පෙලපාලියක ස්වභාවය සහ ඉල්ලන් කෑමේ හේතු…


12191799_887196598001936_4660594807487552101_n
පෙළපාලි කිව්වම ලෝකෙ තියෙන හැම පෙළපාලියක්ම එක වගේ වෙන්නෑනෙ.. මුලින් පටන් ගන්නවා සාමකාමී පොලපාලියක්.. ඊට පස්සෙ ටික ටික ෆෝම් වෙනකොට සිංහයෝ වෙන්න හදනවා.. ඊට පස්සෙ කරන්නෙ මොනවද??? තම අරමුණ අමතක වෙනවා. 
 
ඉතින් ඔන්න ටික ටික පෙලපාලිය කැරැල්ලක් වේගෙන එනවා.. මොන විදියෙ පෙලපාලියක් වුනත් ඒකට පොලීසිය යොදවනවා. මොකද පිරිසක් රැස් වෙන තැනක ආරක්ෂාව ගැන බලන්න ඕන නිසා. දැන්  ඒකට ලෑස්ති වෙලා පැත්තකට වෙලා බලන් ඉන්න පොලීසිය දැක්කම පෙලපාලිකරුවොන්ට මාර ආතල්..
ඉතින් ඒ පැත්තකට වෙලා එන්න එවුන්ව අවුස්සගන්නවා ආතල් එකටත් එක්ක… මොකද, පෙලපාලියක 1000 දෙනෙක් සිටියා යැයි උපකල්පනය කලහොත්, එයින් කී දෙනෙක්ද අවංකවම සිය අරමුණ වෙනුවෙන්ම වැඩ කරන්නෙ?? බොහොම අතලොස්සයි. වැඩි දෙනෙක් යන්නෙ ආතල් එකට. ඒ ආතල් කාරයෝ තමයි කඩාකප්පල්කාරයෝ  වෙන්නෙත්.
 
දැන් ඔන්න එකී ආතල් කාරයෝ විසින් එක්කො කාටහරි ගල් ගහයි. නැත්නම් විසිල් ගහයි.. නැත්නම් මොනාහරි මල පනින ටෝක්ස් ටිකක් දෙයි.. ඒවා අහන දකින අනිත් එවුනුත් ඔන්න ෆෝම් වෙන්න ගන්නවා.. ඊටපස්සෙ??? දැන් තව තවත් චූන්.. 
 
ඊට පස්සෙ කවුරුහරි මරිමෝල් එකෙක්ගෙ යෝජනාවකට ක්ෂණිකව වැඩ කරන්න ගන්නවා. ඒකෙ ප්‍රතිපලයක් හැටියට සාමකාමීව උද්ඝෝෂණය කරන්න තියෙන අවස්ථාවෙන් නියම පල ප්‍රයෝජන ගන්නෑ.. ඊට පස්සෙ හදන්නෙ චූන් එක නිසා තමන්ලා පොරවල් කියලා පෙන්නන්න..
 
ඔන්න ටික ටික වැඩේ වර්චස් වීගෙන එනකොට අර පැත්තකට වෙලා බලාගෙන හිටපු පොලිසියේ අයට උපදෙස් ලැබෙනවා.. මොනවා කියලද..???? සාමකාමී පෙලපාලිය අරගලයක හෝ කැරැළ්ලක තත්වෙට එන්න හදනවානම් මර්දනය කරන්න කියලා.. ඔන්න දැන් පොලීසිය ලෑස්ති වෙනවා ඒකට..
 
පොලීසියේ ලකලෑස්තිය දකින පෙලපාලිකරුවොන්ට ඔන්න දැන් විචිකිච්චාවක් හැදෙනවා. මොකාටද මේ එන්න හදන්නේ කියලා.. දැන් ඔන්න හිතෙන්න ගන්නවා තමන්ගේ මේ සාමකාමී (එසේ මුලින් පටන් ගත්තා තමයි. නමුත් දැන් දැන් වර්චස් වෙලා කියලා දැනෙන්නෑ. හිතන් ඉන්නෙ තාම සාමකාමී කියලා) පෙලපාලිය මර්දනය කරලා අම්බානක නෙලන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ කියලා..
 
හැබැයි ඒ අම්බානක නෙලන තත්වයට අර මුලින් පටන්ගත්ත සාමකාමී පෙලපාලිය ගෙනාවෙ කවුද..? පෙලපාලිකරුවෝ විසින්මයි. හැබැයි එයාලා ඒක පිලිගන්නෑ. මොකද ක්‍රම ක්‍රමයෙන් වෙච්ච වෙනස්කම සහ විශාල පිරිසක් අතරේ හැම දේම නොපෙනීම කියන කාරණා නිසා තමන් විතරක් හරියි කියන දේ ඔලුවෙ තදින් වැඩ කරන්න ගන්නවා. ඒ නිකම්ම නෙවෙයි.. තරුණ ජවයත් එක්ක.. 
 
ඔන්න ඉතින් දැන් සාමකාමී පෙලපාලිය සටන් පාඨ කියමින් ටිකක් උද්වේගකර වෙන්න ගන්නවා. ඊට පස්සෙ කාරණයට අදාල පාර්ශ්ව පතුරු ගහන්න පටන් ගන්නවා. ඒත් එක්කම එක්කෝ අදාල පාර්ශ්ව විසින් විරෝධතා කරුවන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන්න ගන්නවා. නැත්නම් කිසිම ප්‍රතිචාරයක් නොදක්වා ඉන්නවා. ඔන්න දැන් තවත් මල පනිනවා. දැන් අර අදාල පාර්ශ්වයන් දැඩි ලෙස විවේචනයටත්, චෝදනා කරන්නත් පටන් ගන්නවා. ඒක කරන්නෙ ලොකු ආවේගයකින්. දැන් තත්වය දරුනු අතට හැරෙනවා මිසක් සාමකාමී වෙන්නෑ. ඊට පස්සෙ සාමකාමීව කරන්න ගත්ත පෙලපාලිය වෙනත් දිශාවකට හැරෙන්න ගන්නවා..
 
මුලින් කතා වුනේ සාමකාමීව උද්ඝෝෂණය කරන්න තමයි.. නමුත් දැන් මේ උද්වේගකර අවස්තාවේ පොලීසියත් සීරුවෙන් ඉන්නවා දැකලා පෙලපාලිකරුවෝ හිතනවා තමන්ගේ ඉල්ලීම් වලට සාදාරණය ඉෂ්ඨ නොකර මේ අම්බානක නෙලලා කස්ටිය එලවලා දාන්න හදන්නෙ කියලා. 
 
ඔව්… දැන් වෙන්නෙ ඒක තමයි. මොකද සාමකාමීව කරගෙන ආපු දේ ඒ විදියට අවසන් කරන්නෙ නැතුව ඒක අරගලයක් හෝ කැරැල්ලක් දක්වා වර්ධනය වෙනකොට මහජන සාමය හා ආරක්ෂාව පිළිබඳ ආයනය වන පොලීසියට සිද්ධ වෙනවා තත්වය පාලනය කරන්න. ඒ අයට වැඩක් නෑ පෙලපාලිකරුවන්ගේ ඉල්ලීම් හෝ කියන දේවල්. එයාලට අදාලත් නෑ. හැබැයි පොලීසිය මුලින් පැත්තකට වෙලා බලන් හිටියේ ඕන දෙයක් සාමකාමීව කරගන්න කියලා තමයි. නමුත් පෙලපාලිකරුවන් විසින්ම පාර වෙනස් කරගත්තා.
 
ඊට පස්සෙ ඉතින් පෙලපාලිකරුවන්ගේ මොන සාධාරණ ඉල්ලීමක් වුනත් කරන්න දෙයක් නෑ. පොලීසියට සිදුවෙනවා සාමය ආරක්ෂා කරන්න. රජයේ හෝ පුද්ගලික අංශවල දේපල ආරක්ෂා කරන්න. එතකොට ගන්න වෙන්නේ එක පියවරයි. ඒ තමයි පිරිස විසුරුවා හැරීම. ඔන්න දැන් තමයි වැඩේ දිග්ගැස්සෙන්නෙ.
 
දැන් පිරිස විසුරුවා හරින්න කියා නියෝග ලැබෙනකොට පොලීසිය කරන්නෙ ඒක විරෝධතාකරුවන්ට දැනුම් දීම. ඒ හැර එකපාර කඩන් පැනලා ගහන්න යන්නෑ. එහෙම වුනා කිව්වා නම් ඒක පට්ටපල් බොරු. මුලින් අනතුරු ඇඟවීම් අනිවාරෙන්ම කරනවා. හැබැයි පෙලපාලිකරුවන් ඒවා අහන්න සූදානම් නෑ. ඔවුන්ට වැඩක් නෑ රාජ්‍ය දේපල හෝ මහජන සාමය අරක මේක…. ඔය කතා වැඩක් නෑ. එයාලට ඕනෙ තමන්ගෙ පෙලපාලිය සාර්ථක කරගන්න විතරයි. හැබැයි දැන් ඒ චාන්ස් එක මිස් කරගෙන වැඩේ අල වෙලා කියලා තේරෙන්නෑ.
 
දැන් ඔන්න ගැටෙන්න ගන්නවා පොලීසිය එක්ක. පොලීසියේ ක්‍රියාවන්ට ප්‍රතික්‍රියාවන් දක්වන්න පටන් ගන්නවා. පිරිස විසිරිලා ගියානම් කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නෑ. එහෙම නැත්නම් උද්වේගකර කැරැල්ළක ස්වභාවය නැතිකරගෙන නැවත සාමකාමීව සන්සුන් වුනානම් ප්‍රශ්නෙකුත් නෑ. හැබැයි එහෙම කරන්න යන්නෙත් නෑ. පසු බහින්න කැමති නෑ. වැරැද්දක් වුනා කියලා පිලිගන්න කැමති නෑ. ඒ නිසාම පොලීසියත් එක්ක ගැටිලා වැඩේ ගොඩ දාගන්න බලනවා. ඒවා වෙන්නෑ. මොකද සිවිල් අයට වඩා පොලීසියට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්. බලය පාවිච්චි කරලා අරගලය මර්දනය කරන්න පුලුවන්.
 
ඒ අනුව ජල ප්‍රහාර, කඳුළු ගෑස් වගේ අවම බලයක් පාවිච්චි කරන්න වෙනවා. නමුත් පෙලපාලිකරුවනුත් වැඩේ අතාරින්නෑ. ඒවාට සාර්ථකව මුහුණ දෙන්න බලනවා. හබැයි ඒකෙන් තවත් වැඩේ දිග්ගැස්සෙනවා. ඊළගට පිරිස පාලනය කරන්න අර කලින් ක්‍රමවේද හරියන්නැති බව පේනකොට බැටන් පොලු ප්‍රහාර දෙන්න වෙනවා. රබර් උන්ඩ වලින් වෙඩි තියන්නත් වෙනවා.. ඊට පස්සෙ අවම බලය අනිසි බලය දක්වා වර්ධනය වෙන්න ගන්නවා. 
 
දැන් අර පෙලපාලිය මහා අරගලයක්, ගැටුමක් බවට පත් වෙලා.. සාමකාමී පෙලපාලිය දැන් කෝ..?? දැන් පොලීසියෙන් අහුවෙන අහුවෙන එකාට ගහනවා. මොකද දැන් හරි වැරැද්ද හෝ අහිංසකයො හොය හොයා ඉන්න වෙලාවක් නෑ. දැන් ප්‍රධානම දේ තත්වය පාලනය කිරීම. පොලීසිය ඒක කරන්න හදනවා. පොලීසියත් ගුටි කනවා. පෙලපාලිකරුවොනුත් ගුටි කනවා. 
 
ඔය අතරෙදි පොලීසිය අතිනුත් යම් යම් නීතියට පිටින් දේ සිදුවෙන්න පුලුවන්.. මොකද ඒ වෙලාවෙදි ඇතිවෙන මානසිකත්වය බලපාන්න පුලුවන්. පොලීසියෙත් හැමෝම බුද්ධිමත් නැහැනේ. මී හරක් කොහෙත් ඉන්නවා. පෙලපාලිය ඇතුලේ වගේම පොලීසියේත්. ඉතින් දැන් පොලීසියේ කෙනෙකුටත් පෙලපාලිකරුවන් එල්ල කල ගල් ප්‍රහාරයක් වැදුනා කියලා හිතමු. ඔන්න දැන් පොලීසියත් දරුණු වෙන්න ගන්නවා. දැන් එකෙක් දෙන්නෙක් මරාගෙන තමයි වැඩේ නතර වෙන්න යන්නෙ. 
 
ඔයාකාරයෙන් සාමකාමීව තමන්ගේ ඉල්ලීම් දිනාගනිමින් හෝ නැතිනම් මාරාන්තික උපවාසයක් දක්වා යන්න තිබුන අවස්ථාව අහිමි කරගන්නවා පෙලපාලිකරුවන් විසින්ම. පෙලපාලියෙන් නොලැබෙන ජයග්‍රහණ මාරාන්තික උපවාසයෙන් ලැබෙන්න පුලුවන්.. පෙලපාලිය ගනන් නොගන්නා පාලකයින්ට මාරාන්තික උපවාසය මගඅරින්න බැහැ. ඒක ලොකු අවධානමක්. විසදුමක් දෙන්නම වෙනවා. නමුත් ඒ තැනට සිය අරමුණ කරා පිරිස මෙහෙයවන්න පෙලපාලියේ සංවිධායකයින්, ශිෂ්‍ය නායකයින් හෝ පෙලපාලිකරුවන්ට මොලේ නෑ. බුද්ධියෙන්, මොළෙන් ගහන්න ඕන තැනදි හැඟීම් එක්ක වැඩ කරන්න ගිහින් විහින් නාගන්නවා. 
 
ඊට පස්සෙ රටේ පාලකයින්ටයි, පොලීසියටයි, ජනතාවටයි, මේකෙ හරි වැරැද්ද කතා කරන එවුන්ටයි ලවක් දෙවක් නැතුව දෙහි කපන්න ගන්නවා. නමුත්,
 
කොතනද වැරදුනේ..,,??
කාටද වැරදුනේ..??
කොහොමද වැරදුනේ..??
ඇයි වැරදුනේ..?? කියලා කිසිම කෙනෙක් පසු විපරමක් කලාද..? නැහැ.
 
එහෙම කරන්නෑ. මොකද තමන්ගේ දුර්වලතාවය වහන්න අනිකාට දොස් පවරනවා විතරයි. හැබැයි.. කවදාවත් ඔය අරගලය දිනන්න බෑ… හැම දාම වෙන්නෙ ඔය දේම නම්… ඒකම හේතුවක් කර ගනිමින් පාලකයිනුත් ලිස්සලා ගිහින් අත පිහිදා ගන්නවා. 
ඒ නිසා බුද්ධිමත්ව වැඩ කරන්න ඉගෙන ගන්න වෙනවා…
 
-ඒ.එම්.එස්. වික්‍රම-
Advertisements

Comment එකක් දාන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s