රක්ෂණ ප්‍රතිලාභ හෙවත් කලු නික මාකටින් කන්සෙප්ට්..


       ලයිෆ් ඉන්ෂුවරන් කියන්නේ කෙනෙක්ට වටිනා දෙයක් උනත් ලංකාවේ ලයිෆ් ඉන්ෂුවරන්ස් කරන විදිහ ගැන බොහොම කනගාටු වෙනවා.මිනිස්සු ගිහින් නෙමෙයි තමන් ආරක්ෂා වෙන්න හදන්නේ, පස්සෙන් එලව එලව අපි ආරක්ෂා කරන්නනේ හදන්නේ ලංකාවේ…

පළවෙනි දේ ලයිෆ් ඉන්ෂුවරන්ස් ගන්නේ අපේ ජිවිතේ වෙනුවෙන්ද..
නැත්නම් ගෙදරට එන ඉන්ෂුවරන්ස් කරන නිලධාරියා වෙනුවෙන්ද කියන එක දැන් ලොකු ප්‍රශ්නයක්…මොකද ඒ තරමට අපේ ලයිෆ් එක ඉන්ෂුවරකරන්න එක එක කොම්පැනි වලින් පුදුම දයානුකම්පාවෙන් යුතුව තමයි ඔය පැකේජ් හදන්නේ…..

කොහෙන් කොහොම හරි ඒ වගේ එක කොම්පැනියක නියෝජිතයෙකුට මගේ දුරකථන අංකය හම්බවෙලා ඔන්න දවසට දෙතුන් වතාවක් මට කෝල් කරනවා සර් අපි අරවා දෙනවා,මේවා දෙනවා කිය කියා…
”සර් අපේ වාසි ගොඩක් තියෙනවා සර් අර………… කොම්පැනියට වඩා….අපි අරවා දෙනවා මේවා දෙනවා,අරෙහෙම කරනවා,මෙහෙම උනොත් මෙහෙම කරනවා…….”

ඔය විදිහට රටේ නැති දේවල් කිය කිය දින කිහිපයක් කතා කළා…මං කිව්වා නැහැ මට අවශ්‍ය වෙන්නේ නැහැ කියලා පස්සේ ආයි නියෝජිතයා කියනවා…
”සර් හරි සර් නොගත්තට කමක් නැහැ,මට පොඩ්ඩක් සර්ව හම්බවෙන්න එපොයින්මන්ට් එකක් දෙන්න..පස්සේ සර් තීරණය කරන්න”
පස්සේ මං කිව්වා ඒ උනත් මගේ තීරණේ වෙනසක් නැහැ කියලා…
”හරි සර් දවසක් දෙන්නකෝ මං එන්නම් සර්ව හම්බ වෙන්න…

අවසානයේදී ඔහුගේ දැඩි පෙරැත්ත කිරීම නිසාම මං කිව්වා හරි එන්නකෝ එහෙනම් හම්බ වෙන්න කියලා….
පස්සේ ඔන්න පහුවෙනිදා නිලධාරියා අපේ ගෙදර….

”වාඩිවෙන්න”

”හරි සර්,අපි තමයි සර් ලංකාවේ ලොකුම රක්ෂණ නියෝජිත සමාගම, අපේ කොටස් තියෙන්න එංගලන්තය,,,,,,,ඔන්න ඔහොම රටවල් ගොඩක් නම් කියාගෙන කියාගෙන ගියා….
ඊට පස්සේ තමයි වාඩි උනේ….

සර් සර් අපෙන් රක්ෂණයක් කලොත් සර්ට මෙන්න මේවා ලැබෙනවා,අරව ලැබෙනවා…
යකඩෝ කියාගෙන කියාගෙන යනවා මු ගිරවා වගේ….නිකම් මට ඔක්කොම නිකම් දෙනවා වගේ….ඉරයි හදයි විතරයි මට දෙන්නේ නෑ කිව්වේ…

පස්සේ ඔන්න එකපාරටම මෙයා ඇනගත්තා,
[මමත් ගැලවෙන්න පොටක් බල බල තමා හිටියේ]

”සර් දැන් බලන්න සර් අපි නිකමට හිතමු, වෙනවට නෙමෙයි නිකම් හරි සර් මගතොටේ යත්දී අනතුරක් වෙලා ජිවිතේ නැති උනා, එතකොට සර්ගේ දෙමව්පියන්ට, සර් බැදලනම් සර්ගේ බිරිදට, සර්ගේ දරුවන්ට යන කළදසාව, ඔවුන් අසරණ වෙනවා…අන්න ඒ අවස්ථාවේදී අපි පෙනී සිටිනවා සර් වෙනුවෙන්..අපි සර්ගේ පවුලේ අයට ලක්ෂ 20 ක් ම දෙනවා….
බලන්න සර් කොච්චර ලොකු වටිනාකමක් එකතුවෙනවද ඔවුන්ගේ අනාගතේට…සර් ඒ පැකේජ් එකට මාසෙටම ගෙවන්න ඕනේ රුපියල් 17,000 ක් විතරයි…”

”මම– ආ මං ගෙවන්න ඕනේ දහ හත්දහද……..?
මට පොඩ්ඩක් බලලා කියන්න මං එහෙම මළොත්,මගේ පවුලේ අයට මාව ආයි ගෙනත් දෙන්න පුළුවන් විදිහේ ජිවිත රක්ෂණ පැකේජ් එකකට මම මාසෙකට කියක් ගෙවන්න ඕනෙද කියලා…..
ලක්ෂයක් -දෙකක් උනත් කමක් නැහැ…මට ඒක ගෙවන්න පුළුවන්…”

ජිවිත රක්ෂණ නියෝජිතයා බයාදු හිනාවක් පාලා,සාක්කුවෙන් ලේන්සුව අරන් මුහුණ පිහිද ගත්තා..පස්සේ ගෙනාපු ෆයිල් එකත් කිහිල්ලේ ගහගෙන දොට්ට බැස්සා..ආයේ පැත්ත පළාතේ ආවේ නැහැ…
ඈත යන අහිංසක කොල්ල දිහා බලාගෙන මං දුක් උනා ඌ ගැන…
මොකද මේ උගේ අදහස් නෙවෙයි..
උන්ගේ කොම්පැනියේ මාකටින්ග් කන්සෙප්ට් නිසා….
ඌ ගමක අහිංසක කොල්ලෙක්….
කියක් හරි හොයා ගන්නයි ඒ වගේ රක්ෂණ සමාගමක වැඩ කරන්නේ…

පව් හුස්මක් පිටකරලා මම ගෙට ආවේ ඒ කොල්ලා ගැන හිතුන අනුකම්පාවත් එක්කම!

කණගාටු වෙන්නේ ලංකාවේ ජිවිත රක්ෂණ ක්‍රම ගැන නෙමෙයි….
ඒවා කරන විදිහ ගැන..

-දසුන් වානගුරු-

Advertisements

6 thoughts on “රක්ෂණ ප්‍රතිලාභ හෙවත් කලු නික මාකටින් කන්සෙප්ට්..

  1. ටයි එකකින් බෙල්ල හිරකරල වචන එකතු කරන අපේම මල්ලිල. මෙවුන්ගේ සමනල වයසෙන් ප්‍රයෝජන් ඇරගන්න ඉන්ශුවර්න්ස් සමාගම් තම පාරිභෝගිකයාට ගෙවීම් පැහැර හරින විට හිරවෙන්නේද මේ මල්ලිලාමය. පාරිභොගිකයා පන්නාගන එන්නේ මෙවුන් පසුපසය. අහෝ කවුරු බලන්නද මේ සමනල් වයස.
    වල් ගැන

  2. මෙච්චර දේවල් සිද්දවුන සහ සිද්ද ‍ෙවන ලෝකය ගැන හිතන්න තරම් අපේ එවුන්ටත් ඔලුවක් නෑ ජනක… ඕනම සීණිබෝලයක් ගිලිනවා දෙපාරක් නොහිතම..

  3. ////ඌ ගමක අහිංසක කොල්ලෙක්….
    කියක් හරි හොයා ගන්නයි ඒ වගේ රක්ෂණ සමාගමක වැඩ කරන්නේ…/////

    මෙන්න මේක තමයි නිරුවෝ තියෙන දුක. මහ කරුමක්කාර රස්සවක්. ලොක්කන්ගෙනුත් පෝරියල්….ක්ලයන්ට් ගෙනුත් පෝරියල්. එහෙමත් එකෙක් තමයි ගොඩ.

  4. හ්ම්… නැතිබැරි එකා නැත්තටම නැති වෙනවා…

  5. මමත් ඔය ෆීල්ඩ් එකේ කාලයක් වැඩ කරලා තියෙන නිසා යමක් කියන්නම්. ඇත්තටම ලංකාවේ ඔය ජිවිත රක්ෂණය කියලා කියන එක සිද්ද වෙන්නේ ඔය වගේ කස්ටමර්ලට වදයක් වෙලා තමයි. තමන්ගේ කැමැත්තෙන් රක්ෂණ ආවරණයක් ලබාගන්න එන්නේ එහෙමත් එක්කෙනෙක්.

    හැබැයි ජිවිත රක්ෂණයක් දෙනවා කියලා කිව්වට කෙනෙකුගේ ජීවිතයක් කිසියම් සමාගමකට රක්ෂණය කරන්න පුලුවන්ද කියන ගැටලුව අනිවාර්යයෙන්ම එනවා. ඔය ජිවිත රක්ෂණය කියන වචනෙත් මාර්කටිං ට්‍රික්ස් එකක්. ඕනෑම පුද්ගලයෙකුට තියෙන මරණ බිය එක්ක තමන්ගේ ආදරනීයයන්ගේ අනාගතය ගැන අවිශ්වාසයක් ඇති කරලා ඒ අවිශ්වාසි හැගීම මගින් පාරිභෝගිකයා ග්‍රහණය කර ගැනීම. ඒත් රක්ෂනයේදී ඇත්තටම වෙන්නේ හානි පුර්ණය කිරීමක් විතරයි. ජිවිතයේ වටිනාකම මෙච්චරයි කියලා තීරණය කරලා ඒ වන්දිය ගෙවීම.

    කෙනෙක් මැරෙන එක සාමාන්‍යයි. ඒත් කවදාවත් රක්ෂණාවරණයක් ලබා ගන්නවා නම් මැරුණම දෙන වන්දි මුදල ගැන හිතන්නම එපා. ඒ මුදල ලැබෙන නොලැබෙන එක මරණයේ ස්වභාවය අනුව වෙනස් වෙනවා. ගන්නවා නම් සෞඛ්‍ය ආවරණයක් ගන්න. මොකද පවුලේ කෙනෙකුට ලෙඩ දුක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේ අවස්ථාවකදී එහෙම ආවරණයක ලොකු වටිනාකමක් තියෙනවා. රක්ෂණ නියෝජිතයා කියන දේවල් විතරක් අහලා රක්ෂණයක් ගන්නත් එපා. ඌ පෙන්නන්නේ සුරංගනා ලෝක විතරයි. ඔයාලම ඒ ආවරණය ගැන සමාගම ගැන ටිකක් හොයලා බලන්න. පොලිසි එක හොදට කියවලා තේරුම් ගන්න. රක්ෂණ ආවරණය ගැන තියෙන ප්‍රශ්න ඔක්කොම කතා කරගෙන පොලිසි එකට අත්සන් කරන්න. එතකොට ඔය කියන තරං ගැටළුවක් නැතුව ලංකාවේ රක්ෂණ මණ්ඩලයේ ලියාපදිංචි වෙලා තියෙන ඕනෑම රක්ෂණ ආයතනයකින් බය නැතුව හොඳ සේවාවක් ලබා ගන්න පුළුවන්.

  6. රෙප් මහත්තයා @
    ඇත්තටම ලංකාවේ ඔය ජිවිත රක්ෂණය කියලා කියන එක සිද්ද වෙන්නේ ඔය වගේ කස්ටමර්ලට වදයක් වෙලා තමයි. තමන්ගේ කැමැත්තෙන් රක්ෂණ ආවරණයක් ලබාගන්න එන්නේ එහෙමත් එක්කෙනෙක්.

    අන්න ඒක තමයි ඇත්තම කතාව….
    ජිවිත රක්ෂණ ක්‍රම නරකයි කියනවා නෙමෙයි..නරක ලංකාවේ ඒක කරන විදිහයි !

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s