ඒ කාලෙ ඉඳලා සිද්ද වෙච්ච කතාවක්


ඒ කාලෙ ඉඳලා කියන කතාවක් මේ…රට ඩිවලොප් කරනවාය කියන්නේ..
බලය ගත්ත දාට ඒව මතක නෑ..හොරා කන්න නම් අමතක වෙන්නේ නෑ..
ඊට පෂ්ෂෙ මොකද වුනේ දන්නවද ඔයා….?
(ඊට පස්සෙ ඒගොල්ලො කිව්ව විදියටම පොරොන්දු ඉස්ට කරනවා)
හැම පාරම ඒම තමයි හිතුවෙ මෙයාලා..ඒත් උන්ට ඒවා වගේ වගක් නෑ…

.
දිනන්න පෙර ප්‍රතිපත්තිත් හදන්නේ…පට්ට චූන් එකක් තමයි පෙනෙන්නේ..
ගොබ්බයො ටික රැවටීලා සිටින්නේ..උන්ම තමයි පොර කියලා හිතෙන්නේ…
ඊට පෂ්ෂෙ මොකද වෙන්නේ දන්නවද ඔයා….?
(ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනත් එක්ක රට එලට සංවර්ධනය කරයි)
හැම දාමත් හිතුවෙ අපිත් ඒම වෙයි කියා …ඒ වුනාට කවදාවත් වෙන්නේ නෑ…

.
මැතිවරණෙත් ඔන්න මෙන්න තියෙන්නේ…රැස්වීමුත් හැම තැනකම තියෙන්නේ..
හැම රැළියෙම අනිත් පක්ෂෙ පතුරු යයි… තමන්ගෙ වැඩ පිලිවෙල ගැන සද්ද නෑ..
ඊට පෂ්ෂෙ මොකද වෙන්නේ දන්නවද ඔයා….?
(ඒම තමයි ඉතින් අනිත් එවුන්ගෙ වැරදි පෙන්නලා දීලා තමන් කරන්න හදන හොඳ වැඩ පිළිවෙල ගැන ජනතාවට තේරුම් යවන්න එපැයි)
හැමදාමත් හිතන් හිටියෙ ඒම වෙයි කියා…ඒ වුනාට කවදාවත් වෙන්නෙ නෑ..

.
කතිර යුද්දෙ සද්දෙ දාලා දිනන්නේ….දිනපු පැත්ත අනිත් උන්ට නෙලන්නේ..
හැත්ත බුරුත්තක් ඇමතිල සිටින්නේ….ආණ්ඩුවක් දැන් සම්මත වුනානේ…
ඊට පෂ්ෂෙ මොකද වෙන්නේ දන්නවද ඔයා….?
(මං කිව්වෙ… ඒ ඇත්තො දිනලා එන්නෙ රටට ජනතාවට අවංක සේවයක් කරන්නනේ)
හැමදාමත් බලන් හිටියෙ ඒක වෙයි කියා…ඒ වුනාට මේ කපේට වෙන්නේ නෑ…

.
බලයෙ ඉන්න එවුන් තාම කොටනවා….අනිත් එවුන් මුන්ගෙ පතුරු අරිනවා..
දිනන්න පෙර කිව්ව ඒව කරන්නෑ…ජනතාවත් ආණ්ඩුවට කැමතී නෑ..
ඊට පෂ්ෂෙ මොකද වෙන්නේ දන්නවද ඔයා….?
(ඒ ආණ්ඩුව කිව්ව විදියට ජනතාවට සේවය කරන්නැත්නම් වෙන පක්ෂෙකට බලය දීලා රට සංවර්ධනය කරන්න බාර දෙන්න ඕනෙ)
හැම දාමත් අපිත් කෙරුවෙ ඒකමයි මෙයා….ඒ වුනාට කවදාවත් වුනෙත් නෑ..

.
දැන් ආයෙත් මැතිවරණය තියන්නේ….පැරදුන උන් රට කරනව කියන්නේ..
උන්ට බලය දෙන්න කියා අඩන්නේ..අපෙ ගොන්නුත් එලට කතිරෙ ගහන්නේ…
ඊට පෂ්ෂෙ මොකද වෙන්නේ දන්නවද ඔයා….?
(ඊට පස්සෙ නම් ඉතින් ඒ ආණ්ඩුව ගේදර යවලා පත් වෙන අලුත් ආණ්ඩුව ජනතාවට සේවය කරයි)

හැම දාමත් එකම දේනෙ සිද්ද වුනෙ මෙයා…බත් කන උන් ලංකාවේ ඇත්තේ නෑ…

~වික්‍රම~
හැම දාමත් එකම දේනෙ සිද්ද වුනෙ මෙයා…
බත් කන උන් ලංකාවේ ඇත්තේ නෑ…

~වික්‍රම~

මගේම සෙල්ෆිය..


මම ගහපු සෙල්ෆියක් මේ…..

☻මම නරුමයෙක්
☻ක්‍රමය කෙරෙහි විවේචනයක් තියෙන
☻මේ ක්‍රමය මරා දමා හිරබත් කන්ට පෙරුම් පුරන.
☻ඔව් මම නරුමයෙක්
☻එසේ නොවේ යැයි හිතන නරුමයින් අතර හිඳ
☻සංස්කෘතියෙන් වහපු දෙමළටයි,තම්බියටයි කූඩාරම අස්සෙ ලගින්ට දෙන.
☻සැබැවි මම නරුමයෙක් කැතම කැත
☻මිනිහාට ඉහළින් ඇති සියල්ලට වෛර කරන
☻ලෝකය මැවූ දෙවියන් මිනිසා බව දන්න
☻නරුමයෙක්-මනුස්සකම විලාසිතාව කරගත්ත
☻නරුමයෙක්-ප්‍රේමය ආගම කරගත්ත
☻නරුමයෙක්-විප්ලවය තවමත් විශ්වාස කරන

ඉතිං-මගේ සෙල්ෆිය මේ
දාහක් දෙනා පාට තවරා ෆොටෝෂොප් පිහිටෙන්
හැඩ කරපු සෙල්ෆි අතර
එතැනම ඉඳන්- මම ගත්තු
හැබෑ සෙල්ෆිය මේ-මතවාදීව…
බලපියව් තියෙන කැත-මිනිහෙක්ගෙ
කොණ්ඩා මෝස්තරයට-මුහුණට-රැවුලට-කමිසෙට-සපත්තුවට
බැරි වෙච්ච හැටි හැබෑ සෙල්ෆිය ලස්සන කරන්ට..
ඉතිං මම නරුමයෙක්-කැතම කැත
කමක් නැත-මට මතයක් ඇත…
සෙල්ෆියේ එය සටහන්ව ඇත…

නුවන් හෙවත් පීඩිත සාක්ෂිකාරයා