බෙදු බලේ ආගමනය සහ ලංකාවේ ගොංබිජ්ජෝ..


බෙදු බලේ ආගමනය සහ ලංකාවේ ගොංබිජ්ජෝ..

https://www.facebook.com/groups/borderless.group
___________________________________

බොදු බල සේනාවේ ස්ක්‍රිප්ට් එක මොකක්ද කියලා කාටවත් තේරෙන්නෑ. ලංකාවේ සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී ඉන්නවානම් අම්මා තාත්තා වුනත් ගහලා පන්නන තරම් අභීත හෙළයො ලංකාවෙ ඉන්න නිසා ඕනම වැඩක් කරන්න පුලුවන්… ඊට පස්සෙ කරන්නෙ මේ රටේ නැති මුස්ලිම් අන්තවාදයක් නිර්මාණය කිරීම. මීට වසර දහස් ගාණකට පෙර පටන් ගත්ත ආගම්මයි තාමත් තියෙන්නෙ. ඒ කාලෙත් හිටියේ මේ වගේ ඇදහිලිකාරයෝම තමයි. නමුත් දේශපාලනයෙන් තොර අන්තවාදයක් තිබ්බද කියලා හොයන්න නැහැ.

සියලූම ගැටුම් නිර්මාණ වෙන්නෙ දේශපාලනික උවමනා නිසා කියලා තේරුම් ගන්න තරම් අපේ හුදී ජනයාට මොලයක් නැහැ. හැම ගැටුමකින්ම වාසි ගන්නෙ කවුරුන්හෝ පිරිසක්ය කියලා හිතන්න තරම් මොලයක් නැහැ. පිට රටවල් වල සිදුවීම් දිහා බලලා ඒවා අපේ රටට සෙට් කරගන්නෙ හාවා බෙලි ගෙඩිය වැටුනම දිව්වා වගේ මානසිකත්වයකින්.

ඒ හරහා අපේ රටේ දේශපාලනික හොරු රැල ප්‍රයෝජන ගන්නවා. උන් පෙන්නලා දෙනවා අපේ රටටත් ඉක්මනින්ම මේ ව්‍යයසනය එනවා කියලා. එන්න කලින්ම අපේ රටේ ඒක නිර්මාණය කලා. අපේ මෝඩ මීමින්නොත් රටේ ලෝකෙ වෙන දේවල් ගැන මෙලෝ මගුලක් දන්නෑ. ඇහෙන දකින දේට චූන් වෙනවා. මුන් හිතන්නෙ ඇහෙන, පේන දේවල් ඇත්තමයි කියලා.

ඔන්න ඊට පස්සෙ ආණ්ඩුවේ නැතිවීගෙන යන හැම දේම රැක ගන්න ක්‍රමයක් හොයනවා. ආණ්ඩුවට ගේම තියෙන්නෙ සිංහලයා එක්ක. සිංහලයා තමයි ආණ්ඩුවට ලොකුම තර්ජනය. මොකද දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්නවා විතක් නෙවෙයි… පොඩි දේටත් කුලප්පු වෙනවා. සිංහලයො මෝඩ රැළක් කියලා හොඳටම දන්න නිසා මුන් කුලප්පු කිරීම තමයි එකම විසඳුම. දෙමලාවත්, මුස්ලිම් එකා වත් කුලප්පු වෙන්නෑ. උන් කපටියි. උන් බලන් ඉන්නවා මුලින්ම මොකද වෙන්නෙ කියලා.

අපේ අයියලා එහෙම නෑ. පඩයක් ගියත් මෝටාර් ගහපු ගානට හැසිරෙන්නෙ. ඒකෙන් වාසිය ගන්නෙ ආණ්ඩුව. ආණ්ඩුවට එල්ලවෙන චෝදනා වහගන්න වෙන කතන්දරයක් හදන්න වෙනවා. එමගින් මිනිසුන්ගේ අවධානය යොමු කරවනවා ඒ අවුල පැත්තට. අපේ ගොයියොන්ට ඒක තේරෙන්නෑ. උන් හිතන්නෙ පට්ටම සීන් එකක් තමයි මේක කියලා.

එකට උප්පරවැට්ටි හොය හොයා ඉන්නකොට ඔන්න සෙට් වෙනවා පට්ට නාටකයක් ආණ්ඩුවට. ඒ තමයි මුස්ලිම් අන්තවාදය. ඒක තාම හත් ගවුවක් දුරින්. ඒක ලංකාවට එනවානම් තව අවුරුදු කාණක් යනවා. නමුත් එච්චර කල් හිටියොත් ආන්ඩුවට කෙලවෙන බව දන්න පාලකයා ඉක්මන් වෙනවා. මේක තමයි හොඳම අවස්තාව. ඒ අන්තවාදය ලංකාවටත් ඇතුලු වෙලා කියලා දැනෙන්න අරිනවා.

ඒක නිකම්ම දැනෙන්න ඇරලා වැඩක් නැති නිසා තැන තැන පොඩි ගැටුම් නිර්මාණය කරනවා. ඒ සඳහා තෝර ගන්නෙත් කාන්දමක සමාන අග්‍ර වගේ ලේසියෙන් සාමදාන නොවන ගේම නම් ගේම වගේ පිරිස ඉන්න පැති. මොකද අවුලවන්න ලේසි නිසා. දර්ගා නගරය ඊට හොඳම පැත්තක්. ඔන්න දැන් ආණ්ඩුව කරන ඕනම කුප්ප වැඩක් අපේ අයියලාට පේන්නැති ගාණට එනවා. මොකද මුස්ලිම් අන්තවාදය ලංකාව ගිල ගත්තොත් ඒක ඊට වඩා අවුලක්නෙ… ඒ නිසා දැන් හැරෙනවා මුස්ලිම් එවුන්ගෙ පැත්තට. ඔන්න පටන් ගන්නවා උන් එක්ක ගේම.

දැන් සිංහල මුස්ලිම් එවුන් ලංකාව ඇතුලෙ කෙලගන්න පටන් ගන්නෙ කොහෙවත් යන මගුලකට. දැන් කොරහෙත් පේන්නෙම කිඹුල්ලු. ඒ මානසිකත්වය මීඩියා හරහාත් එලටම හදනවා. දැන් අපේ ගොයියොන්ට ඇත්ත බොරුව අඳුන ගන්න බැරි ගානටම අන්දනවා. ඔය අතරේ මේක ආගමික ගැටුමක් බවට පරිවර්තන කරනවා. එතකොට තවත් ලේසියි. අපේ එවුන්ට ආගම දහම කිව්වම මරාගෙන මැරෙන පිංපි ඩයල් කියලා මහ එවුන් හොඳට දන්නවා.

ඒ නිසා දැන් හාමුදුරු වරුන්ටත් කාටහරි කියලා දෙක තුනක් නෙලලා වැඩේ තවත් තහවුරු කරනවා. ඔන්න දැන් වැඩේ නියමෙට නැගලා යද්දි ආණ්ඩුවේ අඩුපාඩු කතා කරන්න මිනිස්සුන්ට වෙලාවක් නැහැ. ඒ නිසා ආණ්ඩුව තව තවත් ශක්තිමත් වෙනවා. ඇවිලෙන ගින්නට හොඳට පිදුරුත් දානවා. නමුත් ආගමික අවුලකට ආණ්ඩුවට මැදිහත් වෙන්න ටිකක් අමාරුයි. මොකද එතකොට කිසි ගතියක් නැහැ. ඒ නිසා ආණ්ඩුවේම නියෝජිතයො පිරිසක් වැඩේට යොදවනවා.

උන් කරන්නෙ දැන් මුස්ලිම් අන්තවාදයෙන් බුදු දහමයි සිංහලයාවයි බේර ගන්න කියලා මැදට පනිනවා. ඔන්න දැන් අපේ ගොයියලාට ඊට වඩා දෙයක් නෑ.. මොකද සිංහල බෞද්ධයා වෙනුවෙන් කතා කරන්න පිරිසක් ඉන්නවා. හැබැයි උන් ඉටු කරන්නෙ කාගෙ කොන්ත්‍රාත්තුවද කියන එක අපේ ගොයියො දන්නෑ. මොකද ඒවා හිතනවට වඩා සිංහල බෞද්ධයා බේරා ගැනීම මාර විදියට වටින නිසා.

දැන් ඔය නිර්මාණය කරපු මුස්ලිම් අන්තවාදය ලංකාවේ හොඳට පැල කරලා අතුපතර විහිදී යන්න අරිනවා. මොකද එතකොටනෙ ඇත්තටම එහෙම සීන් එකක් තියෙනවා කියලා පේන්නෙ. රට පාලනය කරන්න පාලකයාගේ නොහැකියාව දැන් මිනිස්සුන්ට මතක නෑ. දැන් රටේ ඉටු දෙයියා වෙන්නෙ අර බැහැපු සෙට් එක. ඔන්න එයාලා සිංහල බෞද්ධාගමේ නාමයෙන්ම බොදුබල සේනාව කියලා පිහිටුවනවා. දැන් ගේම ටක්කෙටම හරි.

දැන් අපේ රටේ ඉන්න බත්කන හරක් කරන්නේ මේ කෙහේවත් යන අන්තවාදයක් අතින් අරන් පිටිපස්සේ තියාගෙන දගලන එක. ඒකට බැහැලා ඉන්න බල සේනාවට දිවි හිමියෙන් කැප වෙලා ඉන්නවා. දැන් ඒ බලසේනාව තමයි රටේ සර්ව බලධාරියා. ආණ්ඩුවෙන් වැඩක් නෑ. රටේ නීති පද්ධතිය හදන්න උවමනා නෑ. කොන්ද පණ තියෙන පාලකයෙක් පත් කරගන්න උවමනා නෑ.. මොකද බල සේනාවෙන් ඒ සේරම කරන නිසා.

දැන් ආන්ඩුවේ ගේම එලට හයනවා. අපේ බත්කන හරක් ඒ ලනුව කෑවා. දැන් ආන්ඩුවේ කොන්ත්‍රාත් එක ඉටු කරන බල සේනාව දිනවන්න ලෑස්ති වෙනවා. ඒකෙනුත් තවත් ශක්තිමත් වෙන්නෙ මේ ගොබ්බ ආන්ඩුවමයි කියලා අපේ මී හරකුන්ට තේරෙන්නෑ. මහින්දලා කරන්නෙ බලලුන් ලවා කොස් ඇට බාගන්න එක. නමුත්, අපේ අයගේ බුද්ධාලම්භන ප්‍රීතිය නිසා බලසේනාව ආණ්ඩුවේ බළල් අතක්ය කියලා පිලිගන්න කැමති නැහැ.

දැන් කරන්නෙ ඒ වැරදි අඩුපාඩු සහ නොමග යෑම ගැන හෙලිදරවු කරන අයට ගේම දෙන එක.

අපි ගොච්චර ගොං ජාතියක්ද අප්පා…??

-ඒ.එම්.එස්. වික්‍රම-