තූ නොදකිං…


මේ පින්තූරය දැක්කහම මට කටට වචන මේකෙ ලියන්න බෑ.  ඒත් ඒක පෙරලා පත අට එකට සිදලා මෙහෙම කියන්නම්..

මේ අපේ ලංකාවේ නෑම්බියෙක්නෙ. එහෙම කිව්වෙ කරේ දාගෙන ඉන්න ශ්‍රී ලාංකීය අභිමානය දිහා බලලා.

ඈත අතීතයේ පටන් ශ්‍රී ලංකාව ඉතා ශිෂ්ඨ සම්පන්න සංස්කෘතියකට හිමිකම් කියන බව අපිට කියලා දුන්නෙත් මේ ලංකාවෙම ඉන්න උදවියම තමයි. ඒක නිසා අතීත කතා අහලා දැකලා අපි ඒක එහෙමයි කියලා විශ්වාස කරනවානෙ.

මේ පින්තූරෙ ඉන්න පට්ට ……ගෙ අම්මලා තාත්තලත් මේ කියන ලංකාවෙම වෙන්න ඕනනෙ. ලංකාවේ සංස්කෘතික අමාත්‍යාංශෙකුත් තියෙනවානෙ. ඒකෙ ඇමති ධූරයකුත් තියෙනවානෙ.

ඉතින් මේ නෑම්බි මේ ඉදිරිපත් වෙලා ඉන්නෙ ශ්‍රී ලාංකීය රූ රැජිණ තරගයකට.  මෙනවද මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ..?? කාමුක හැගීම් උතුරලා යන සරාගී කාන්තාවක්ද මේ තෝරන්නෙ…?? එහෙනම් ඒකට miss sri lanka කියලා දැම්මෙ ඇයි.?.. දාන්න තිබුණනේ sex sri lanka කියලා.

ලංකාවේ ඉන්න පොඩි ළමයින්ට උගන්වනවා  හැදියාව ගැන..අනික මේක බෞද්ධ රටක්. නියම බෞද්ධයන්ගෙ මෙහෙම ඇදුම් නෑ. මේ ලෝකෙට පේන්න ගිරිය කඩාගෙන කෑගහන සභ්‍යත්වය කෝ?…

ලංකාවේ දහම් පාසලක් නැති ගමක් හොයන්න නෑ. දහම් පාසලේ අදින්නෙ ළමා සාරිය. ඒ අපේ හැදියාව සහ සංස්කෘතික සංකේතයක්. මේ තරගයට එනකොට ඒක හැලුනෙ ඇයි…? ගැහැනියකගෙ නිරුවත පෙන්වා ලබාගන්න ඔටුන්නද දැන් අභිමානවත් ශ්‍රී ලාංකික අපිට වටින්නෙ…? ඒ තරම්ම පහත් මට්ටමකට අපි වැටිලද..?

ලංකාවේ ඉන්නවා මහලොකු විචාරකයො කියලා සෙට් එකක්. මේවට උන්ගෙ ඇස් පොට්ට වෙලා. රටට සැබෑ ආදරයක් ඇතිනම් මේව පේන්න ඕනෙ.  මේවට එරෙහිව හඩ නගන්න ඕනෙ.  මේ තරගයෙන් ලංකාවට කීර්තියක් ලැබෙන්නෙ කොහොමද කියලා මම ඔය මහදැන මුත්තලාගෙන් අහනවා.  මේක මේ ගෑනිගෙ නිරුවතට ලැබෙන කීර්තියක්.  ඒකද ලංකාවේ කීර්තිය…?

ලංකාවේ ජනාධිපතිවරයා ප්‍රධාන  සංස්කෘතික ඇමතිවරයා හෝ වරියගෙන් මම අහනවා……මේකද රටේ කීර්ති නාමය….??? මීට වඩා නරකද මේ රටේ ප්‍රධාන ඇමතිවරුන්ගේ බිරින්දෑවරු සහ දූවරුන් මේ ඇදුමින් සංචාරය කලානම්….මීට වඩා කීර්තියක් ලැබෙයි නේද…??

ශ්‍රී ලංකාවේ සිංහල සංස්කෘතිය අගයන සියලුම දෙනාටයි මේ කියන්නෙ………කතාකරපල්ලා මේවට..

ජනාධිපති තුමනි,…මේ වගේ පින්තූර වහාම තහනම් කල යුතුයි. නැත්නම් මේ දර්ශන අශෝබනයි..අවජාතකයි….අශිෂ්ටයි….කුජීතයි නේද…?????

සටහන – විකී

2011/09/30

පැෆ්රල් බේබි..


පැෆ්රල් සංවිධානෙ තාම බාලාංශයෙනෙ ඉන්නෙ. ඒකෙ ඉන්න නිරීක්ෂකයොක් තාම කුක්කු බේබිලා. ඒකනේ මේ පලාත් පාලන ආයතනවල ඡන්ද ව්‍යාපාරයට අපේක්ෂකයො ලොකු මුදලක් වියදම් කරන්නෙ ඇයි කියලා අහන්නෙ. ඒගොල්ලො කියනවා සමහර අපේක්ෂකයො දවසකට ලක්ෂ 10 ක් විතර වියදම් කරනවලු. ඉතින් ඒ අපේක්ෂකයෝ මන්ත්‍රී ධූර අරගෙන  ගෙවන අවුරුදු  4 ටම ලැබෙන්නෙ රුපියල් 2,50,000 ක් විතර සුලු මුදලක්ලු.. ඉතින් ඒකට මෙච්චර වියදම් කරන්නෙ ඇයි කියලා හිතාගන්න බැරිලු.

මගේ කටට එන්නෙ වදුරු කුණුහරුප ඉතින් මේවා ඇහෙනකොට.  අපේ ගමෙත් ඉන්නවා මන්ත්‍රීවරියක්. කලින් කලේ ඉදිආප්ප බිස්නස්. බැලුවොත් දවසෙම ඉන්නෙ වැල්ලෙ. ඒ කියන්නෙ එයාගෙ මහත්තයා මාලු බිස්නස් කලේ. ඉතින් මේ මංත්‍රීවරිය කට ඇරියොත් ඉවරයි. ඒ තරම් හැදියාව. ඕනම ප්‍රසිද්ධ වේදිකාවක කියන්නෙ ‘‘මං වැල්ලෙ රීලා කරිජ්ජෙන් පුක හෝදපු ගෑණියෙක් යකෝ“ කියලා. ඉතින් හිතාගන්නකෝ තරම.

ඔන්න ඔය වගේ කට්ටිය මේ දේශපාලනේට එන්නෙ හරිම මානව දයාවෙන් අප්පා.  VIP කියලා බෝඩ් කෑල්ලක් පෙජරෝ එක ඉස්සරහින් තියාගත්තම මඩුම තමා. මොන බලු වැඩේට බැස්සත් කිසි කෙනෙක් කට හොල්ලන්නෙ නෑ. අනේ ඉතින් එගොල්ලන්ට ලැබෙන ඔය සුලු වැටුපෙන් වැඩක් නෑ. ඒක අසරණ ජනතාවට දෙනවා. ඒ තරම් එයාලා හොදයි අප්පා.  පැෆරල් එක දන්න මගුලක් තියෙනවැයි.

ඊට පස්සෙ එක එක ටෙන්ඩර් වලින් මෙයාලගෙ සාක්කුවලට ලක්ෂ ගණන් කට්ටිය දෙන්න හදනවා. අපරාදෙ කියන්න බෑ මෙයාලා ඒ සත පහක්වත් ගන්නෙ නෑ අයියො.  හරිම හොදයි.  මෙහේ මන්ත්‍රීතුමෙක් පාරක් හැදුවා ලක්ෂ 10 ක් ඇස්තමේන්තුව. ඒත් ලක්ෂ 3 කින් විතර වැඩේ කලා අප්පා. බලන්න කොච්චර සල්ලියක් ආණ්ඩුවට ඉතුරු කරලා දෙනවද කියලා. මොකෝ ඒ සල්ලි එතුමා සාක්කුවේ දාගත්තයැයි. එහෙම කරන්නෙ නෑ ඒ උත්තමයො. ඇස්තමේන්තු කරපු කෙනා තමයි ඒක ගල් කරන්න හදලා තියෙන්නෙ.

ඉතින් ඔන්න ඔහොම අවංකව සේවය කරන්න තමයි මෙයාලා මේ දත කාගෙන වියදම් කරන්නෙ. අනේ අම්මපා මේ පැෆරල් එකට ඕකවත් තේරෙන්නෙ නැති හැටි.  ඉතින් ඊට පස්සෙ ටෙන්ඩර්, කොත්තරාත්තු, එක එක වැඩසටහන්, මෙකී නොකී ගොඩක් දේවල් ඉතා සාධාරණව කරලා මහජනතාවට සහන ලබලා දෙන්න තමයි මේ අපේක්ෂකයො මෙච්චර පොරකන්නෙ. ඒගොල්ලන්ට් ලැබෙන වැටුප ගැන හිතන්නෙම නෑ. ඒකෙන් වැඩකුත් නෑ.  එහෙමෙයි කියලා වෙන වෙන ලාභ ප්‍රෙයෝජන මෙතුමන්ලට නැහැ ඕන් …හරිය.

ඉතින් බලන්න මේ පැෆරල් එකට ඕක තේරෙන්නෙ නැහැ නෙව.  මේගොල්ලො බබලා වෙන්න හදනවා.

සටහන – විකී

2011/09/30