ෆේස්බුක් තහනම් කිරීමට සැරසීම හෙවත් අතීසාරෙට අමුඩෙ ගැසීම..


apple-bans-facebook

          ආසියාවේ ආශ්චර්යය කන පැලෙන්න තරම් පෙනෙන ලංකාව දැන් ඉන්දියන් සාරයේ මුතු ඇයට නොව නිකම්ම නිකං ඇටයක් ය කියලා කිව්වෙ අපේ හිටපු හමුදාපති ෆොන්සේකා මහත්තයාය. බලන් යද්දි ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. මොකද එදිනෙදා  ලංකාවෙ සිද්ද වෙන එක එක හුට්ටප්පර දකිද්දි ඒක එහෙම හිතෙනවා.

පහුගිය කාලෙ ලංකාවෙ සියලුම වෙබ් සයිට් ලියාපදිංචි කරන්නය කියලා කිව්වා. ඒකෙ යටි අරමුණ ආණ්ඩුවට පරහ ගහන වෙබ් සයිට් අඳුනගෙන ඒවට ගේම දෙන්න කියලා ඕනම කෙනෙක් දන්න දේනෙ. නමුත් කල යුත්තේ ආණ්ඩුව නිවැරදිව සියලු දෙනාට ආදර්ශවත් විදියට පවත්වාගෙන යෑම මිසක් විවේචනය කරන පාර්ශ්ව අතුගාලා දාන එක නෙවෙයි.

ඊට පස්සෙ ලංකාව ඇතුලෙ සෙක්ස් සයිට් තහනම් කලා. ඒකෙන් වුනෙත් අපූරු දෙයක්. ඒ තමයි ලෝකයේ වැඩිම සෙක්ස් සර්ච් කරපු රට හැටියට ඉන්දියන් සාගරේ මේ නිකම්ම නිකං ඇටේ කප් ගහපු එක තමයි. ලංකාවෙ තියෙන මේ විකාර සම්ප්‍රදාය සහ සංස්කෘතිය කාලානුරූපීව වෙනස් නොවීමේ ප්‍රතිඵල හැටියට ලාංකික ජන සමාජය කොතරම් පීඩනයකින් ඉන්නවද කියලා මේ දේවල් වලින් පේනවා. සෙක්ස් සයිට් තහනම් කලා කියලා අපේ මේ ගොබ්බ මිනිස්සු යහ මගට ගන්නත්, ස්ත්‍රී දූෂණ, බාල අපරාධ වගේ දේවල් නතර කරන්න පුලුවන් කියලා හිතන ගොබ්බ පාලකයො ටිකක් ඉන්න රටක් මේක.

අන්තිමේදි වුනේ ලෝකයා හමුවෙ අපි තවත් චාටර් වෙච්ච එක. සෙක්ස් කියන දේ මහ ලොකු රකුසෙක්, වසංගතයක්.. එහෙම නැත්නම් මහා අපරාධයක් හැටියට දකින අපේ රටේ මැටිමෝල් සුචරිතවාදියො ඉන්නකං සහ මේ මඤ්ඥං සංස්කෘතිය තියෙනකං ඔය මිනිස්සුන්ගෙ පීඩනය සහ කුතුහලය නැති කරන්න බැහැ. ඒක කලයුත්තේ නිවැරදි අධ්‍යාපනයක් තුලින් විතරයි. ලිංගිකත්වය සහ ඊට බැඳුනු වෙනත් දේ ගැන නිසි අධ්‍යාපනයක් සහ දැනුමක් සෑම කෙනෙකුටම ලබා දුන්නා නම් ඔය කියන තත්වය මෙච්චර දරුණු වෙන්නෑ. අපේ සමාජයේ විවෘතව ලිංගිකත්වය ගැන කතා කරන්න බැරි වුනාට  අපේ රටේ පට්ට සංස්කෘතියට මුවා වෙලා කරන කුප්ප වැඩ හැමෝටම හරිම ෂෝක්. විවෘතව ලිංගිකත්වය කතා කරන්න බෑ… ජංගිය පේන්න බාගෙට හෙලුවෙන් පාරෙ යන්න කිසි අවුලක් හිරිතිකයක් නෑ.

ඔයාකාරයෙන් වැඩ සිද්ද වෙන මේ නිකම්ම නිකං ඇටේ ඇතුලෙ තවත් කතා බහට ලක් වෙච්ච කාරණවක් තමයි මේ ෆේස්බුක් එක. කෙනෙකුට සුර ලෝකයක්.. කෙනෙකුට අපායක්.. තවත් කෙනෙකුට මතක් කලත් මළ පනින ෆේස්බුක් සමාජ ජාලය අද ලෝකයේ අංක එකේ සමාජ ජාලයක් වෙලා ඉවරයි. ඒ තරම්ම මේක  ජනප්‍රිය වෙලා තියෙන්නෙ ලෝකයම එක පරිගණක තිරයක් මතට ගෙන අදහස් බෙදාහදා ගන්නට හැකිවීම නිසයි. කොටින්ම දැන් මේකත් විවෘත සමාජයේම කොටසක්.

මිනිසා පරිණාමය වෙද්දි නොයෙක් අංශවල දියුණුවත් ඊට සමගාමීව ඇති වෙනවා. ඊට මහගු පිටුවහලක් ලැබී තියෙන්නෙ තාක්ෂණයෙන්. අද ලෝකයේ බහුතරයක් දෙනා සිය සබඳකම් පවත්වන්නේ තාක්ෂණය තුලින් බිහිවෙච්ච ෆේස්බුක් ජාලය හරහා. මින් පිට බාහිර මිනිස් ජන සමාජය ගත්තත් මේ වගේමයි. කිසිම වෙනසක් නැහැ. මිනිසාගේ එදිනෙදා කටයුතු බොහොමයක් දැන් සිදුවෙන්නෙ ෆේස්බුක් හරහා.

මේ අතරෙ අපේ ජනාධිපති තුමා අපූරු කතාවක් කියනවා.

“ෆේස්බුක් එක අපිට වසංගතයක්. දරුවන්ගේ වසංගතයක්. අපිට මේක තහනම් කරන්න පුළුවන්. ඒකට ක‍්‍රම තිබෙනවා. ෆේස්බුක් විශ්වාස කරන්න එපා. ඔය ෆේස් බුක් එකේ නොපෙනෙන අයට වඩා ගෙදර ඉන්න අය ගැන විශ්වාසය තබන්න. එක ගීතයක් තියෙනවා නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා කියල. ආදරය තියෙන්නේ ගෙදර ෆෙස්බුක් එකේ නෙමෙයි..

කතාව ඇත්තකි. එහෙත් ලාංකීය ජන සමාජය දිනෙන් දින පරිහානිය කරා ඇදී යාමට හේතුව ෆේස්බුක් නොවේ. බාහිර සමාජය සියලු දුසිරිත් රජයන අතර, කුඩුකාරයින්, ළමා අපයෝජකයින්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන් වගේ නොයෙක් ආකාරයේ අපරාධ කාරයින්ගෙන් පිරී ඉතිරී ඇත. ඊට හේතුව ෆේස්බුක් නොවේ. එහෙත් ෆේස්බුක් ඊට අත්වැලක් කරගන්නා බව සැබෑවකි. එබැවින් ෆේස්බුක් තහනම් කිරීම මෙයට විසඳුමක් යයැ සිතීම පට්ටම මැටිමෝල් කමකි.

මක් නියාද යත්, පළමුව බාහිර සමාජය සියලු දුසිරිතෙන් තොර යහපත් තැනක් කල යුතුය. නිවැරදි උපදේශනය තුලින් යහපත් පුරවැසියන් නිර්මාණය කල යුතුය. රටේ පවතින සියලු දුරාචාරන්ට වැට බැඳිය යුතුය. මේ සඳහා සංස්කෘතික අමාත්‍යාංශය, තරුණ කටයුතු දෙපාර්තමේන්තුව, සියලු ආගමික නායකයින්, පොලීසිය සහ සියලු වග කිවයුතු පාර්ශවයන් එක්ව සුදුසු වැඩපිළිවෙලක් සැකසිය යුතුය. පළමුව කලයුත්තේ එයයි. ෆේස්බුක් හරහා සමාජයට හානිදායක වන තත්වයන් ගැන ජනතාව දැනුවත් කල යුතුය. එමගින් විවිධ පුද්ගලයින්ට රැවටී අමාරුවේ වැටෙන අන්දම ගැන දැනුවත් විය යුතුය. ෆේස්බුක් හරහා ව්‍යාප්ත වන අපරාධ කෙරෙහි අවධානයෙන් සිට ඊට නිසි පිළියම් යෙදිය යුතුය.

ෆේස්බුක් වෙත එන්නේද බාහිර සමාජයේ පවතින දේමය. එසේ නැතුව අමුතුවෙන් ෆේස්බුක් එකෙන් නිර්මාණය වන දෙයක් නැත. ෆේස්බුක් නිසා සමාජය පරිහානියට යන්නේ යැයි කියමින් එය තහනම් කරනවානම් බාහිර සමාජයද තහනම් කල යුතුය. එය කැකිළ්ලේ රජුගේ තීන්දුවක් හා සමානය.

මෙය හුදෙක් පවතින අපරාධ රැල්ල නිසියාකාරයෙන් හඳුනාගෙන මර්දනය කිරීම වෙනුවට ජනතාව හමුවේ සිය අඳබාල කම හුවා දක්වමින් සමාජ ශෝධනයට ෂෝට් කට් එකක් දැමීමකි. අද රටේ දේශපාලකයින් අමු හොරු රැළකි. මහජනයා සුරැකීමට ඇති පොලීසිය ඊටත් හපන් දූෂිතයින්ගෙන් පිරි ආයතනයකි. රටේ වගකිවයුතු සෑම ආයතනයකම තත්වය එසේමය. ඊට පිලියම් සෙවීම පසෙකලා සමාජ පරිහානියේ වගකීම ෆේස්බුක් මත පටවා එය තහනම් කිරීම එකම විසඳුම යැයි සිතීම සැබවින්ම අතීසාරයට අමුඩය ගැසීමකි.

-විකී-

Advertisements

One thought on “ෆේස්බුක් තහනම් කිරීමට සැරසීම හෙවත් අතීසාරෙට අමුඩෙ ගැසීම..

  1. රජා මුට්ටිය දාලා බලනවා. ඒකාධිපති ස්වරූපය කටෙන් තමයි ඉස්සෙල්ලා එලියට දාන්නේ. ෆේස්බුක් භාවිතා කරන අමු ගොරකයින්ගේ වැඩ වෙනම කතාවක්.

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s