තාක්ෂණය, ජීවිතය සහ උපදේශනය..


                මම කලින් පෝස්ට් එකක් දැම්මා දිවි නසා ගැනීම සහ උපදේශනයක අවශ්‍යතාවය ගැන (මෙතනින් බලන්න ඒක) නමුත් ඒ කිව්‍ෙව ආරක්ෂක අංශ වලට අවශ්‍ය උපදේශනය ගැනයි. නමුත් අද කියන්න හදන්නෙ සමස්ත මිනිස් වර්ගයාටම අවශ්‍ය උපදේශනයක් ගැන කතාවක්.

මෙතෙක් ලෝකයේ අහන්න නොලැබුන තරම් දුර්ලභ සිද්දියක් මේක.  සිද්දියක් කියන්නෙ සිය දිවි නසා ගැනීමක්. නිකම්ම නෙ‍ෙවයි.. තාක්ෂණයේ උච්චතම අවස්ථාව ගැන සිහිපත් කරමින් ස්කයිප් ඔස්සේ සජීවීව සිය සැමියාට සියදිවි නසා ගැනීම සියැසින් දැකගන්න අවස්තාව සැලසූ සියදිවි නසා ගැනීමක්.

මේක වාර්තා ‍ෙවන්නෙ මඩකලපුව එරාවූර් ප්‍රදේශයෙන්. සිද්දිය කෙටියෙන් මෙහෙමයි. මේ සියදිවි නසාගෙන තියෙන්නෙ වයස 25 ක නිර්මලා නැමති කාන්තාවක්. ඇයගේ සැමියා පිට රටක සේවය කරන්නෙ. ඒ රට යන්නෙත් මෙම කාන්තාවගෙ කන්දොස්කිරියා‍ෙවන් ටිකක් මිදෙන්න කියලයි ආරංචිය. මෙයාට හොස්ස ලගින් මැස්සෙක් යන්න බැරි තරමට මල පනින කෙනෙක්. මොකද මේ කාන්තාවගෙ අම්මත් එහෙමයිලු. එයත් සියදිවි නසාගෙන තියෙන්නෙ මීට අවුරුදු 21 කට පෙරයි.

කොහොම වුනත් මේ කාන්තාව නිතර කේන්ති යන කෙනෙක්. පොඩි දේටත් කලබල ‍ෙවලා කෑමොර දෙන කෙනෙක්ලු. මේ සිද්දියේ හැටියට සැමියා පිටරට ඉන්නකොට මෙම කාන්තාව එක්ක ස්කයිප් තාක්ෂණය ඔස්සේ කතා කරමින් ඉඳලා තියෙන්නෙ. සැමියා ඒ ‍ෙවලා‍ෙව මත්පැන් පානය කරමින් ඉන්න බව මෙම කාන්තාව දැකලා. ඒකට තරහ ගිහින් තමයි මේ විදියට ස්කයිප් මගින් සිය සැමියා බලා සිටියදීම කැමරාව ඉදිරියේ ඇය ලනුවක් ගෙන එල්ලිලා සියදිවි නසාගන්නෙ.

මේක ඉතා බරපතල තත්වයක්. අද සමාජයේ මිනිසුන්ගේ හික්මීම, ගෞරවය, සංහිදියාව වගේම ඉවසීම අන්තයටම පිරිහිලා කියන බවට හොඳ උදාහරණයක්. විවාහයක් තුල තිබිය යුතු මූළික ලක්ෂණ අනුව විශ්වාසය සහ අවබෝධය කියන කාරනාව ඉතා වැදගත්. ඒ තුල ගම්‍ය වන ගුණාංග අනුව විවාහ ජීවිතය සාර්ථකව පවත්වා ගැනීමට ලැබෙන්නෙ නොමද සහයක්.

එහෙත්, සමාජයීය වශයෙන් මිනිසා දියුණු ‍ෙවමින් පවතින යුගයක අත්‍යවශ්‍යම දෙයක් තමයි මානසික සංවර්ධනය උදේසා ලබන උපදේශනය. ඒ තුලින් බොහෝ ප්‍රශ්න වලට මුහුන දීමේදී මතුවන ගැටලු අවම කරගන්න හැකියාවක් ලැබෙනවා. අයාලේ යන ජීවිතයකට මේ කියන උපදේශනය ලැබෙන්නෙ නැහැ. ඔවුන් කටුයුතු කරන්නෙ තමන්ට සිතෙන දැනෙන ආකාරය අනුව විතරයි. ඒ තුලින් ලැබෙන ප්‍රතිපල බොහෝ විට යහපත් ‍ෙවන්නෙ නැහැ.

මානසික සංවර්ධනය සහ යහ පාලනය කියන සිද්ධාන්තය අනුව මිනිසාට සිය ජීවිතය ඉතාම යහපත් ආකාරයෙන් පවත්වාගෙන යෑම සඳහා ලැබෙන්නෙ නොමද සහයක්. එය නැති විට ඉහත ආකාරයේ හදිසි කෝපයන් හමු‍ෙව්  ගන්නා ක්ෂණික තීරණ නිසා නාස්ති ‍ෙවන්නෙ තමන්ගෙ ජීවිතය පමණක් නෙ‍ෙවයි. මෙම සිද්ධියේදී සිය බිරිඳගේ ජීවිතයේ අවසානය  සිය ඇස් ඉදිරියේදීම දකින්නට ලැබීම කෙතරම් අවාසනාවන්ත දැයි මදක් සිතා බලන්න.

තාක්ෂණයේ දියුණුවත් සමග අද සැතපුම් ගණනාවක් ඈත රටක සිටින සිය බිරිඳ සියදිවි නසා ගන්නා ආකාරය දැකීමට තරම් වාසනාවක් තාක්ෂනයේ පැත්තෙන් ලබා ඇතත්, විවාහයක බිඳ වැටීම සහ මිනිස් චිත්ත සන්තානයේ දරුණු කම දැකීමට තරම් මිනිසාම අවාසනාවන්ත වී ඇත. මේ ගැන අවධානය යොමු කල යුතුව ඇත.

දිනෙන් දින ‍ෙව්ගයෙන් දි‍ෙවන ලෝකයක පීඩාකාරී සමාජ ක්‍රමයක් සහ සංස්කෘතියක උරුමයක් ඇති ශ්‍රී ලංකා‍ෙව් දිනකට සියදිවි සනා ගැනීමක් ගැන වාර්ථා එකක් හෝ අහන්නට දකින්නට ලැබේ. එතරම් ‍ෙව්ගයෙන් මිනිස් පරිහානිය වර්ධනය ‍ෙවන්නේ කුමක් නිසාද යන්න පිළිබඳව විද්වතුන්ගේ අවධානය යොමු කල යුතුව ඇත. එමගින් විධිමත් සැළැස්මකට අනුව මිනිස් ජන සමාජය යහපාලනයෙන් යුතු ශිෂ්ට සම්පන්න අනාගතයක් කරා ගෙන යෑමේ අවශ්‍යතාවය කඩිනමින් සකස් කල යුතුය. මෙනයින් බලන කල අප දැනටමත් ප්‍රමාද වැඩිය.

තාක්ෂණයේ නිම් වලලු පුලුල් වීමත් සමග එය භාවිතා කරන මිනිසාද විකෘති මනසක් ඇතිව ජීවත් වීමට ඉඩ නොතැබිය යුතුය. ඒ සඳහා රුකුල් දෙන සියලු අත්වැල් බිඳලිය යුතුය. මනා සංහිදියාවක් සමග ප්‍රකෘති සිහියෙන් ජීවිතය දිහා බැලීමටත් ගැටලු විසඳා ගැනීමටත් අවශ්‍ය මානසික උපදේශනය ගම් නියම්ගම් සිසාරා සෑම අස්සක් මුල්ලක් නෑරම ‍ෙවසෙන ජනතාවට ලබා දිය යුතු කාලය දැන් එළඹ ඇත. නැතහොත් තවත් නිර්මලා ලා තාක්ෂණය නම්  ‍ෙව්දිකා‍ෙව් නොයෙක් නාඩගම් රඟ දැක්වීම වැළැක්විය නොහැක.

-විකී-

Advertisements

2 thoughts on “තාක්ෂණය, ජීවිතය සහ උපදේශනය..

  1. මේකත් එක්තරා ආකාරයක ප්‍රදර්ශනාත්මක දෙයට යොමුවීමේ ප්‍රවනතාවයක්. මේ ගැන කියවන්නට ලැබුනාම හරි කලකිරීමක් ඇති උනා. මේක තවත් ට්‍රෙන්ඩ් එකක් වෙන්න තියෙන ඉඩ තමයි නවත්වන්න ඕන.

  2. අනිවාරෙන්ම අරූ… අපේ මිනිස්සු ඉක්මනින්ම තව කෙනෙක් කරන දේ ඒ ආකාරයෙන්ම හෝ මොඩිෆයි කරලා කරන්න උපන් හපන්නුනේ..

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s