තාරුණ්‍යය මාකටින් හෙවත් තාරුණ්‍යයට හෙටක් ..


උදේම මීගමුව කොළඹ බස් එකකට නැග්ගෙ ක්ලාස් යන්න. අතර මගදි බස් එකට නැග්ගා ලස්සන ගෑනු ළමයෙක්. කලු පාට දිග කලිසමක් සහ ඒකටම ගැලපෙන කෝට් එකක් වගේ එකකුත් ඇඳලා හිටියෙ එයා.

කන පැලෙන්න බස් එකේ කැසට් එකත් දාලා. ඒ ළමයගෙ පිටේ තඩි බෑග් එකකුත් එල්ලගෙන. අතේ ලොකු පොත් මිටියකුත් තියෙනවා. ඩ්‍රයිවර් මහත්තයාගෙ ලඟට ගිහින් මොනවදෝ එයාට කිව්වා. ඩ්‍රයිවර් මහත්තයා අර කන් කරච්චල් කැසට් එක නතර කලා. ගෑනු ළමයා පිටේ එල්ලන් හිටපු තඩි බෑග් එක බස් එකේ ඉන්ජිම වහපු කවරෙ උඩින් තිබ්බා. පොත් මිටිය විතරක් අතට අරගෙන බස් එකේ සෙනග පැත්ත හැරිලා ඉස්සරහින් හිටගත්තා..

සුභම සුභ වාසනාවන්ත  උදෑසනක් ඔබ හැමෝටම..මම කුරුණෑගල මනස සංවර්ධන පදනමෙන්… කියලා හුරතල් නමුත් ටිකක් මුකරිකමින් යුතු දේශනයක් කටපාඩමෙන් කලා විනාඩි 15 කටත් වැඩියෙන්. මමත් ඉතින් අහගෙන හිටියා. ඒ අතර අර අතේ තිබුන ලොකු පොත් මිටියෙන් එකක් අරගෙන පෙන්නන ගමන් තමයි කතා කලේ.

ඒක සඟරාවක්. ‘මනස’ කියලා.  ඒක ගැනයි මේ කතාව. තනිකරම ලියලා කටපාඩම් කරපු ටිකක් ගිරවි වගේ කියාගෙන කියාගෙන යනවා. මමත් වටපිට බැලුවා.. එක්කෙනෙක්වත් ඒකට ඇහුම්කන් දෙන පාටක් පෙන්නෑ. නමුත් එයා දිගටම කතාව කියවගෙන යනවා.

විනාඩි 15 කට විතර පස්සෙ බසයේ හිටපු හැමෝටම අර සඟරා ටික බෙදාගෙන ගියා. ඊට පස්සෙ ආයිත් ඒවා මිලදී ගන්න අයගෙන් එකතුකරගෙන ගියා. නමුත් සඟරා විකිනුනේ 2 යි. නමුත් එයාගෙ මූනෙන් ඒ ගැන කණගාටුවක් පෙනුනෙ නෑ.

මමත් ටිකක් බලන් හිටියා ඒ දිහා.. ” නංගී.. ඔයා දන්නවද මේ හැමදේම මාකටින් ‍ෙවන ලෝකයේ ඔයාටත් නොදැනීම ඔයා මේ විකිණෙනවා කියලා..? තාම වසය 20 ක් වත් නැති ඔයා මේ විදියට බස් එකක් ගානේ රස්තියාදු ‍ෙවන්නෙ කාගෙ උවමනාවටද..?  පිට කොටු‍ෙවන් බස් එකට නැගලා පොත් විකුණන මිනිහගෙයි ඔයාගෙයි අතර ‍ෙවනසක් මට පේන්නෑ. එකම ‍ෙවනස ඒ මිනිස්සු හිඟන්නො වගේ. ඔයා ටිකක් වැදගත් විදියට ඇඳලා ඉන්නවා. එච්චරයි..

මේ රටේ තියෙන ආර්ථික තත්වය සහ රැකියා වියුක්තිය ඔයාව මහපාරෙ බස් එකක් ගානෙ රස්තියාදු කරවනවද.. එහෙම නැත්නම් හයක් හතරක් නොදන්න ඔයා වගේ තරුණ ඇහැට කනට පේන ගෑණු ළමයි මාර්ගයෙන් ඔය එක එක නම් දාගෙන ඉන්න අධ්‍යාත්ම ‍ෙවිදියෝයැයි කියාගන්න අයයි, උපදේශන කාරයොයි උන්ගෙ මොනවහරි කුනු ගොඩක් ඔයාලා වගේ අය හරහා විකුනගන්නවද..?

ගෑනු ළමයෙක් ඔය විදියට හිඟාකනවා වගේ තත්‍ෙවකට පත් කරලා ඔයාලගෙ දාඩිය මහන්සියෙන්  ලකුණු දාගෙන පොරවල් ‍ෙවන්නෙ පැත්තක ඉඳන් සල්ලි ගරන මුදලාලිලා. උන්ගෙ මොනවහරි ජරාවක් ඔයාගෙ රූපෙයි කතාවයි හරහා විකුණ ගන්නවා. ඔයාලත් විකිනෙනවා. තමන්ගෙ බුද්ධියෙනුයි ශ්‍රමයෙනුයි යමක් කරලා නම්බුකාර විදියට ජීවත් ‍ෙවන්න මාර්ගයක් ගැන බැලු‍ෙවාත් නරකද..? එක එකාට කඩේ ගිහින් ඔයාලා කවදා ගොඩ එන්නද..? මල්වගේ තාරුණ්‍යය මහපාරෙ යාචකයො වගේ දියකරලා දාන්න තරම් ඔයාලා පහත් මට්ටමට වැටෙන්නෙ ඇයි.? “

කියලා මම ඇහු‍ෙව නෑ.. හිතුවා.. ඒ සිතිවිල්ලෙන්  මම ගෑණු ළමයගෙ මූණ දිහා බලාගෙනම ඉඳලා අන්තිම ප්‍රශ්නය අහන්න කියලා ලෑස්ති වුනා.. ” මේ 21 ‍ෙවනි සියවසේ ඉන්න ඔයාලා ඔච්චරම මෝඩද..? ”

කෝ මෙයා….ටිකක් වටපිට බලද්දි .. ඒ ළමයා බස් එකෙන් බැහැලා ගිහින් ‍ෙවන බස් එකක අර වගේම දේශනයක් තියනවා..

-විකී-

Advertisements

2 thoughts on “තාරුණ්‍යය මාකටින් හෙවත් තාරුණ්‍යයට හෙටක් ..

  1. හරියට හරි. හරියටම හරි. දවසක් ඔයවගේ පිරිමි ළමයි දෙන්නෙක් අපේ ගෙදරට ආවා. ඔය මනස ආයතනයෙන්ම. මම විවෘත් ආර්ථිකයෙන් පටන්ගෙන සූරාකෑමේ විවිධ පැතිකඩ පෙන්නලා දුන්නා. අන්තිමට ඒ ළමයි කිව්වා අනේ සර් අපිත් ජීවත්වෙන්න තමයි මේ දේවල් කරන්නේ කියලා. මම ඒ දෙන්නට පෙන්නලා දුන්නා කුලී වැඩක් වගේ වුනත් මේ වැඩේ කරනගමන් ඉහලට ඉගෙනගෙන අනාගතය සකස්කරගන්න කියලා.

  2. ඒක නම් ඇත්තටම හොඳ වැඩක් විචාරක… මේ ළමයින්ට මොකක්හරි සුරංගනා ලෝකයක් පෙන්නලා අන්දලා තියෙන්නෙ.

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s