එපා වාහෙට හොදි බෙදීම හෙවත් ගොවියාට කෙලවීම..


index

පෙරදිග ධාන්‍යාගාරය කියා අපේ රටට නමක් ලැබී තියෙන්නේ සහ එහෙම හඳුන්වන්නේ කට කහනවට නෙමේය. අනාදිමත් කාලයක සිට අපේ රට සහලින් ස්වයංපෝෂිත වූ නිසාය. හෙල රජ දරුවන් මහා වැව් බඳවා කුඹුරු අක්කර ගණන් අස්වැද්දීමට පියවර ගත්තේ අද සිටින අමන නිළධාරින්ට සහ බලධාරීන්ට කාබාසිනියා කිරීමට නොවන වග සිහි තබාගත යුතුය.

යල මහ කන්න දෙකම හොඳට වැසි ලැබෙන ඊට අමතරව අතුරු කන්න වලදීද කුඹුරු කලහැකි රටක් ලෙස අපේ රට විශිෂ්ට දේශගුණික තත්වයක පවතී. නිසි කලට වැසි ලැබෙන අප රටෙහි කුඹුරු අක්කර දහස් ගණනක් පුරන්වී ඇති අයුරු රටපුරා සංචාරය කලහොත් දැකගත හැකි කරුණකි. එලෙස කුඹුරු පුරන්වී ඇත්තේ ගොවීන්ගේ කම්මැලිකම නිසා කෙතට බැසීමට නොහැකිව ගෙදර බුදිය ගන්නා නිසා නොව, තම කුඹුරට අවශ්‍ය නියම ප්‍රමිතියකින් යුතු බීජ නොලැබීම සහ පොහොර සහනාධාරය නොමැති කම නිසා මෙන්ම නිෂ්පාදන අස්වනු සහතික මිලකට විකුනා ගැනීමට නොහැකි වීම නිසාය.

කෙසේහෝ බළධාරීන්ට කන්කොඳිරිගා බීජ සහ පොහොර ලබාගෙන අස්වැද්දූවද, අස්වනු නෙලීමෙන් අනතුරුව ඒවා විකුණාගැනීමටද නොහැකිවී ඇත. රජයෙන් සහතික මිලක් වී අස්වැන්න සඳහා ලබා නොදීමෙන් ගොවියා අන්ත අසරණ තත්වයකට වැටී ඇත. කලුකඩ මුදලාලිලාගේ අතපල්ලෙන් වැටී සිය දාඩිය මහන්සියෙන් ලබාගත් අස්වැන්න කුනුකොල්ලයට ලබා දීමටද සිදුවේ. එහි ප්‍රතිපලයක් ලෙස ඊළඟ කන්නයේදී කුඹුරු අස්වැද්දීමට හැකියාවක් නැත. ඊට හේතුව වන්නේ ගොවියාගෙ අතමිට සරු නොවී දස අතේ ණයවී අන්න අසරණ තත්වයට පත්වීමය.

කෙසේ හෝ අවසානයේදී තම අස්වැන්න නියම මිලකට විකුණාගත නොහැකිව කුණු කරවල ගානට දෙන්නට සිදුවන්නේ වෙනත් කලහැකි දෙයක් නොමැති නිසාවෙනි. ඉන්පසු කලින් ගත් ණය පියවීමට ක්‍රමයක් නැත. අවසානයේදී උකසට තැබූ තමන්ගේ රොටරිය, ට්‍රැක්ටරයද  සින්න වේ. ඉන්පසු ටේලරය පමණක් ගේ පිටිපස්සේ දිරාපත්වේ. සමහරුන් එයද විකුණා දමති. අඹු දරුවන්නේ කනකර ආභරණද බැංකු වලට සින්න වේ. ණය කාරයින් පස්සෙන් පන්නන්න පටන් ගනී. එළියටවත් බැසීමට නොහැකි තත්වයක් උදාවේ. 

මේ සියල්ල බලා සිටීමට නොහැකිව අසරණ ගොවියාගේ බිරිඳ ආරාබි කාරයින්ගේ වහල් සේවයට යැවීමට ඇතැමෙකුට සිදුවේ. එහි ප්‍රතිපලයක් ලෙස ගෙදර සතුට සාමය හීනවී යන්නේ විදුලි වේගයෙනි. බොහෝ විට බිරිඳ නැවත හිස් අතින් සියරට පැමිණේ. එහි තවත් අතුරුපල රාශියකි. එනම්, මවගේ රැකවරණය නොලැබී යාමෙන් දරුවන් ඉබාගාතේ යෑමට පටන් ගනී. ඇහැට කණට පේන වයසේ ගැහැණු දරුවන් අකාලයේ සල්ලාලයින්ගේ ගොදුරු බවට පත්වේ. මේ සියල්ල විඳ දරා ගැනීමට නොහැකිව අසරණ ගොවියා සුරා සූදුවට ඇබ්බැහි වේ. ඔහු  කනමදයින් සේ බීගෙන ගෙදරට එන විට දරුවන්ටද සිය පියාණන් එපා වේ. අවසානයේදී අසරණ ගොවියාට සිදුවන්නේ සිය ජීවිතයෙන් වන්දි ගෙවීමටය.

පසුගිය කාලයේ ගොවීන් දිගින් දිගටම සියදිවි නසාගත් ආකාරය දකින්නට ලැබුනි. ඔවුන් එසේ කිරීමට පෙළඹුනේ කැසිල්ලට නොවන වග මතක තබා ගත යුතුය. එම මරණ පිටුපස ඇත්තේ ශෝචනීය කතා වස්තුවකි. එන් කඩා ඉහිරෙන ගොවි පවුලට අත්වන ඉරණම මෙතෙකැයි කියා නිශ්චය කිරීමටවත් නොහැකිය. සිය පියාට අත්වූ ඉරණම ගැන කල්පනා කරන ඔවුගේ පුතුන්ද මෙයින් කළකිරීමට පත්වේ නිතැතින්ම ඔවුන් වෙනත් රැකියා සොයා පිටව යන්නේ කුඹුරු කෙරුවාවට තිත තබමිනි. අවසානයේදී අක්කර අදහස් ගණනක් කුඹුරු පුරන්වී යන්නේ මේ අයුරිනි. පසුව මැති ඇමතිවරුන් සහ ගෝලබාලයින් පස් දමා ගොඩකර කාබාසිනියා කරන්නේ මෙම පෙරදිග ධාන්‍යාගාරයේ රත්තරන් වටින කුඹුරු ඉඩම් බව එක බල්ලෙකුටවත් නොතේරේ.

දේශීය ගොවියා නගා සිටුවා රට නැවතත් සහලින් ස්වයං පෝෂිත කිරීමට රජයට හෝ අදාල බලධාරීන්ට කිසිදු අවශ්‍ය තාවයක් නැත. ඊට හේතුද ගණනාවකි. පිටරටින් එන කොයි දේටත් දොහොත් මුදුන් දී වැඳ බඳාගැනීමට ජන්ම පුරුද්ද හිමි ලාංකිකයන් අතරින් රටේ පාලකයින් වන්නේද එම ගොබ්බ පුද්ගලයින්මය. ඉන්පසු ඔවුන් රටින් ගේන දේට කොමිස් ගැසීමේ ජාවාරම අහිමි කරගන්නට කැමති වන්නේ නැත. ගොවියාට හෙන ගැහුවත් ඔවුන්ට කමක් නැත.

මේ ගැන කල කතා බහකදී  හිතවත් රංජිත් රත්නායක කියූ දෙයක් මතක් කරන්නට කැමැත්තෙමි… සියලු කතාන්දර ගැබිවී ඇති එම ප්‍රකාශය මෙසේය…

”වලත්තයෝ පාලකයෝ බවට පත්වෙලා. ජනතාව උන්ගේ වහල්ලු වෙලා. චීන්නු නිෂ්පාදනය කරකොට ලාංකිකයෝ මිලදී ගන්නකොට ගොවියන්ට විකුනන්න වෙන්නේ කුට්ටම තමයි”.

-විකී-

Advertisements

6 thoughts on “එපා වාහෙට හොදි බෙදීම හෙවත් ගොවියාට කෙලවීම..

  1. ඇත්තටම අපි ට මොකුත් කරන්න බැරි ද?

  2. දැනුවත් කිරීම හැර වෙන යමක් පුලුවන්ද..?

  3. අන්තිමේ ලියලා තියෙන කතාවනම් ඇත්ත හැබැයි.. ඒත් බලාගෙන ඉන්නවා හැර වෙන කරන්න දේකුත් නැති තරම්..

  4. Apitakaranna deyak thiyenawada nemei,,,api thamai karana deyak karanna oni…no one else to do it

  5. ගොවියාට අත්කර දුන් ඉරණම ධීවරයාටද අඩු වැඩි වශයෙන් ලඟාවේ. වී පැලයේ සිට තේක්ක බුරුත දක්වා ඇමතියෝ දුසිමකට වැඩිය. හාල්මැස්සගේ සිට තල්මසා දක්වා ධීවර ඇමතියෝද එසේමය. දැන් අවශ්‍ය ගොවියෝද ධීවරයෝද බෙල්ල වැල දා ගැණීම අධීක්ෂනය කිරීමේ ඇමතිවරු පමණි.

  6. ඇත්ත තමයි..

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s