බොලීවියාව, රතුපස්වල සහ දූෂිත පාලකයෝ …


        ඩැනියෙල් සටන් කරයි. සෙබස්තියන් සහ කොස්තා තමන්ගේ අධ්‍යක්ෂණයෙන් නිමවෙන චිත‍්‍රපටය සාර්ථක කර ගැනීමට උත්සාහ දරයි. ඩැනියෙල්ට සටන් කි‍්‍රයාමාර්ග වලින් ඉවත් වන ලෙස මුදල් දෙයි. තමන්ගේ චිත‍්‍රපටය සාර්ථක කර ගැනීමට පැමිණෙන ලෙස කොතරම් පැවසුවත් ඔහු ඉන්නේ ජනතාව සමග සටන් බිමෙය.

මේ චිත‍්‍රපටයේ නම  (Even the Rain) වැස්ස පවා. බොලීවියානු ආණ්ඩුව 1999 වසරේදී  කොචබම්බා ජල සමාගම එක්සත් ජනපද බැච්ටේල් සමාගමට විකුණා දැමීමත් සමග බොලීවියාව තුළ දිගහැරුණු ජනතා අරගලයේ සත්‍ය සිදුවීම් මෙම චිත‍්‍රපටයට පාදක වී ඇත.

මේ සටන බොලීවියාවේ පොදු ජන සටනක්, අරගලයක් බවට පත් වී ඉදිරියට යන අතර ජනතා සහයද ඊට නොමදව ලැබේ. විශේෂයෙන් ඩැනියෙල්ට සටනින් ඉවත් වී ජීවත් වීම ස`දහා අවශ්‍ය මුදල් පවා කොස්තා විසින් ලබා දෙයි. ලබා දෙන මුදල් සියල්ලම ඩැනියෙල් ලබාගන්නා අතර ඒ මුදල් ,සටන් ව්‍යාපාරයේ වියදම සදහා යොදවනු ලබයි.  ඩැනියෙල් සිරගත වූ මොහොතක චිත‍්‍රපටයේ අවසන් දර්ශණය රගපෑම සදහා පොලිසියට අල්ලස්  ලබා දී ඔහුව නිදහස් කර ගැනීමට පවා කොස්තාට සිදුවිය.  .චිත‍්‍රපටයේ රගපෑම් අතරතුර ඩැනියෙල්ව අත්අඩංගුවට ගැනීමට පැමිණෙන පොලිසිය පැමිණෙන  අවස්ථාවක ,චිත‍්‍රපටයේ රගපෑම සදහා පැමිණී බොලීවියානු වැසියන් පොලිස් ජිප් රිය පෙරළා දමා ඩැනියෙල්ව නිදහස් කර ගනී. ඒ බොලීවියානු ජනතාව සටන්කාමී නිසාය. අවසානයේ කොස්තා ප‍්‍රකාශ කරන්නේ ” මේ වගේ අරගල වලට පහසු ජයග‍්‍රහණයක් නැහැ. අසීරුතම තත්වයන් ඉදිරියට හමුවන බවත් ” ය. අවසානයේ බොලීවියාවේ ජල සටන නිමා වෙන්නේ බැච්ටේල් බහුජාතික සමාගම කොචබම්බා ජල සමාගමේ අයිතිය අතහැර පිටව යාමෙනි. ඩැනියෙල් හා කොස්තා සමුගන්න මොහොතේ ඩැනියෙල් කොස්තාට තිළිණයක් ලබා දෙයි. ඒ තිළිණය නම් බොලීවියානු වතුර පිරවු බෝතලයකි.

”ගංගා දිගේ ගලා බස්නා දිදුලන දිය දහර, හුදු ජලයම නොව අපගේ මුතුන් මිත්තන්ගේ රුධිරය යි. අපි ඔබට අපගේ භූමිය විකුණුව හොත් ,එය අපට ශුද්ධ වස්තුවක් බව ඔබගේ මතකයේ තබාගත මැනවි. පොකුණුවල පැහැදිලි ජල තලාවේ පතිත වන සෑම අ`දුරු ඡායාවක්ම කියාපාන්නේ මගේ වර්ගයාගේ ජීවන සිදුවීම් හා ස්මරණ බව ඔබගේ දරුවන්ට වටහා දෙනු මැනවි. මේ ජලය නගන මිමිණුම මගේ මුතුන් මිත්තන්ගේ කටහ`ඩ වන්නේ ය.”ගංගාවෝ අපගේ සොහොයුරෝ වෙති. ඔවුන් අපේ පිපාසය සංසි`දුවති. අපගේ ඔරු පාැරුද ගෙන යති. අපගේ දරුවන් පෝෂණය කරති. අපි මේ භූමිය ඔබට විකිණුවහොත් මේ ගංගාවන් අපගේත්, ඔබගේත්  සොහොයුරන් බව අමතක නොකරන මැනවි. ඔබේ දරුවන්ට එය කියා දෙනු මැනවි. වෙනත්  ඕනෑම සහෝදරයෙකුට දක්වන කරුණාව ගංගාවලටද දක්වනු මැනවි.” (1853-1857-ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ෆ‍්‍රැන්ක්ලින් පියර්ස් වෙත රතු ඉන්දියානු නායක සියැටෙල් කළ ප‍්‍රකාශය)

ලංකාවේ කලාවැව නිර්මාණය කළ ධාතුසේන රජ්තුමාගෙන් කාශ්‍යප කුමරු විමසා සිටියේ කොහෙද නුඹේ වස්තුව කියාය. ධාතුසේන රජතුමා කලාවැවෙන් දිය දෝතක් රැුගෙන ප‍්‍රකාශ කළේ ” මේක තමයි මට තියෙන එකම  සම්පත යනුවෙන්ය. ජල සම්පත සම`ග බැදුණු එවැනි ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට අපි උරුම කම් කියාපායි.

පහුගිය දවස්වල රතුපස්වල ප‍්‍රදේශයේ මිනිස්සු තමන්ට බීමට සුදුසු ජලය ලබා දෙන්න  යැයි ප‍්‍රකාශ කරමින්  උද්ඝෝෂණයක් නිරත විය. ඒ උද්ඝෝෂණයට වෙඩි තබා තිදෙනෙක් ඝාතනය කරනු ලැබුවා.. එහෙත් තවමත් ප‍්‍රශ්ණය විසදී නැත.1977 විවෘත ආර්ථිකය අපේ රටට හ`දුන්වාදීමත් සම`ග ඇති කළ නිදහස් වෙළද කළාප තුළ ආයෝජකයන්ට නීති රීති ලිහිල් කරමින් ඉඩ දීම නිසා පරිසර දුෂණය අතින් ලෝව අනිත් රටවල ඉදිකිරීමට නොදෙන කර්මාන්ත ඉදිකිරීමේ තෝතැන්නක් බවට අපේ රට පත්වුණා. රාජ්‍ය යාන්ත‍්‍රණයේ තියෙන අතිශය දුෂිත ස්වභාවය මගින් තව දුරටත් මෙවැනි ක්‍රියා වැඩි වුණා මිසක අඩුවීමක් දක්නට ලැබුනේ නැහැ. අධිරාජ්‍යවාදී සමාගම් හමුවේ දණ ගසා සිටින රටවල් අද ඔවුන්ගේම රූකඩයක් බවට පත් වී ඇති මොහොතක වර්තමාන පාලකයන්ට කිසිම දෙයක් කර කියා ගැනීමෙ හැකියාවක් අද වන විට නැත. කුසට අහරක් නැති, බීමට දිය පොදක් නැති සාතිශය බහුතරයක් වන පීඩිත ජනතාවගේ වධ වේදනාවන් ඔවුන්ට ඇසෙන්නේ හෝ පෙනෙන්නේ නැත. පෙනූනත් එය වැදගත් වන්නේද නැත. වැදගත් වන්නේ ජාවාරම්කරුවන්ගෙන් ලැබෙන කොමිස් කුට්ටිය පමණි.

ගහකොළ, සතා සීපාවාද, ගංගා ඇළ දොළ ද, හිරු එළියද , තෙතමනයද, ආශ්වාස කරන වායුවද ඔවුන්ට ධනය උපයන ධන උල්පත් මිස අපගේ ජිවයේ කොටසක් නොවන බව ඔවුන්ගේ වැටහීමයි. එවැනි සමාජයක් මිනිසුන්ට ඉතිරිකර තිබෙන්නේ ”මිනිසෙකු සහ මිනිසෙකු අතර නග්න ස්වර්ථකාමය හැර ,අනුකම්පා විරහිත ලෙස මුදල් ගෙවීම හැර” වෙනත් කිසි`දු සබදකමක් ඉතිරි කර නැත.

එදා 1853 සියැටෙල් වැනි නායකයන් කළ ප‍්‍රකාශයත්, 1999 තරම් මෑත භාගයේදී ඩැනියල් නම් තරුණ නායකයාද අපට වැදගත් වන්නේ අවශ්‍ය වන්නේ මේ මොහෙතේදීය. එදා බොලීවියාවේ ඩැනියෙල් කළ සටන හා සමාන සටනක් අද රතු පස් වලද ඇත. ඒ සටනද ජයග‍්‍රහණය කරා ගෙන ආ යුතුය. මන්ද ජලය මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයක් වන බැවිනි.

වර්තමානයේ අපේ රටට ද අවශ්‍යව ඇත්තේ ඩැනියෙල් වගේ මිනිසුන් ය. මුදලට, තනතුරුවලට පොදු ජන සටන පාවා නොදී තමන් වටා එකතු වුණු ඒ ජනතාව ජයග‍්‍රහණය කරා මෙහෙයවීමට ඩැනියෙල්ට හැකිවිය. කිසිම අවස්ථාවක සටන පාවා දීමට  ඔහු සුදානම් වුයේ නැත. ඩැනියෙල් මුදල් හා මර්දනය ඉදිරියේ තමන්ගේ ස්ථාවරයන් වෙනස් කර ගත්තේ ද නැත. සු`ඵ ලාභ ප‍්‍රයෝජන තකා සටන් පාවා දෙන ලෝකයක ඩැනියෙල්  ලා වගේ මිනිසුන් වීරයන් ය. වර්තමානයේ ලෝකය ගමන් කරමින් තිබෙන්නේ ඛෙදවාචකයක් වෙතටය. ඒ නිසා මේ සත්‍යය කුමක්දැයි නිවැරදිව හ`දුනාගැනීමෙනුත් ,ඒ අනුව වෙහෙසවීමෙනුත් පමණක් මානව සංහතිය මේ විනාශයෙන් ගලවා ගෙන පෘතුවිය මිනිසුන්ට සුවදායි නවැතැන්පළක් කිරීමේ භාරදූර වගකීමක් අප වෙත පැවරී ඇත. ඔබේ තේරීම කුමක්ද?

-ඉන්දික කුමාර-

 

Advertisements

4 thoughts on “බොලීවියාව, රතුපස්වල සහ දූෂිත පාලකයෝ …

  1. අද (ඔක්තෝබර් 16) උදේ ‘සිරස ප්‍රෙස් රිලීස්’ වැඩසටහන මගින්, දැනට ගම්පොල ප්‍රදේශයේ වැඩසිටින, අර රතුපස්වල සටන පණගැන්වූ, තෙරිපැහැ සිරිධම්ම හාමුදුරුවන්ව, දුරකථන මගින් සම්බන්ධ කරගත්තා. මම හිතන්නේ උන්වහන්සේ සෝවාන් වෙලාද කොහෙද. සෙම අමාරුව නිසා විවේක ගන්න ගම්පොලට ආවලු. (නෑ වැඩම කලාලු) අරවගේ උද්ඝෝෂණ කිරීම දැන් අනවශ්‍යලු. ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨ නායකයෙක්ලු. මෙවැනි ප්‍රශ්න තවදුරටත් ඉදිරියට ගෙනයාම ළඟදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රැස්වීමේදී ලංකාව අපකීර්තියට පත්වන තත්වයක්ලු. දැන් සියලුම පාර්ශව එකම තලයකට ඇවිත් ඉන්න නිසා සාකච්ඡා කර ප්‍රශ්නය විසඳාගතයුතුයි ලු. එවිට වැඩසටහන මෙහෙයවන නිවේදකයා ඇහුවා, එහෙනම් එදා උද්ඝෝෂණ නොකර පෙළපාලි නොගිහින් හිටියානම්, ජීවිත තුනක් නැතිවෙන්නේ නැහැ නේද? කියලා. එයට පිළිතුර වුනේ, ඔව් එදත් අපි මීටවඩා කල්පනාකාරීව කටයුතු කරන්න තිබුනා කියා. මමත් ‘දෙකක්’ අහනවා (කියනවා) උන්නාන්සේගේ දුරකථන අංකය ලැබුනොත්.

  2. රතුපස්වල ඩැනියල් සිවුර පිටින්ම කෙලියා නේද තාප්පෙට?

  3. දැන් එයත් බලු කුක්කෙක් ‍ෙවලා වගේ..

  4. 😀 ඒක තමයි දැන් සිස්ටම් එක..

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s