..

-විකී-

Advertisements

6 thoughts on “ලෝක ළමා දිනය සහ පම්පෝරි..

  1. ඔබ විසින් මතුකරන කාරනාව හරිම කොමන් එකක්. ඇත්තටම ඔතනට වඩා උඩුදුවපු ගැටලුවක් අපේ සමාජ දේහය තුල තිබෙනවා. ඒතමයි ආදරය සෙනෙහස වගේ දේවල් බෙදෙන්නෙ නැති එක. තමුන්ගේ දරුවන් ගැන ඉතා තදින් හොයන දෙමාපියන් තමුන්ගේ නොවන දරුවන් ගැන දක්වන්නෙ අල්ප සැලකිල්ලක්. නෑයෙක්,යාලුවෙක් හෝ වෙනත් සම්බන්ධතාවයක් නැති අනුන්ගේ දරුවෙක්ට ලැබෙන්න ඕනි සැලකිල්ල අපේ සමාජ දේහය තුල ලැබෙන්නෙ නැහැ.
    මේ නිසා දෙමාපියන් සහ දරුවාට සමීප වැඩිහිටියන් අතරතුර හැර වෙනත් කිසිම තැනක අද ලමයා ආරක්ෂිත නැහැ. මේක අපේ පවතින සමාජ රටාව මගින් අපිට එකතු කරපු දෙයක්.අපි හැම වෙලාවෙම අපේ දරුවාට අපේ සාාහදෙරයින්ගේ දරුවන්ට අසීමිතව ආදරය කරනවා.
    නමුත් අපේ නොවන දරුවන් තකන්නෙ නැහැ. නමුත් දියුනු සමාජ වල ළමයා කියන්නෙ හැමෝගෙන්ම විහේෂත්වයක් ලබන කොටසක්. ඒ සමාජ වලදි ළමයින්ව ආරක්ෂා කරන්න කැපවෙලා ඉන්නෙ ආන්ඩුව හා ඒ ආයතන විතරක්මෙ නෙමෙයි. ඒ සමාජයම ළමය දිහා බලන්නෙ අනුකම්පාවකින්..

  2. ඇත්ත විකී ලමා දිනේ අත ලග තියාගෙන පැය 24ක් තුල උපන් ගමන් කල බිළිදු ඝාතන 2ක් වාර්ථා වුනා. එහෙම තත්වයක් තියාගෙන මහ ලොකුවට ළමා දිනයක් සමරන්න අපිට සදාචාරාත්මක අ‍යිතියක් තියෙනවද?

  3. අමිලගේ කමෙන්ට් එකෙන් වැදගත් කරුණක් මතක් කරනවා……එහෙම ආදරය කරන්න පුලුවන් වැඩිහිටි පරම්පරාවක් හදන්න නම් දැන් ඉන්න ළමා පරපුර දිහා නිවැරදි ඇසකින් බලන්න ඕන.

  4. කාරණාව කොමන් එකක් නිසාම තමයි මේක විසඳෙන්නෙ නැත්තෙත්. මම කියන්නෙ කොමන් තැනින් පටන් ගන්නයි. ලොකු කාරනා හොයන්න කලින් හැමෝටම පේන දේට විසඳුම් නෑනෙ තාම.

  5. අන්න ඒකයි චතුරංග මේ තත්වය තාම මිනිස්සු තේරුම් අරගෙනත් නෑ කියන්නෙ. හැමදාම වෙන්නෙ එකම දේ.

  6. අපි හැම ළමයටම ආදරේ කලා කියලා මේ ගැටලුව විසදන්න බෑ.. දේශපාලනික වහයෙන් විශාල මැදිහත්වීමක් අවශ්‍යයි කියලයි මගේ අදහස.

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s