වනචාරියා..


එක අතකට බලද්දි,..
කන්න කෑම වේලක් නොදුන්න..
අඳින්න වස්තරයක් නොදුන්න..
දුප්පත් කමට කොන් කරලා දැම්ම..
අපි විසින්ම වනචාරියෙක් කරපු..
කොන්ඩයාගෙ ප්‍රතිපලය දැක්කම..
අපිම කියනවා කෑ ගසා..
අනේ ඕකව එල්ලන්න..

-වික්‍රම-

පොලීසිය නැගිටිනු.. ..


imagesඅපරාධකරුවන් කොටු කර ගැනීමට සහ අපරාධ වැලැක්වීමට කටයුතු කිරීමට හැකියාව ඇති එකම සහ ප්‍රබල කෙනෙක් සෑම පලාතකම සිටී.. එනම්, ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිවරුන්ය..

ඔහුට ගත හැකි පියවරයක් කිහිපයකි..

* සෑම මාස 3 කට වරක් ගම්මුන්ගේ හමුවක් පැවැත්වීම.. එමගින් ගමේ සියලූම පුද්ගලයින් හඳුනා ගැනීමටත් තොරතුරු හුවමාරු කර ගැනීමටත් හැකි වේ.

* තෝරාගත් දිනයන් වලදී හෝ හදිසියේ කරන ලද නියෝගයකින් සියලූම ගම් වාසීන් යම් ස්ථානයකට කැඳවා ඔවුන් පිලිබඳව විධිමත් අධීක්ෂණයක් කිරීම. ඒ අවස්ථාවට පෙර දිනයකදී ගමේ ග්‍රාම සේවා නිළධාරීයා සතු ගම්වාසීන්ගේ නාම ලේඛණයක් ලබා ගත හැකිය. පසුව අදාල දිනයේ පැවැත්වෙන අධීක්ෂණ හමුවේදී අදාල නම් ලැයිස්තුව කියවා සියලූම පුද්ගලයන් පැමිණ සිටීද යන්න පරීක්ෂා කල හැකිය.

එහිදී එම හමුවට පැමිණ නැති අයවලුන් පිළිබඳව සොයා බලා ඔවුන් අදාල හමුවට පැමිණ නැත්තේ ඇයි දැයි සෙවීමට හැකිය. බොහෝ විට පොලීසියේ එවන් ජන හමු මග හරින්නේ යම් කිසි නොමනා ක්‍රියාවන්ට සම්බන්ධ අයවලුන්ය. ඔවුන් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටීමෙන් බොහෝ අපරාධයන් වළක්වා ගත හැකිය.

* සෑම මාස කිහිපයකට වරක් ගම් වාසීන් කැඳවා සමාජයීය කරුණු සහ යහපත් පැවැත්ම පිළිබඳව විෂේශ කාලීන වැඩමුළුවක් පැවැත්වීමට හැකිය. එමගින් මිනිසුන් තුල ඇති වැරදි මත සහ නොදන්නා දේ පිළිබඳව ඔවුන්ට විධිමත් දැනුමක් ලබා දිය හැකිය.. එමගින් විවිධ ආකාරයේ අපරාධ සහ නොමනා ක්‍රියාවන්ට මිනිසුන් පෙළඹීම අඩු කර ගැනීමට හැකිය..

* ගම් මට්ටමින් සිවිල් ක්‍රියාකාරීන් පත කර ඔවුන්ගේ පූර්ණ ඍජු අධීක්ෂණය ගම වෙත යොමු කල හැකිය. ඔවුන් විසින් නිරන්තරයෙන් ගම්වල සිදුවන විවිධ සිදුවීම් සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කරනු ඇත. ඒ සඳහා විෂේශ ඒකකයක් පොලීසියේ ස්ථාපිත කල හැකිය.

* සෑම දිනකම නිෂ්චිත කාල වේලාවක් නොමැතිව පොලීසියේ දෙදෙනෙකු ගම පුරා සංචාරයක යෙදවිය හැකිය. ඒ මගින් අපරාධ වළක්වා ගැනීමටත්, යම් කිසි සිදුවීමක් ඒ මොහොතේම දැන ගැනීමටත් එය පාලනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමටත් හැකියාව ලැබෙනු ඇත..

* පොලීසියේ මැදිහත් වීම මත සෑම මසකම ගම් වාසීන් යොදවා ආගමික ක්‍රියාවන් සිදු කිරීමට හැකිය. ඒ සඳහා ගමේ සෑම පුද්ගලයෙකුගේම පැමිණීම අනිවාර්ය කිරීම කල යුතුය. ඒ මගින් යම් ආගමක් දහමක් නොදන්නා මිනිසුන්ට ආගමික නැඹුරුතාවක් ඇතිකල හැකිය..

මේ ආකාරයේ විවිධ වූ නැවුම් ක්‍රියාකාරකම් තුලින් සමාජය යහපත්ව පවත්වා ගැනීමට පොලීසියට කල හැකි දෑ බෝහෝය. දිනෙන් දින ඉහල යන අපරාධ රැල්ල සහ පොලීසියට එල්ලවන චෝදනා වලින් මිදී යහපත් සමාජශීලී සහ අවංක සේවයක් සැපයීමට පොලීසියට හැකිවනු ඇත…

පොලීසියේ උසස් නිළධාරීන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නම් මැනවි..

-වික්‍රම-