සුන්දර ලංකා හෙවත් කෝළම් මඩුව


Kolam-masked-folk-drama2

මිනිස්සු ටික පුටු වල වාඩිවෙලා වේදිකාව දිහා බලන් ඉන්නවා. එක එක අය විවිධ නාගඩම් කොටස් රඟ දක්වනවා. බොහෝ කොටස් අඩුපාඩු සහිත බොහොම දුර්වල නිර්මාණ වුනත්, මිනිස්සු හරිම ආසාවෙන් පුදුමයෙන් ඒ දිහාවෙ බලන් ඉන්නවා.

අඩුපාඩු පේන්නෑ. දැක්කත් දැනෙන්නෙත් නෑ. මොකද කවදාවත් නොදුටු ආශ්චර්යමත් හැඟීමකින් ඉන්න නිසා. හරියට බුද්ධාලම්භන ප්‍රීතිය වගේ. ඒ ප්‍රීතිය නිසාම අන්ධ වෙච්ච මිනිස්සුන්ට ඒ අඩුපාඩු, දුර්වලකම් පේන්නෑ..

එක් එක් නාඩගම් කොටස් රඟ දක්වා වේදිකාවේ අනිත් පසින් බැස යත්ම ඒ නාඩගම ගැන හාංකවිසියක් මිනිස්සුන්ට මතක නෑ. තව කොටස් ඉතිරිවෙලා තිබුනත් ඒගන හැඟීමකුත් නෑ. එක් එක් නාඩගම ගැන මතක තියෙන්නෙ තමන්ට පේන වේදිකාවේ රාමුව ඇතුලෙ පමණයි. ඒක ඉවර වෙලා අනිත් පසින් බැසයත්ම ඒ නාඩගම මතක නෑ. ඊලග එක බලන්න පුල පුලා ඉන්න නිසා.

අපේ මිනිස්සුන්ගේ මේ කුතුහලය පිරි කැකෑරෙන ආසාව නිසා තව තවත් නාඩගම් බලන්න නොකා නොබී වුනත් ඉන්න ලෑස්තියි. එහෙව් අමරණීය, විශිෂ්ට, අධම, කුපාඩි, නීච, කුප්ප ජාතියක් අපි. ඒ කියන්නෙ ශ්‍රී ලාංකික අපි.

ඒ නිසාම ලංකාවෙ දේශපාලන නාඩගම් හරිම සරළයි.. ඒ වගේම සුඛමයි. සෞම්‍යයි… සුරම්‍යයි. තව තව …………….

-විකී-