පොන්න කම සහ සෙක්ස් භීතිකාව


    1525325_10202010035466661_1515478224_n           

  මිනිසා කියන්නෙ ලිංගික සත්වයෙක්. ලිංගිකත්වය කොයි සුචරිතවාදියටත් අවශ්‍යයි. යුරෝපීය හෝ බටහිර රටක කාන්තවකට Hi Sexy .. කියලා කතා කලාට කිසි අවුලක් නෑ. මොකද එයාලට ඒක ගාණක් නෑ. ඒත් අපේ රටේ කාන්තාවකට ඒක කියලා බලන්න මොකද වෙන්නෙ කියලා…. 

ඒකට හේතු කීපයක්ම තියෙනවා..
අපේ රටේ ලිංගිකත්වය සීමා වෙන්නෙ හුදෙක්ම නපුංසක චරිත නිසා. ලිංගිකත්වය ඕපන් කතා කරන කෙනා ස්ත්‍රී දූෂණ කරන්න යන්නෑ. ඒවා ගොඩක්ම වෙන්නෙ කිසිම ලිංගික අවශ්‍යතාවයක් සපුරා ගැනීමට නොහැකිවූ අයගෙන්. 

අපේ රටේ ලිංගිකත්වය කියන්නෙ මහ කුජීත බරපතල අපරාධයක් හා සමානයි. ඒකම තමයි අපේ රටට මෙහෙම වෙන්න හේතුව. ගමේ අය ගූගල් එකේ සෙක්ස් සර්ච් කරන්න යන්නෑ. පහසුකම් අවම නිසා සහ දැනුම සීමා සහිත නිසා. ගොඩක්ම සෙක්ස් සර්ච් වෙන්නෙ දියුණු නගර වල තමයි. ඒකෙන් කියවෙන්නෑ සෙක්ස් අවශ්‍යතාවය නගරයට සාපේක්ෂව ගමේ අඩුයි කියලා. දෙපැත්තෙම අවශ්‍යතා සමානයි.

අද මිනිසුන් අතර අවබෝධය නෑ. සෙක්ස් ගැන කතා කරන්නෑ.. ඉතින් කොහෙන්ද දැනුමක්..? එකම විකල්පය කාටත් හොරා ගූගල් සර්ච් කරන එක. ඒකත් වැහුවම මොකද කරන්නෙ…? හොයනවා වැඩියි. අද නිත්‍යානුකූලව කසාද බඳින දෙන්නෙක් අතර පවා සෙක්ස් ගැන කතා වෙනවා අඩුයි. ඒ තරමට මේක භීතිකාවක් වෙලා. 

අනික ඔය අසහන කාරයො කියන වචනය.. මොකක්ද අසහනය කියන්නෙ? ලිංගික සත්වයො හැමෝම අසහනකාරයො තමයි. එකම දේ ලැබෙන විදිය වෙනස්. කසාද බැඳලා ඒ දෙන්නා අතර ඕනම දෙයක් කරන්න හොඳයි වගේම තමයි කසාඳ නොබැඳපු අයටත් ඒකෙ තහනමක් නෑ. තහනම් කරන්නත් බෑ. ඒක මිනිස් අවශ්‍යයතාවයක්. 

කසාද බැඳලා සෙක්ස් කරන කෙනා පට්ට වෙන්නත්, නොබැඳ සෙක්ස් හොයන කෙනා අසහනකාරයෙක් වෙන්නත් විදියක් නෑ. ඒ තත්වය ඇති කලේ සමාජය විසින්මයි. සංස්කෘතිය කියන විකාරය ඇතුලෙ හැඟීම් හිරවෙලා. ඒවා හැමදාම හිරවෙන්නෑ. පුපුරලා යනවා කොයි මොහොතක හරි.

ඔය පට්ට ටෝක් දෙන අය ලිංගිකත්වය කියන්නෙ මොකක්ද කියලාවත් දන්නෑ. එයාලා දන්න එකම දේ තමයි අපේ රටේ සෙක්ස් කියන්නෙ කුජීත දෙයක්… ඒනිසා ඒ ගැන කතා නොකර තමන් ඒවට නෑ කියලා පෙන්නන්න දඟලන එකයි. නමුත්, හරියට බැලුවොත්… ඒ පොන්නයො.

කලයුත්තේ සංස්කෘතිය කියන කඩතුරාව ඇතුලේ වුනත්, අවශ්‍ය නිදහස, දැනුම වගේම අවබෝධයත් ලබා දීමයි. වෙබ් සයිට් තහනම් කිරීම හරියට අතීසාරෙට අමුඩෙ ගහනවා වගේ වැඩක්.

– විකී-

Advertisements

3 thoughts on “පොන්න කම සහ සෙක්ස් භීතිකාව

  1. පුහු සදාචාර හනමිටිය පැත්තකින් තියලා විවෘතව මේ විෂය ගැන කතානොකරන තාක් තව තව ව්‍යාකූලතාවයන් ඇතිවෙයි.

  2. සම්පූර්ණ ඇත්ත කථාව ලංකාව ඇරුනම අනිත් හැම රටකම ලිංගිකත්වය පැත්තෙන් කිසිම අවුලක් නෑ ඒ රටවල් වල sex කියන කාරණාව විවෘතව කතා කරන නිසා ලිංගික අපරාද සිද්ද වෙන්නෙම නැති තරම්

  3. ෙමාල් අාමාරැව ගණිකාවක්ෙගන් හරි අැර ගත්තනමි ඹය කියන ස්ති දුෂන ෙවන ඵක අඩු ෙවනවා ෙකාෙහද ඵ්ක ෙමි ෙපාන්නයන්ට ෙතෙරන්ෙන් නැහැෙන්.

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s