කඩප්පුලි හැත්ත….


ඈත කවුදෝ එකෙක් බෝකුකවක් උඩට වෙලා බර කල්පනාවක. ටිකක් මාත් කිට්ටු කලා මෑන් ලඟට. අප්පදබොල.. මේ අපේ සිරිදාස අයියානෙ.

” සිරිදාස අයියේ..

මොකෝ මේ … බර කල්පනාවක ?”

” ආ..මල්ලි. හ්ම්.. වැඩක් නෑ බං. දැන් නම් මට එපාම වෙලා තියෙන්නෙ.”

“ඒ මොකද…?”  මම මඤ්ඥං වෙලා ඇහුවා…

” මොකද කියන්නෙ….. බලපං මේ අහවල් එකීලගෙ පුතාලා කොරන වැඩ. අපි කොහොමද බං ජීවත් වෙන්නෙ. හැම දෙයක්ම ගණන් යනවා පට පට ගාලා. මුංගෙ අහවල් එක කාලද අපි ජීවත් වෙන්නෙ දැන්..?”

සිරිදාස අයියට

මල පැනලා කියවගෙන යනවා. ඇත්ත නේන්නම්… මමත් මෑන්ගෙ ලගින්ම වාඩිවුනා.

“දැන් බලන්න මල්ලි… අර නපුංසකයා කියපු කතාව….”

“මොන නපුංසකයද…?” මට ෆුල් මඤ්ඥං…. ඒත් කවුද නපුංසකයා කියලා දැනගන්නත් එපැයි.

” ඇයි බං.. අර බන්ධුල කියන හරක් පැටියා. බලපං ඌ කියපු කතාව. රුපියල් 7500 කින් මාසයක් කාලා ජීවත් වෙන්න පුළුවන් ලු. අනේ අම්මපා මට මුගේ කිරි කට පුංචට රෙන්ඩ ඇත්නම්…. හුහ්. ඇයි බං….  අද හා

ල් කිලෝ එකක් කීයද…? පොල් ගෙඩියක් කීයද..? ඈ.. සීනි කිලෝ එකක් කීයද…? “

“ඇත්ත..ඇත්ත…”  මටත් දැන් දාඩිය දාලා…. සිරිදාස අයියා මටත් ගහන සයිස් එකට කතාව..

”මේ…මේ….සිරිදාස අයියේ….මේ..”

“මල්ලි..ඉඳගන්න… තව මම කියලා ඉවර නෑ…. දැන් බලන්න මල්ලි,. ඒ බැල්ලිගෙ පුතා 7500 න් එක මාසයක් කාලා පෙන්නනවද. ..කන්න නෙවෙයි…. (හු…..න)  තමයි පුළුවන්.”

  හප්පො

ච්චියේ… මේ යකාට මල ඕවර් වෙලා… මම ටිකක් වටපිට බැලුවා කවුරුවත් අහගෙන ඉන්නවද කියලා………..

“මේ..සිරිදාස අයියේ…ඇත්ත තමයි කතාව…මේ..මම ගිහින්……….”   මට කියන්න ලැබුනෙ එච්චරයි…

” මේ.. ඉදගන්නවා අයිසෙ.. කොහේ යන්නද.. මේක අහනවා ටිකක්.”  හුටා….මෙදා පොටේ නම් මට මුගෙන් කන්න වෙයි වගේ අම්බානට… මූට කතා කරපු එකේ මෝඩ කමට මම ආයිත් ඉඳගත්තා..

” දැන් බලන්න මල්ලි… හැම දේටම බදු..අද බදු නැත්තෙ මොනවදට කියහං බලන්න… ඒකත් උහුලන්න පුළුවන් තරමටද..? ඇයි යකෝ.. අපි මේ වේ………ගෙ පුතාලා පත් කොලේ ඕකටද..? කඩප්පුලි හැත්ත”……………. ………මම නොකර සද්ද හිටියා….මොනව කරන්නද.. කෝච්චියට අහුවුනා වගේ තමයි.

“අපි වගේ සාමාන්‍ය මිනිහගේ බඩට කෙලින්නමනේ මුන් හදන්නෙ. වාහනවල බදු වැඩි කරා. ඉන්ධන මිල පාලනය කරගන්න ඕන නිසාලු. හුහ්… එතකොට මහ එවුන් යන සැප වාහන වලට ගහන්නෙ වතුරද..?

“ඇ..ඇ…ඇත්ත අයියෙ..ඇත්ත…”

“ඔහොම බදු වැඩි කරගෙන කරගෙන ගිහින් හැම මගුලටම බදු ගහයි. ඊට පස්සෙ ගෙදර ඉන්න ළමයින්ටත් බදු ගහයි. ගෑනිටත් බද්දක් ගෙවන්න වෙයි. හැබැයි ආදායම් නෑ. පඩි වැඩිවෙන්නෑ… බඩු මිල අඩුවෙන්නෑ…  අන්තිමේට කියයි ගෙදර ගෑනි එක්ක (……………….) කරනවටත් බදු ගෙවන්න කියලා……. අනේ අම්මාපල්ලා මේ  පුත්තලම් බූරුවොන්ට නම්……. හුහ් …..මුන්ගෙ අම්….%$^&*&@))#_)(!^#&*(%% ………..

” හපොයි සිරිදාස අයියෙ…. ම..මම ගිහින් එන්නම්…..”

සිරිදාස අයියා මොනවදෝ කියවගෙව කියවගෙන ගියා මට නං ඇහුනෙ නෑ ඕං………මම දඩිබිඩි ගාලා එතනින් පැනගත්තා.

 

-සටහන – විකී

2012-04-02