නානසාදු මහතා වෙත,


මා හිතවත් නානසාදු මහතා වෙත,

හිතවත් මහත්තයෝ,

මේ රටේ එකාලට මොළේ නැත. මං උන්නේ උඹතුමාගේ නොදැක්ක පුක පැත්තද ගැලරියේ හිටං නරඹන්ටය 18 න් පස්සේ. අවානං ඒක පෙන්නන බව මට සුවර් විය.ඒකත් නැතිවිය. අස්සට රිංගුවානං අපිට හෙන ආතල් එකක් ගන්ට තිබුණේය.

ගීතා ආච්චිත් යන්තං පැන්නාය. හිටියනං ගල් ආතල් එකක්වත් උඹතුමාට ගන්ට තිබුණාය.. (සොරි වෙන්ටෝනය. වැඩ ගැන සිතා ලිවුවේය. නැත්තං “තිබුණේය“ විය යුතුය)

තවදුරට ලියමි. මේ රටේ හාල්පාරු ජහමනයා බංග විය යුතුය. උන්ට උඹතුමාට වඩා මහ ලොකු බුද්ද දර්සනේ ගවුරවේද මොකද්ද ලොකු විය. ඒ වගේද ශ්‍රාවස්තියෙ කෑම?

උන්ටනං විහිලුය. බය වෙන්ටෙපාය. පළාත් පාලනේකුත් එනවය. ට්‍රයි ඇන්ඩ් ට්‍රයි ය. එතකොට වන්ඩේ යූ කැන් ඩයි ය. හොඳට හෝදලා නයා පරෙස්සම් කරගන්ට ඕනය. නැත්තං ඕකා පෙනේ නැති කරගන්ට බැරි නැත. කවුන්සිලේට රිංගූ උත්තමයන් 225 ට දැන් නැත්තේ උඹතුමාගේ ජාතියේ මූනත්තහඩුවක් විතරය. ඊළඟ ඡන්දෙන් අලුත් දෙකෝටියක් පත්කරගත යුතුය. කුණුහබ්බ දෙක තුනක් කියා අපි හිත හදාගමුය.

අපේ සීයා කිවුවේ ලොකු කොමඩ් එකක ඉඳගන්ඩත් තට්ටමේ තරම දැනගෙන ඉන්ටෝන කියාය. මට තවම ඒ හැටි තේරුමක් නැතිය. නවතින්ට අවසරය.

පැරකුම් ගොයි සමිතියේ සබාපති නිලවරණෙදි හමු වෙමුය…
උඹතුමාට අබ සරණයි.!
මෙයට ඔක්කාරයට පත්,

නුවන් හෙවත් පීඩිත සාක්ෂිකාරයා

-මේ 2015.01.08 න් පසු පීඩිතයා ප්‍රකාශයට පත්කරන පළමු මැතිවරණ ප්‍රකාශයයි-

One thought on “නානසාදු මහතා වෙත,

  1. දකුණු පළාත් සභාවේ මහ ඇමතිකමට මහින්ද රාජපක්‍ෂත් ඉල්ලයි නේ. නානසාරට ෆයිට් එකක් දෙන්න ඇහැක් වේවි!

Comment එකක් දාන්න