පැෆ්රල් බේබි..


පැෆ්රල් සංවිධානෙ තාම බාලාංශයෙනෙ ඉන්නෙ. ඒකෙ ඉන්න නිරීක්ෂකයොක් තාම කුක්කු බේබිලා. ඒකනේ මේ පලාත් පාලන ආයතනවල ඡන්ද ව්‍යාපාරයට අපේක්ෂකයො ලොකු මුදලක් වියදම් කරන්නෙ ඇයි කියලා අහන්නෙ. ඒගොල්ලො කියනවා සමහර අපේක්ෂකයො දවසකට ලක්ෂ 10 ක් විතර වියදම් කරනවලු. ඉතින් ඒ අපේක්ෂකයෝ මන්ත්‍රී ධූර අරගෙන  ගෙවන අවුරුදු  4 ටම ලැබෙන්නෙ රුපියල් 2,50,000 ක් විතර සුලු මුදලක්ලු.. ඉතින් ඒකට මෙච්චර වියදම් කරන්නෙ ඇයි කියලා හිතාගන්න බැරිලු.

මගේ කටට එන්නෙ වදුරු කුණුහරුප ඉතින් මේවා ඇහෙනකොට.  අපේ ගමෙත් ඉන්නවා මන්ත්‍රීවරියක්. කලින් කලේ ඉදිආප්ප බිස්නස්. බැලුවොත් දවසෙම ඉන්නෙ වැල්ලෙ. ඒ කියන්නෙ එයාගෙ මහත්තයා මාලු බිස්නස් කලේ. ඉතින් මේ මංත්‍රීවරිය කට ඇරියොත් ඉවරයි. ඒ තරම් හැදියාව. ඕනම ප්‍රසිද්ධ වේදිකාවක කියන්නෙ ‘‘මං වැල්ලෙ රීලා කරිජ්ජෙන් පුක හෝදපු ගෑණියෙක් යකෝ“ කියලා. ඉතින් හිතාගන්නකෝ තරම.

ඔන්න ඔය වගේ කට්ටිය මේ දේශපාලනේට එන්නෙ හරිම මානව දයාවෙන් අප්පා.  VIP කියලා බෝඩ් කෑල්ලක් පෙජරෝ එක ඉස්සරහින් තියාගත්තම මඩුම තමා. මොන බලු වැඩේට බැස්සත් කිසි කෙනෙක් කට හොල්ලන්නෙ නෑ. අනේ ඉතින් එගොල්ලන්ට ලැබෙන ඔය සුලු වැටුපෙන් වැඩක් නෑ. ඒක අසරණ ජනතාවට දෙනවා. ඒ තරම් එයාලා හොදයි අප්පා.  පැෆරල් එක දන්න මගුලක් තියෙනවැයි.

ඊට පස්සෙ එක එක ටෙන්ඩර් වලින් මෙයාලගෙ සාක්කුවලට ලක්ෂ ගණන් කට්ටිය දෙන්න හදනවා. අපරාදෙ කියන්න බෑ මෙයාලා ඒ සත පහක්වත් ගන්නෙ නෑ අයියො.  හරිම හොදයි.  මෙහේ මන්ත්‍රීතුමෙක් පාරක් හැදුවා ලක්ෂ 10 ක් ඇස්තමේන්තුව. ඒත් ලක්ෂ 3 කින් විතර වැඩේ කලා අප්පා. බලන්න කොච්චර සල්ලියක් ආණ්ඩුවට ඉතුරු කරලා දෙනවද කියලා. මොකෝ ඒ සල්ලි එතුමා සාක්කුවේ දාගත්තයැයි. එහෙම කරන්නෙ නෑ ඒ උත්තමයො. ඇස්තමේන්තු කරපු කෙනා තමයි ඒක ගල් කරන්න හදලා තියෙන්නෙ.

ඉතින් ඔන්න ඔහොම අවංකව සේවය කරන්න තමයි මෙයාලා මේ දත කාගෙන වියදම් කරන්නෙ. අනේ අම්මපා මේ පැෆරල් එකට ඕකවත් තේරෙන්නෙ නැති හැටි.  ඉතින් ඊට පස්සෙ ටෙන්ඩර්, කොත්තරාත්තු, එක එක වැඩසටහන්, මෙකී නොකී ගොඩක් දේවල් ඉතා සාධාරණව කරලා මහජනතාවට සහන ලබලා දෙන්න තමයි මේ අපේක්ෂකයො මෙච්චර පොරකන්නෙ. ඒගොල්ලන්ට් ලැබෙන වැටුප ගැන හිතන්නෙම නෑ. ඒකෙන් වැඩකුත් නෑ.  එහෙමෙයි කියලා වෙන වෙන ලාභ ප්‍රෙයෝජන මෙතුමන්ලට නැහැ ඕන් …හරිය.

ඉතින් බලන්න මේ පැෆරල් එකට ඕක තේරෙන්නෙ නැහැ නෙව.  මේගොල්ලො බබලා වෙන්න හදනවා.

සටහන – විකී

2011/09/30

Comment එකක් දාන්න