නොහැකියාවේ හෙලුව හෙවත් එ.ජා.ප. යේ දේව සාපය..


කාලෙන් කාලෙට දේශපාලන ජවනිකා, පොර ටෝක්, පල් ටෝක් මෙන්ම මෝඩ තකතීරු ටෝක් ඇසෙන්න ගනී. මේ අතරින් එක්කෝ මඩ ගහන ඒවාය. නැත්නම් මඩ නාන ඒවාය. එහෙමත් නැත්නම් රෙදි ගැලවෙන ජාතියේ එවාය. ඔය කොයික වුනත් දෙපාරක් නොසිතා බඳාගෙන කෑල්ල පහත් වෙනකම් උඩුබුරන සහ හුරේ දාන්න අපේ මහජනතාව කියන මී හරක් රැළ සැදී පැහැදී සිටිති.මෙයාකාරයෙන් ඕනම කුප්ප ක්‍රියාවක් මොකක් හෝ බබා පාට් එකක් දමා යට ගැසීමට හෝ උඩ දැමීම දේශපාලන වේදිකාවේ මහ කජ්ජක් නොවේ.

වසර ගණනාවක් පුරාවට පරාජයන් පිට පරාජයන් ලබා කප් ගසා සිටින එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු අපේ මහ ජනතාවට සුපිරි කතා කියති. අපේ අයත් අසති. මේ ආකාරයට වසර ගණනාවක් ගතවී ඇතත් ඒ තත්වය එසේමය. ඒගොල්ලෝ කියනවාය. අපේ අයත් අසනවාය.

කියන්නෙත් මොට්ට මෝල් කතා වුනත් අපේ ඇත්තොත් මහ ඉහලින් ඒවා අගයති. අතීසාරෙට අමුඩ ගසන්නාක් වැනි එම කතාවලින් කියවෙන්නෙ කුමක්ද යන්න ගැනවත් මෙලෝ හසරක් නොදනිති. අඩුම තරමින් කියන කෙනාවත් නොදන්නා සෙයකි. නමුත් එසේ සිතුවද එය එසේ නොවේ. කාලාන්තරයක් තිස්සේ දේශපාලන උප්පරවැට්ටි මගින් ජනතාව ගොනාට ඇන්දවිය හැකි බව හොඳින් දන්නා දේසපාලුවෝ එම න්‍යාය තවමත් ක්‍රියාත්මක කරන්නේ එය ටක්කෙටම සෙට් වෙන බැවිනි.

ඊට තවත් උදාහරණයක් පසුගියදා එජාපයෙන් අසන්නට ලැබුනි. එය මෙසේය…

එක්සත් ජාතික පක්ෂයේ පරාජයට හේතුව දේව උදහස විය හැකි බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ( එ.ජා.ප ) සංජීව කවිරත්න මහතා කියයි. ආණ්ඩුවේ දූෂිත ක්‍රියා කලාපය තුළ ඡන්දදායකයින් ආණ්ඩුවට වඩා එ.ජා.ප.යට වැඩි කැමැත්තක් දැක්වුවත් එ.ජා.ප.යේ මැතිවරණ පරාජයට දේව උදහස බලපා ඇතැයි රත්තොට දඹේ සහ කයිනැක ප්‍රදේශයේ පිළි ගැනීමේ උත්සවයකට සහභාගි වෙමින් එ.ජා.ප. ආධාරකරුවන් ඇමතූ කව්රත්න මහතා කීය. (ලක්බිම – 2013 ඔක්තෝබර් 02 01:40 p.m)

අපූරු ප්‍රකාශයකි. වසර ගණනාවක් තම පක්ෂය පරාජය වීමට හේතුව දේව උදහසයි. දැන් දෙවියන් දේශපාලනයට මැදිහත් වීම ගැනද සළකා බැලිය යුතුය. එසේ නැතුව පක්ෂයේ ප්‍රතිසංවිධාන කටුයුතු සහ පරිපාලනයේ සහ නායකත්වයේ කිසිදු අවුලක් නැත.

නිළය, බලය සහ තනතුරු වලට කෑදර කමින් ඒවා බෙදා ගන්නට මිසක් ජනතා සේවයේ යෙදීමක් ගැන හාංකවිසියක් නැති දේසපාලුවන්ගේ අමන ක්‍රියා හේතුවෙන් සිය පක්ෂය දිනෙන් දින අගාධයට යන බව මේ මන්තිරි තුමාට නොවැටහේද..? පක්ෂ නායකත්වයේ ඇති දුර්වලතා නිසා පක්ෂය පරජය වීද..? නිවැරදි දූරදර්ශී වැඩපිළිවෙලක් නැති නිසා පක්ෂය පරාජය වීද..? එසේ නැතිනම් දිනෙන් දින නැගෙන ජනතා අප්‍රසාදයේ ප්‍රතිපලයක් නිසා මෙසේ එජාපය පරාජය වීද… යන්න නොසොයා එම තත්වයට හේතුව දෙවියන් යැයි ප්‍රකාශ කරන මංත්‍රීලා සිටින පක්ෂයකට පරාජය වීම හැර අන් කිසිදු දෙයක් නොමැති බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.

රටේ ප්‍රධාන විපක්ෂයට ඇති කාර්ය භාරය සහ යුතුකම් මෙන්ම වගකීම්ද නිසි අයුරින් ඉටුකර ඇතිද යන්න පිලිබඳව පළමුව සොයා බැලිය යුතුව ඇත. ජනතාවගේ ඡන්දය එජාපයට නොලැබීමේ හේතුව සෙවිය යුතුය. එය දෙවියන් වැනි නොපෙනෙන බලවේගයන් කෙරෙහි අන්ධ භක්තිය පසෙකලා සිහිබුද්ධියෙන් කල යුතු දෙයකි. නිවැරදි ප්‍රතිපත්ති හා තීන්දු තීරණ මගින් පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙය වීමට පක්ෂ නායකත්වයට ශක්තියක් නැතිනම් ඊට සුදුසු කෙනෙකු පත් කල යුතුය. එකිනෙකා කා කොටා ගනිමින් බලයට කෑදරව නොසිට කණ්ඩායම් හැඟීමෙන් බිම් මට්ටමේ සිට සිය පක්ෂයේ කාර්යභාරය නිසි අයුරින් ඉටුකල යුතුය.

එසේ නැතිව විසි එක්වෙනි සියවසේ ජීවන් වන බුද්ධිමත් මිනිසුන් වශයෙන්, නොපෙනෙන බලවේගවල බලපෑම වැනි බොළඳ තර්ක ඉදිරිපත් කරමින් පක්ෂයේ දුර්වලකම් නැමති හෙලුව වැසීමට දේව සලුපිළි යොදා නොගන්නා ලෙස මතක් කල යුතුව ඇත.

– විකී-

Advertisements

3 thoughts on “නොහැකියාවේ හෙලුව හෙවත් එ.ජා.ප. යේ දේව සාපය..

  1. දේව උදහසක්ද මොකක්ද ඔය කියන රෙද්ද තියෙනවානම් මේ ආණ්ඩුව ගෙදර යන්න ඕන මීට බොහොම කලින් නේද නිරු?

  2. ඔතන තියෙන්නෙ අරූ.., එක්කො අඳබාල කම. නැත්නම් ජනතාව ගොනාට ඇන්දවීමේ කූට අරමුණ. එහෙමත් නැත්නම් ළමයි නැති වෙන්න හේතුව මිනිහගෙ නිසරු බව දැන දැනම ගෑනිට දොස් නැගීම වැනි සීන් එකක්.

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s