පුටින් මාමා වෙත ලියමි..


ආදරණීය පුටින් මාමේ,

අම්මපා පුටින් මාමේ මේ ලිපිය ඔබට ලියන්නේ බලන් ඉන්නම බැරි තැනය.. පුටින් මාමා ISIS බුවාලට නෙලන්න පටන් ගැනීමත් සමග මගේ බුද්ධාලම්භන ප්‍රීතිය ඩබල් ට්‍රිබල් විය. ලංකාවේ තත්වය දිහා බලනකොට මට එක් වරම සිහියට ආවේ පුටින් මාමාය. ඒ නිසා මේ ලිපිය කියවා බලා ඉදිරියේදී ගතහැකි ක්‍රියාමාර්ගයක් ගන්නා මෙන් ඉල්ලා සිටිමි. ඒකට ඉතිහායසේ ඉඳින්ම ටිකක් මාමා වෙත මෙසේ ලියා දක්වමි.

හතලිස් අටේ නිදහස ලැබීමත් එක්ක ලංකාව ස්වෛරී රාජ්‍යයක් විය. එම අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිත සමයෙන් පසුව ලංකාවට වෙනම ආණ්ඩුවක් ස්ථාපිත කර වෙනම රජයක් ලෙස පවතින්නට හැකි විය.. ලංකාවේ මුල්ම ජනපතිවරයා ලෙස මුල් පුටුවට ආවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මාමාය. ඒ නිකම්ම නොවේ… අසීමිත බලතල සහ පාලනය තමන් වටා ඒකරාශී කර ගමිනින් නිර්මාණය කරගත් විධායකයක්ද සහිතවය.. එයින් පසු ලංකාව පාලනය වූවේ එම විධායක බලතල වලට යටත්ව එක් පුද්ගලයෙකුගේ හිතු මනාපයටම සියල්ල සකස් කරගමින්ය.. එහෙත් ලංකාව ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයක් ලෙස නම් ලැබීය.

ජේ.ආර්ගෙන් පසු මුල් පුටුව හිමි වන්නේද එකල රදළ පැලැන්තිය නියෝජනය කල අයවලුන්ටමය.  එයාකාරයෙන් දශක ගණනාවක් පුරාවටම ලංකාව පාලනය කලේ වැඩිම වුනොත් පවුල් දෙකකි. එක පවුලකින් ගිලිහෙන බලය අනිත් පවුල අතට පත් විය.. එම පවුලෙන් ගිලිහෙන විටම නැවත පෙර පවුල අතට බලය ලබාගත හැකි විය..

ඉතින් පුටින් මාමේ,.. මේ ආකාරයෙන් ලංකාවේ පරිපාලනයට සිට ඇත්තේ තදයෝ දෙතුන් දෙනෙක් පමණකි. දශක ගණනාවක් ගියද තත්වය එසේමය. ලොකු හයිකාරයින්ගේ අතින් අතට පත්වූ ලංකාවේ ජනාධිපති සහ අගමැති ධූරයන් යාන්තම් වෙනස් පාරකට වැටුනේ මහින්ද රාජපක්ෂ අගමැති සහ ජනාධිපති වීමත් සමගය.. ලංකාවේ එතෙක් අර පෙරකී පවුල් දෙක තුනට ගොට්ට අල්ලගෙන සිටි හුදී ජනයා කෙසේ වෙතත් අනිත් එවුන් නම්  සිතුවේ දැන් නම් අර රදළ පැලැන්තියේ බහිරව ශාපයෙන් රට ගැලවේය කියාය..

එහෙත් ලංකාව කබලෙන් ලිපට වැටුනේය. රදලයින්ට වඩා භයානක ප්‍රතිපල ගෙන ආවේ මහින්ද රාජපක්ෂත් සමගය. රදලයින් මෙන් අතට පයට වැඩ කාරයින් සහ වතුපිටි දේපොල වලින් පොහොසත් නොවූ රාජපක්ෂ පවුල රජ වීමත් සමග මහා විලම්බෑසියක් සිද්ද විය. ගමේ ගස් ගෙඩි කකා ඉබාගාතේ සාමාන්‍ය පරිදි ජීවත් වූ පවුලක් රජ වීම තුලින් ඔවුන්ට හතර මහා නිධානය පහල වීමක් බඳු හැඟීමක් වීය. ඉස්සර පොලීසිය දැක්කම ජංගියේ චූ යන සයිස් එකට හිටපු එවුන්ගේ කකුල් දෙක පාමුල දැන් පොලීසියේ අය දෙකට නැමෙද්දී දැනෙන චූන් එක ඉතින් මාමාට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.

ඒ නිසාම රටේ සම්පත් රිසි සේ කාබාසිනියා කලා පමණක් නොව, උත්තරීතර නීතියද අල්ලේ නටවා ජනතාව තුල නීතිය බලු වටින්නේ නැති ගාණට පත් කලේය. දශක ගණනාවක් පුරාවට පැවති රදල පවුල් දෙකක් අතර රජ පුටු හුවමාරුව අවසන් කරමින් සාමාන්‍ය මිනිහෙක් අතට පත්වූ රජ කමටද කෙලවීමට වැඩි කාලයක් ගියේ නැත. ඒ අර අසීමිත බලයත් එක්ක ලැබුන ජන වරම නිසා ඔලුව ඉදිමී සිටි අයිය මලෝ සෙට් එක ඇතුලු පුත්තු රටේ පාලනය අතට ගත්ත නිසාය..

ඔය අතර අහසින් වැටුනාක් මෙන් පහත් වූ සිරිසේන මේ රට නැවත ගොඩ ගැනීමට පැමිණි දේව දූතයෙක් මෙන් දිස්වන්නට විය. එහෙත් ඒ සඳහාද පෙරකී රදල පවුලේ කොනක් ගෑවී තිබීම ජනතාවගේ කුකුසට හේතු වූවත්, සිරිසේන දුන් පොරටොක්ස් හමුවේ ජනතා සිත් සතන් තුල ඒ අදහස් දියවී යන්නට විය. එහෙත් පවුල් වාදයෙන් රට මුදවා ගැනීමට තිබෙන එකම සහ අවසන් අවස්ථාව නිසා ජනතාව අකමැත්තෙන් වුනත් ඒ අවස්ථාවට සහය දීමට එක් වූවෝය.

එහෙත්, බලාපොරොත්තු වූ තරමට ප්‍රතිපල පෙනෙන්නට නොමැති වීමෙන් ජනතාව අන්දමන්ද වී සිටී. යහපාලනයේ පොරොන්දු ප්‍රකාරව කිසිදු යහපත් දෙයක් නියමාකාරයෙන් සිදු නොවීම තුල ජනතාව සිටිනේ දැඩි කනස්සල්ලෙනි. රටේ ජනතාවගේ අනාගත සුබසිද්දියට වඩා සිරිසේනට පක්ෂය ලොකු වීමක් පෙනෙන්නට ඇත. මේ කරන්න වැඩ කෝටියක් තියාගෙන පක්සයක් බඳාගෙන කෙලින පිස්සුව දැක්කම ඇඩෙනවාය. දශක ගණනාවක් පුරාවට අප පොත්පත් වලින් කියවා ඇති ආකාරයට ලංකාව තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටකි.. එය අප කියවන්නේ වසර ගණනාවක සිටය. එහෙත් තවම තුන්වන ලෝකයෙන් එහාට දියුණු වීමට අඩියක් වත් තබන බවක් පෙනෙන්නට නැත..

එහෙයින් එම මන්තරය තවත් දශක ගනණාවක් පුරාවටම මැතිරීමට සිදුවනු නොඅනුමානය. හතලිස් අටේ සිට මේ දක්වා පැවති ආණ්ඩු වලින් රට දියුණු කිරීමට කරපු ලබ්බක් නැත්තේය. නංගි පෙන්නා අක්කා දීම සෑම ආණ්ඩුවකින්ම සිදුකල අතර හොරා කෑම අතින් වෙනත් කිසිදු රටකට සම කල නොහැකි මැති ඇමතිවරුන්ගෙන්ද මේ රට සමන්විය විය. නාගරික මංත්‍රීෙග්ඉඳන් ඉහලටම ඉන්නේ කම්බ හොරුන්ය. උන් පත් කලේද මේ රටේ ගොබ්බ ජනතාවම වුනත්, උන් ඒ ගැන කවදාවත් දුක් වන්නේ නැත.

ආදරණීය පුටින් මාමේ,. ඔයාකාරයෙන් දවසින් දවසම කෙලවෙන ලංකාව ගොඩ ගැනීම හීනයක්ම වන්නේය. හැමදාම බලයට එන එකා අනිත් එවුන්ට බැන බැන පිස්සු කෙලිනවා මිසක් කරන මගුලක් නැත. අනිත් දේශපාලන පක්ෂත් එසේමය. ඒවා දේශපාලන පක්ෂ ලෙස හැඳින්වූවත්, ඇත්තටම ඒවා දේශපාලන පක්ෂ නොව ලොන්ඩරි ය. දැන් ඉතින් තවත් මේ ලබ්බ වැටෙන තුරු උඩ බලාගෙන සිටීම පලක් නැතිය.

පුටින් මාමේ, මට පුටින් මාමා ගැන පට්ට ආඩම්බරයක් දැනෙන්නේය. ලෝකයටම ඇණයක් වූ ISIS ත්‍රස්තයින්ට අම්බානට කෙලින්න පුලුවන් එකම මිනිහා ඔබ තුමා බව දැනගත් දාම මට මේ ලිපිය ලියනකං ඉස්පාසුවක් නැති විය. ලංකාවේ ඉතිහාසය බලද්දි වෙච්ච සෙතක් නම් පේන්නට නැත. එන්න එන්නම මේ ගංකබරයන් විසින් ලංකාව උලා කමින් සිටිනවා ඇර වෙන නම් දෙයක් නැත්තේය. ඒ නිසා ලංකාව හදන්නට නම් මේ කපේට බැරි බව දැන් පෙනී යයි.

ලංකාවේ මේ කෙලින පිස්සුවට ටිකක්හරි විරුද්ධව සිටියේ ජවිපේ පමණක්ය. ඒත් උනුත් දැන් මොකක්දෝ මලඉලව්වක් නිසා විජේවීරවද අමතකව ඇති ආකාරයක් පේන්නට ඇත. ඒ නිසා උන්ටත් මේ රට වෙනුවෙන් කරන්නට පුලුවන් ලබ්බක් නැති බව පෙනීයයි. දැන් ඇත්තේ එකම විකල්පයක් පමණකි. ලංකාව හදන්නට හැක්කේ එකම දේකින් පමණකි. අතීතයේ සියලු ගොංකං වලට දැන් ප්‍රතිකාර කර පලක් නැත. අනාගතය වත් යහපත් කිරීමට අපි උත්සාහ ගත යුතුව ඇත.

පුටින් මාමේ, මේ රටේ ඉන්න ඉහලම දේශපාලුවගේ ඉඳන් ගමේ අප්පුහාමි දක්වාම දැන් ඇට්ටර වී හමාරය. උන් දැන් කෝවේ දමා වත් හදන්නට බැරි එවුන් වෙලාය. ඒ නිසා ලංකාවේ මතු අනාගතයේ සුභසිද්ධිය උදේසා ඔය ISIS එවුන්ට බඩ යන්න ගහන පතුරමක් දෙකක් ඉතිරි ගරගත්තානම් හොඳය. ඒ මොකද කිව්වොත්, හොඳ වෙලාවක් කාරිය එහෙම බලලා හිටං සුභ නැකතකින් මේ රටේ සියලූ යක්ෂ පෙරේත කුම්භාණ්ඩයින්ගේ ඇල්ම බැල්ම දූරිම්භූතවී ලංකාවට යහපතක්ම වේවා කියන උතුම් ප්‍රාර්ථනයත් එක්ක ඉක්මනටම…..

ඔය පතුරම් දෙක තුනකින් කෙලලා ඇරපං මාමේ ලංකාව හැඳීගෑවිලාම යන්න…

මාමාට බුදු සරණයි.

-වික්‍රම-

Advertisements

2 thoughts on “පුටින් මාමා වෙත ලියමි..

  1. හතලිස් අටේ නිදහස ලැබීමත් එක්ක ලංකාව ස්වෛරී රාජ්‍යයක් විය.

    ඇයි බොරු ලියන්නේ? ලංකාව ස්වෛරී රාජ්‍යයක් වුණේ 1972 ජනරජ ව්‍යවස්ථාවෙන්

  2. 48 වෙනකං තිබුනෙ යටත් විජිතයක්. ඒකෙන් ප්සසෙ ස්වෛරී වුනේ නැද්ද? 72 දී ඒක ස්ථිර වුනා තමයි. නමුත් ස්වෛරී වීම ආරම්භ වෙන්නෙ 48 නිදහසත් එක්ක.

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s