මට ගංජ මිටියක් දීපං හසන්ත මහත්තයෝ..


jrpඅර ඒ කාලේ කොච්චර ලස්සනට මේ රටේ ආශ්චර්යය උදා වේගෙන ආවද හසන්ත මහත්තයො…බලන්න ඒවා මතක් වෙලා මගේ මේ ඇගේ රෝම කූප කෙලින් වෙන හැටි.. ඒ ආශ්චර්යෙන් අමන්දානන්දයට පත්වෙච්ච ජනතාව තාමත් ඒ ආතල් එකේම ඉන්න හැටි දැක්කම මගේ මේ පපු කැවුත්තට පට්ට ආතල් එකක් දැනෙනවා හසන්ත මහත්තයෝ… අම්මපා..

අපේ මේ මාතෘභූමියේ පිනට පහල වෙච්ච ඒ උත්තමයා අපට රජෙක් හසන්ත මහත්තයෝ.. ඒ උත්තමයා නොහිටින්න තාමත් මේ රට පිරබාහරන්ගෙ යටත් විජිතයක්.. හැබැයි අපේ රජතුමා.. මේ මාතෘභූමියේ පිනට පහල වෙච්ච දුටුගැමුණු පරපුරේ උත්තමයා තමයි අපිට මේ රට බේරදා දුන්නෙ හසන්ත මහත්තයෝ.. ඒ නිසා මොන වැරදි තිබුනත්,. මොන තරම් හොරා කෑවත්.., මොන තරම් කුජීත වැඩ කලත් අපි ඒ උත්තමයට ණය ගැතියි හසන්ත මහත්තයෝ.. ඒක මතක් වෙනකොට මට වාවගන්න බැරි සතුටක් ඇති වෙනවා හසන්ත මහත්තයෝ.. අවුලක් නෑ යුද්දෙ දින්නනේ හසන්ත මහත්තයෝ..

ඒත් කරුමෙට සිද්දවෙච්ච විපතක මහත.. මේ උත්තමයා… අපේ රටේ අප්පච්චී.. අපේ රටේ සිංහයා.. තව තව නම් තියෙනවා මට ඒවා මතකත් නෑ මේ වෙලාවෙ.. ඒ තරම් මගේ හදවත මේ උද්දාමයෙන් පං පං ගානවා හසන්ත මහත්තයෝ.. කොහොම වුනත් ඒ උත්තමයා අවුරුදු ගණනාවක් පදවාගෙන ආපු කොච්චිය එක්තරා ඉස්ටේසමක නතර කරලා ටිකක් විවේක ගන්න උන්නැහැ කෝච්චියෙන් බිමට බැස්සා.. ඊට පස්සෙ කච්චං ගොට්ටක් අරගෙන බංකුවක වාඩිවෙලා ආතල් එකේ ඇටේ ඇටේ කකා හිටියෙ හසන්ත මහත්තයෝ..

අන්තිමට මොකද වුනේ… කොහේදෝ ඉඳලා ආපු සිරිසේනයෙක් හොරෙන්ම මේ කෝච්චියේ ඇංජිමට රිංගලා ඒක ඉස්ටාර්ට් කොරගෙන පැනලා ගියා නෙව.. අපේ මහ රජතුමා ඉස්ටේසමේ තාම කච්චං කනවා.. මට වාවන්නෑ හසන්ත මහත්තයෝ.. ඒ විතරක් නං මදෑ.. අප්පච්චිගේ පුත්තරයොයි ගෝල බාලයොයි නෑදෑයොයි සේරම අර කෝච්චියෙන් බිමට තල්ලු කරලා දැම්මෙ පුකට පයින් ගහලා හසන්ත මහත්තයෝ.. කුජීතයි හසන්ත මහත්තයෝ.. කුජීතයි..

හැබැයි ඉතින් ඔය ඇන්ජිම අරගෙන ගියාට සිරිසේනටත් හරිහමන් විදියට ඩ්‍රයිවින් බෑ වගේ. උන්දෑ සිග්නල් කොල තියෙද්දි නවත්තනවා.. රතු තියෙද්දි පාගලා යනවා.. පිස්සු කෝටියයි හසන්ත මහත්තයෝ.. ඒවා දැක්කම අම්මප මගෙ ඇඟේ මයිල් ඉස්මයිල් වෙලා මගේ ආතල් එක දෝරෙ ගලනවා හසන්ත මහත්තයෝ.. ඒ කෝච්චියේ අන්තිම පෙට්ටියේ ඉන්න අර කොඩිය වනලා විසිල් ගහන බුවා … අර අපේ රනිල් ගොයියා තමයි මේ සේරමට හවුල් කාරයා.

මේ ආස්චර්යෙන් ඔද වැඩිලා ආතල් එක කන් දෙකෙනුත් බේරෙන අවස්තාවක ඔන්න මැතිවරණෙකුත් ඇවිත්.. මොන හුට්ටප්පර වුනත්, අප්පච්චි මොන තරම් හොරා කාලා තිබුනත් මේ රටේ එවුන් උන්නැහැට ඡන්දෙ දෙන්නෙ පුක උඩ තියන් හසන්ත මහත්තයෝ.. ඒ තරම් රට මීමින්නො ටිකක් මේ රටේ වාසනාවට ඉන්න එක ගැන මට පුදුම ආඩම්බරයක් දැනෙනවා හසන්ත මහත්තයෝ.. අපේ මුතුන් මිත්තෝ අතීතයේ මේ රට බේරගෙන  මෙච්චර කෙලියක් කරලා මේ තත්වෙට ගෙනාවෙ මේ වගේ පකින්තුවො ටිකක් රජ කරවන්නද කියලා හිතෙනකොට ජීවිතේ පුල් මාවලස් ඕයි හසන්ත මහත්තයෝ..

කොහොම වුනත් අර රතු මල්ලිලත් සප් එක දීලා දැන් චොකා බයිලා කිය කියා ඉන්නවා මිසක් උන්දැලටත් හරිහමන් දෙයක් කරගන්න බෑ තාම. අරූ හොරා මූ හොරා කිය කියා ඉන්නවා මිසක් ජනතාවට දැනෙන දෙයක් කරගන්න උන්ටත් තාම බැරි වුනා හසන්ත මහත්තයෝ.. ඒ තරම් පිංවත් ජනතාවක් මේ රටේ ජීවත් වෙනවා හසන්ත මහත්තයෝ.. ආඩම්බරයි හසන්ත මහත්තයෝ… මොන තරම් බලු වැඩ මේ රටේ වුනත් ජනතාව ඇස් පියාගෙන කතිරෙ ගහලා දානවා හසන්ත මහත්තයෝ.. ඊට පස්සෙ ඔය එක එක පර බල්ලො පාර්ලිමේන්තු යනවා පස්සෙ උන් කෙලිනවෝ කිය කියා කෑගහනවා.. හැම දාම ඒක රොටේෂන් යනවා විතරයි හසන්ත මහත්තයෝ….

කොමෙින් කොහොමහරි ලෝකෙ පළවෙනි වතාවට අපේ දුටුගැමුණු පරපුරේ ඒ උත්තමයා.. ඒ අපේ අප්පච්චී.. අපේ රජතුමා රටක දරන්න පුලුවන් උපරිම නිලය වෙච්චි ජනාධිපති ධූරය අරගෙනත් නිකං ඉන්නෑ හසන්ත මහත්තයෝ…. එතුමාගේ පපුකැවුත්තේ ගැඹුරින්ම මතුවෙන ජාති ආලයෙන්.. මහ ජන ආදරයෙන්.. මේ මාතෘභූමිය ගැන කැක්කුමෙන් නැවතත් පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් විදියට එනවා හසන්ත මහත්තයෝ..බලන්න මොන තරම් ආශ්චර්යයක්ද.. බලන්න මේ මගේ රෝමකූප කෙලින්වෙන හැටි.. හසන්ත මහත්තයෝ..

රටේ ජනාධිපති වෙලා හිටපු කෙනෙක් විලිලැජ්ජා නැතුව පාර්ලිමේන්තුවේ මංත්‍රී තත්වෙන් ඉන්නකොට මට පුදුම ආඩම්බරයක් හසන්ත මහත්තයෝ.. මේ තරම් බලයට කෑදර රජෙක් මම දැක්කමයි හසන්ත මහත්තයෝ.. ඒ තරම් පින්වන්ත උත්තමයෙක් මේ හසන්ත මහත්තයෝ.. මොන තරම් දූෂණ තිබුනත් අපේ රටේ මේ පිංවත් මහජනතාව තාමන් එතුමාව වට කරගෙන හුරේ දදා උන්දැම අගමැති කරවන්න දතකන හැටි පේනකොට… වාහ්… පුදුම ආඩම්බරයක් දැනෙනවා ඕයි හසන්ත මහත්තයෝ..

කොහොමහරි මේ ඡන්දෙන් ඇප නැතිවෙන්නම පැරදිලා පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් විදියටවත් එන්න බැරුව ජනාධිපති වරප්‍රසාද වලටත් කෙලවගෙන පැත්තකට වෙලා විකපුකාගෙන ඉන්නහැටි මට මැවිලා පේනවා හසන්ත මහත්තයෝ.. අම්මපා මේවා දකින්න තරම් මම පුදුම පුණ්‍ය කර්මයක් කරලා තියෙනවා හසන්ත මහත්තයෝ.. මේ ආතල් එකෙන් මට හෘදය වස්තුව පං පං ගාන හඩ ඇහෙනවා නේද හසන්ත මහත්තයෝ.. අනේ දෙයියන්ගෙ නාමෙන් ඒ ආතල් එක නම් කඩන්න ඉඩ තියන්න එපා හසන්ත මහත්තයෝ.. තව චිරාත් කාලයක් මේ ආතල් දැක දැකම මට පණ පිටින්ම  නිවන් දකින්න පුලුවන් හසන්ත මහත්තයෝ.. අන්න ඒ පට්ට ආතල් හීනෙ බල බලා මගේ ජීවිතේ පුල් මාවලස් කරගන්න මට හොඳ ගංජා මිටියක් එක්ක වැඩි සීනි ප්ලේන්ටියක් දීපං හසන්ත මහත්තයෝ….

-ඒ.එම්.එස්.වික්‍රම-