ක්ලිනික්..ක්ලිනික්


ඕයි මේ…………
ලංකාව කියලා අරුම පුදුම ලන්තයක් තියේලු…
හරියැ..
ඉතින් ඕකෙ බටහිර ප්‍රාන්තෙට වෙන්ටැ ගම්තුලාන පහකින් වටවෙච්ච සිදාදියක් තියේලු…
හරියැ…
ඒකෙ හරි මැදට වෙන්ටැ පුංචි කඳු ගැට්ටක් තියේලු… ඒ කඳු ගැට්ට එහෙමම තීච්චදෙන්…
කතාව මේකයි…
පුරාණෙ ඉඳන් නිදහස් අධ්‍යාපනයද මොකද්ද මංදා කෙණ්ගෙඩ්ඩක් වෙනුවෙන් මේ ලන්තයෙ පොඩි එවුන් හටං කොරනවලු. දූලි කනවලු. මැහි ගහන් රෑ පහන් කොරනවලු. ජරමර ගොඩලු.
ටික දොහක ඉඳං සිස්ස කප්පාදුවක්ය කියලා මහා ගාලගෝට්ටියක්ලු. පිරිවෙන් පුරවරේ ඉසව්වෙ තුන් මහකටත් වැඩි කාලයක් මැස්සක් උඩලු හාන්දුරුවොත්..
කොහොමින් කොහොමහරි ඩිග්රි කරදහිය ගැන හීනයක් තියෙන පිටිසර අම්මට අප්පච්චිට දෑහෙ කඳුලු නැතිව හුස්ම අරින්ට ඉඩ දෙන්ට ඕනැංනෙ කියාලා උන් තව තව කොල්ලො කෙල්ලො බුරුත්තක් විස්ස විද්දයාලෙට ගාල් කොරගන්ටලුනෙ තනන්නෙ..
ඒ මේ අස්සෙ මේ ලන්තෙ තව අපූරු තැනක් තියේලු. ඒකෙ ඉන්න වුන්ට ඕන එන්ට එන්ටම සිස්ස කප්පාදුවමලු.
ඒකට ඒ ඩිග්රි කරදහිය ඇන්න විස්ස විද්දියාලෙන් පිට වෙච්ච එකාලත් පුල් සපෝට්ලු…
උන් ඉල්ලීමකුත් කරනවලු කොල්ලො කුරුට්ටො අර්ද සතකෙකට වඩා ගන්ටෙපා කියලා ඒ ඩිග්රි කරදහිය දෙන්ට සිල්ප දෙන තැනට…
දැනටත් ඕන හැට හුටහමාරක් ඉන්නවලු සිස්සයො. ඒ ගාන ඉහටත් වැඩීලු. ඊළඟ කාර්තුවෙ හිට පනහට බස්සන්ටලු. ඒකලු මොකක්ද මංද පොතක සටහන් ගාන. පස්සෙන් පහු එ් ගානත් අඩු කරමුලු.
මේක සිස්සයන්ට වඩා ඒකෙන් කරදහි අරන් පිට වෙච්ච මහ එකාලෑ කුමන්තරණයක්ලු.
ඇයි ඇහුවම “අපි වගේ තව එවුන් පිට වෙද්දි අපේ රස්සාවෙ තත්තෙ හීන වෙනවලු. ඉල්ලුම අඩු වෙනවලු. ”
ආ මේ…
මේකට අර කිව්ව කඳු ගැට්ට සම්බන්දයි ඕන්….
අපිනං දන්නෙ නෑ. මේකටත් කියන්නෙ අර කෙණ්ගෙඩ්ඩද? (නිදහස් අධ්‍යාපනය)
පව්…….
පෝලිමේ ක්ලිනික් යංද?
(ලිව්වෙ හිතේ ඇම්මෙන් ඕන්-කොයි එකාලා ආවෙත් බදු සල්ලියෙන්)

නුවන් හෙවත් පීඩිත සාක්ෂිකාරයා

Advertisements

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s